Showing posts with label adults only. Show all posts
Showing posts with label adults only. Show all posts

2015-02-25

හොඳම මැතිවරණ ක්‍රමය (තනිකරම 18න් ඉහළ)

හොඳම මැතිවරණ ක්‍රමය මොකක්ද?

මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඉස්සෙල්ල මැතිවරණය කියන්නෙ මොකක්ද කියල අපි තේරුම් ගන්න එපායැ.

මැතිවරණයක් තියෙන්නෙ ආණ්ඩුවක් තෝරගන්නද?

නෑ. ඒකට නෙමෙයි. එතන තමයි වැරදිච්ච තැන.

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වැඩි දෙනෙක්ගෙ කැමැත්ත අනුව අඩු දෙනා දුක් විඳීම කියල තමයි අපේ මිනිස්සු ඉගෙනගෙන තියෙන්නෙ. එහෙම නේද? ඔන්න අහවල් පක්ෂය දිනනව. අනිත් පක්ෂෙ පරාදයි. මේකනෙ අපේ හිතේ ඇඳිල තියෙන්නෙ.

දැන් බලන්න, ඡන්ද ලක්ෂ පනස් අටකට වඩා දිනාගත්තු මහින්ද රාජපක්ෂ මහත්තයා පරාදයි. ඇයි පරාද? දිනන්න බැරි වෙච්ච හින්ද. ඇයි දිනන්න බැරි වුනේ? වෙන කෙනෙක් ලක්ෂ හැට දෙකක් ඡන්ද දිනාගත්තු හින්ද. හැට දෙක පනස් අටට වඩා වැඩි හින්ද.

විධායක ජනාධිපති ක්‍රමයකුත් එක්කල අපට උරුම වෙච්ච කාලකණ්ණි මතවාදය තමයි ඒක.

රටේ මිනිස්සු වැඩි දෙනෙක් තෝර ගන්න නායකය රට පාලනය කරන්න පත් කර ගන්න එක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ“ කියලයි අපි හිතන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ ඊට වඩා බොහොම ගැඹුරු සංකල්පයක්. දැන් මේ දවස්වල කතාබහට ලක් වෙලා තියන “ලංකාවට සුදුසු මැතිවරණ ක්‍රමය“ ගැන අපි උනන්දුවෙන් බැලිය යුත්තෙ මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය ගැනත් අවධානය යොමු කරමින්මයි.

රටක් පාලනය කළ යුතු වඩාත්ම හොඳ ක්‍රමය මොකක්ද කියන එක ගැන මිනිස්සු කාලයක ඉඳල හිතල මතල විවිධ සංකල්ප ඉදිරිපත් කරල තියනවනෙ. ඉස්සර කාලෙ නම් රාජකීය හස්තියා රට පුරා ඇවිදල ගිහින් කාට හරි දණ නමනවා. එන්න එයා තමයි රජ්ජුරුවො. දැන් එහෙම නෙමෙයි.

මොනව? දැන් එහෙම නෙමෙයි?

ඇත්තටම, දැන් එහෙම නෙමෙයිද? දැනුත් එහෙමයි. දැන් රාජකීය හස්තියො කීප දෙනෙක් ඉන්නව. උන් ටික ගණන් බලල වැඩිපුර කිතුල් ගස් ගිලින්න පුළුවන් වෙන්නෙ මොකා රජ වුනොත්ද කියන එක තීරණය කරගෙන ඉවර වෙලා (තීරණය කරල හිටං) ඒ පුද්ගලය ඉස්සරහ දණ ගහනව. ඊට පස්සෙ එයා වෙනුවෙන් පෝස්ටර් ගහනව. පෝස්ටර් ගහන එවුන්ට කසිප්පු අරන් දෙනව. රැස්වීම් වලට සෙනග අදින්න බස් අරගෙන දෙනව. සරසන්න පොලිතීන් අරගෙන දෙනව. ඔන්න ඔහොම ක්‍රමයක් තමයි විධායක ජනාධිපති ක්‍රමය කියන්නෙ. ඉතින් ඇත්තු දණ ගහපු මනුස්සයට අපිත් දණ ගහන්න පටන් ගන්නව.

ඔය ක්‍රමයට පොඩ්ඩක් හරි වෙනස් විදිහකට කවුරුහරි ජනාධිපති වුනොත් ඊට පහුවෙනිද ඉඳල කෝ අහවල් එක කළාද?, දැන් ඔක්කොම හරිද?, මේකටද ආවෙ? ප්‍රශ්න කෝටියයි.

