2015-02-25

හොඳම මැතිවරණ ක්‍රමය (තනිකරම 18න් ඉහළ)

හොඳම මැතිවරණ ක්‍රමය මොකක්ද?

මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල මැතිවරණය කියන්නෙ මොකක්ද කියල අපි තේරුම් ගන්න එපායැ.

මැතිවරණයක් තියෙන්නෙ ආණ්ඩුවක් තෝරගන්නද?

නෑ. ඒකට නෙමෙයි. එතන තමයි වැරදිච්ච තැන.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත අනුව අඩු දෙනා දුක් විඳීම කියල තමයි අපේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ. එහෙම නේද? ඔන්න අහවල් පක්ෂය දිනනව. අනිත් පක්ෂෙ පරාදයි. මේකනෙ අපේ හිතේ ඇඳිල තියෙන්නෙ.

දැන් බලන්න, ඡන්ද ලක්ෂ පනස් අටකට වඩා දිනාගත්තු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදයි. ඇයි පරාද? දිනන්න බැරි වෙච්ච හින්ද. ඇයි දිනන්න බැරි වුනේ? වෙන කෙනෙක් ලක්ෂ හැට දෙකක් ඡන්ද දිනාගත්තු හින්ද. හැට දෙක පනස් අටට වඩා වැඩි හින්ද.

විධායක ජනාධිපති ක්‍රමයකුත් එක්කල අපට උරුම වෙච්ච කාලකණ්ණි මතවාදය තමයි ඒක.

රටේ මිනිස්සු වැඩි දෙනෙක් තෝර ගන්න නායකය රට පාලනය කරන්න පත් කර ගන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ“ කියලයි අපි හිතන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඊට වඩා බොහොම ගැඹුරු සංකල්පයක්. දැන් මේ දවස්වල කතාබහට ලක් වෙලා තියන “ලංකාවට සුදුසු මැතිවරණ ක්‍රමය“ ගැන අපි උනන්දුවෙන් බැලිය යුත්තෙ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගැනත් අවධානය යොමු කරමින්මයි.

රටක් පාලනය කළ යුතු වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියන එක ගැන මිනිස්සු කාලයක ඉඳල හිතල මතල විවිධ සංකල්ප ඉදිරිපත් කරල තියනවනෙ. ඉස්සර කාලෙ නම් රාජකීය හස්තියා රට පුරා ඇවිදල ගිහින් කාට හරි දණ නමනවා. එන්න එයා තමයි රජ්ජුරුවො. දැන් එහෙම නෙමෙයි.

මොනව? දැන් එහෙම නෙමෙයි?

ඇත්තටම, දැන් එහෙම නෙමෙයිද? දැනුත් එහෙමයි. දැන් රාජකීය හස්තියො කීප දෙනෙක් ඉන්නව. උන් ටික ගණන් බලල වැඩිපුර කිතුල් ගස් ගිලින්න පුළුවන් වෙන්නෙ මොකා රජ වුනොත්ද කියන එක තීරණය කරගෙන ඉවර වෙලා (තීරණය කරල හිටං) ඒ පුද්ගලය ඉස්සරහ දණ ගහනව. ඊට පස්සෙ එයා වෙනුවෙන් පෝස්ටර් ගහනව. පෝස්ටර් ගහන එවුන්ට කසිප්පු අරන් දෙනව. රැස්වීම් වලට සෙනග අදින්න බස් අරගෙන දෙනව. සරසන්න පොලිතීන් අරගෙන දෙනව. ඔන්න ඔහොම ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ. ඉතින් ඇත්තු දණ ගහපු මනුස්සයට අපිත් දණ ගහන්න පටන් ගන්නව.

ඔය ක්‍රමයට පොඩ්ඩක් හරි වෙනස් විදිහකට කවුරුහරි ජනාධිපති වුනොත් ඊට පහුවෙනිද ඉඳල කෝ අහවල් එක කළාද?, දැන් ඔක්කොම හරිද?, මේකටද ආවෙ? ප්‍රශ්න කෝටියයි.

ඉස්සර වෙලාම ග්‍රීසියෙ මිනිස්සු එක් රැස් වෙලා රට පාලනය කරන එක ගැන සාකච්ඡා කරල තීන්දු තීරණ අරගත්තලු. පස්සෙ කාලෙ ජනගහණය වැඩි වීමත් එක්කල මිනිස්සු ඔක්කොම දෙනාට රැස්වෙලා කතා කරන එය ප්‍රායෝගික නොවන තත්වයක් ආවට පස්සෙ නියෝජිතයො පත් කරල යවන්න පුරුදු වුනාලු. ඒ නියෝජිතයො තෝරගෙන තියෙන්නෙ වැඩි දෙනාගෙ කැමැත්ත අනුවලු.

මෙහෙම වැඩි දෙනෙකුගෙ කැමැත්ත අනුව තීන්දු තීරණ ගන්න එක නිවැරදියිද?

ඒක සමාජයට හිතකරයිද?

ඒ ඇරෙන්න වෙන ප්‍රායෝගික වූ ක්‍රමයක් නැති නිසා, ඒ කියාපු වැඩි දෙනාගෙ කැමැත්ත අනුව තීරණ ක්‍රියාත්මක කරන ක්‍රමය භාවිතා කරනවද?

මිනිස්සු දියුණු වුනාම තමන්ගෙ සමාජයෙ පැවැත්ම ගැන ගැඹුරින් හිතනව. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු වුනත් තමන්ගෙ සමාජයේ පැවැත්ම ගැන තමයි හිතන්නෙ. ඒක ස්වභාව ධර්මයෙන් සත්වයාට ලැබිල තියන දෙයක්. හැබැයි මිනිස්සු පෞද්ගලිකත්වය ගැන අඩුවෙන් හිතල සමාජය ගැන වැඩියෙන් හිතනව. දියුණු මිනිස්සු එහෙමයි. නොදියුණු මිනිස්සුනම් තවමත් සත්තු වගේ හිතනව. මෙතනදි මං දියුණුව කියල කියන්නෙ ශිෂ්ටාචාරගත වීම (සිවිලයිසේෂන්) පැත්තෙන්.

ඉතින් ඒ නිසා තමයි, මේ ශීලාචාර වූ සමාජයේ පැවැත්ම ගැන හිතන නිසා තමයි, සමහර අය ආණ්ඩු ක්‍රම ගැන, යහපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතියේ ආධිපත්‍යය ගැන, මැතිවරණ ගැන කතා කරන්නෙ.

දැන් අපි මැතිවරණ ගැන කතා කරන්න පටන් අරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරල හරියනවද? නෑනෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොඩ්ඩක් කතා කළේ, මැතිවරණ කියන ජාතිය අපට ලැබෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් හැටියට නිසායි.

මැතිවරණයක් පවත්වන්නෙ ඇයි? උත්තරය සරළයි. මැතිවරණයක් පවත්වන්නෙ මැතිවරු, ඒ කියන්නෙ මහජන නියෝජිතයො තෝරා පත් කර ගන්න. මේ තෝරා පත් කරගන්නේ පාලකයො නෙමෙයි. නියෝජිතයො.

එතකොට, මෙහෙම පත් කරගන්න නියෝජිතයො
“වැඩි දෙනාගෙ කැමැත්තෙන් පත් කරගන්න එක
හරිද වැරදිද?
ඒක හරි නම් “හරියි“ කියන්න හේතු මොනවද?
වැරදි නම් “වැරදියි“ කියන්න හේතු මොනවද?

මේ පත් කරගන්නෙ පාලකයෙක් නොවන නිසා, නියෝජිතයෙක් පමණක් නිසා, වැඩි දෙනාගෙ කැමැත්ත උඩ පාලකයා පත් කරගන්නව වගේ හානියක් මේ පත් කර ගැනීමෙදි සිද්ද වෙන්නෙ නෑ.

මේ කතාව තේරුම් ගන්න පහසු වීම සඳහා
මං පොඩි උදාහරණයක් ගන්නම්. මේක මෝඩ උදාහරණයක්. ඒත් පහසුව සඳහා අපි ඒක කතා කරමු.

ඔන්න එකෝමත් එක රටක ප්‍රධාන ආහාරය ධාන්‍ය වර්ගයක්. ඒ ධාන්‍ය වර්ගයේ ප්‍රභේද දෙකක් තියනව. රතු පාට සහ සුදු පාට. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් සීයට හැටක් කැමැතියි රතු පාට ධාන්‍ය වලට. අනිත් අය කැමති සුදු පාට ධාන්‍ය වලට.  කරුමෙ කියන්නෙ, මේ රතු පාට ධාන්‍ය වර්ගය නිසා සුදු පාට වර්ගයේ බෝවීම අඩු වෙනව. ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි.

