සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්‍රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්‍ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි.
එකෝමත් එක කාලෙක ගමරාළ කෙනකු උන්නේය. මේ ගමරාළට දියණියක් ද උන්නාය. නිසි කළ වයස එළැඹුනු පසුවත් දියණිය කොල්ලෙකු එක්ක සෙට් වුනේ නැති බැවින් දීග දෙන්නට සුදුසු තරුණයෙක් හොයා දෙන ලෙස ගමරාළ විසින් කපුවන්ට දන්වන ලදී.
මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නට නම් ඔහු සතුව ඥාණයන් තිස් දෙකක් තිබිය යුතු බව මොකක්දෝ බණ පොතක තිබී කියවා ඇති ගමරාළ කපුවන්ට විශේෂයෙන්ම සඳහන් කළේ යෝජනා කරන මනමාලයන්ට නුවණ තිස් දෙකක් තිබිය යුතු ම බවය.
සියල්ල දත් කපු මහත්තුරු “ඕකේ“ කියා වැඩේ භාරගත්තා මිස මොකක්ද මේ නුවණ තිස් දෙක කියා ඇසුවේ නැත. ඒ කපුවන්ගේ හැටි ය. ඔවුන් තමන් නොදන්නා දෙයක් අසා දැනගන්නා ජාතියේ එවුන් නොව තමන් දන්න දේත් නොදන්න දේත් අනුන්ට කියා දෙන ජාතියේ එවුන් ය. අවාසනාව නම්, බණ පොතේ කියා තිබුනු නුවණ තිස් දෙක මොනවාද කියා ගමරාළ ගොයියාටත් කිසිම මතකයක් නොතිබීමයි.
නුවණ තිස් දෙකේ මනමාලයන් සෙවීම කපුවන්ට කළ නොහැකි විය. ගේන ගේන එකාගෙන් ගමරාළ අහන පළමුවැනි ප්‍රශ්නය වූයේ නුවණ කීයක් තිබෙනවාද යන්නයි. එහෙම ප්‍රශ්නයකට උත්තර දන්න එකෙක් හොයාගැනීමට හැකි වූයේ නැත. දැන් දැන් කෙල්ල ගෙදරට නාකි වී ගෙන එයි. මේ නොකෙරෙන දීගයකට මනමාලයන් හෙවීමෙන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් නිකරුණේ වැය වන බව තේරුම් ගත් කපුවෝ ද ගමරාළ මගහරින්නට පුරුදු වූහ.
මේ අතරතුරේදී කපටි කමින් වැඩි එක්තරා කපුවකු පැමිණ ගමරාළට අමුතු යෝජනාවක් කළේය. ඒ මෙසේය.
“ගම මහත්තයෝ, නුවණ තිස් දෙකේ කොල්ලො මේ කාලෙ හොයන්න අමාරුයි. හිටියත් උන් අපි එනකන් ඉන්නෙ නෑ, හොඳ ළමිස්සියක් හොයාගෙන එක් තැන් වෙනව. මට හම්බවුනා ඉලන්දාරියෙක්. හැබැයි මිනිහට තියෙන්නෙ නුවණ තිහයි. මේ දැරිවිත් ගෙදරට නාකි වෙන එකේ ඔය සුළු අඩුපාඩුව ගැන නොහිතා ඒක කරළ දාමුද?“
කපුවාගේ කතාව ඇත්තක් බව ගමරාළටත් වැටහුණේය. තවත් බලා සිටීම මෝඩ කමකි. වැඩේ තීන්දු විය.
**************************************************************************
දියණිය දීග දීමෙන් දින කීපයකට පසුව ගම දෙමහල්ලෝ දියණිය සහ බෑණා බලන්නට ගියෝය. ගෙදර ඉස්තෝප්පුවේ ඇණබකවාගෙන සිටිනා බෑණා ගමරාළට දුර තියාම දකින්නට හැකි විය.
“අපි පිටත් වුනු වෙලාව හොඳයි, බෑණන්ඩියත් අද ගෙදරට වෙලා ඉන්නෙ“ ගමයා පැවසීය.
“අනේ වාසනාවන්“ ගම හාමිනේද පිළිතුරු බැන්දාය.