ඉස්සර වෙලාම ග්‍රීසියෙ මිනිස්සු එක් රැස් වෙලා රට පාලනය කරන එක ගැන සාකච්ඡා කරල තීන්දු තීරණ අරගත්තලු. පස්සෙ කාලෙ ජනගහණය වැඩි වීමත් එක්කල මිනිස්සු ඔක්කොම දෙනාට රැස්වෙලා කතා කරන එය ප්‍රායෝගික නොවන තත්වයක් ආවට පස්සෙ නියෝජිතයො පත් කරල යවන්න පුරුදු වුනාලු. ඒ නියෝජිතයො තෝරගෙන තියෙන්නෙ වැඩි දෙනාගෙ කැමැත්ත අනුවලු.

මෙහෙම වැඩි දෙනෙකුගෙ කැමැත්ත අනුව තීන්දු තීරණ ගන්න එක නිවැරදියිද?

ඒක සමාජයට හිතකරයිද?

ඒ ඇරෙන්න වෙන ප්‍රායෝගික වූ ක්‍රමයක් නැති නිසා, ඒ කියාපු වැඩි දෙනාගෙ කැමැත්ත අනුව තීරණ ක්‍රියාත්මක කරන ක්‍රමය භාවිතා කරනවද?

මිනිස්සු දියුණු වුනාම තමන්ගෙ සමාජයෙ පැවැත්ම ගැන ගැඹුරින් හිතනව. මිනිස්සු විතරක් නෙවෙයි, සත්තු වුනත් තමන්ගෙ සමාජයේ පැවැත්ම ගැන තමයි හිතන්නෙ. ඒක ස්වභාව ධර්මයෙන් සත්වයාට ලැබිල තියන දෙයක්. හැබැයි මිනිස්සු පෞද්ගලිකත්වය ගැන අඩුවෙන් හිතල සමාජය ගැන වැඩියෙන් හිතනව. දියුණු මිනිස්සු එහෙමයි. නොදියුණු මිනිස්සුනම් තවමත් සත්තු වගේ හිතනව. මෙතනදි මං දියුණුව කියල කියන්නෙ ශිෂ්ටාචාරගත වීම (සිවිලයිසේෂන්) පැත්තෙන්.

ඉතින් ඒ නිසා තමයි, මේ ශීලාචාර වූ සමාජයේ පැවැත්ම ගැන හිතන නිසා තමයි, සමහර අය ආණ්ඩු ක්‍රම ගැන, යහපාලනය ගැන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, නීතියේ ආධිපත්‍යය ගැන, මැතිවරණ ගැන කතා කරන්නෙ.

දැන් අපි මැතිවරණ ගැන කතා කරන්න පටන් අරගෙන මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරල හරියනවද? නෑනෙ. අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන පොඩ්ඩක් කතා කළේ, මැතිවරණ කියන ජාතිය අපට ලැබෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදයේ අංගයක් හැටියට නිසායි.

මැතිවරණයක් පවත්වන්නෙ ඇයි? උත්තරය සරළයි. මැතිවරණයක් පවත්වන්නෙ මැතිවරු, ඒ කියන්නෙ මහජන නියෝජිතයො තෝරා පත් කර ගන්න. මේ තෝරා පත් කරගන්නේ පාලකයො නෙමෙයි. නියෝජිතයො.

එතකොට, මෙහෙම පත් කරගන්න නියෝජිතයො
“වැඩි දෙනාගෙ කැමැත්තෙන් පත් කරගන්න එක
හරිද වැරදිද?
ඒක හරි නම් “හරියි“ කියන්න හේතු මොනවද?
වැරදි නම් “වැරදියි“ කියන්න හේතු මොනවද?

මේ පත් කරගන්නෙ පාලකයෙක් නොවන නිසා, නියෝජිතයෙක් පමණක් නිසා, වැඩි දෙනාගෙ කැමැත්ත උඩ පාලකයා පත් කරගන්නව වගේ හානියක් මේ පත් කර ගැනීමෙදි සිද්ද වෙන්නෙ නෑ.

මේ කතාව තේරුම් ගන්න පහසු වීම සඳහා
මං පොඩි උදාහරණයක් ගන්නම්. මේක මෝඩ උදාහරණයක්. ඒත් පහසුව සඳහා අපි ඒක කතා කරමු.

