බලංගොඩ සාරික විචාරනී ලියන සිතුන නිසා බ්ලොගයේ තිබුනු “ලියන බසේ පෙරළිය“ කියෙව්වට පස්සෙ කාලෙක ඉඳන් වගේ හිතේ සටහන් වෙලා තිබුනු දේවල් කීපයකුත් නැවත ඔළුවට ආව නිසා මට මේ ටික ලියන්න හිතුනෙ. සිංහලේ නැත්නම් සිංහල භාෂාව ගැන හිටපු ගමන් අපේ බ්ලොග් වලත් පත්තර වලත් එක එක ලිපි පළවෙනව. සමහර අයගෙ මතය තමයි “කතා කරන බාසාවෙන්ම ලිව්වනං ඉවරයිනෙ“ කියන එක. “ව්‍යාකරණ ඕනැත් නෑ “නණ-ලළ“ කතාවක් ඕනැත් නෑ. කියවනකොට තේරුම් ගන්න පුළුවන්නම් එච්චරයිනෙ“ කියල කියන එක.
මේ කතාව ඇත්තක්ද? ව්‍යාකරණ කියන්නෙ බොරුවට, එහෙම නැත්නම් තමන් දැනුමැත්තෙක් - පඬියෙක් කියල පෙන්නන්න හදාගත්ත දෙයක්ද?
මෙතනදි ඔක්කොටම ඉස්සෙල්ල කාරණා කීපයක් ගැන මං සඳහන් කරන්නම්.
එක කාරණාවක් මෙහෙමයි. ලෝකෙ හැම දියුණු භාෂාවකම ව්‍යාකරණ රීති තියනව. මං මෙතනදි දියුණු භාෂා කියල කිව්වෙ වැදි භාෂාව හෝ ඒ වගේ ගෝත්‍රික භාෂා දියුණු භාෂා නොවේය කියන පදනම උඩ. ඒ වගේ සමහර භාෂාවන් පාවිච්චි කරන්නෙ එදිනෙදා කතාබහට විතරක්මයි. සාහිත්‍යයක් ගොඩනැගිල නැහැ. පොත් පත් ලියවිලා නැහැ.
අනිත් කාරණාව දැන් කියන්නම්. ඒ තමයි, නණ- ලළ සහ අක්ෂර වින්‍යාස පිළිබඳ ගැටළුව. මේක කොයි භාෂාවෙද නැත්තෙ. කට හම යනකන් “ඉස්පෙලිං“ පාඩම් කරන අපි සිංහල පාවිච්චි කරද්දි නණ-ලළ බේදයක් ඕනැ නෑ කියනව. කවුරුවත් කියන්නෙ නෑ ‘එස් අකුරයි සී අකුරයි දෙකක් නැතුව ස් කියන සද්දෙ එන්න එක අකුරක් දාගත්තනං හරි නේද‘ කියල. අක්ෂර වින්‍යාසය ගැන සළකද්දි ඔය ඉංගිරිසි වගේ යුරෝපීය භාෂා බොහොම බරපතළයි. වචනයක් ලියන්නෙ කොහොමද කියල ඉගෙනගන්නම වෙනව. අපේ භාෂාවල නම් හැම අකුරක්ම නිශ්චිත ශබ්දයකට සම්බන්ධයි. මාලුවා කියන වචනය සිංහල අකුරු දන්න ඕනැම කෙනෙක් ශබ්ද නගන්නෙ එකම විදිහකට. ඒ වුනාට ඉංග්‍රිසි වචන එහෙම නෑ. උදාහරණයක් බලන්න. සමහර අය ඩිමෙන්ෂන් කියන එකට තවත් සමහර අය කියන්නෙ ඩයිමෙන්ෂන් කියල.
දැන් කවුරුහරි අහන්න පුළුවන් “එහෙනම් න කියන එකටයි ණ කියන එකටයි දෙකටම තියෙන්නෙ එකම ශබ්දය නේද?“ කියල. අන්න එතන තමයි ගොඩක් අයට වැරදිලා තියන තැන. ඒ අකුරු දෙකට සම්බන්ධ වෙලා තියන ශබ්ද දෙකේ තියන කුඩා වෙනස නොසළකා හැරල, දැන් කියනව ඒ දෙකම එකයි නේද කියල. ඒක අපි ගත්තොත් රතුළූනු වලයි බොම්බයි ළූනු වලයි තියෙන්නෙ එකම රහ නිසා ඒ දෙකම එකයි කියල කියනව වගේ වැඩක්. ඒත් සූපවේදිනියෝ සහ සූපවේදියෝ දන්නව රතුළූනු වෙනුවට හැම වෙලාවෙම බොම්බයි ළූනු දාන්න බැරි වෙන බව. ඒ දෙකේ රසයන් අතර සුළු වෙනස්කමක් තියනව.
