Showing posts with label වැඩිහිටි. Show all posts
Showing posts with label වැඩිහිටි. Show all posts

2015-03-09

නෝනට ඉතින් ඉටිපන්දම තමා (18+ කවි)

හිමිදිරියේදි ඔක්කාරය                                                                        ඇතිවීම
පණ නැති ගතිය සහ දෙකකුල්                                                              ඉදිමීම
ඇති වන නිසා එක දවසක                                                                 උදයේම
දොස්තර වෙත ගියා ඇය, හිමි                                                           සමගින්ම

පෙනෙනා ලෙසින් ඔබහට රෝගයක්                                                       නැත
එනමුත් මවක් වන්නට එන ලකුණු                                                            ඇත
යොමු වූවොතින් යූරින් ටෙස්ට් එකක්                                                       වෙත
දැනගත හැකිය සැකයක් නොමැතිවම                                                       සිත

සැනසී දොස්තරගෙ වැදගත්                                                         උපදේසෙන්
දෙදෙනා ගියා ලැබ් එකකට අධි                                                         වේගෙන්
සාම්පලය දීලා ආවේ                                                                          විගසින්
රිපෝට් එක පසුදින ගන්නා                                                               අටියෙන්

ඇඹණිය ගෙදර රඳවා සුපුරුදු                                                              විලසින්
රස්සාවට යන විට නගරය                                                                 මැද්දෙන්
ගොඩ වීලා ලැබ් එකටත්                                                            කතහනියෙන්
ගත්තා ප්‍රතිපලේ ගෙවලා බිල                                                              මුදලින්

රිපෝට් එක බැලුවා දොස්තර                                                                මහතා
කණ්ණාඩිය නළලේ මැද්දට                                                                 ගත්තා
සතුටු වෙන්න පුළුවනි මින් ඔබට                                                              ඉතා
ඔබ වෙන්නැති නේද දරුවගෙ                                                             තාත්තා

පොසිටිව් කියා ලියලා තියනව                                                             මේකේ
දැන් තියනවා පොඩි බඩකුත් මාස                                                         දෙකේ
වහා ගිහින් නගර සභා ක්ලිනික්                                                              එකේ
රෙජිස්ටර් වුනේ නැත්නම් වැටෙයි                                                           දුකේ

සති දෙකකට වරක් එයි මිඩ් වයිෆ්                                                     කෙනෙක්
මාසයකට වරක් යන්නට වෙනව                                                         ක්ලිනික්
දෙනවා ත්‍රිපෝෂත් තව විටමින්                                                          පෙත්තක්
මේවා නොගෙන ඉන්නා එක මෝඩ                                                       කමක්

විස්තර සියල්ලම රඳවාගෙනම                                                               හිතේ
හාෆ් ඩේ එකට අත්සන් කළා                                                              පොතේ
කෝල් එකක් හනි හනිකට                                                             අරගත්තේ
දන්වන්නයි වයිෆ්ට මෙහි ඇති                                                             තත්තේ

මාස දෙකක් ගත වී ඇති බව                                                                   බඩට
කළබල කළා හිත ඇයගේ                                                                තරමකට
ගියහොත් නගර සභාවෙ                                                              සායනයකට
වෙනවා ඩොක්ටගෙන් හොඳ හැටි                                                      අහගන්ට

ඉන්නා විටදි ඒ ගැන                                                                    කල්පනාවේ
දුරකතනයයි නැවතත් මහ හඬ                                                              ලෑවේ
රිසීවරය ගෙන හලෝ කියා                                                                    කීවේ
පොඩ්ඩක්වත්ම හොඳ සිහියක් ඇතිව                                                 නොවේ

නගර සබාවේ එකවුන්ටන්                                                                      මමය
කෝල් කළේ මතකය යළි                                                          ගෙනෙන්නය
හැමදාමත් කරනා මෙම                                                                      ප්‍රමාදය
ඔබනම් මින් පසුව නවතා                                                                 ගතයුතුය

දැනටත් මාස දෙක පසුවී ඇත                                                                 බිලට
රාජකාරි කරන්න වෙනවා                                                                       අපට
දන්වා සිටින්නයි කතා කළේ                                                                  නුඹට

මේ ගැන වැඩිය දන්නේ මගේ                                                       මහත්තයා
හෙට මං කියන්නම් ඔබ වෙත එන්න                                                     කියා
ඔහුට කියා දුන්නොත් විස්තරය                                                              ඔයා
කළ යුතු දේ කරාවි වැඩි දවස්                                                            නොයා

* ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * **

“නගර සබාවේ ඔක්කොම වගේ                                                         මෙයා
දන්නා බව පෙනෙයි අපගේ විත්ති“                                                      කියා
හැන්දෑවේ ආ විට සිය                                                                     ස්වාමියා
කෝල් එකේ විස්තර පවසා                                                                සිටියා

නෝනා කිවු කතාව ගැන                                                         කලබලයෙන්
නගර සබාවට ගිය ඔහු                                                               හිමිදිරියෙන්
අල්ලාගෙන එහි සිටිනා                                                              එකවුන්ටන්
ඇහුවා දිගට හරහට ඒ ගැන                                                         මෙලෙසින්

අතපසු වීමකට ඇයි මුදලක්                                                                ගන්නේ
මේ වගෙ සිද්දි ඇයි හැම තැන                                                    පැතිරෙන්නේ
මාස දෙකේ කතාව කොහොමද                                                           දන්නේ
යම්තම්වත් නෑ මටනම්                                                              වැටහෙන්නේ

කොම්පියුටරෙන් ඒ සියල්ල                                                        පෙන්වන්නේ
කීවත් නොකීවත් ඒ දෙය                                                             ඇත්තක්නේ
තවදුරටත් කතාව වැඩකට                                                                නැහැනේ
මුදල් ටික ගෙවා දැම්මම                                                                 ඉවරයිනේ

මේ නම් පුදුම සිදුවීමක් බව                                                                නිසැකයි
ඔබගේ කතාවත් බොහෝම සැර                                                          පරුෂයි
මේ දින වලදි අප හට අග හිඟ                                                       බොහොමයි
මුදල් ගෙවන්නට ක්‍රමයක්                                                              නැතුවාමයි

මේවා ගැන කළින් හිතන්නයි                                                              තිබුනේ
ඔබ දැන් පොඩි බබෙක් වාගෙයි                                                   හැසිරෙන්නේ
නොගෙව්වොත් කපන්නයි මට                                                       සිදුවන්නේ
නැවතත් මෙහෙම දේවල් නොකරන                                                 ලෙසිනේ

අයියෝ මේක අසාධාරණයි                                                                    නේද
කැපුවට පස්සෙ ඇය අසරණ                                                            වෙන්නැද්ද
ජීවිතයක් අඳුරු කළහම පව්                                                                   නැද්ද
ඕකට වෙන විකල්පයක්                                                                    කියනවද

විකල්ප ගැන අපිද කියන්නට                                                                  ඕනා
ඒවා ගැන දන්නව ඔබගේ                                                                   නෝනා
කැමති වෙයි අඩු මිලට කඩවල් වල                                                    තිබෙනා
ඉටිපන්දම් ගහගන්නට                                                                  එක හිතිනා

2015-02-23

යෙහෙළියො දෙන්නා (18+ කවි)

එකමත් එක නගරෙක තරමක්                               පරන
හිටියලු ගැහැණු දෙදෙනෙක් හිත මිතුරු                    වුන
පොඩි කාලයේ සිට ඇති යාලුකම                          ගැන
ඔවුනගෙ මහත්තුරු හිටියාලු                           දැනගෙන

ගෙවල් දෙක තිබු‍නෙ එක පාරක                          හින්දා
යාලු කම දිගට ගෙනියන්නට                               සැමදා
පුළුවන් වුනා නොමැතිව කිසිවක්                            බාදා
සතියට වතාවක් හමු වෙනවා                                 ඉරිදා

ලෝකේ වෙනස් වී ගෙන එයි                            හැමදාම
මිතුරියන්ට දැන් පුරුදුලු ක්ලබ්                            එහෙම
දවසක් හවස ඒ සුපුරුදු                                   විලසින්ම
පාටියකට ගියා දෙන්නා                            තනියෙන්

වයින් සහ බියර් නැත අඩුවක්                                වූයේ
බෝතල් ගණනක්ම එතැනදි                            හිස් වූයේ
සාදය නිමා වෙද්දී රෑ                                      බෝ වූයේ
ලයිට් කණු නිසා නැත අඩුවක්                             එලියේ

එතරම් දුරක් නෑ ගෙදරට                                  යාගන්න
ඕනෑ නැහැනෙ හස්බන්ඩ්ලා                         ගෙන්වන්න
අපි දෙන්නා ඇවිදිමු මත                            බැසයන්න
කියලා පිටත් වුනාලු උන්                               එක හිතින