ඔන්න එකෝමත් එක රටක ප්‍රධාන ආහාරය ධාන්‍ය වර්ගයක්. ඒ ධාන්‍ය වර්ගයේ ප්‍රභේද දෙකක් තියනව. රතු පාට සහ සුදු පාට. මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් සීයට හැටක් කැමැතියි රතු පාට ධාන්‍ය වලට. අනිත් අය කැමති සුදු පාට ධාන්‍ය වලට.  කරුමෙ කියන්නෙ, මේ රතු පාට ධාන්‍ය වර්ගය නිසා සුදු පාට වර්ගයේ බෝවීම අඩු වෙනව. ඒකෙ අනිත් පැත්තත් එහෙමමයි.

ඉතින් ඔන්න වැඩි දෙනාගෙ කැමැත්ත අනුව, ඒ කියන්නෙ සීයට හැටකගෙ කැමැත්තෙන් රතු පාට ධාන්‍ය කන්න කැමති එකෙක්ව විධායක ජනාධිපති හැටියට පත් කරනව. මේ පොරගෙ පවුලෙ අයත්, යාළුවොත්, හොර ගෑනුත්, මේ ඔක්කොම කැමති රතු හාල් වලට. ඔහොම යන අතරතුර තදබල නියඟයක් නිසා ධාන්‍ය අස්වැන්න අඩු වෙනව. තත්වය ක්‍රිටිකල් වෙනකොට වතුර සැපයීම ඇතුළු සියළු දේවල් පාලනය කරන්න ඕනැනෙ. දැන් වැඩි දෙනාගෙ කැමැත්ත රතු හාල් නිසා ඒවට වැඩි පුර වතුර දෙනව. සුදු හාල් කන එවුන්ට බඩ ගින්නෙ ඉන්න වෙනව. වේලක් ඇර වේලක් කන්න සිද්ද වෙනව. රතුහාල් වලට පුරුදු වෙන්න වෙනව.

දැන් මේක සාධාරණයිද? මට, මං උපන් බිමේ හැදෙන දෙයක් කන්න තියන අයිතිය, පාලකයා විසින් නැති කිරීම, සාධාරණද නැද්ද? සාධාරණ නෑ. නමුත්, වැඩි දෙනාගෙ කැමැත්ත.

ඒ වුනත්, නියෝජිතයෙක් පත් කරගත්තහම එහෙම නෑ. එකම දේ, අපි විශ්වාස කරනව අපේ නියෝජිතයා අපි වෙනුවෙන් හඬ නගනවයි කියල. ඒක අවිස්වාස නම් අපිට ගිහිල්ල පාර්ලිමේන්තු ගැලරියට වෙලා අහගන ඉන්නත් පුළුවනි.

මෙතනදි, වැඩි දෙනාගෙ කැමැත්තට ඉඩ දීමෙන් බරපතල හානියක් වෙන්න විදිහක් නෑ. මේ පත් කරගන්න එකාට මෙලෝ බලයක් නෑ. එකම දේ තමයි, මහජන නියෝජිතයෙක්ය කියල පොඩි නම්බුවක්, සමාජ පිළිගැනීමක් තියනව.

ඉතින් මෙහෙම පත් වෙන නියෝජිතයො එකතු වෙලා පාර්ලිමේන්තුවට යනවනෙ. එතන කණ්ඩායම් දෙකක් හැදෙනව. ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය. මොකටද, විවාද කරන්න. ඇයි විවාද කරන්නෙ. යහපත් දේ, නිවැරදි දේ එළියට ගන්න. ප්‍රතිපලය යහපත් කරගන්න. සමාජ හිතවාදී කරගන්න.

මෙතනදි මහජන අභිලාෂය, විද්වත් අදහස්, විදේශීය බලපෑම්, මේ සියල්ලම සළකා බැලෙනව.

-මතු සම්බන්ධයි-

2015-02-07

අවංක කඩේ යාම

සමහර අයට “යහපාලනය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය“ වගේ වචන දැක්කහමත් කේන්ති යනවා. මේ අය සමහරවිට අවංකවම මහින්දට කඩේ ගිය අය වෙන්න පුළුවනි. යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් කඩේ ගිය එකාට වඩා ඇත්තටම හොඳයි කියල හිතාගෙන කඩේ ගිය එකාට කේන්තියක් ඇති වීම ස්වභාවිකයි.