ඉතින් ඔන්න වැඩි දෙනාගෙ කැමැත්ත අනුව, ඒ කියන්නෙ සීයට හැටකගෙ කැමැත්තෙන් රතු පාට ධාන්‍ය කන්න කැමති එකෙක්ව විධායක ජනාධිපති හැටියට පත් කරනව. මේ පොරගෙ පවුලෙ අයත්, යාළුවොත්, හොර ගෑනුත්, මේ ඔක්කොම කැමති රතු හාල් වලට. ඔහොම යන අතරතුර තදබල නියඟයක් නිසා ධාන්‍ය අස්වැන්න අඩු වෙනව. තත්වය ක්‍රිටිකල් වෙනකොට වතුර සැපයීම ඇතුළු සියළු දේවල් පාලනය කරන්න ඕනැනෙ. දැන් වැඩි දෙනාගෙ කැමැත්ත රතු හාල් නිසා ඒවට වැඩි පුර වතුර දෙනව. සුදු හාල් කන එවුන්ට බඩ ගින්නෙ ඉන්න වෙනව. වේලක් ඇර වේලක් කන්න සිද්ද වෙනව. රතුහාල් වලට පුරුදු වෙන්න වෙනව.

දැන් මේක සාධාරණයිද? මට, මං උපන් බිමේ හැදෙන දෙයක් කන්න තියන අයිතිය, පාලකයා විසින් නැති කිරීම, සාධාරණද නැද්ද? සාධාරණ නෑ. නමුත්, වැඩි දෙනාගෙ කැමැත්ත.

ඒ වුනත්, නියෝජිතයෙක් පත් කරගත්තහම එහෙම නෑ. එකම දේ, අපි විශ්වාස කරනව අපේ නියෝජිතයා අපි වෙනුවෙන් හඬ නගනවයි කියල. ඒක අවිස්වාස නම් අපිට ගිහිල්ල පාර්ලිමේන්තු ගැලරියට වෙලා අහගන ඉන්නත් පුළුවනි.

මෙතනදි, වැඩි දෙනාගෙ කැමැත්තට ඉඩ දීමෙන් බරපතල හානියක් වෙන්න විදිහක් නෑ. මේ පත් කරගන්න එකාට මෙලෝ බලයක් නෑ. එකම දේ තමයි, මහජන නියෝජිතයෙක්ය කියල පොඩි නම්බුවක්, සමාජ පිළිගැනීමක් තියනව.

ඉතින් මෙහෙම පත් වෙන නියෝජිතයො එකතු වෙලා පාර්ලිමේන්තුවට යනවනෙ. එතන කණ්ඩායම් දෙකක් හැදෙනව. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. මොකටද, විවාද කරන්න. ඇයි විවාද කරන්නෙ. යහපත් දේ, නිවැරදි දේ එළියට ගන්න. ප්‍රතිපලය යහපත් කරගන්න. සමාජ හිතවාදී කරගන්න.

මෙතනදි මහජන අභිලාෂය, විද්වත් අදහස්, විදේශීය බලපෑම්, මේ සියල්ලම සළකා බැලෙනව.

-මතු සම්බන්ධයි-

2015-02-24

ජාතියට අනතුරක් - රජයේ අවධානය පිණිසයි

කිසිවකුගේ ප්‍රමාණාත්මක අවධානයකට යොමු නොවුනු බරපතල කාරණයක් ගැන හදිසියේ මෙසේ ලියන්නට තීරණය කළෙමි. ඒ අන් කිසිවක් නොව, සමස්ත ජාතියම අවසානය කරා යොමු කරවන, අවම වශයෙන් රෝගී ජනතාවක් බවට පත් කරන උග්‍ර විෂ රසායනිකයක් වායු ගෝලයට එක් වීම ගැනයි.

මේ සම්බන්ධයෙන් අපගේ අතිශය මානව හිතවාදී උගත් නැණවත් චම්පික රණවක මැතිතුමා පාරිසරික ඇමති වශයෙන් කටයුතු කරන කාලයේදීවත් අවශ්‍ය පමණින් අවධානයට ලක් වූයේ නැති බව කණගාටුවෙන් දන්වමි. ඒතුමාට දොස් කීවත් මේතුමාටත් ඒ කාලයේ මේක මතක් වුනේ නැත. කොහෙත්ම සමාව දීමට නොහැකි මේ වරද නිවැරදි කිරීමට දවස් කීපයක් තිස්සේ හිතාගෙන සිටියත් අමතක වී ගිය අතර මේ දැන් එය මතක් වුනේ හදිසියේය. ඒ නිසා එසැණින් ලියාදමන්නට තීරණය කළෙමි. (බ්ලොග් සඟරාවේ ෂෙඩියුල් කළ ලිපිය හෙට උදේ හයට පළ වනු ඇත.)

අපගේ වායු ගෝලයට එක්තරා විෂ වායුවක් දිනපතා එකතු වේ.
මේ විෂ වායුව දරුණු පිළිකා කාරකයකි.
සුපර් මාකට් වල විකුණන්නට තිබෙන ජංගි වල හම්බයෝ ගානවායැයි කියන වස වලින් සිදු වනවායැයි කියන්නේ ගබ්සා වීමයි.
ඒත් මේ කියන වායුව නිසා උපන් නූපන් සියළු දෙනාත් තිරිසන් සතුන් ඇතුළු සකළ ජීවින් සියල්ලත් අතිශය වේදනාත්මක වූ මරණයක දොරටුව කරා යොමු කරනු ලැබේ.

මේ විෂ වායුවේ නම ඩයොක්සින් ය. මෙතෙක් සොයාගත් දරුණුම කෘතිම පිළිකාකාරකය ඩයොක්සින් ය.

Dioxin is a known human carcinogen and the most potent synthetic carcinogen ever tested in laboratory animals. A characterization by the National Institute of Standards and Technology of cancer causing potential evaluated dioxin as over 10,000 times more potent than the next highest chemical (diethanol amine), half a million times more than arsenic and a million or more times greater than all others.

මේ උග්‍ර පිළිකාකාරක වායුව පරිසරයට එක් වන්නේ කෙසේද?

ඔබේ අසල්වැසිියා විසින් කරන ක්‍රියාවක් නිසා ය. ඔබ ඔවැනි නරක වැඩ නොකරන බව මම දනිමි.

ඔබේ අසල්වැසියා ප්ලාස්ටික භාජන, පොලිතීන්, ෂොපිං බෑග්, හිස් වතුර බෝතල් පුළුස්සා දමනවා නේද? මෙසේ පුළුස්සන විටදී ඩයොක්සීන් පරිසරයට නිදහස් වේ.

එය වළක්වාගැනීමට හැකි වන්නේ උසස් ප්‍රමිතියෙන් යුතුව නිෂ්පාදනය කරන ලද ඉන්සිනිරේටරයක් භාවිතා කර ප්ලාස්ටික වර්ග පිළිස්සීමෙන් පමණකි. එසේ කළ නොහැකි නම් කරුණාකර ප්ලාස්ටික් ප්‍රතිචක්‍රිකරණ ආයතනයකට භාර දෙන්න. නැතිනම් පරිසරයට හානියක් නොවන ආකාරයට වෙන ඕනැම දෙයක් කරන්න. ගොඩනැගිලි අත්තිවාරම් පිරවීමට, මල් වාස් සෑදීමට, පාරවල් පිරවීමට ආදී විවිධ වැඩ මේවායින් ගත හැකිය.

අවසාන වශයෙන් යහ පාලන ආණ්ඩුවට මෙසේ කියන්නට සිදු වේ.

ප්ලාස්ටික් වර්ග පිළිස්සීම තහනම් කරනු. මෙම තහනම වහාම නීතිගත කරනු.


