2015-08-25

පැරදීම සහ ජාතික ලැයිස්තුව

එක් ප්‍රශ්නයක් විසඳෙන්නටත් කළින් තවත් ප්‍රශ්නයකට මුහුණ දීම නිසා මුල් ප්‍රශ්නය අමතක වීමේ වාසනාවන්ත ඉරණමකට අපි මුහුණ දී සිටිමු. ගැටළුවක් මතු වූ විට අප කළ යුත්තේ මොන මොනවා හෝ කරමින් කල් මරා ගැනීම පමණකි. ගැටළුව විසඳීම කෙසේ වෙතත් අළුත් ගැටළුව නිසා පරණ ගැටළුව නෙග්ලෙජිබල් වී යයි. නැතිනම් අමතක වී යයි.

දැන් අපට ඇති ප්‍රධානම ගැටළුව පැරදුණු අපේක්ෂකයන්ට ජාතික ලැයිස්තුවෙන් ආසන ලබා දීමයි. සමහර අය කියන විදිහට නම්, එපා කියා එළවපු අයට ආපසු තැන ලබා දීමයි.

මේ කතාව ගල් පැලෙන බොරුවකි. ජාතික ලැයිස්තු වලට මුලින් ඉදිරිපත් කළ නම් වෙනුවට පැරදුණු අපේක්ෂකයන් දැමීමට මැතිවරණ නීතිය යටතේ ඉඩ කඩ ඇති බව ගරු කටයුතු මැකෝ තුමා කල් වේලා ඇතිවම කියා දුන්නේය. එහෙම ඉඩ දී ඇත්තේ ඇයි කියා මඳක් කල්පනා කර බැලීම වටී. මොළය නැති අයට, කල්පනා නොකර සිටීමට සිදු වීම ගැන කණගාටු වෙමි.

ජාතික ලැයිස්තු වලට සුපර්ම බඩු ටිකක් නම් කර චන්දය ඉල්ලන්නේ අපේක්ෂකයන් සියලු දෙනා ජයග්‍රහණය කළහොත් හම්බ වෙන බෝනස් සීට් ටිකට රිංගවීම සඳහා බවත් හුදී ජනයා සිහියේ තබා ගැනීම වටියි. එසේ නැතිව, කර හම යනකන් ජනතා සේවයේ යෙදෙන අපේක්ෂකයෝ ගෙවල් වල තබා කොහේවත් සිටින මහාචාර්යවරු පාර්ලිමේන්තුවට රිංගවන්නට තරම් ඇඟේ අමාරුවක් මේ දේශපාලක තුමන්ලාට තිබෙන්නට හැකියාවක් නැත.

දැන් මේ පැරදුනු අපේක්ෂකයන් කියා හංවඩුවක් ගසා ඇත්තේ කාටද යන්න ගැන මගේ වි්‍ග්‍රහය මෙසේ ඉදිරිපත් කරන්නෙමි.

අපේ රට කවුරු මොනවා කීවත් සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටකි. රටේ නම පවා සඳහන් කර ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යනුවෙනි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී රටක “දිනනවා“ යන්නෙන් හෝ “පරදිනවා“ යන්නෙන් අදහස් කරන්නේ බහුතරයේ කැමැත්තයි. තවත් පැහැදිළි කරනවානම්, අදාළ ඡන්දදායකයන් සංඛ්‍යා වෙන් සියයට පනහකට වඩා කැමත්ත ලබා ගන්නේ ජයග්‍රාහකයා ය. සියයට පනහකට අඩුවෙන් කැමැත්ත ගන්නා අපේක්ෂකයා පරාජිතයා වේ.

කේවල ආසන ඡන්ද ක්‍රමයේදී අපේක්ෂකයන් හතර දෙනකු ඉදිරිපත් වී එක් එක් අපේක්ෂකයා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 40%, 30%, 20%, 10% වශයෙන් ලබාගත්තත් 40% ලබාගත් අපේකෂකයා ජයග්‍රාහකයා ලෙස නම් කර ඉතිරි තුන් දෙනාම පරාජිතයන් ලෙස හඳුන්වනු ලැබේ. එහෙත් ඇත්ත වශයෙන්ම එම මැතිවරණ කොට්ඨාශය තුළ ජයගත් අපේක්ෂකයාට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ අය 60%ක් සිටිති. ඉතින් ඒත් ඔහු ජයග්‍රාහකයකුයැයි කියනු ලැබේ.