දැන් ඔය යහපාලනය කියන වචනය පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුන මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ හරි  පොදු අපේක්ෂක සන්ධානයේ හරි ස්වයං නිර්මාණයක් නෙවෙයි. ඔය යහපාලනය නැත්නම් ගුඩ් ගවර්නන්ස් කියන එක දැනට දශක දෙකක විතර කාලෙක ඉඳල කළමනාකරණ ක‍්ෂේත්‍රයේ භාවිතා කරන වචනයක්. කළමනාකරණ පද්ධතිය ස්ථාවර කරගැනීම සඳහා ආයතන, සමාගම් ආදී සංවිධානයන්ට යහපාලනය හඳුන්වල දුන්නෙත් කළමනාකරණයේ සංකල්පයක් විදිහට.

මේ බලන්න.

WHAT IS GOOD GOVERNANCE? යහපාලනය යනු කුමක්ද?

Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.


The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

මේ කියන විදිහට, යහපාලනය කියල කියන්නෙ තීරණ ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියාවලීන්. යහපාලනය කතාකරන්නෙ නිවැරදි තීරණ ගැන නෙවෙයි, එම තීරණ ගැනීමට හැකි හොඳම ක්‍රියාවලිය ගැනයි.


කොහොම වුනත් මේ “යහපාලනය“ කියන වචනයට සියළු දෙනා එකඟ වන නිශ්චිත වූ අර්ථ දැක්වීමක් නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ අපේ රටේ පැවැත්වුනු ව්‍යාපාරික සමුළුවකදී අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වෙ “යහපාලනය කියන්නෙ ප්‍රතිපල නෙලාගැනීමයි“ කියල. වරදවල වටහගන්න එපා එතුමා එතනදි සඳහන් කළේ එතුමා හෝ පවුලේ අය විසින් නෙලාගන්නා ප්‍රතිපල ගැන එහෙම නෙවෙයි. ඒත්, එතුමාට ඒක ඒ විදිහටත් අර්ථ දක්වන්න හැකි වෙලා තියෙන්නෙ ලෝක සම්මත නිර්වචනයක් මේ යහපාලනය කියන වචනයට නැති නිසා.


යහපාලනය ගැන විකිපීඩියාවෙ මෙහෙම කියනව.
Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.
The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

දැන් මේ විකිපීඩියා ලිපියට අනුව උදාහරණයක් ගත්තොත් මොහාන් පීරිස් මහත්මයා අගවිනිසුරුවරයා නොවන බව තීරණය කිරීම නිසා වර්තමාන ආණ්ඩුව අවපාලනයක යෙදී ඇති බව තීරණය කරන්න බැහැ. එ්ත්, ඒ තීරණයට එළැඹුනු ආකාරයේ ඇති විනිවිද නොපෙනෙන සුළු බව නිසා, ආණ්ඩුව කටයුතු කළේ යහපාලනය තුළ නොවන බවනම් කියන්න පුළුවන්. මේක උදාහරණයක් ලෙස ගත්ත වුනත් ඒ සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න තරම් නීතිමය දැනුමක් මට නැති නිසා මං වැඩිදුර ඒ ගැන සඳහන් කරන්නෙ නෑ. මගෙ මේ කතාවෙ අරමුණ තමයි “යහපාලනය යනු කුමක්ද?“ කියන එක සාකච්ඡා කිරීම.

යහපාලන නඩය, යහපාලන පිම්පියෝ, යහපාලනයට කඩේ යන එවුන්, ඔය වගේ වචන උපහාසාත්මක ලෙස පාවිච්චි කරන මහින්ද ගැත්තන්ගේ කියුම් නිසා, සත්‍ය වශයෙන්ම යහපාලනය කියන්නෙ මොකක්ද කියල ගොඩක් දෙනකුට ගැටළුවක් වෙලා ඇති.

නීතියේ ආධිපත්‍යය
යහපාලනයේ එක් ප්‍රධාන ලක්ෂණයක් විදිහට සැළකෙන්නෙ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක බලකණු ලෙස විස්තර කරන්නෙ ව්‍යවස්ථාදායකය, විධායකය හා නීතිය කියන තුන. දැන්නම් ඊට අමතරව ජනමාධ්‍ය කියන්නෙ තවත් බලකණුවක් කියල විග්‍රහ කරනව. යුක්ති සහගත ආණ්ඩුවක් රඳා පවතින්නේ මේ බලකණු සමතුලිත ලෙස තිබෙන විට පමණක් බව තමයි පොදු පිළිගැනීම.