2015-02-23

යෙහෙළියො දෙන්නා (18+ කවි)

එකමත් එක නගරෙක තරමක්                               පරන
හිටියලු ගැහැණු දෙදෙනෙක් හිත මිතුරු                    වුන
පොඩි කාලයේ සිට ඇති යාලුකම                          ගැන
ඔවුනගෙ මහත්තුරු හිටියාලු                           දැනගෙන

ගෙවල් දෙක තිබු‍නෙ එක පාරක                          හින්දා
යාලු කම දිගට ගෙනියන්නට                               සැමදා
පුළුවන් වුනා නොමැතිව කිසිවක්                            බාදා
සතියට වතාවක් හමු වෙනවා                                 ඉරිදා

ලෝකේ වෙනස් වී ගෙන එයි                            හැමදාම
මිතුරියන්ට දැන් පුරුදුලු ක්ලබ්                            එහෙම
දවසක් හවස ඒ සුපුරුදු                                   විලසින්ම
පාටියකට ගියා දෙන්නා                            තනියෙන්

වයින් සහ බියර් නැත අඩුවක්                                වූයේ
බෝතල් ගණනක්ම එතැනදි                            හිස් වූයේ
සාදය නිමා වෙද්දී රෑ                                      බෝ වූයේ
ලයිට් කණු නිසා නැත අඩුවක්                             එලියේ

එතරම් දුරක් නෑ ගෙදරට                                  යාගන්න
ඕනෑ නැහැනෙ හස්බන්ඩ්ලා                         ගෙන්වන්න
අපි දෙන්නා ඇවිදිමු මත                            බැසයන්න
කියලා පිටත් වුනාලු උන්                               එක හිතින

තරමක දුරක් එන විට පාරේ                              දෙන්නා
හැදුනේ චූ බරකි ඉහ මොළ රත්                        වෙන්නා
එතනම ටිකක් කළුවර ඉඩමක්                             තිබුනා
වට පිට බලා එතුළට පියවර                               මැන්නා

දැන්නම් කිසිත් බය වෙන්නට නැත                        හේතු
නොදකියි කිසි කෙනෙක් අප මෙහි කරන                 තතු
තෙත් කළ යුතුයි වියළී ඇති පාළු                             වතු
එනමුදු වුනේ අවුලකි දෙන්නා                           නොසිතු

ඉඳගත්තේ උස තණකොල                          ගොල්ලේය
ස්ප්‍රේ කළේ වැඩි දුර දිග                                නොසිතාය
නැගිටින විටදි මුළු පස්සම                              තෙමිලාය
පිහදාගන්න කිසිවක් අහළක                               නැතිය

මම ආවේ ඇඳන්        පරණම                    යටඇඳුමක්
පිහදා වීසි කළ හැක එහි නැත                           ගේමක්
එකියක් කී නමුත් අනෙකා මසුරු                   කෙනෙක්
වට පිට බලද්දී දැක්කේ                               මල්වඩමක්

මටනම් නොහැක පැන්ටිය විසි                    කරන්නට
මේ කඩදාසි මල් ඇති                                  පිහදාගන්ට
සුදුසු නුවණ මේවාගේ                                  තැන් වලට
තිබුනා ගොඩ යන්න අවුලෙන්                       දෙන්නාට

මහ රෑ ගෙවල් දෙක                           නොමවරදවාගෙන
ඇවිදින් වැඩි හඬක්                           නොමපතුරවාගෙන
නින්දට පෙර සිරිත් ටික                            කල් දමාගෙන
වැටු‍නේ ඇඳන් උඩ ඇඳි                           වත් තියාගෙන

පසුදා පාන්දර එක හස්බන්ඩ්                           කෙනෙක්
අනිත් හස්බන්ඩ්ට දෙනවලු                        කෝල් එකක්
මේ දෙන්නා කරන සෙල්ලම                    හරිම ලෙඩක්
අපේ උන්දැ ඇඳලත් නෑ                              පෑන්ටියක්

උඹ මේ කියන්නේ මහ ලොකු                දෙයක් නොවේ
මුන් දෙන්නාට සිහි තිබිලා                   නොමැත ලොවේ
ඊයේ රෑ මගේ ගෑනි                                    මෙහෙ ආවේ
අලවාගෙනයි කවි කොලයක්                       අධෝ මුවේ


2015-02-18

සිංහලේ

බලංගොඩ සාරික විචාරනී ලියන සිතුන නිසා බ්ලොගයේ තිබුනු “ලියන බසේ පෙරළිය“ කියෙව්වට පස්සෙ කාලෙක ඉඳන් වගේ හිතේ සටහන් වෙලා තිබුනු දේවල් කීපයකුත් නැවත ඔළුවට ආව නිසා මට මේ ටික ලියන්න හිතුනෙ. සිංහලේ නැත්නම් සිංහල භාෂාව ගැන හිටපු ගමන් අපේ බ්ලොග් වලත් පත්තර වලත් එක එක ලිපි පළවෙනව. සමහර අයගෙ මතය තමයි “කතා කරන බාසාවෙන්ම ලිව්වනං ඉවරයිනෙ“ කියන එක. “ව්‍යාකරණ ඕනැත් නෑ “නණ-ලළ“ කතාවක් ඕනැත් නෑ. කියවනකොට තේරුම් ගන්න පුළුවන්නම් එච්චරයිනෙ“ කියල කියන එක.

මේ කතාව ඇත්තක්ද? ව්‍යාකරණ කියන්නෙ බොරුවට, එහෙම නැත්නම් තමන් දැනුමැත්තෙක් - පඬියෙක් කියල පෙන්නන්න හදාගත්ත දෙයක්ද?

මෙතනදි ඔක්කොටම ඉස්සෙල්ල කාරණා කීපයක් ගැන මං සඳහන් කරන්නම්.

එක කාරණාවක් මෙහෙමයි. ලෝකෙ හැම දියුණු භාෂාවකම ව්‍යාකරණ රීති තියනව. මං මෙතනදි දියුණු භාෂා කියල කිව්වෙ වැදි භාෂාව හෝ ඒ වගේ ගෝත්‍රික භාෂා දියුණු භාෂා නොවේය කියන පදනම උඩ. ඒ වගේ සමහර භාෂාවන් පාවිච්චි කරන්නෙ එදිනෙදා කතාබහට විතරක්මයි. සාහිත්‍යයක් ගොඩනැගිල නැහැ. පොත් පත් ලියවිලා නැහැ.

අනිත් කාරණාව දැන් කියන්නම්. ඒ තමයි, නණ- ලළ සහ අක්ෂර වින්‍යාස පිළිබඳ ගැටළුව. මේක කොයි භාෂාවෙද නැත්තෙ. කට හම යනකන් “ඉස්පෙලිං“ පාඩම් කරන අපි සිංහල පාවිච්චි කරද්දි නණ-ලළ  බේදයක් ඕනැ නෑ කියනව. කවුරුවත් කියන්නෙ නෑ ‘එස් අකුරයි සී අකුරයි දෙකක් නැතුව ස් කියන සද්දෙ එන්න එක අකුරක් දාගත්තනං හරි නේද‘ කියල. අක්ෂර වින්‍යාසය ගැන සළකද්දි ඔය ඉංගිරිසි වගේ යුරෝපීය භාෂා බොහොම බරපතළයි. වචනයක් ලියන්නෙ කොහොමද කියල ඉගෙනගන්නම වෙනව. අපේ භාෂාවල නම් හැම අකුරක්ම නිශ්චිත ශබ්දයකට සම්බන්ධයි. මාලුවා කියන වචනය සිංහල අකුරු දන්න ඕනැම කෙනෙක් ශබ්ද නගන්නෙ එකම විදිහකට. ඒ වුනාට ඉංග්‍රිසි වචන එහෙම නෑ. උදාහරණයක් බලන්න. සමහර අය ඩිමෙන්ෂන් කියන එකට තවත් සමහර අය කියන්නෙ ඩයිමෙන්ෂන් කියල.

දැන් කවුරුහරි අහන්න පුළුවන් “එහෙනම් න කියන එකටයි ණ කියන එකටයි දෙකටම තියෙන්නෙ එකම ශබ්දය නේද?“ කියල. අන්න එතන තමයි ගොඩක් අයට වැරදිලා තියන තැන. ඒ අකුරු දෙකට සම්බන්ධ වෙලා තියන ශබ්ද දෙකේ තියන කුඩා වෙනස නොසළකා හැරල, දැන් කියනව ඒ දෙකම එකයි නේද කියල. ඒක අපි ගත්තොත් රතුළූනු වලයි බොම්බයි ළූනු වලයි තියෙන්නෙ එකම රහ නිසා ඒ දෙකම එකයි කියල කියනව වගේ වැඩක්. ඒත් සූපවේදිනියෝ සහ සූපවේදියෝ දන්නව රතුළූනු වෙනුවට හැම වෙලාවෙම බොම්බයි ළූනු දාන්න බැරි වෙන බව. ඒ දෙකේ රසයන් අතර සුළු වෙනස්කමක් තියනව.

මේ සුළු නොසළකාහැරීම කරන්නෙ අපි සිංහලයො විතරක්ද මන්ද. දැන් බලන්න දෙමළ භාෂාවෙන් උදාහරණයක්. வண்டலூர் වණ්ඩලූර් - මූර්ධජ ‘ණ‘ යන්න. ඕකට දන්තජ න ලියන්නෙ නෑ කවදාවත්. අපි එහෙම නෑ. කන්නාඩිය කියනව කණ්ණාඩිය කියනව පතුල කියනව පතුළ කියනව ඔලුව කියනව ඔළුව කියනව කිසිම ප්‍රතිපත්තියක් නෑ. දෙමළ විතරක් නෙවෙයි තව පෙරදිග භාෂා ගණනාවකම මේ නණ-ලළ අකුරු ඒ විදිහට වෙන් වෙන් ව පාවිච්චි කරනව. දෙමළ හෝඩියේ න වගේ අකුරු තුනක්ම තියනව.