මේ සුළු නොසළකාහැරීම කරන්නෙ අපි සිංහලයො විතරක්ද මන්ද. දැන් බලන්න දෙමළ භාෂාවෙන් උදාහරණයක්. வண்டலூர் වණ්ඩලූර් - මූර්ධජ ‘ණ‘ යන්න. ඕකට දන්තජ න ලියන්නෙ නෑ කවදාවත්. අපි එහෙම නෑ. කන්නාඩිය කියනව කණ්ණාඩිය කියනව පතුල කියනව පතුළ කියනව ඔලුව කියනව ඔළුව කියනව කිසිම ප්‍රතිපත්තියක් නෑ. දෙමළ විතරක් නෙවෙයි තව පෙරදිග භාෂා ගණනාවකම මේ නණ-ලළ අකුරු ඒ විදිහට වෙන් වෙන් ව පාවිච්චි කරනව. දෙමළ හෝඩියේ න වගේ අකුරු තුනක්ම තියනව.
ඔය නණ-ලළ කතාව විතරක් නෙවෙයි අපි කරන වැරැද්ද. බොහොම අමාරුවෙන් සම්ප්‍රධාය වගේ වචන වලට අනවශ්‍ය මහාප්‍රාණ දාල කතා කරන්නෙ. හාමුදුරුවරු කීදෙනෙක් නමක් ගාථා වරද්දනවද? පන්සිල් දෙන්නෙ “බුද්දං සරණං ගච්චාමී“ කියල. ඒ වුනාට “සබ්භං“ කියල අනවශ්‍ය තැන්වලට මහාප්‍රාණ යොදනව. අන්තිමට “සබ්බේ ලබං“ තමයි ඉතින්.
ඊ ළඟට බලන්න ව්‍යාකරණ. මේකනම් ඕනැම නෑ කියලනෙ සමහර අයගෙ තර්කය. ව්‍යාකරණ කියන්නෙ සම්මතයක්. සම්මතයක් අවශ්‍ය තැන් වලදි සම්මතයක් නැතුව කරන එක අවුලකට මුලක්. අහල තියනවද අම්බලමෙ කතාව. ඔන්න මිනිස්සු දෙන්නෙක් ගමනක් යද්දි රෑ වුනාලු. ඉතින් දෙන්න එක්ක අම්බලමක නිදාගත්තලු. රෑ එක්කෙනෙකුට අවශ්‍ය වුනා එළි පහලියට යන්න. පොඩි චූ බරක් කියල හිතමුකො. ඉතින් මෑන් නැගිටල කරුවලේම එළියට යනකොට අනිත් එකාගෙ ඔලුවෙ හැපුනලු කකුල. ඉතින් සොරි කියල ගියයි කියමුකො. දැන් නිදාගෙන හිටපු මෑන් කල්පනා කරාලු අර යකා ආපහු එද්දිත් මගෙ ඔලුවට පයින් ගහයි කියල මිනිහ ඔලුව අනිත් පැත්තට දාල නිදාගත්තලු. දැන් අර චූ කරන්න ගිය එකා ආපහු එද්දි කල්පනා කරාලු මං ආපහු යද්දිත් අර අහිංසකයගෙ ඔලුවෙ කකුල හැපෙයි කියල. ඉතින් මෑන් අනිත් පැත්තෙන් ගියාලු. අන්තිමට උනේ ආපහු යනකොටත් කකුල ඔලුවෙම හැපෙන එක.