මෙතනදි මතු වන එක ගැටළුවක් තමයි නීතිය සැම විටම යුක්ති සහගතද කියන එක. මනුෂ්‍යයා නීතිය හදාගත්තේ යුක්තිය ඉටු කර ගන්නයි. එ්ත් නීතියේ ටෙක්නිකල්පොයින්ට් වලින් අයුක්තිය රජ වුනු අවස්ථා නැතුව නෙවෙයි. මං කළිනුත් කියල තියනවනෙ ගොයම් කොළයේසිද්ධිය ගැන. ඒකත් එක උදාහරණයක්. එතකොට තව නඩුවකදි තීන්දු වෙලා තියනව කියනවනේ මිනී මැරුමකට වරදකාරයා වංගෙඩිය බව (ඒ කිව්වෙ විත්තිකාරයා නිදහස් වෙලා. නඩුව ගැන පත්තර කියවපු අය තීරණය කරල තියෙන්නෙ වංගෙඩිය තමයි මිනී මරල තියෙන්නෙ කියල)

නීති සකස් කරන්නේ හෝ පවතින නීතියක් අවශ්‍ය විටක සංශෝධනය කරන්නේ ව්‍යවස්ථාදායකය විසින්. ව්‍යවස්ථාදායකය විශාල මොළසංඛ්‍යාවක එකතුවක්. වාද විවාද සාකච්ඡා හරහා නිවැරදි තීරණයක් ඉස්මතු කරගැනීම තමයි එ් ක්‍රමයේ අපේක්ෂිත ඉලක්කය. අයුක්තිසහගතයි කියල පෙනෙන නීති සංශෝධනය කරල යුක්ති සහගත නීති සකස් කරගන්න ව්‍යවස්ථාදායකයට පුළුවන්.

මෙසේ නොවන ආණ්ඩුවක් අයුක්තිසහගතද?

දැහැමෙන් සෙමෙන් රජකම් කරන රාජාණ්ඩුවක් අයුක්තිසහගත වන්නේ කොහොමද කියල යමෙකුට තර්ක කරන්න පුළුවනි. ඉතිහාසයේ නෙවෙයි - අපි කියවල තියන ඓතිහාසික සාහිත්‍යයේ හැරුණහම - එවැනි යුක්තිසහගත ආණ්ඩු පවතින්නේ කොහේද කියල මම ආපහු ප්‍රශ්න කරනව. අනිත් එක, එවැනි එක් ආණ්ඩුවක් තිබුනය කියල ඒ ක්‍රමය නිවැරදි වෙනවද? එහෙම සළකන්න පුළුවන්ද? කිසි ලෙසකින්වත් බැහැ. නේරංජනාවෙන් පැනල ගිහින් වනගත වෙලා භාවනා කරන ඕනෑම කෙනෙක් බුදු වෙන්නෙ නෑ නේද?
විධායකය ව්‍යවස්ථාදායකයට ඉහළින්
විධායකයක් ව්‍යවස්ථාදායකයට ඉහළින් පැවැතීම කියල කියන්නෙ ආයෙත් ගත්තහම අඩු වැඩි වශයෙන් රාජාණ්ඩුවක්ම තමයි. මෙතනදි කාට හරි තර්කයක් හැටියට කියන්න පුළුවන් ඉහළින් සිටින විධායකය ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ තීරණ නිසා එවැනි විධායකයක් පැවතීමේ වරදක් නැහැ නේද කියල. මතුපිටින් එහෙම පෙනුනට ප්‍රායෝගික තත්වය මොකක්ද? උඩින්ම ඉන්න විධායකයට බැරිද ව්‍යවස්ථාදායකය තමන්ගෙ සුවච කීකරු ගෝලබාලයො රොත්තක් බවට පත් කරගන්න? අපොයි ලේසියෙන්ම පුළුවනි.

ඉතින් අපට පහසුවෙන්ම දකින්න පුළුවන් දේ තමයි, නීතියට ඉහළින් කවුරුවත් නොසිටිය යුතු බව සහ ව්‍යවස්ථාදායකය විධායකයට යටත් නොවිය යුතු බව.

