2015-01-22

රත්තරන් ජංගිය

නම් ගම් බොරුවට දාලයි - මේ අපි දෙන්නේ
අපහාසය හොඳ නෑ ගිය - මාසෙ මතකනේ

ඇල්බට් හිටියේ අපගේ - ගෙවල් කිට්ටුවයි
මිනිහගෙ නෝනා හරියට - කිරි කොකා වගෙයි

බැඳලා තව මාස හයක් - වත් නෑ ගෙවුනේ
දරු සුරතල් බලන්න තව - කල් තියනවනේ

සන්තෝසෙන් ජොලි කරමින් හිටියත් දෙන්නා
හැන්දෑවක දවසක් - කෙල්ලට මල පැන්නා

මොකද වුනේ දැනගන්නට - මිනිහ දැඟලුවා
හරියට උත්තරයක් නෑ - සැකයකට පවා

මේ වගෙ තැන් වලදි දෙන්න - බේතක් ඕනා
අන්තිමේදි ඇල්බට් - යාළුවෙක් හමු වුනා

කිරියි පැනියි වාගේ හිටි-යත් අපි දෙන්නා
හිටපු ගමන් මල පනින්න - හේතු නොදන්නා

නළලේ රැළි උඩට ගත්තු - යාළුව කිවුවා
“මෙච්චර කල් අරන් දීපු - තෑගි කියනවා“


“හත් දෙයියනි කවදාවත් - කිසිම කිසි දෙයක්
අරන් දුන්නෙ නෑනේ මං - හිතපු නැති එකක්“

“එහෙනම් දැන් ටවුමට යන-වා ඔය ගැම්මෙන්
ගන්නව හොඳ වටින දෙයක් - ලෝබ නොම වෙයන්“

ටවුන් එකේ තිබුනා ලොකු - සාප්පු පනහක්
මොකේකවත් නෑනෙ තිබුනෙ - සුදුසු තෑග්ගක්

අන්තිමේදී ගියා මෑන් - ලේඩිස් කෝර්නර්
ගත්ත සල්ලි දීල එකක් - රත්තරන් නිකර්

ගෙදර ගිහින් දුන්න ගමන් - කෙල්ල උඩ ගියා
මෙච්චර මොකටද වියදම් - කෙරුවෙ මට ඔයා

එහෙම තමයි ආදරේට - දන්නේ නැද්ද
ඔයාට වැඩි දෙයක් මෙමට - මිහිපිට ඇද්ද

දවස් දෙක තුනක් යනකොට - ආයෙ ප්‍රශ්නයක්
හත් දෙවියනි මේකත් ඉව-රක් නැති කෙළියක්

එන්න සුදෝ දැන් කියන්න - හංගන්න එපා
මොකක්ද දැන් අප්සට් එක - ඉන්න බිම දපා

අනේ ඔයා අරන් දුන්න - එක පංකාදුයි
ඒ වුනාට කවුරුවත්ම - නොදුටු එක දුකයි

දැන් කොහොමද මේකට පිළි-යමක් හොයන්නේ
කාටත් පේනා විලසින් - ජංගි අඳින්නේ

“මේ අහන්න මම දවසක් - පාරේ යද්දී
දැක්කා බස් එකක් එනව - මහ හඬක් දිදී

සද්දෙ නිසා මගෙ ඇහැ ඒ - පැත්තට යැවුනා
ඉස්සරහම සීට් එකේ - කෙල්ල ඇඹරුනා

දොර අස්සෙන් මං දැක්කේ - සුදු පාට එකක්
ඒ විදහට යන එක නම් - හොඳම පිළියමක්

කතා වෙලා දෙන්න එක්ක - ඉරිදා දවසේ
නැග්ගා ඉඩ කඩ ඇති බස් - එකකට සතොසේ

නිවාඩු දවසක් හින්දා - සෙනග අඩු වුනා
හිතපු තැනම කෙල්ලට ඉඳ-ගන්නට ලැබුනා

බස් එක යයි පාරේ කොට - කොට හැම තැනම
ගෑනිත් දැන් හරි බරි ගැහෙ-නව හිත හිතම

කවුරුත් බලලා මේ දෙස - රස තලුමැරුවා
කෙල්ලත් රත්තරන් පාට - සිහිකර බැලුවා

බස් එක ගමනාන්තයට - දැන් ලං වූයේ
මදි නෑ වටිනාකම ගම-ටම පෙන් වූයේ

සන්තෝසෙන් දෙන්න එක්ක - ගෙදරට වැඩියා
දොර ඇර බැලු විට ජංගිය - ඇඳ උඩ හිටියා

7 comments:

  1. හරි වැඩේය ජංගිය අමතක වෙලයි ගියේ
    තුම්මුල්ලේ කානුවයිලු ගමටම පෙන්නුවේ

    ReplyDelete
    Replies
    1. තෑක්ක්‍යු අන්තිම කවිය ගැලපුවාට.

      Delete
  2. කෙල්ල ඕනිකමෙන් කරපු වැඩක් නේද?
    මොනාවුනත් ශනී කවි ලියනව කියලා දන්නෙ අද. පරණ පිටු ටික පෙරලන්න ඕනි වෙලාවක.
    (මගේ ඉට්ටැයිල් එක කොපි කලාට කමක් නෑ. මාත්‍රා ගාණ වෙනස්කලාට බලවත් මෙව්වා එක)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ දරුවො මං කවි ලියන්නෙ නෑ. මේ දවස්වල දේශපාලන කතන්දර කියවලා ඔළුව කර්පට් වුන හින්ද පොඩි වෙනසක් ගන්න හිතුව. මගේ “කී බෝඩි“ පොස්ට් එක දැම්මෙත් ඒකයි.

      ඒක නෙවෙයි කෙල්ලො ඕනැකමින් ඕක අමතක කරනවද? හැබැයි ඉතිං හුළං ටිකක් වදිනකොට සනීපත් ඇති නේද?

      Delete
    2. //මාත්‍රා ගාණ වෙනස්කලාට//
      සෝමෙ ලොක්ක ආවට පස්සෙද කොහෙද පරණ සිංදු ටිකක් ඇහුණ. “වෙසක් එකට අපි දෙන්නා කොළඹ යමංකෝ“ සිංදුව හිතේ වැඩ කර කර තියෙද්දි තමයි මේ අදහස ඔළුවට ආවෙ.

      Delete
  3. මේ නිල් පාට අවුල් බං. ඇස් කඩාගෙන යනව වගේ (මට නං)

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.