වර්තමාන දිස්ත්‍රික් ක්‍රමයේදී, පැරදුනු පක්ෂයේ තේරී පත් වූ අපේක්ෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාවට වඩා දිනූ පක්ෂයේ නොතේරුනු අපේකෂකයන් ලබාගත් මනාප සංඛ්‍යාව වැඩි වීමේ හැකියාව ගැන කිසිවකු සිතන්නේ නැත. එවැනි තත්වයක් යටතේ “ගෙදර යවපු“ අපේක්ෂකයන් ගැන කතා කිරීම හුදෙක්ම විහිළුවක් පමණකි.

“අපි එපා කියල ගෙදර යවපු උන්“ කියා කියන්නට කාටවත් හැකියාවක් නැත්තේ, කිසිවකු ඡන්ද පත්‍රිකාවේ තම “මනාපය“ මිස “අමනාපය“ සළකුණු නොකරන නිසා ය. බ්‍රේක් නැති කට සහ නැමෙන සුළු දිව පාවිච්චි කර ඕනෑ කෙනෙකුට ඕනෑ දෙයක් කීමටත් අපහාස උපහාස කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්ම අයිතිය දී ඇති නිසා ඒ ගැන වැඩිපුර කතා කිරීම තේරුමක් නැත.



2015-08-18

සන්දානය පරාදයි, දැන්...........



මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් පෙනී සිටි “යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ“ ජය ලබාගනිමින් තිබේ. මහින්ද පෙරටු කොට ගත් සන්ධානය පසුපසට ගොස් ඇත. මැතිවරණ ප්‍රතිපල දෙස බැලීමේදී (ඡන්ද බල ප්‍ර දේශ එකින් එක ගෙන බැලූ විට) පෙනී යන එක් කරුණක් නම්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර යූ ඇන් පී, ජේ වී පී, ජෙනරාල් ආදී කොටස් ලබාගත් ඡන්දවල එකතුව වැඩි හෝ සමාන බවත්, ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩු බවත් ය. මෙයින් එළැඹියහැකි නිගමනයක් නම්, දැන් මහින්ද තවදුරටත් පිරිහී ඇති බවයි. එසේ සැළකීමේදී මහමැතිවරණයට මහින්ද නොආවානම් හෝ අඩු වශයෙන් සාමාන්‍ය අපේක්ෂකයෙක් වශයෙන් පමණක් ආවානම්, සන්ධානයට මීට වඩා ඡන්ද ලැබෙන්නට ඉඩ තිබුනු බවයි. එපමණක් නොව, මහින්ද නොඉල්ලුවානම්, ජවිපෙට මීට වඩා ඡන්ද ලැබෙනු ඇතැයි මට සිතේ. එසේ වන්නේ “මහින්ද අගමැති වීමේ අනතුර වළක්වාගැනීම“ සඳහා යූ ඇන් පී එකට ඡන්දය දුන් සමහර අය එම අනතුර නොතිබුනානම් ජවිපෙට චන්දය දෙන නිසා ය.

කෙසේ හෝ දැන් අපි සිදු වූ දේට මුහුණ දිය යුතුය.

මෛත්‍රී යහපාලනය සඳහා බලය ඉල්ලද්දී මහින්ද පරාජය කර රනිල් අගමැති වීමේ සිහිනය නිසා මෛත්‍රීට සහය දුන් නමුත් යූ ඇන් පී එකේ යහපාලන “ජාන“ නැත. එහෙත්, යූ ඇන් පී එකේ සිටි හොරිකඩ ජඩයින් ගණනාවක් “දෑත් ශක්තිමත් කිරීම“ සඳහා සන්දානයට පැනගත් පසු තවමත් සන්දානය තුළම ගාල් වී සිටින නිසා සමහරවිට දැන් යූ ඇන් පී එක තරමක් සුද්ද වී තිබෙනවා විය හැකිය.