ගෙදරට ගොඩ වූ ගම ජෝඩුව දුටුවේ කණස්සලයෙන් සිටිනා දියනියයි.
“ඇයි දරුවො කණගාටුවෙන්“
“අප්පච්චිලා කොරන්නෙ හරිම වැඩ තමයි. මාව මේ බන්දල දීල තියෙන්නෙ නිකමෙකුටනෙ. උදේ ඉඳන් රෑ වෙනකන් උඩ බලාගෙන ඉන්නවා. මෙලොව වැඩක් කොරන්නෙ නෑ. මං මේ හේන ටිකක් එළි පෙහෙළි කරල දැම්ම මොනවහරි හිටවගන්න එපායැ අල බතල ටිකක්වත්.“
වැඩේ අස්පට් බව දැනගත් ගමරාළ කෙළින්ම ගියේ කපුවා හමුවීමටය.
“මං කිව්වනෙ ගම මහත්තයෝ මිනිහට නුවණ දෙකක් අඩු බව. ඉතින් එ වුනාට තමුන්නැහැ කැමති වුනා නොවැ?“
“ඉතින් බං දෙකයිනෙ අඩුයි කිව්වෙ. තියන එව්ව තිහෙන් මොනව හරි කරන්න බැරුවයැ.“
“මේකනෙ ගම මහත්තයො වැඩේ. මිනිහගෙ අඩුපාඩු නුවණ දෙක මොනවද කියල දන්නවද?
මිනිහ හිතල මතල යමක් කරන්නෙ නෑ.
මිනිහට කවුරුවත් කියන දෙයක් මිනිහා කරන්නෙ නෑ.
ඔය දෙක ඇරුණම මිනිහගෙ වෙන අඩුපාඩුවක් නෑ“
ඔන්න ඕකයි කතාව.
හැබෑට පෙඩරල් කියන්නෙ පෙට්රල් වගේ ජාතියක්ද?
“රට ගිනි තියන පෙඩරල් යෝජනා“ කියල පත්තරේක තිබුන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$$$$$$$$$$$$$$$$
පින්තූරය ගත්තෙ http://www.sinhalajanakavi.com/2012/08/blog-post.html අඩවියෙන්.
ලින්ක් එක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipnUV1gg1D9E-6TUwaUGi2UrAQIu2Wah3DIivlZepbDzlGyL0Yw_haHSruF-iv8EuwSKA-gPBSmD3lcqgrYEQrC0gY6hBf1mZxqdVxm_u_Fqy8huwAHlVUos8g2CcYLru27NZXN4vJEzY/s1600/fun7.jpg
Showing posts with label උපමා කතා. Show all posts

2015-06-07
2013-04-02
ලිපෙන් කබලට
දැනට අවුරුදු තිහකට විතර ඉස්සර, ඒ කියන්නෙ අසූව දශකයේ මුල් භාගයේදී, දිවයින පත්තරයේ පළවුනා එක්තරා උපමා කතාවක්. මගේ මතකයේ හැටියට මේක පළ වුනේ 83ට ඉස්සෙල්ලා. මේ උපමා කථාව ජනකථාවක්ද පරිවර්තනයක්ද කියන එකවත් ඒක පත්තරේට දැම්මෙ කවුද කියන එකවත් දැන් මගේ මතකයේ නැති වුනත් ඒ කතාවේ සාරාංශයක් මතකයේ තියෙනව.
එකෝමත් එක කාලෙක, එකෝමත් එක ගමක ජීවත් වුනු ගොවියෙකුට සිතෙනවා තමන් ඉතා කරදරකාරී ජීවිතයක් ගෙවන බව. ඔහුට අපහසුතා රාශියක්. අවශ්‍ය තරම් අස්වැන්න ලැබෙන්නෙ නෑ, බිරිඳට - දරුවන්ට අසනීප, මේ වගේ ප්‍රශ්න.
මෙහෙම ඉන්න අතරවාරයේ දවසක් ගොවියාට කැළෑවේ ඉන්න තාපසවරයෙක් දකින්න ලැබෙනවා. තාපසයාට තමන් අතේ තිබුනු බත් මුල පූජා කරන ගොවියා අනතුරුව තාපසයාගෙන් විමසනවා තමන්ට දැනට පවතින කරදර වලින් මිදෙන මගක්. මුලින්ම තාපසයා කරන්නේ ගොවියාගේ සියළු තොරතුරු අසා දැන ගැනීම. අවසානයේ ගොවියාට උපදෙස් ලැබෙනවා, ගොවියා ඇති කරමින් සිටින එළුවා රාත්‍රී කාලයේදී ගෙයින් පිටත නොතබා ගෙතුළට වැද්දගන්නා ලෙසට.