ඔය නණ-ලළ කතාව විතරක් නෙවෙයි අපි කරන වැරැද්ද.  බොහොම අමාරුවෙන් සම්ප්‍රධාය වගේ වචන වලට අනවශ්‍ය මහාප්‍රාණ දාල කතා කරන්නෙ. හාමුදුරුවරු කී දෙනෙක් නමක් ගාථා වරද්දනවද? පන්සිල් දෙන්නෙ “බුද්දං සරණං ගච්චාමී“ කියල. ඒ වුනාට “සබ්භං“ කියල අනවශ්‍ය තැන්වලට මහාප්‍රාණ යොදනව. අන්තිමට “සබ්බේ ලබං“ තමයි ඉතින්.

ඊ ළඟට බලන්න ව්‍යාකරණ. මේකනම් ඕනැම නෑ කියලනෙ සමහර අයගෙ තර්කය. ව්‍යාකරණ කියන්නෙ සම්මතයක්. සම්මතයක් අවශ්‍ය තැන් වලදි සම්මතයක් නැතුව කරන එක අවුලකට මුලක්. අහල තියනවද අම්බලමෙ කතාව. ඔන්න මිනිස්සු දෙන්නෙක් ගමනක් යද්දි රෑ වුනාලු. ඉතින් දෙන්න එක්ක අම්බලමක නිදාගත්තලු. රෑ එක්කෙනෙකුට අවශ්‍ය වුනා එළි පහලියට යන්න. පොඩි චූ බරක් කියල හිතමුකො. ඉතින් මෑන් නැගිටල කරුවලේම එළියට යනකොට අනිත් එකාගෙ ඔලුවෙ හැපුනලු කකුල. ඉතින් සොරි කියල ගියයි කියමුකො. දැන් නිදාගෙන හිටපු මෑන් කල්පනා කරාලු අර යකා ආපහු එද්දිත් මගෙ ඔලුවට පයින් ගහයි කියල මිනිහ ඔලුව අනිත් පැත්තට දාල නිදාගත්තලු. දැන් අර චූ කරන්න ගිය එකා ආපහු එද්දි කල්පනා කරාලු මං ආපහු යද්දිත් අර අහිංසකයගෙ ඔලුවෙ කකුල හැපෙයි කියල. ඉතින් මෑන් අනිත් පැත්තෙන් ගියාලු. අන්තිමට උනේ ආපහු යනකොටත් කකුල ඔලුවෙම හැපෙන එක.

ඉතින් ඒක නිසා තමයි මිනිස්සු සම්මතයන් ඇති කරගන තියෙන්නෙ. ව්‍යාකරණ කියන්නෙත් ඒ වගේම දෙයක්. ව්‍යාකරණ නැතුව ලියපුවහම වෙන්නෙ ඒක කියවන එක්කෙනා තමන්ට කැමති විදිහකට තේරුම් ගැනීම. දැන් මේ කතා කරද්දිනම් අපි මූණට මූණ පේන නිසා කියන අදහස මූණෙ ඉරියව් වලින්, හඬ අඩු වැඩි කරන එකෙන් තේරුම් ගන්න පුළුවන්. තේරුණේ නැතිනම් අහන්න හරි පුළුවන්. ඒත් ලියුමක් ලියද්දි තත්වෙ වෙනස්. කියවන කෙනා දුරස්ථයි. එයා ඉන්නෙ යම පූර්ව නිගමනයක වෙන්න පුළුවනි. කියවනකොට ඒ කියවන දේ තේරුම් යන්නෙ අර පූර්ව නිගමනයට අනුවයි.

එතකොට බලන්නකො මේ වාක්‍යය තේරුම් ගන්න පුළුවන්ද කියල. ඒත් බෙදන ක්‍රමයේ හානියෙන් හැමදාම දුක් විඳින්නේ වාමාංශිකයන් විසින් උදව් කරන්නට දන්නවා කියූ ජනතාව විසින්මයි. අපි බ්ලොග් ලියනකොට ව්‍යාකරණ ගැන සළකන්නෙ නෑ. කතා කරන බාසාවනෙ පාවිච්චි කරන්නෙ. ඒකට ප්‍රශ්නයක් නැත්තෙ කමෙන්ට් කරන්න පුළුවන්කම තියන නිසා. ඒ වුනත්, සමහර වෙලාවට අපට කියන්න ඕනැ දේ කියවෙනවද කියන ප්‍රශ්නය මතුවෙනව.

විශේෂයෙන් නීතිමය ලියවිලි වලදි ව්‍යාකරණ යෙදීම ඉතාම වැදගත් වෙන්නෙ මේ නිසයි.

ඊ ළඟට මට කියන්න ඕනැ කරන කාරණාවක් වුනේ සිංහල සහ ඉංගිරිසි අතර සමහර අය කරන සන්සන්දනයන් ගැන. මේ ගැනත් වෙන වෙලාවක කතා කරමු.

2015-02-14

ලොරි ඩැයිවර්ලාගේ කවිය 18+

කාලය මැරිය යුතු වූ විට වැඩ                  අතර
පුරුද්දක් වුනේ කීමයි                       කතන්දර
හතළිස් වසරකට වැඩි කාලෙකට            පෙර
සිදුවීමකි පෑවෙ මිතුරකු                   කටහැකර

ඇත්තම සිද්ධියක්මයි මේ                කියන්නේ
බොරු නම් දමාලයි මමනම්              ලියන්නේ
කිසිවකු හට එයින් අපහසු             නොවන්නේ
විනෝදයයි කොයි කවුරුත්           සොයන්නේ

ඩග්ලස් පෙරේරා ලොරි රියැදුරෙක්          විය
ඒ කාලයේ ඔහු හොඳ           තරුණයෙක්මය
ගෙදරම තබා තරුණිය බැඳලා               හිටිය
නගරයෙ නැවතිලා ඉන්නට                සිදු වීය

සතියට වතාවක් ගෙදරට                 දුවන්නේ
බිරිඳගෙ දුකයි සැපයයි ගැන           බලන්නේ
නැති බැරි නිසයි රස්සාවක්             කරන්නේ
සැතපුම් සීයක්ලු ගෙදරට              තියෙන්නේ

ගමනාගමන පහසුව                    සළසාගන්න
ලංගම බස් තමයි කාටත්                  පිහිට වුන
සති අන්තයේ ගම් රටවල්             වෙතට යන
සෙනගත් එක්ක මතකද අපි ගිය            ගමන

ඩග්ලස් වැඩ කළේ මණ්ඩලයකලු             එක
විස්සක් තිහක් තිබුනලු ලොරි           ෆ්ලීට් එක
දුවමින් රට පුරා බඩු ටික                බෙදන එක
දසුනක් වීය කාටත් හුරු                   පුරුදු දැක

සතියට නියම වූ ට්‍රිප් ටික                ඉවර කොට
එක් සති අන්තයක නැගලා             ලොරියකට
ඩග්ලස් පිටත් වුනි යන්නට                 ගම රටට
වෙන මොනවා කරන්නද බස්           නැතිකමට

ලොරිය පදවන්නෙ ඔහුගේ             මිතුරෙක්ලු
බඩු ගෙනියන්නෙ ගෙදරට යන         පාරෙන්ලු
ක්ලීනර් සමග තිදෙනෙක් සහ          ගමන් මලු
යන්නේ කැබින් එක තුළ             පුරවාගෙනලු

පාර දිගේ හැම බස් නැවතුම්                   පලක
හිටියා පිරිස් නැවතී නොබලා                  අහක
පොල් පැටවූ ලෙස පිරි එක බස්              එකක
හිටියලු ළමිස්සයෙකුත් එල්ලී             කොනක

ඊ ළඟ නැවතුමේ බස් එක                    නවතද්දී
ඉස්සර කළ නොහැක මහ මග නැත           ඉඩදී
බස් එක පිටි පස්සෙ නවතාගෙන                ඉද්දී
දුටුවේ කෙල්ල හිටියේ වැටෙනා                 පරිදී

රියැදුරු තැනගෙ හිත මේකට              උණු වීලා
ගෑනු ළමයාට ලොරියට                     කතා කළා
ගමනේ බරපතල කම ගැන                   වැටහීලා
කෙල්ලත් ආව ලොරියේ යන්නට            නැගලා

නැග්ගත් ලොරිය ඇතුළට එහි ඉඩ        නොමැත
පිටුපස කොටස බඩු ටික පුරවලා                 ඇත
සිරිත් විරිත් සළකා එහි පලක්                     නැත
මොන හෝ ක්‍රමයකට දැන් යා යුතුව            ඇත