සමහර මෝඩ බයියන් හිතාගෙන ඉන්නේ යූ ඇන් පී එකෙන් වැරදි සිදුවන්නට ඉඩ හැර, ඒ වැරදි සන්දානයෙන් කළ වැරදි වලට හිලව් කිරීමෙන් පසු නැවත සන්දානයට ජඩ වැඩ කරන්නට ඉඩ හදා ගැනීමට වුවත්, මහජනතාව වන අප විසින් මේ අවස්ථාවේදී කළ යුත්තේ වත්මන් ආණ්ඩුවට හොඳ තෝන් ලණුවක් නොහොත් රිමෝට් කොන්ට්‍රෝල් එකක් සොයාගැනීමට උත්සාහ කිරීමය.

කෙසේ වුවද. ඒ නිසා, 

  • 19වැනි ව්‍යවස්ථාවේ ගැරඬියා වෙනුවට නයා ම ගෙන ඒම.
  • 20 හෙවත් ආසන මට්ටමෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය සකස් කිරීම.
  • යෝජනා කරන ලද සියළු කොමිෂන් සභා පූර්ණ බලතල සහිතව පිහිටුවීම.
  • සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම.
  • බයියන්, ටොයියන් ඇතුළු මහජනතාවගේ දැනුම සහ අවබෝධය පුළුල් කිරීම.
  • වයි ෆයි සමග තොරතුරු දැනගැනීමේ පනත ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරවීම.
  • බයි මානසිකත්වය, ගෝත්‍රවාදය සහ කොදෙව් මානසිකත්වය අතු ගා දැමීම.


ඇතුළු දහසක් වැඩ අප ඉදිරියේ දැන් තිබේ.

මේ කෙටි ලිපිය අවසාන කරමින් කිවයුත්තේ, 1977 ජේ ආර් සහිත යූ ඇන් පීය ජයග්‍රහණය කළ අවස්ථාවේ ඇති වූ හිතේ අමාරුව අද මට ඇති නොවු බවත්, සියුම් සතුටක් ඇති වූ බවත් ය. එකල යූ ඇන් පියේ සිටි ජඩයන් දැන් සන්දානයට ඇවිත් කියා මම කල් වේලා ඇතිවම හිත හදා ගනිමි.

මහින්ද මාමා ගැන දුකය. එහෙත්, අද ඉන්නේ එදා මහින්ද නොවන බව මතක් වන විට ඒ දුක නැතිව යයි.

2015-08-09

මහා වංචාව

බැංකු ගණුදෙනු, ආර්ථික විද්‍යාව ආදී කාරණා ගැන මගේ දැනුම අතිශයින් සීමිත ය. ඒ නිසා, මේ ලිපියේ මුල් කොටස පමණක් කියවන ටොයියන් විසින් මතු කරන්නට ඉඩ තිබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැති බව මුලින්ම කියමි.

රනිල්ගේ ආණ්ඩුවයැයි කියනු ලබන වර්තමාන ආණ්ඩුව යටතේ ලෝක ලංකා ඉතිහාසයේ මේ තාක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදු වූ බව කියනු ලැබේ. අප කුඩා කාලයේ ලංකාවේ සිදු වූ විශාලතම මුදල් කොල්ලය රුපියල් හාරලක්ෂයක් විය. ඒ නිමිති කරගෙන චිත්‍රපටයක් පවා නිපදවන ලදී. එහෙත් අද කාලයේ නම්, ලක්ෂ හතරක් යනු එතරම් ගණන් ගත යුතු මුදල් ප්‍රමාණයක් නොවේ.

ඒත් බිලියන පනස් නමයක් යනු මෙසේ එසේ මුදල් ප්‍රමාණයක් නොවේ. බිලියනයක් යනු මිලියන් දාහකි. එනම්, ලක්ෂ දහදාහකි. කජු ඇට කොස් ඇට නොව ගෙඩි රුපියල්ය.