එල්ලෙන්න වැලක් නැති මනුස්සයෙක් පිදුරු ගහක එල්ලෙනව වගේ ගොවියා ඒ තාපසයාගෙ උපදේශය එයාකාරයෙන්ම පිළිපදිනවා.
ප්‍රතිපලය වුනේ, ආයෙ අහන්න දෙයක් තියනවයැ, ගොවියා කබලෙන් ලිපට වැටීමයි. තිබුනු කරදර මදිවාට දැන් එළුවා ගේ ඇතුළෙ තියාගන ඉන්න එක මහ වදයක්. බල්ලෙක් පූසෙක් වගේද මේකා එළුවෙක්. ගේ ඇතුළෙ පොත් පත්තර වගේ දේවල්නම් තියෙන්න නැතුව ඇති, ඒ කාලෙ. නැත්නම් ඡන්ද කාලෙට විරුද්ධ පක්ෂ වලින් නගරයේ තාප්ප වල අලවන පෝස්ටර් ඔක්කොම කන්නෙ එළුවොනෙ. ගොවියාගෙ තීරණය ගැන බිරින්දෑ දක්වපු ප්‍රතිචාරය ඒ කතාවෙ සඳහන් වෙලා තිබුනෙ නෑ වගෙයි මතක. තිබුනනම් අමතක වෙන්න හේතුවක් නෑ.
අනේ ඉතින් කරදර ඉවසන්න බැරිම තැන ආයෙත් අර තාපසින්නාන්සෙ ළඟට යන ගොවියට ලැබෙන උපදෙස තමයි, එළදෙනත් ගේ ඇතුළට ගන්න කියන දේ. ඒකනම් කොහෙත්ම හරියන්නෙ නැති බව හිතුනත්, මහකැලේ තනිවම භාවනානුයෝගීව කල් ගත කරන තාපසවරයකුගේ උපදේශයක් නිකම් ම නිකම් අහක දාන්න පුළුවනියැ. තාපසවරයෙක් මේ වගේ උපදේශයක් දෙන්න මොකක් හරි බලගතු හේතුවක් තියෙන්නම ඕනැනෙ. ගෙදර උන්දෑ මොනවා කිව්වද කියල දන්නෙ නෑ මේ වෙලාවෙදි, නමුත් ගොවියා එළදෙන ගේ ඇතුළට ගන්නවා.
පහුවදා වෙනකොටම වැඩේ කිරිමෙල් බව ගොවියාට දැනුනත්, ටික දවසක් වත් බලන්නෙ නැතුව එකපාරටම තීරණයක් ගන්න එක හොඳ නැහැයි කියල හිතන ගොවියා, සතියක් ඉවසගෙන ඉන්නවා.
දවස් හතක් ඉක්මවූ ගමන්ම වහාම තාපසයා හමුවෙන්න යන ගොවියා කියා සිටින්නේ ඒ වෙනකොට තත්වය අතිශයින්ම බැරෑරුම් බවයි. මඳ වේලාවක් දෑස් පියාගෙන සිටින තාපසතුමා ඔන්න දුන්න උපදෙසක්. "දැන් එළදෙන ආපසු ගෙයින් එළියට දාන්න, මට දවස් හතකින් ඇවිත් ප්‍රතිපලය කියන්න".
දවස් හතකට පස්සෙ තාපසයා තමන් ළඟට ආපු ගොවියගෙන් අහනව තත්වය කොහොමද කියල. දැන්නම් කරදර සෑහෙන්න අඩු බවත්, දැන් තිබෙන එකම කරදරය එළුවා ගේ ඇතුළේ සිටීම බවත්, ගොවියා පැහැදිළි කරනව. තාපස තුමා මොහොම කල්පනාකාරීව ඉඳලා උපදෙස් දෙනව වහාම එළුවා ගෙදරින් ඉවත් කරන ලෙස. බොහොම සතුටින් ගෙදර යන ගොවියා, එළුව ගෙදරින් පිටට දාල බලපුවහම පුදුම සැහැල්ලුවක් දැනෙනව. දැන්නම් දෙයියනේ කියල ඉන්න පුළුවනි, ගොවියට කිසිම කරදරයක් නෑ. තිබුනු එකම කරදරේ ඉවර කළානෙ.