තරමක දුරක් එන විට පාරේ                              දෙන්නා
හැදුනේ චූ බරකි ඉහ මොළ රත්                        වෙන්නා
එතනම ටිකක් කළුවර ඉඩමක්                             තිබුනා
වට පිට බලා එතුළට පියවර                               මැන්නා

දැන්නම් කිසිත් බය වෙන්නට නැත                        හේතු
නොදකියි කිසි කෙනෙක් අප මෙහි කරන                 තතු
තෙත් කළ යුතුයි වියළී ඇති පාළු                             වතු
එනමුදු වුනේ අවුලකි දෙන්නා                           නොසිතු

ඉඳගත්තේ උස තණකොල                          ගොල්ලේය
ස්ප්‍රේ කළේ වැඩි දුර දිග                                නොසිතාය
නැගිටින විටදි මුළු පස්සම                              තෙමිලාය
පිහදාගන්න කිසිවක් අහළක                               නැතිය

මම ආවේ ඇඳන්        පරණම                    යටඇඳුමක්
පිහදා වීසි කළ හැක එහි නැත                           ගේමක්
එකියක් කී නමුත් අනෙකා මසුරු                   කෙනෙක්
වට පිට බලද්දී දැක්කේ                               මල්වඩමක්

මටනම් නොහැක පැන්ටිය විසි                    කරන්නට
මේ කඩදාසි මල් ඇති                                  පිහදාගන්ට
සුදුසු නුවණ මේවාගේ                                  තැන් වලට
තිබුනා ගොඩ යන්න අවුලෙන්                       දෙන්නාට

මහ රෑ ගෙවල් දෙක                           නොමවරදවාගෙන
ඇවිදින් වැඩි හඬක්                           නොමපතුරවාගෙන
නින්දට පෙර සිරිත් ටික                            කල් දමාගෙන
වැටු‍නේ ඇඳන් උඩ ඇඳි                           වත් තියාගෙන

පසුදා පාන්දර එක හස්බන්ඩ්                           කෙනෙක්
අනිත් හස්බන්ඩ්ට දෙනවලු                        කෝල් එකක්
මේ දෙන්නා කරන සෙල්ලම                    හරිම ලෙඩක්
අපේ උන්දැ ඇඳලත් නෑ                              පෑන්ටියක්

උඹ මේ කියන්නේ මහ ලොකු                දෙයක් නොවේ
මුන් දෙන්නාට සිහි තිබිලා                   නොමැත ලොවේ
ඊයේ රෑ මගේ ගෑනි                                    මෙහෙ ආවේ
අලවාගෙනයි කවි කොලයක්                       අධෝ මුවේ


2015-02-14

ලොරි ඩැයිවර්ලාගේ කවිය 18+

කාලය මැරිය යුතු වූ විට වැඩ                  අතර
පුරුද්දක් වුනේ කීමයි                       කතන්දර
හතළිස් වසරකට වැඩි කාලෙකට            පෙර
සිදුවීමකි පෑවෙ මිතුරකු                   කටහැකර

ඇත්තම සිද්ධියක්මයි මේ                කියන්නේ
බොරු නම් දමාලයි මමනම්              ලියන්නේ
කිසිවකු හට එයින් අපහසු             නොවන්නේ
විනෝදයයි කොයි කවුරුත්           සොයන්නේ

ඩග්ලස් පෙරේරා ලොරි රියැදුරෙක්          විය
ඒ කාලයේ ඔහු හොඳ           තරුණයෙක්මය
ගෙදරම තබා තරුණිය බැඳලා               හිටිය
නගරයෙ නැවතිලා ඉන්නට                සිදු වීය

සතියට වතාවක් ගෙදරට                 දුවන්නේ
බිරිඳගෙ දුකයි සැපයයි ගැන           බලන්නේ
නැති බැරි නිසයි රස්සාවක්             කරන්නේ
සැතපුම් සීයක්ලු ගෙදරට              තියෙන්නේ

ගමනාගමන පහසුව                    සළසාගන්න
ලංගම බස් තමයි කාටත්                  පිහිට වුන
සති අන්තයේ ගම් රටවල්             වෙතට යන
සෙනගත් එක්ක මතකද අපි ගිය            ගමන