ඇඳුම් බෑග් ටික ක්ලීනර් අතට                      කර
තරුණිය ඩග්ලස්ගෙ උකුලට වුනා               බර
වලවල් වල වැටි වැටි යන අතර                    තුර
කවුරුත් දන්නෙ නෑ ඩග්ලස් උනා             කොර

රෑ බෝ වන්න පෙර නගරය වෙත                ආවා
රෝහල ළඟදි ළමයා සිය අත                      පෑවා
“යන්තන් හතට පෙර ඔබ මා ගෙන             ආවා
ඩියුටිය බාර ගන්නට මට හැකි                වෙනවා“

“නර්ස් කෙනෙක් ඇය දැන් දුවගෙන       යන්නේ
හොඳ පිං කමක් අපි අදනම්               කරගන්නේ“
කියමින් රියැදුරා යළි රිය                    පදවන්නේ
ඩග්ලස් තාම නිහඬයි ඇයි               නොමදන්නේ

විලියොන් අයියෙ මා ඊ ළඟ හෝල්ට්        එකෙන්
දාලා යන්න මං ආපහු යනවා                         දැන්
මේ එළවළු මල්ල ඔහොමම අරන්               ගිහින්
මගේ ගෑණි අතටම දීලා                            පලයන්

මොන හත්තිලව්වක්දෑ උඹ                   කියන්නේ
සතියක් ගිහින් ඇයි අද උඹ               නොයන්නේ
මෙච්චර දුරක් ආවා තව                   පොඩ්ඩයිනේ
ඩිංගක් ඉවසපන් ඇයි උඹ                 වෙවුලන්නේ

විලියොන් මට වුනේ මහ ලොකු             අවුලක්ය
ගෙදර ගියොත් ගෑනිට මං                        ඕනැමය
ඒ වුනාට අර තරුණිය                         බැහැල ගිය
හිටියේ මගෙ උකුලෙ පැද්දෙද්දී                ලොරිය

සතියක ලෝඩ් එක පුරවාගෙන                   ආවේ
නොදැනිම තමයි මේ දේ නම් සිදු                  වූවේ
ගෙදර ගියොත් ලොකු පැටලිල්ලක්             සිදුවේ
ආපහු යෑම ඇති විසඳුම බව                       සිහි වේ









2015-02-13

ඇනොනිමසයන්ගේ ජාත්‍යාලය

ඇතැම් පාසල් ශිෂ්‍යයන් ඉත සිතින් විශ්වාස කරන්නේ ගුරුවරුන් විසින් තමන්ට දඬුවම් කරනු ලබන්නේ තමා සමග ඇති යම් කිසි ද්වේශයක් නිසා බවයි. එසේ ද්වේශ සහගතව සිසු දරුවන්ට දඬුවම් දෙන ලද හුදෙකලා සිද්ධීන් තිබෙන්නට හැකි නමුත් පොදුවේ පාසල් ගුරුවරුන් සිසුනට වේවැල් පහරකින් සංග්‍රහ කරන්නේ යහපත් චේතනාවකිනි. එම දඬුවම් කලාවේ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයන් තිබුනත්, වේවැලෙන් පහර කෑම ඇතැම් අනුමත දඬුවම් වලට වඩා යහපත් බව සිතන්නෝද සිටිති.

සාමාන්‍ය මිනිස් ස්වභාවයක් වන්නේ අන් අයගේ ආශාවන් තමන්ගේ ආශාවන්ට සමාන බව උපකල්පනය කිරීමයි. මේ එවැනි එක් කතාවකි.

එක්තරා තරුණයෙක් ජීවිතය ගැන කළ කිරී සිය දිවි නසාගැනීමට තීරණය කරයි. ඒ සඳහා සුදුසු ක්‍රමය ලෙස ඔහු තීරණය කරන්නේ උස ගොඩනැගිල්ලක ඉහළ මහළින් බිමට පැනීමයි. සිය තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ගොඩනැගිල්ලක ඉහළ මහළෙහි ජනේලයක් අසල සිටගත් තරුණයාට ඈත සිට නටමින් එන පුද්ගලයකු පෙනේ. තව දුරටත් විමසිලිමත් වන ඔහුට පෙනෙන්නේ ඒ පුද්ගලයා අත් දෙකම අහිමි වූ තරුණයකු බවය. සිය අත් දෙකම අහිමිව තිබියදී ඉතාමත් විනෝදයෙන් නටමින් ඇවිදින පුද්ගලයා දැකීමෙන් සිය තීරණය පිළිබඳ දෙවරක් සිතන්නට කල්පනා කරන ආත්ම ඝාතක අපේක්ෂාවෙන් පෙළෙන්නා ගොඩනැගිල්ලෙන් බිමට බැස උක්ත නටමින් ගමන් කරන තරුණයා වෙත ළං වෙයි.
මල්ලි, මේ අත් දෙකම නැතුවත් ඔයා කොහොමද ඔය විනෝදෙන් ඉන්නෙ?“
විනෝදෙන්? තමුසෙට පිස්සුද?“
මං දැක්කනෙ ඔයා නට නටා පාරෙ ඇවිදගෙන එනව
මගුලක් කතා කරනව. මං මේ පුක කහගන්න විදිහක් නැතුව දඟලන්නෙ. තමුසෙ හිතුවද මං මේ නටනවයි කියල?“
සියල්ල මුදලින් මනින්නට පුරුදු වූ අය සිතන්නේද අන් සියළු දෙනා වැඩ කරන්නේ මුදල් උපයාගැනීමේ පරමාර්ථයෙන්ම බවය. එවැන්නකු “පිංකමක්“ සූදානම් කරන්නේත් මුදල් කෙසේ වෙතත් ප්‍රසිද්ධිය සහ ගරු නම්බුව උපයාගැනීමේ චේතනාවෙන්මය.

මේ සියල්ල කියන්නට සිතුනේ එක්තරා “අදහසක්“ පළ කර තිබෙනු දැකීමෙනි.

අප විසින් ආරම්භ කරන ලද සිංහලයේ අපූරුවබ්ලොගයට ඇනොනිමසයකු විසින් අමුතු ආකාරයේ කමෙන්ටුවක් එවා තිබිනි. අශීෂ්ට, අශීලාචාරවූත් කුහකවූත් ජාතිවාදයට එරෙහිව අප විසින් පළ කරන ලද ලිපි කියවා උරණ වී ඇති මේ ඇනොනිමසයා සිය රුධිර පීඩනය තුලනය කරනු වස් මේ අදහස පළ කර ඇති බව මගේ අදහසයි. මේවාට පිළිතුරු බැඳීමෙන් ඇති පලක් නොමැති නමුත් ඒ අදහස හිසේ දරාගෙන ඉන්නා සියළු දෙනාගේ සත්‍යාවබෝධය වෙනුවෙන් මේ සටහන තබන්නට තීරණය කළෙමි. කමෙන්ටුව මෙසේය:

Anonymous - Sunday, February 1, 2015 at 2:01:00 AM GMT+5:30
මම නම් කියන්නේ මේ ඔයා කරන වැඩේ කිසිම වැඩක් ඇති දෙයක් නොවෙයි කියලා.මොකද, ඔයා සහ ඔයාගේ පරමාදර්ශය වන මාතලන් ගොයියා කියන පරිදි ලංකාවේ ගමේ බයියන් සහ ගෝත්‍රිකයින් කරන කියන දෙය එතරම් වැදගත් නැහැ.මේ භාශා,සිරිත් විරිත්, රටට ආදරය කිරීම, බුද්ධාගම වගේ දේවල් හරිම පසු ගාමීයි. පොශ් නැහැ.මේක හරියටම තේරෙන්න ඔයාත් කොහොම හරි හෑට ගාලා පිටරට රස්සාවක් හොයා ගන්න .රට යන බහුතරය රටට ආදරෙයි.ඒත් ඔයාලා වාගෙ ගොඩක් වෙන්ඩ පොශ් අය රට ගියාම,මුල අමතක වෙලා සුද්දටත් වැඩියෙන් මල්ටි කල්චරල් වෙන්න ගන්නවා. ඊලඟට මුස්ලිම් දෙමල අය රට කඩා ගත්තම මොකෝ,උන් ජාතිවාදී වුනාම මොකෝ,අපි ජාතිය ගැන කතා කරන්නෙ මොකෝ,ආදී වශයෙන් පොශ් දේවල් හිතෙන්න ගන්නවා.
යුද්දෙ කරපු එකත් වැරදි වෙනවා.සිංහල භාශාව අපි බලා ගන්නම්.මොකද අපි පසු ගාමී,ජාතිවාදී ,ලේ මාපිල්ලු නිසා.ඔයා ගිහින් සිංහල බෞද්ධයාට බැනලා තව ඩොලර් ටිකක් හොයා ගන්න විදියක් බලා ගන්න.එනවා මෙතන ප්‍රාදේශීය ව්‍යවහාරෙ හොයන්න.