මට මේ කතාව 2010න් විතර පස්සෙ නිතර නිතර මතක් වෙනවා.
මේක උපමා කතාවක්. හැබැයි එදා අර හාවයි ඉබ්බයි කේස් එකේදි වගේ කවුරුවත් මගෙන් අහන්න එපා කවුද ගොවියා, කවුද එළුවා, කවුද මහින්ද, අරකද මේකද කියලනම්. මොකද මේ කතාව පත්තරේ යන්නෙත් අවුරුදු තිහකට විතර කළින් වගේම කතාව මුලින්ම ප්‍රබන්ධ වුනේ අවුරුදු දාස් ගානකට ඉස්සෙල්ල වෙන්නත් පුළුවන්නෙ.

2013-03-17
හාවයි ඉබ්බයි 16+
හාවා දක්ෂය, වේගයෙන් දිවීමට පමණක් නොව ගණිතයට, නිර්මාණශීලිත්වයට, කර්මාන්ත වලට, කෘෂිකර්මාන්තයට හාවාට තිබුනේ සහජ හැකියාවකි. ඉබ්බා ඒ අතින් බලන කල සිටියේ හාවාට වඩා බොහෝ දුර්වල තත්වයකය. ඌට පිහිනීමේ හැකියාවක් ඇති නමුත් කර්මාන්තයන් සඳහා හෝ ගොවිතැන සඳහා ඉබ්බා අතිශයින්ම දුර්වල බවක් පෙන්නුම් කළේය. පිහිනීම හැරුණු කළ හාවාගේ දක්ෂතාවක් තිබුනේ නම් ඒ වෙළඳාමටය.
හාවාට කැලේ මැදදී දිනක් ඉබ්බා හමු වුනේ අහම්බෙනි. මේ හමුවීම තර්කයක් දක්වා දුරදිග ගියේ දෙදෙනාටම නොදැනී ය. අවසානයේදී දක්ෂයා තෝරාගැනීමට තරගයක් පවත්වන්නට හාවාත් ඉබ්බාත් එකඟ වූහ.
තරගය පැවැත්වුනේ කැලේදීමය. වල ගොඩැලි සහිත වූ අඩිපාරවල් විනා රනින් ට්‍රැක්ස් නොමැති කැලෑව තුල පැවැත්වුනු තරගයේදී හාවා පරාජයට පත් වූයේ කෙසේදැයි කියා අපි කුඩා කාලයේදීම අසා ඇත්තෙමු. තමාගේ හැකියාවන් ගැන අවබෝධයක් තිබුනු නමුත් නොහැකියාවන් ගැන හාවාට අවබෝධයක් තිබුනේම නැත. සියල්ලටමත් වඩා, තමා හැම විටම පළමුවැනි ස්ථානයේ වැජඹෙනු ඇතැයි හාවා සිතුවේය. එහෙත් කම්මැලිකමත් නිදාගැනීමත් හාවාගේ ජන්ම දායාදයන් බඳු විය. තරගය ආරම්භයට පෙර හාවා හීනියට අඩියක් ගැසුවේ පුරුද්දට මිස තහනම් උත්තේජකයක් වශයෙන් නොවේ. ප්‍රතිවාදියා මෙල්ල කිරීමට උත්තේජකයක් තබා ප්ලේන්ටියක්වත් අවශ්‍ය නැති බව සක්සුදක් සේ පැහැදිළිව තිබුනු කාරණයකි.
තරගයේදී හාවා ගව් ගණනක් ඉදිරියෙනි. ඉබ්බා පෙනෙන මානයක නොසිටියේය. තමන්ගේ දක්ෂතාව වූ දිවීම නිසි ඉරියව්වෙන්ම ආරම්භ කළ හාවා තමාට දැන් තරගයක් නැතැයි සිතුවේය. පොඩි පහේ ඇලට් එකක් දැමීමට සිතුනු අනිත් හේතුව නම් ලාවට දමාගත් ෂොට් එකේ පවර් එක ඇක්ටිවේට් වීම නිසා විය හැකිය. අවසානයේ තම හැකියාව අකුළාගත් හාවා ගොරවමින් නිදන්නට විය.