ඉතින් ඒක නිසා තමයි මිනිස්සු සම්මතයන් ඇති කරගන තියෙන්නෙ. ව්‍යාකරණ කියන්නෙත් ඒ වගේම දෙයක්. ව්‍යාකරණ නැතුව ලියපුවහම වෙන්නෙ ඒක කියවන එක්කෙනා තමන්ට කැමති විදිහකට තේරුම් ගැනීම. දැන් මේ කතා කරද්දිනම් අපි මූණට මූණ පේන නිසා කියන අදහස මූණෙ ඉරියව් වලින්, හඬ අඩු වැඩි කරන එකෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුණේ නැතිනම් අහන්න හරි පුළුවන්. ඒත් ලියුමක් ලියද්දි තත්වෙ වෙනස්. කියවන කෙනා දුරස්ථයි. එයා ඉන්නෙ යම පූර්ව නිගමනයක වෙන්න පුළුවනි. කියවනකොට ඒ කියවන දේ තේරුම් යන්නෙ අර පූර්ව නිගමනයට අනුවයි.
එතකොට බලන්නකො මේ වාක්‍යය තේරුම් ගන්න පුළුවන්ද කියල. ඒත් බෙදන ක්‍රමයේ හානියෙන් හැමදාම දුක් විඳින්නේ වාමාංශිකයන් විසින් උදව් කරන්නට දන්නවා කියූ ජනතාව විසින්මයි. අපි බ්ලොග් ලියනකොට ව්‍යාකරණ ගැන සළකන්නෙ නෑ. කතා කරන බාසාවනෙ පාවිච්චි කරන්නෙ. ඒකට ප්‍රශ්නයක් නැත්තෙ කමෙන්ට් කරන්න පුළුවන්කම තියන නිසා. ඒ වුනත්, සමහර වෙලාවට අපට කියන්න ඕනැ දේ කියවෙනවද කියන ප්‍රශ්නය මතුවෙනව.
විශේෂයෙන් නීතිමය ලියවිලි වලදි ව්‍යාකරණ යෙදීම ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි.
ඊ ළඟට මට කියන්න ඕනැ කරන කාරණාවක් වුනේ සිංහල සහ ඉංගිරිසි අතර සමහර අය කරන සන්සන්දනයන් ගැන. මේ ගැනත් වෙන වෙලාවක කතා කරමු.
දැන් කවුරුහරි අහන්න පුළුවන් “එහෙනම් න කියන එකටයි ණ කියන එකටයි දෙකටම තියෙන්නෙ එකම ශබ්දය නේද?“ කියල. අන්න එතන තමයි ගොඩක් අයට වැරදිලා තියන තැන. ඒ අකුරු දෙකට සම්බන්ධ වෙලා තියන ශබ්ද දෙකේ තියන කුඩා වෙනස නොසළකා හැරල, දැන් කියනව ඒ දෙකම එකයි නේද කියල. ඒක අපි ගත්තොත් රතුළූනු වලයි බොම්බයි ළූනු වලයි තියෙන්නෙ එකම රහ නිසා ඒ දෙකම එකයි කියල කියනව වගේ වැඩක්. ඒත් සූපවේදිනියෝ සහ සූපවේදියෝ දන්නව රතුළූනු වෙනුවට හැම වෙලාවෙම බොම්බයි ළූනු දාන්න බැරි වෙන බව. ඒ දෙකේ රසයන් අතර සුළු වෙනස්කමක් තියනව.
මේ සුළු නොසළකාහැරීම කරන්නෙ අපි සිංහලයො විතරක්ද මන්ද. දැන් බලන්න දෙමළ භාෂාවෙන් උදාහරණයක්. வண்டலூர் වණ්ඩලූර් - මූර්ධජ ‘ණ‘ යන්න. ඕකට දන්තජ න ලියන්නෙ නෑ කවදාවත්. අපි එහෙම නෑ. කන්නාඩිය කියනව කණ්ණාඩිය කියනව පතුල කියනව පතුළ කියනව ඔලුව කියනව ඔළුව කියනව කිසිම ප්‍රතිපත්තියක් නෑ. දෙමළ විතරක් නෙවෙයි තව පෙරදිග භාෂා ගණනාවකම මේ නණ-ලළ අකුරු ඒ විදිහට වෙන් වෙන් ව පාවිච්චි කරනව. දෙමළ හෝඩියේ න වගේ අකුරු තුනක්ම තියනව.
ඔය නණ-ලළ කතාව විතරක් නෙවෙයි අපි කරන වැරැද්ද. බොහොම අමාරුවෙන් සම්ප්‍රධාය වගේ වචන වලට අනවශ්‍ය මහාප්‍රාණ දාල කතා කරන්නෙ. හාමුදුරුවරු කී