යුද්ධය තමන් විසින් කරන ලද්දක් සේ කතා කරන මේ ඇනොනිමසයා සිංහල භාෂාව ගැන බලාගන්නට හදන්නේ භාෂෘව යන වචනයවත් නිවැරදි ලෙස නොලියමිනි.

මල්ටි කල්චරල්වීමෙන් සහ ජාතිවාදයට එරෙහිව කතා කිරීමෙන් ඩොලර් උපයාගැනීමට හැකියාවක් ඇතැයි මතවාදයක් වපුරන ලද්දේ කවුරුන් විසින්දැයි නිශ්චිතවම කීමට නොදනිමි. ජාතිවාදය කරපින්නාගත් මේ කාලකන්නින්ගේ මතය සිංහල ජාතියේ පොදු මතය ලෙස යම් කිසිවකු වටහාගැනීමෙන් සිදුවන්නේ කුමක්දැයි කියා මධ්‍යස්ථව, අගතියකින් තොරව විග්‍රහ කර බලන්නට උත්සාහ කරමු.

අතිශය ආත්මාර්ථකාමී වූත්, තමා යටතේ තවත් කිසිවකු සිටිය යුතු බව සිතන්නා වූත් පුද්ගලයකු ගැන සිතන්න. ලෝකයා විසින් ඔහු ප්‍රිය කෙරේද? ඔහු හා මිතුරු සමාගමක් පවත්වාගෙන යන්නට කිසිවකු ඉදිරිපත් වේද? කොහෙත්ම නැත. සියල්ලන් විසින් ඔහු බැහැර කරනු ඇත. ඔහුට ජීවත් වන්නට සිදු වන්නේ සියළු අවශ්‍යතා තනිවම ඉටුකරගැනීමට උත්සාහ කරමිනි. කිසිවකු ඔහුට උදව් නොකරනු ඇත. කිසිවකු ඔහුට යමක් දෙනු ඇත්තේ ඊට වැඩි දෙයක් ප්‍රතිඋපකාරයක් ලෙස බලාපොරොත්තු වෙමිනි.

එවැනි පුද්ගලයකු ඒ අභාග්‍යයෙන් ගලවාගැනීමටනම් කුමක් කළ යුතුද? ඔහුගේ අමන ප්‍රතිපත්තියේ වැරදි අඩුපාඩු ඔහුට පෙන්වා දිය යුතුය. එසේ පෙන්වා දී ඔහු යහපත් පුද්ගලයකු බවට පත් කළ යුතුය.

එසේ කිරීීමේදී ඔබට කිසිවකු ඩොලර් නොදෙනු ඇත. ඔබට ඔහු එරෙහි වනු ඇත.

ඇතැම් විට ඔබගේ උත්සාහය අපතේ යාමට ඉඩ ඇත. එහෙත්, ඒ අවාසනාවන්තයා ඔබගේ ඥාතියකු නම්, ඔබ උත්සාහය අත් නොහරිනු ඇත.

සිංහල ජාතියේ නාමයෙන් මොවුන් මේ ගෙනයන කුහක සහ අමන ප්‍රතිපත්තියට විරුද්ධ වන්න.

2015-02-09

මලු දෙක සහ නෝනාගේ කවි 18+

චූටිම කතාවක් කිව්වොත්               අහනවද
ඔලුවේ බර ගතිය නිදහස            හොයනවද
සොයනා සතුට අද හවසට          ලැබෙනවද
කී දවසකට තව ඉවසන්                 ඉන්නවද

පාරක් දිගේ යනවලු එක නෝන              කෙනෙක්
එල්ලෙනවා ඇගෙ කර මත බෑග්                  දෙකක්
පාර අයිනෙ හිටි එක පොඩි පොලිස්            පොරක්
විමසිලිමත් වුනා මෙය නුපුරුදු                     දසුනක්

නෝනගෙ බෑග් දෙක එක ගාණට                 පිරුණු
දෙස යොමු කළා ඔහුගේ ඇස් දෙක               තියුණු
ඉන් එකකින් යම් කිසිවක් බිම                       වැටුනු
දැක ලං වුනා කොස්සා  රූපෙට                   ගැහැණු

නෝනෝ අන්න එක මල්ලක් ඉරිල                වගේ
පාරට වැටුන එක කොලයක් තිබෙන              අගේ
ඔබ මේ යන්නෙ කොහෙටද මේ පාර               දිගේ
ඇයි ගෙනියන්නෙ දේවල් මේ සල්ලි              වගේ

නෝනා නැවතුනා මේ කෑ                 ගැසිල්ලට
මල්ලෙන් වැටී ඇත කොළ තැන් තැන්      වලට
හනිකට හැරී ආපසු ඕනෑ                          යන්ට
කොච්චර මුදල් හැලිලාදැයි                 බලන්නට

පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්න        එපා
මං දන්නවා නෝනල ඔය දාන                    උපා
බොරුවක් එහෙම කිව්වොත් මට හිනාව         පා
ඉන්නට වේවි කූඩුවෙ දුක් විඳන                   අපා

කොහොමද සල්ලි ලැබුනෙ මෙහෙම ගෙනියන්න
පිං කැටයක් එහෙම කැඩුවද          නොදැනෙන්න
කොහෙන්ද සල්ලි ලැබුනේ මල්ලට           පිරුන
කියමුකො බලන්නට පිළිගත හැකි           ලෙසින

පී සී මහත්තයො මේ නම්                    ඇත්තමය
මගෙ ගේ ළඟම ඇත්තේ මහ                පිටටනිය
ඒ පැත්තට තිබෙනා උස                         තාප්පය
අයිනේ හිටවලා ඇත්තේ මල්                    ගස් ය

තාප්පයේ තියනව තරමක                        සිදුරක්
ඒකට චූ කරති සෙල්ලම් කරන                  හරක්
මල් පැල ටිකට වෙන්නේ දුක හිතෙන      දෙයක්
මේකට උපායක් යෙදුවේ දෙන්න              වැඩක්

තාප්පය අයිනෙ හැංගිල මං                     ඉන්නේ
චූ කරනා එකාගේ එක                      අල්ලන්නේ
ඩොලර් විස්ස ගෙවනා ලෙස               දන්වන්නේ
නැත්නං උගේ එක ගන්නට නෑ             දෙන්නේ

හරි මට තේරුනා ජොබ් එක කරන              තමා
ඒකත් නියම බිස්නස් වර්ගයක්                    තමා
ඒ වුනාට කියන්න මට නොවී                      පමා
අනිත් බෑග් එකෙ පිරිලා ඇත්තෙ                 කිමා

මහත්තයෝ පොඩ්ඩක් තව                  හිතනවද
කීවම යමක් ඒකම පිළි                       ගන්නවද
සෙල්ලම් කරන හැම දෙන ඔබ            දන්නවද
ඩොලර් විස්ස ගානේ අරගෙන                   එයිද
 






2015-02-08

ඊ මේල් ගෘෘප් වල වැඩ කිඩ

බ්ලොග් සඟරාව ආරම්භයේ සිට කටයුතු කළේ ජාතිවාදයට විරුද්ධවයි. ජාතිවාදය හා සම්බන්ධ ලිපි හා කතන්දර ගණනාවක් පළ කළේ ඒක කියවන අයගෙන් කීප දෙනකුට හරි යහනුවණ පෑදෙයි කියල හිතාගෙනයි.

මේ සයිබර් අවකාශයේ ඊ මේල් ගෘෘප් කියල ජාතියක් තියනවනෙ. ඒ ගෘෘප් එකක සාමාජිකත්වය ගත්තට පස්සෙ වෙන්නෙ මේකයි. ගෘප් එකේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවනි ගෘෘප් එකට ඊ මේල් එකක් යවන්න. එහෙම යවාපු ඊ මේල් එකක් ගෘෘප් එකේ හැම කෙනෙකුටම ලැබෙනව.

ඉතින් නිතර හමු නොවන මිතුරු කණ්ඩායම්, විවිධ සංගම් වල සාමාජිකයො, අධ්‍යයන ආයතන වල ශිෂ්‍ය කණ්ඩායම් මේ විදිහට ගෘෘප් හදාගෙන ඉන්නව. ඊට අමතරව පොදුවේ ඕනෑම කෙනකුට සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ගෘෘප් එහෙමත් තියනව. මේවයින් සමහර ඒවනම් ඇඩම්ස් ඔන්ලි. ලෝකෙ නැති කුනු රස බෙදන පින්තූර සහිත හෝ රහිත ඊ මේල් තමයි ඒ ගෘෘප් වලින් එවන්නෙ. ඔය අතරෙ තියනව ආගමික හෝ දේශාභිමානී ස්වරූපයක් ගත්ත ඊ මේල් කණ්ඩායම්. මේ වගේ සමහර ගෘෘප් වලින් කරන්නේ ඇති තරම් ජාතිවාදය වැපිරීමයි.