ඉබ්බාට ඇල්කොහොල් හරාම් ය. අධික මහන්සියක් නොදැරුවත් උගේ ගමන ඌ හැල්මේ ගියේය. වටපිට එවුන් මොනවා කරනවාදැයි බලන්නට හෝ සිතන්නට ඉබ්බාට වුවමනාවක් ඇති වූයේම නැත. අවංකවම කියනවානම් හාවා නිදා සිටින බව ඉබ්බාට නොපෙනුනේය. අවසානයේ දිනුම් කණුව පසු වූ බව පමණක් ඉබ්බාට අවබෝධ වෙමින් තිබියදී හාවා විදුලි වේගයෙන් පැමිණියේය. එහෙත්, කරන්නට දෙයක් නැත. එකඟ වූ පූර්ව කොන්දේසි අනුව දිනුම් කණුව පළමුවෙන් පසු කරන තැනැත්තා ජයග්‍රාහකයා විය. දුවන වේගය තරග කොන්දේසි වලට ඇතුළත් කරගෙන තිබුනේ නැත.
හාවා ලේසියෙන් පරාජය පිළිගන්නට කැමැති නොවීය. "එහෙම බෑ, අපි තව වටයක් තියන්න ඕනෑ". හාවාගේ තර්කය එසේ විනි.
"හා කමක් නෑ, හැබැයි ආපහු හිටපු තැනට යන්න බෑ, මෙතනින් ඉස්සරහට දුවමු." ඉබ්බාගේ යෝජනාවද වරදක් නැත. මෙපමණ දුරක් පැමිණ නැවතත් ආපසු යාම දෙදෙනාටම පාඩු ගෙන දෙන වැඩකි.
තරගය ආරම්භ විය.
මේ වතාවේ හාවාට ෂොට් එකක් දා ගැනීමෙන් වැළකුනේ පසුගිය වතාවේ අමිහිරි මතකයටත් වඩා වෙනත් හේතුවක් නිසාය. එය නම්, මේ දෙවැනි වටය ආරම්භ කරන ස්ථානයේ තැබෑරුමක් නොතිබීමය. හැරත්, මේ වටයේදීත් නින්දක් දාන්නට තරම් හාවා මෝඩයෙකු නොවේ.
තරගය අවසන් වීමට වැඩි වේලාවක් ගියේ නැත. හාවා ජයග්‍රහණය කළ බව අමුතුවෙන් කියන්නට වුවමනාද?
තරගයෙන් දිනූ බව සැබෑවකි. එහෙත්, පෙනෙන නොපෙනෙන මානයේ සිටියේ වැද්දෙකි. හාවා සහ ඉබ්බා යන දෙදෙනාගෙන් එකකු පමණක් එළාගන්නට තරම් වැද්දා ත්‍යාගශීලී නොවනු ඇත. දවල් කෑමට ඉබි මස් හොඳය. රාත්‍රියට බර ආහාර නුසුදුසු බැවින් හාවා රෝස් කරගෙන රා අඩියක් සමග භුක්ති විඳීමට හැකිය.
දැන් ඉතින් තරගය සඳහා නොව පණ බේරාගැනීම සඳහා දිවිය යුතුව තිබේ.
ප්‍රතිවාදියා වුවත් වැද්දාට අහුවෙන්නට ඉඩ දීමට හාවාගේ සිත ඉඩ දුන්නේ නැත. හාවා කළේ ඉබ්බා කර මත නංවාගෙන පවනට බඳු වේගයෙන් දිවීමයි. දැන් වැද්දා පසුපස හඹා එයි. ඒ අතරම අතට අහුවෙන දෙයින් දමා ගසයි. විටෙක විදුලියෙන්ද, තවත් විටෙක තෙල් වලින්ද වදින පහර කාගෙනම හාවා දුවන්නේ ඉබ්බා ද කර මත තබාගෙන ය. එහෙත් නොබෝ වේලාවකින්ම හාවාගේ වේගය අඩු වී බින්දුවටම බැස්සේය. ඒ මහන්සිය නිසා නොවේ. එතැනින් ඉදිරියට ඇත්තේ ගංගාවයි. හාවා පීනන්නට දන්නේම නැත.