 ලංකාවේ සමස්ත ජනගහනයෙන් බිලියන පනස් නමය බෙදු විට වංචාවේ පරිමාණය ගැන සිතාගැනීමට හැකිය. ඒත්, මේ වංචාව වංචාවක්ම නොවන බව රනිල්ගේ කට්ටිය කියති. විෂය දැනුම සීමත බැවින් ඇත්ත බොරු තෝරාගැනීම මටනම් අපහසුය. එහෙත් කණගාටු වීමට දෙයක් නැත. මේ ගැන පැහැදිළි කර දෙන්නට පුළුවන්කමක් තියන බව සිතන අයකු විසින් හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් සිද්ධිය ගැන විවරණය කර තිබේ. නිර්නාමිකව එය ඔබගේ ඉන්බොක්ස් එක වෙතට දැනටමත් එවා නැතිනම් හෙට අනිද්දාම එනු ඇත. කෙසේ වෙතත්, මේ පළවන්නේ ඒ ලියමනෙහි වැදගත් කොටසයි. ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළ වූ ලිපිය ආශ්‍රය කරගෙන ඊ මේලය සකස් කර ඇති බව පෙනේ.

රනිල් වික්රමසිංහගේ  ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාව 

මෙය කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැක. මාර්තු , අප්රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන් 59 කට වැඩියැය් ඇස්තමේන්තුගත කර ඇත මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. (රටට වූ පාඩුවක් සංවර්ධනාත්මක ආයෝජනයක් සඳහා වැය වූ මුදලක් එක්ක සන්සන්දනය කරන එකට අපිනම් විරුද්ධයි ඕං)

පසුබිම : සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ් වේ; රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවය්. බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්රයකි. මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමය්. මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමනි. ප්රාථමික වෙළෙන්දෙකු යනු මුල් ක්ෂෙස්ත්රය පිළිබඳ විශේසඥ්ඥ දැනුමක් ඇති ව්යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල් සමාගම් කිහිපයක් ප්රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය, මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 10ක්, 15ක් හෝ 30ක් වශයෙනි බැඳුමකර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්රාථමික වෙළදුන්ගෙන් සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමය්. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනිය්.මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්රමවේදයකි. තමුන්ගේ මුලු අවශ්යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය. සාමාන්යයෙන් රජයෙ ණය අවශ්යතාවයෙන් 10%-20% පමන ප්රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්රාථමික වෙළඳුන් සමග ඍජුව ගනුදෙනු කරමිනි. ආන්දෝලනයට ලක්වූ පෙබරවාරි 27 බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙල : මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්රනයක් තුලිනි. 2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 කාලසීමකට යටත් රුපියල් බිලියන් 1 බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවය්. වෙදේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය. සුපුරුදු පරිදි ප්රාථමික වෙළන්ඳ ආයතන 16 වෙන්දේසියට සහබාගී විය. වෙලාවලේ රටේ පැවති පොලී අනුපාතය ඉතා අඩු නිසා මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්රමානය රුපියල් බිලියන් 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්රමානයන්ය. පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ගිනි පොලියකටය. සාමන් තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන් 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි. එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල් වංචාවක පලමු පියවර විය.

හොරුන්ගෙත් හොරු ( තිරයෙන් පිටුපස කතාව ) : රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය. අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය. මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. ...........(ඉතිරි ටික ලංකා නිව්ස් වෙබ් සයිට් එකේ බලන්න.)


ඒ ලිපිය ලියන්නට ඇත්තේ කෝප් කමිටුවේ සාමාජිකයකු විසින්දැයි මම නොදනිමි. තවමත් එළි නොදැක්වුනු වාර්තාවක මොනවා තිබෙනවාදැයි කමිටු සාමාජිකයන් නොවන මා වැන්නන් කෙසේ දැනගන්නද?