මේ වගේ ගෘෘප් එකක සාමාජිකත්වයක් ලබාගෙන හිටිය මාත් කාලෙකට ඉස්සර. ගොනා හැරෙන්නෙ පොල් පැලේ පැත්තට බව තේරුනාට පස්සෙ මං කළේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන එකයි. ඒ ගෘෘප් වල ජරා ඊ මේල් වලට උත්තර ලියන එකත් සමහර වෙලාවට කිසිම වැඩක් නෑ. ඒව කියවන්නෙ එකම ජාතියෙ පිස්සො ටිකක්.

මට වුණු ඇබැද්දියටම මුහුණ දීපු තවත් එක්කෙනෙක් මේ පහළින් තියන ලිපිය ලියලම වැඩේ ක්ලෝස් කළා. කාටත් ලැබිය හැකි ප්‍රයෝජනය සළකලා ඒ ඊ මේල් එක සංස්කරණය නොකර ම මං මේ පළකරන්නෙ, අනන්‍යතාවන් විතරක් සඟවමින්.

2012/7/29 Abcd K <abcde@gmail.com>
මම සිංහල බෞද්ධයෙකු වෙමී. මම මේ Email group lanka එකට සම්බන්ධ වුනේ බෞද්ධාගම පිලිබද ලැබෙන ලිපි ලේඛණ හා විස්තර කියවීමටය.නමුත් මට පෙනෙන විදිහට මෙම group එක හරහා වැඩිපුර හුවමාරු වන්නේ ජාතිවාදි සටන් පාඨවල්ය.  පසුගිය වසර සිට මුරගල , ධර්ම ද්වීපය වැනි group වලින් ඕනැවට වැඩිය මෙම ජාතිවාදි  ලිපි පහල විය . මම මේවා දැක පුදුම වූයෙමී .මන්ද යත් අර ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට හෙම්බත් වු රටේ තව ජාතිවාදි ගිනි අඇවීලීමට  සමහරු තැත් කිරීමට උත්සාහ ගන්නා බැවිනි .  ඊට අමතරව මෙම වසර මුල් භාගය සිට මූසලයා නමින් මුස්ලිමි ජතිකෙකු මැද්දට පැන විටින් විට මේවාට ප්‍රතිචාර දක්වයි .මෙය සුභ ලකුණක් නොවේ .මන්ද යත් සමහරක් ජාතිවාදින් විසින් ඉස්ලාම් ආගමට හා මුස්ලිම් ජාතිකයන්ට  "හම්බයා " " " තම්බියා  "  ඉතා අශෝභන ලෙස බැන වදින විට මුසලයා බලවත් ලෙස අප ජාතියට සහ බුදු දහමට බැන වදියී. එයට මම කැමැති නැත .අප ජාතියට බැන වැදුනත්, බුදු දහමට නින්දා කරනවිට මා සිත තුල ඇති වන්නේ බලවත් කම්පාවකී .මෙය නතර කර හැකි වන්නේ ජාතිවාදි   ලිපි හුවමාරු  ව නතර කිරීමයී . මෙයට  Email group lanka  moderator ට පමනක් මැදිහත් වී කල හැකිය . Roshan Aponsu, Sunil perera, Nalin silva වැනි උදවියගේ  ජාතිවාදි  ලිපි හුවමාරු කිරීම නතර කලහොත් Mala musalaya ගේ ලිපි නතර කල හැකිය .
මට මෙම ලිපිය ලිවීමට බොහෝ හේතු තිබේ .
1)  ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට බොහොම අමාරුවෙන් ලංකාව යුද්ධේ දින්නේ . එම යුද්ධේ දිනුවෙත් රට චිනයට උකස් තියලාය .මෙවන් වාතාවරනයක  මුස්ලිම් ජාතිකයන් සහ කතෝලික ආගමිකයන් සමග ප්‍රශ්න ඇතිකිරීම සුභදායකද ?
2) තවත් සමහරැ පවසන්නේ අපිට මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලාය .ඒක හරිම මෝඩ කථාවෙකී. මන්ද යත් ලාංකික වැඩි දෙනෙකු මැද පෙරදිග අරාබි කාරයන්ට කඹුක් ගහන බැවිනී . ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්  භාගයක් සිංහලය . එවැනි උදවියගේ කඩවලින් බඩු නොගත්තත් අරාබී කාරයාගේ කුස්සියට තමාගේ ගැහැණු යවන උදවිය මේ රටේ සිටී .  අප රටේ Mason bass , driver වැනි රැකියාවල හිගයක් පවතී . මන්ද යත් ඔය සෑම දෙනම Dubai ගොස් ඇති බැවිනී .
ලංකාවට   ලැබෙන විදේශ විනිමය තුන් කාලයක්ම ලැබෙනුයේ  මැද පෙරදිග රටවලින් බවට අප රජය සනාථ කොට ඇත . එසේනම් අපිට ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලා කියන කථා වල කිසිම තේරුමක් නැත .
3) තවත් සමහරෙකු පවසා සිටිනුයේ අප ජාතිය වැඞි කිරීමට අඩුම ගනනේ ලමයි 4 දෙනෙක්වත් හැදිය යුතු බවයී .  ඒ උදවිය එම ලමයින්ට කන්න අදින්නේ දෙන්නේ කොහෙමද කියලා සිතුවේ නැති බවටයි මෙවැනි වදන් වලින් පෙනි යන්නේ . 2009 දී යුද්ධය නිමවූවත් අප රටේ ජීවන වියදම පහල ගියේ නැත . අප  රටේ තුන්කාලක්ම සිටිනුයේ අඩූ ආදායම් ලාබීන්ය .  උන්ට ඉන්න හිටින්න හරියම නිවසක්වත් නැත .  මෙවැනි වාතාවරනයක ලමයි 4 දෙනෙක් හැදිය හැකිද අඩූ ආදායම් ලබන මුස්ලිම් ජාතිකයන් හට පල්ලියෙන් ආධාර ලැබුනත් අපහට එවැනි ආධාර පන්සලෙන් ලැබෙන්නේ නැත .
ඊට අමතරව ලඃකාව කුඞා දුපතක් බව අප සැවොම දන්නා කරුනකී .එහෙත් ජනගහනය අධිකය . ලක්ෂ 22 කී . 2004 සුනාමියෙන් පසු ලංකාව තව කුඩා විය .
එමනිසා මෙම ජනගහනය ප්‍රශ්නයට එකම පිලියම වන්නේ චිනය වගේ එක් දරු හෝ දරු දෙදෙනෙකු පමනක් හැදීමේ නීතිය රජය විසින් පැනවීමයී .සියලු ජාතින් තුල එම නීතිය අකුරට ක්‍රයාත්මක කර හැකිය .
ඒ හැර ජාතින් අතර බේද ඇතී කිරීම සුභදායක නැත .මන්දයත් ජාතින් අතර අසමගිතාවයක් හෝ කහට හිතක් හටගත් විට එය මුලු රටටම බලපාන බැවිනී . ඒ මදිවට මුස්ලිම් ජාතියෙන් තව ප්‍රබාකරන් කෙනෙකු බිහීවීමටද පාර කැපෙන බැවිනී .
මිත්‍රයනි , අමතක කරන්න එපා වටුවගේ කථාව . වටුවන් අසමගි වුන අවස්ථාවේදි තමයි වැද්දා දැල දාලා සියලූ දෙනාම අල්ලා ගත්තේ . මේ අවස්ථාවේදි වැද්දා සැටියට එන්නේ ඇමරිකාවයී !
ප්‍රබාකරන් රට ගන්න හැදූ අවස්ථාවේදි හමුදාව සටන්කර රට බේරාගත්තා .ඒ වගේම ලංකාවේ තව ජන කොටසක් ඉදිරියට රට අල්ලා ගන්න ආවොත් එම හමුදාවම ඉන්නවා රට බේරගන්න .
එමනිසා අපි බෞද්ධයෝ වශයයෙන් වගකීමෙන් කටයුතු කොට ජාතින් අතර අසමගිකම් ඇති නොවෙන්නට වගබලා ගත යුතුය .

එමනිසා E mail group moderator වගකීමෙන් මෙම  ලිපි හුවමාරු කල යුතුය .

2015-02-07

අවංක කඩේ යාම

සමහර අයට “යහපාලනය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය“ වගේ වචන දැක්කහමත් කේන්ති යනවා. මේ අය සමහරවිට අවංකවම මහින්දට කඩේ ගිය අය වෙන්න පුළුවනි. යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් කඩේ ගිය එකාට වඩා ඇත්තටම හොඳයි කියල හිතාගෙන කඩේ ගිය එකාට කේන්තියක් ඇති වීම ස්වභාවිකයි.