සිත සිතා ඉන්නට වේලාවක් නැත. ඉබ්බා හාවාගේ කරෙන් බිමට බැස්සේය. හාවාට තම පිට මතට නගින්නැයි කී ඉබ්බා එසැණින් දිය මතට පැන්නේ ඊයක වේගය පරදවමිනි. දැන් ඉබ්බාත් හාවාත් ගංගාව මැද්දේ ය. වැද්දා ගං ඉවුරේ හිටගෙන හති හළයි. මිතුරන් දෙදෙනා ගඟෙන් එගොඩ වූයේ හදවත සැහැල්ලු කර ගනිමිනි.
හාවා ඉබ්බා දෙස කෘතඥතා පූර්වක බැල්මක් හෙළමින් ඉබ්බාගේ පිටෙන් බිමට බැස්සේය.
"මට ගොඩබිමදී වේගයෙන් දුවන්න පුළුවන් වුනත් වතුරෙදි මං පරාදයි" හාවා නිහතමානී විය. "අපි දෙන්නා තනියෙන් බේරෙන්න හැදුවනම් දෙන්නටම අද වැද්දගෙ කරෙන් තමයි යන්න වෙන්නෙ." ඉබ්බා ඉතිරි ටික සම්පූර්ණ කළේය.
(කතාව 16+ කියල දැම්මෙ හිට්ස් ගන්න එහෙම නෙවෙයි ඕං. මේකෙන් ලොකු අය පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි.)

2013-01-09
කුරුතේරිස් මුදලාලිගෙ ගූ ගල් වාර්තාව
කුරුතේරිස් මුදලාලි හෝටලයක් දැම්මෙ සිල්ලර කඩේ ආදායමට වඩා දහ ගුණයක විතර ආදායමක් හෝටලේකින් හොයන්න පුළුවන් කියල මිනිහගෙ කූඨ මොලේට වැටහුනු නිසයි. පාර කාපට් කළාට පස්සෙ වාහන යනව වැඩියි. මෙච්චරකල් සාමාන්‍යයෙන් වැඩි දෙනෙක් පාවිච්චි කළේ ග - - - පැත්තෙන් යන පාරයි. ඒත් දැන් දැන් කවුරුත් පුරුදු වෙලා ඉන්නෙ මේ අළුතෙන් කාපට් කරපු පාරෙ යන්න. වාහන තදබදය අඩු වීමත් ඒකට ලොකු රුකුළක් වුනා. ඒත් එක්කම දැන් දැන් කබානා සහිත ප - - - වෙරළ තීරයේ තහනම් සුව විඳිමින් දවසක් ගත කරන්නට යන තරුණ ජෝඩු වලින් සමන්විත නඩ මුදලාලිගෙ එක ඉලක්කයක් වෙන්න ඇති.
හෝටලේ කරගෙන යන අතරෙදි මුදලාලිට තේරුණා පොඩි පහේ ගිමන් හලක් හැදුවනම් හෝටලේට මිනිස්සු ආකර්ෂණය වෙනව වැඩි වෙයි කියල. දුර ගමනක් යන මගියෙක් හෝටලේකට යන්නෙ කෑම කන්න තේ එකක් බොන්න විතරක් නෙවෙයි. ගමනෙ මහන්සිය නිවෙන්න පොඩ්ඩක් නැවතිලා ඉඳල කාරිය යන්න කැමතියි හදිසි ගමන් බිමන් යන උදවිය හැරුණම අනිත් අය.
මුදලාලිගෙ ගිමන් හලේ තරමක් ලොකු හෝල් දෙකක් සහ කුඩා කාමර හයක් හැදුවා. ලොකු හෝල් දෙක වන්දනා නඩ වලට. පොඩි කාමර වෙන් කළේ පවුලක් වශයෙන් මොන්ටෙරෝ එකක කාරිය යන මහත්තුරුන්ටයි. ඒ කාමර වල කණ්ණාඩි මේසයක් සහ ඩබල් බෙඩ් එකක් තියන්න මුදලාලි අමතක කළේ නෑ. ඇයි එතකොට ඇටෑච් බාත්රූම් එකත් අත්‍යවශ්‍යම අංගයක්නෙ.