යහපාලන ආණ්ඩුවක් කියා ඇතැමුන් විසින් හඳුන්වන වර්තමාන ආණ්ඩුව සුපිරිසිදු එකකැයි මම නොසිතමි. නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම මට යූ ඇන් පී අරහං වුනේ ජේ ආර් ගේ කාලයේදී ය. ඒත් මහින්දගේ කාලයේදී ශ්‍රී ලංකා එකත් ඊටත් වඩා අප්‍රසන්න විය.

රටකට ආණ්ඩුවක් අවශ්‍ය ඇයි? රට සංවර්ධනය කිරීම ආණ්ඩුවේ එක කටයුත්තක් බව සැබෑවකි. ඒත් රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එහි ජනතාව ආණ්ඩු කිරීමටයි. එනම්, යුක්තිය පසිඳලීමටයි. රාජ්‍යයේ ආරක්ෂාව සහ රටවැසියාගේ ආරක්ෂාව පවතින්නේ ආණ්ඩුව අතේ ය. මේ දෙකෙන් එකක්වත් හරි හැටි සපයන්නට 2010-2014 ආණ්ඩුවට නොහැකි වූයේ කොටි ත්‍රස්තවාදය මට්ටු කිරීමෙන් පසුව ඇති වූ රාජෝන්මාදය නිසා ය. ත්‍රස්තවාදියකු අතින් මරණයට පත් වීම සහ හයිරන්කාර කෙරුමකු අතින් මරණයට පත් වීම අතර වෙනසක් නැති නිසා, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වීම සහ සංවර්ධන වැඩසටහනක් නිසා උන් හිටි තැන් අහිමිවීම අතර වෙනසක් නැති නිසා, ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළහ.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයට වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුනේ යහපාලනයක් ඇති කිරීමේ අරමුණ ඇතිවය. ඕපපාතිකයකු මෙන් එළියට පැනගත් මෛත්‍රීට සහායට හතර පස් දෙනකු ඉදිරිපත් වූ නමුත් ඔහුට චන්ද ලබාගන්නට හැකි වුනේ යූ ඇන් පිය නිසාය.

යූ ඇන් පී ආණ්ඩුව යහපාලනයක් කරන බව කියා තිබුනේ නැත. එසේ කියා නොතිබුනු පමණින් අවපාලනයක යෙදීමේ අයිතියක් ඔවුනට ලැබුනේද නැත. ටෙන්ඩර් මගඩියක් මගින් අඩු පොළියට ගැනීමට හැකියාව තිබුනු ණයක් වැඩි පොළියට ගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදු කළ නිලධාරියාට එරෙහිව ක්‍රියා නොකිරීමේ චෝදනාවට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

මහින්ද මේ වැනි මහා පරිමාණයේ වංචාවක් සිදු කළේයැයි කියා අප දන්නේ නැත. සිදු කරන්නට ඉඩක් තිබුනේදැයි අප දන්නේද නැත. ඒ කාලයේ හොරකම විමධ්‍යගත කර තිබුනු බැවින් එක් පුද්ගලයකු විසින් විශාල වංචාවන් සිදු කිරීම සීමා වී තිබුනු බව මගේ අදහසයි.

මේ සියල්ල මෙසේ තිබුනත්, නැවත වරක් මහින්ද හා නඩයට නැගිටින්නට ඉඩ නොදිය යුතු යැයි මා අවධාරණය කරන්නේ ඇයි?

හොරකමක් නැවැත්වීමට වඩා අපට අවශ්‍ය වන්නේ හොරකම් කිරීමට, දූෂණයට ඇති ඉඩකඩ නැති කිරීමය. එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන්ම විසුරුවනු ලබන අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආපසු හරවනු ඇති නිසා ය. එවිට හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරකම් කළ බව දැනගන්නට ලැබෙන්නේ ද නැත.

ඒ නිසා, හොරකම් දූෂණ නොකරන බවට සහතිකයක් නැතිවම යූ ඇන් පී ආණ්ඩුවක් (හෝ ජේ වී පී ආණ්ඩුවක්) පත් කරගැනීම අවශ්‍ය වී ඇත්තේ කරන හොරකමක් දූෂණයක් අල්ලාගැනීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ යහපාලනයෙන් ඉදිරියට ගියහොත් පමණක් වන නිසා ය.