ඩග්ලස් වැඩ කළේ මණ්ඩලයකලු             එක
විස්සක් තිහක් තිබුනලු ලොරි           ෆ්ලීට් එක
දුවමින් රට පුරා බඩු ටික                බෙදන එක
දසුනක් වීය කාටත් හුරු                   පුරුදු දැක

සතියට නියම වූ ට්‍රිප් ටික                ඉවර කොට
එක් සති අන්තයක නැගලා             ලොරියකට
ඩග්ලස් පිටත් වුනි යන්නට                 ගම රටට
වෙන මොනවා කරන්නද බස්           නැතිකමට

ලොරිය පදවන්නෙ ඔහුගේ             මිතුරෙක්ලු
බඩු ගෙනියන්නෙ ගෙදරට යන         පාරෙන්ලු
ක්ලීනර් සමග තිදෙනෙක් සහ          ගමන් මලු
යන්නේ කැබින් එක තුළ             පුරවාගෙනලු

පාර දිගේ හැම බස් නැවතුම්                   පලක
හිටියා පිරිස් නැවතී නොබලා                  අහක
පොල් පැටවූ ලෙස පිරි එක බස්              එකක
හිටියලු ළමිස්සයෙකුත් එල්ලී             කොනක

ඊ ළඟ නැවතුමේ බස් එක                    නවතද්දී
ඉස්සර කළ නොහැක මහ මග නැත           ඉඩදී
බස් එක පිටි පස්සෙ නවතාගෙන                ඉද්දී
දුටුවේ කෙල්ල හිටියේ වැටෙනා                 පරිදී

රියැදුරු තැනගෙ හිත මේකට              උණු වීලා
ගෑනු ළමයාට ලොරියට                     කතා කළා
ගමනේ බරපතල කම ගැන                   වැටහීලා
කෙල්ලත් ආව ලොරියේ යන්නට            නැගලා

නැග්ගත් ලොරිය ඇතුළට එහි ඉඩ        නොමැත
පිටුපස කොටස බඩු ටික පුරවලා                 ඇත
සිරිත් විරිත් සළකා එහි පලක්                     නැත
මොන හෝ ක්‍රමයකට දැන් යා යුතුව            ඇත

ඇඳුම් බෑග් ටික ක්ලීනර් අතට                      කර
තරුණිය ඩග්ලස්ගෙ උකුලට වුනා               බර
වලවල් වල වැටි වැටි යන අතර                    තුර
කවුරුත් දන්නෙ නෑ ඩග්ලස් උනා             කොර

රෑ බෝ වන්න පෙර නගරය වෙත                ආවා
රෝහල ළඟදි ළමයා සිය අත                      පෑවා
“යන්තන් හතට පෙර ඔබ මා ගෙන             ආවා
ඩියුටිය බාර ගන්නට මට හැකි                වෙනවා“

“නර්ස් කෙනෙක් ඇය දැන් දුවගෙන       යන්නේ
හොඳ පිං කමක් අපි අදනම්               කරගන්නේ“
කියමින් රියැදුරා යළි රිය                    පදවන්නේ
ඩග්ලස් තාම නිහඬයි ඇයි               නොමදන්නේ

විලියොන් අයියෙ මා ඊ ළඟ හෝල්ට්        එකෙන්
දාලා යන්න මං ආපහු යනවා                         දැන්
මේ එළවළු මල්ල ඔහොමම අරන්               ගිහින්
මගේ ගෑණි අතටම දීලා                            පලයන්

මොන හත්තිලව්වක්දෑ උඹ                   කියන්නේ
සතියක් ගිහින් ඇයි අද උඹ               නොයන්නේ
මෙච්චර දුරක් ආවා තව                   පොඩ්ඩයිනේ
ඩිංගක් ඉවසපන් ඇයි උඹ                 වෙවුලන්නේ

විලියොන් මට වුනේ මහ ලොකු             අවුලක්ය
ගෙදර ගියොත් ගෑනිට මං                        ඕනැමය
ඒ වුනාට අර තරුණිය                         බැහැල ගිය
හිටියේ මගෙ උකුලෙ පැද්දෙද්දී                ලොරිය

සතියක ලෝඩ් එක පුරවාගෙන                   ආවේ
නොදැනිම තමයි මේ දේ නම් සිදු                  වූවේ
ගෙදර ගියොත් ලොකු පැටලිල්ලක්             සිදුවේ
ආපහු යෑම ඇති විසඳුම බව                       සිහි වේ