මේ පහසුකම් ඔක්කොම නොමිලේ. මුදලාලි දන්නවා මේ කාමරයකට කුළියක් අය කරනවට වඩා ඒකෙන් ලැබෙන ජනප්‍රියත්වය හෝටලේ ආදායමට බලපාන බව. ඉතින්, මේ පාරෙ තියන අනිත් හෝටල් වල වාහන දෙකකට වඩා රැඳෙන්නෙ නැති වුනත් කුරුතේරිස් මුදලාලිගෙ හෝටලේ ළඟ හැම වෙලාවෙම වාහන හත අටක් නැවතිලා.
කෝකටත් කියල මේ
ගිමන්හල බලා කියා ගන්න ගෝලයෙක් දාන්න මුදලාලි අමතක කළේ නෑ.මේ ගෝලයාට විශේෂ
රාජකාරියක් පැවරුනා. ඒක තමයි, කාමරයේ නවාතැන් ගන්න අයගෙ විස්තර වාර්තා
කරගැනීම. හැබැයි අමුත්තන්ගේ නම අහන්නෙ නෑ. අහන්නෙ ගම විතරයි. ඊට අමතරව යන ගමන
ගැනත් දළ වශයෙන් තොරතුරු අහගත්තා.
ඉතින් ඔහොම
වැඩකටයුතු කෙරීගෙන යද්දි තමයි මුදලාලිට විරුද්ධව පොඩි පොඩි විරෝධතා මතු වෙන්න පටන්
ගත්තෙ. පටන් ගත්ත කිව්වට මුල් කාලෙ ඉඳන්ම මුදලාලිටත් මුදලාලිගේ පියතුමා
වූ ලොකු මුදලාලිටත් ගමේ එවුන් එක එක කතන්දර කිව්ව තමයි. ඒත් මුදලාලිගෙ බල
පරාක්‍රමය හමුවේ ඒ කතන්දර ඔක්කොම නිකම් හෑලි බවට පත්වෙලා තිබුනෙ. ඇත්තටම ඒ කතන්දර
වල සත්‍යතාවන් නොතිබුනා නෙවෙයි. විශේෂයෙන්ම චෝදනා එල්ල වුනේ අනුන්ගෙ ඉඩම් කඩම්වල
දේපල පැහැරගැනීම් ගැනයි.
ලොකු මුදලාලි
ඇහැ ගහගෙන ඉන්න සරුසාර ඉඩම් කීපයක්ම දෙ - - - පලාතෙ තියෙනවා. ඒව අත්පත් කරගන්න
කවුරුත් නොහිතන විදිහේ ප්ලෑන් ගහන එක මුදලාලිගෙ සහජ දක්ෂතාවක් බව බොහෝ දෙනෙකු
දැනගෙන හිටියත් ඒක ප්‍රසිද්ධියේ කියන්න ඉදිරිපත් වුනේ කීපදෙනකු විතරයි.
ඒකට හේතු
දෙකක් තිබුනා. එකක්, මුදලාලිගේ කුප්‍රකට පළිගැනීම්. අනිත් එක, සමහර අය
මුදලාලි නිසා වක්‍රාකාරයෙන් ලබාගන්නා විවිධාකාර පළ ප්‍රයෝජන. එහෙම අය නිතරම
මුදලාලිට ආරෝපණය කළේ අනේපිඬු සිටුතුමාගෙ වගේ චරිතයක්. ලොකු මුදලාලි විවේචනය කරන
අයට කුරුතේරිස් මුදලාලිගෙන් නොමිලේ ලැබෙන නවාතැන් පහසුකම් අකැප බව තමයි මේ
වන්දිභට්ටයන්ගෙ ප්‍රධාන තර්කය වුනේ.
ඉතින් ඔන්න
හදිසියෙම කුරුතේරිස් මුදලාලි වාර්තාවක් එළිදැක්වුවා.
ඒ වාර්තාවෙන්
කියවුනේ දෙ - - - පළාතෙ අය වැඩි වශයෙන්ම ජෝඩු වශයෙන් ප - - - වෙරළ තීරයට යන
බවයි.
Subscribe to:
Posts (Atom)