දැන් ඔය යහපාලනය කියන වචනය පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුන මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ හරි  පොදු අපේක්ෂක සන්ධානයේ හරි ස්වයං නිර්මාණයක් නෙවෙයි. ඔය යහපාලනය නැත්නම් ගුඩ් ගවර්නන්ස් කියන එක දැනට දශක දෙකක විතර කාලෙක ඉඳල කළමනාකරණ ක‍්ෂේත්‍රයේ භාවිතා කරන වචනයක්. කළමනාකරණ පද්ධතිය ස්ථාවර කරගැනීම සඳහා ආයතන, සමාගම් ආදී සංවිධානයන්ට යහපාලනය හඳුන්වල දුන්නෙත් කළමනාකරණයේ සංකල්පයක් විදිහට.

මේ බලන්න.

WHAT IS GOOD GOVERNANCE? යහපාලනය යනු කුමක්ද?

Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.


The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

මේ කියන විදිහට, යහපාලනය කියල කියන්නෙ තීරණ ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියාවලීන්. යහපාලනය කතාකරන්නෙ නිවැරදි තීරණ ගැන නෙවෙයි, එම තීරණ ගැනීමට හැකි හොඳම ක්‍රියාවලිය ගැනයි.


කොහොම වුනත් මේ “යහපාලනය“ කියන වචනයට සියළු දෙනා එකඟ වන නිශ්චිත වූ අර්ථ දැක්වීමක් නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ අපේ රටේ පැවැත්වුනු ව්‍යාපාරික සමුළුවකදී අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වෙ “යහපාලනය කියන්නෙ ප්‍රතිපල නෙලාගැනීමයි“ කියල. වරදවල වටහගන්න එපා එතුමා එතනදි සඳහන් කළේ එතුමා හෝ පවුලේ අය විසින් නෙලාගන්නා ප්‍රතිපල ගැන එහෙම නෙවෙයි. ඒත්, එතුමාට ඒක ඒ විදිහටත් අර්ථ දක්වන්න හැකි වෙලා තියෙන්නෙ ලෝක සම්මත නිර්වචනයක් මේ යහපාලනය කියන වචනයට නැති නිසා.


යහපාලනය ගැන විකිපීඩියාවෙ මෙහෙම කියනව.
Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.
The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

දැන් මේ විකිපීඩියා ලිපියට අනුව උදාහරණයක් ගත්තොත් මොහාන් පීරිස් මහත්මයා අගවිනිසුරුවරයා නොවන බව තීරණය කිරීම නිසා වර්තමාන ආණ්ඩුව අවපාලනයක යෙදී ඇති බව තීරණය කරන්න බැහැ. එ්ත්, ඒ තීරණයට එළැඹුනු ආකාරයේ ඇති විනිවිද නොපෙනෙන සුළු බව නිසා, ආණ්ඩුව කටයුතු කළේ යහපාලනය තුළ නොවන බවනම් කියන්න පුළුවන්. මේක උදාහරණයක් ලෙස ගත්ත වුනත් ඒ සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න තරම් නීතිමය දැනුමක් මට නැති නිසා මං වැඩිදුර ඒ ගැන සඳහන් කරන්නෙ නෑ. මගෙ මේ කතාවෙ අරමුණ තමයි “යහපාලනය යනු කුමක්ද?“ කියන එක සාකච්ඡා කිරීම.

යහපාලන නඩය, යහපාලන පිම්පියෝ, යහපාලනයට කඩේ යන එවුන්, ඔය වගේ වචන උපහාසාත්මක ලෙස පාවිච්චි කරන මහින්ද ගැත්තන්ගේ කියුම් නිසා, සත්‍ය වශයෙන්ම යහපාලනය කියන්නෙ මොකක්ද කියල ගොඩක් දෙනකුට ගැටළුවක් වෙලා ඇති.

නීතියේ ආධිපත්‍යය
යහපාලනයේ එක් ප්‍රධාන ලක්ෂණයක් විදිහට සැළකෙන්නෙ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක බලකණු ලෙස විස්තර කරන්නෙ ව්‍යවස්ථාදායකය, විධායකය හා නීතිය කියන තුන. දැන්නම් ඊට අමතරව ජනමාධ්‍ය කියන්නෙ තවත් බලකණුවක් කියල විග්‍රහ කරනව. යුක්ති සහගත ආණ්ඩුවක් රඳා පවතින්නේ මේ බලකණු සමතුලිත ලෙස තිබෙන විට පමණක් බව තමයි පොදු පිළිගැනීම.

මෙතනදි මතු වන එක ගැටළුවක් තමයි නීතිය සැම විටම යුක්ති සහගතද කියන එක. මනුෂ්‍යයා නීතිය හදාගත්තේ යුක්තිය ඉටු කර ගන්නයි. එ්ත් නීතියේ ටෙක්නිකල්පොයින්ට් වලින් අයුක්තිය රජ වුනු අවස්ථා නැතුව නෙවෙයි. මං කළිනුත් කියල තියනවනෙ ගොයම් කොළයේසිද්ධිය ගැන. ඒකත් එක උදාහරණයක්. එතකොට තව නඩුවකදි තීන්දු වෙලා තියනව කියනවනේ මිනී මැරුමකට වරදකාරයා වංගෙඩිය බව (ඒ කිව්වෙ විත්තිකාරයා නිදහස් වෙලා. නඩුව ගැන පත්තර කියවපු අය තීරණය කරල තියෙන්නෙ වංගෙඩිය තමයි මිනී මරල තියෙන්නෙ කියල)

නීති සකස් කරන්නේ හෝ පවතින නීතියක් අවශ්‍ය විටක සංශෝධනය කරන්නේ ව්‍යවස්ථාදායකය විසින්. ව්‍යවස්ථාදායකය විශාල මොළසංඛ්‍යාවක එකතුවක්. වාද විවාද සාකච්ඡා හරහා නිවැරදි තීරණයක් ඉස්මතු කරගැනීම තමයි එ් ක්‍රමයේ අපේක්ෂිත ඉලක්කය. අයුක්තිසහගතයි කියල පෙනෙන නීති සංශෝධනය කරල යුක්ති සහගත නීති සකස් කරගන්න ව්‍යවස්ථාදායකයට පුළුවන්.

මෙසේ නොවන ආණ්ඩුවක් අයුක්තිසහගතද?

දැහැමෙන් සෙමෙන් රජකම් කරන රාජාණ්ඩුවක් අයුක්තිසහගත වන්නේ කොහොමද කියල යමෙකුට තර්ක කරන්න පුළුවනි. ඉතිහාසයේ නෙවෙයි - අපි කියවල තියන ඓතිහාසික සාහිත්‍යයේ හැරුණහම - එවැනි යුක්තිසහගත ආණ්ඩු පවතින්නේ කොහේද කියල මම ආපහු ප්‍රශ්න කරනව. අනිත් එක, එවැනි එක් ආණ්ඩුවක් තිබුනය කියල ඒ ක්‍රමය නිවැරදි වෙනවද? එහෙම සළකන්න පුළුවන්ද? කිසි ලෙසකින්වත් බැහැ. නේරංජනාවෙන් පැනල ගිහින් වනගත වෙලා භාවනා කරන ඕනෑම කෙනෙක් බුදු වෙන්නෙ නෑ නේද?
විධායකය ව්‍යවස්ථාදායකයට ඉහළින්
විධායකයක් ව්‍යවස්ථාදායකයට ඉහළින් පැවැතීම කියල කියන්නෙ ආයෙත් ගත්තහම අඩු වැඩි වශයෙන් රාජාණ්ඩුවක්ම තමයි. මෙතනදි කාට හරි තර්කයක් හැටියට කියන්න පුළුවන් ඉහළින් සිටින විධායකය ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ තීරණ නිසා එවැනි විධායකයක් පැවතීමේ වරදක් නැහැ නේද කියල. මතුපිටින් එහෙම පෙනුනට ප්‍රායෝගික තත්වය මොකක්ද? උඩින්ම ඉන්න විධායකයට බැරිද ව්‍යවස්ථාදායකය තමන්ගෙ සුවච කීකරු ගෝලබාලයො රොත්තක් බවට පත් කරගන්න? අපොයි ලේසියෙන්ම පුළුවනි.

ඉතින් අපට පහසුවෙන්ම දකින්න පුළුවන් දේ තමයි, නීතියට ඉහළින් කවුරුවත් නොසිටිය යුතු බව සහ ව්‍යවස්ථාදායකය විධායකයට යටත් නොවිය යුතු බව.

යහපාලනය ගැන දවස් ගාණක් කතා කරන්න පුළුවන්. මේ ගැන තව තවත් අධ්‍යයනය කරල බලන්න කියල සියළු දෙනාගෙන්ම මං ඉල්ලනව.