යහපාලනය ගැන දවස් ගාණක් කතා කරන්න පුළුවන්. මේ ගැන තව තවත් අධ්‍යයනය කරල බලන්න කියල සියළු දෙනාගෙන්ම මං ඉල්ලනව.


2014-12-26

දස වස් සැමරුම

ශතකයක් ඇතුළත ලෝකයේ ඇති වූ, විශාලත්වය අනුව පස්වැනි තැන හිමි කරගත් භූ චලනය 2004 දෙසැම්බර් 26 දින දකුණු ආසියානු කලාපයම දැඩි ව්‍යසනයකට පත් කළ සුනාමියක් නිර්මාණය කළේය. 

උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරළ තීරයට ඔබ්බෙන්  අක්ෂාංශ 3.2 උතුරට හා දේශාංශ 95.82ක් නැගෙනහිරට වූ ලක්ෂ්‍යයේ සිට කිලෝ මීටර් 30ක් පමණ ගැඹුරකදී ශ්‍රී ලංකා වේලාවෙන් 2004 දෙසැම්බර් 26 දා උදේ 6:58:53 ට රිච්ටර් මාපකයේ ඒකක 9.0ක් සටහන් කරමින් සිදු වූ බව කියන කම්පනය නිසා හටගත් සාගර කැළඹීම ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් 4/5ක් ගොදුරු කරගත් බව “ශ්‍රී ලංකාව තුළ සුනාමි බලපෑම“ හෙවත් Sri Lanka Urban Multi-Hazard Disaster Mitigation Project (SLUMDMP) led rapid Assessment of Western and Southern coastline from 29 th December 2004 to 2 nd January 2005 වාර්තාව සඳහන් කරයි.

එකී වාර්තාවේම සඳහන් පරිදි ශ්‍රී ලංකාවට “සුනාමි“ යනු අමුතුම අත්දැකීමක් විය. (TSUNAMY යන වචනය මේ ලියුම්කරු දැනගත්තේ ද, ඒවා සිදුවන ආකාරය ගැන යම් අදහසක් ඇති කර ගත්තේද, ඇතැම් රටවල සුනාමි යනු අපට ගංවතුර ගලන තරමට සුපුරුදු දෙයක් බව වටහා ගත්තේද එදායින් පසුවය.) විහාර මහා දේවිය පිළිබඳ හුටපටය අප දැන සිටියත්, මුහුද ගොඩගැලීමක් යනු දේව කෝපයක් නිසාම පමණක් ඇති විය හැකි නමුත් භෞතික අවකාශය තුළදී අභව්‍ය වූ සිදුවීමක් ම බව අපේ අර්ධ විද්‍යාත්මක දැනුමෙන් ඒ වන විට අපි අවබෝධ කරගෙන සිටියෙමු.

 


අපේ අනවබෝධය නිසා අප කරගත් විනාශය සුළු පටු එකක් නොවීය. පළමුව ආ දැඩි රළපහර බැස යනවාත් සමගම ජල මට්ටම පහළටම ගොස් කිලෝමීටරයකට ආසන්න දුරක් වෙරළ තීරය පුළුල් වූ බව ඇසින් දුටුවෝ කියති. ඒ බව පෙනෙන වීඩියෝ දර්ශන යූ ටියුබයේද ඇත. මෙසේ වෙරළ ඈතට පෑදුනු අවස්ථාවේ එය නරඹන්නට මහ මුහුද මැදට පැන්න අයගෙන බොහෝ දෙනකුට දිවි ගලවාගැනීමට ලැබුනේ නැත. මේ කියන පළමුවැනි රැල්ල සහ දෙවැන්න අතර පැය භාගයක පමණ කාල පරතරයක් තිබුනු බව කියැවේ. කෙසේ වුවද, පළමුවැන්නට වඩා දෙවැන්න බලවත් සහ විනාශකාරී විය.

දිවයින තුළට මුහුද ගොඩගැලීම පටන්ගත්තේ මුලතිව් - තිරිකුණාමලය පැත්තෙන්ය. ටික ටික එය දකුණට ගමන් කළේය. අපි දිනකට පැය 18ක් රේඩියෝ එක අසමු. මුහුද ගොඩගැලීම ගැන ඇතැම් රූපවාහිනී නාළිකාවෝද සජීවී විකාශයන් පවත්වාගෙන ගියහ. එහෙත්, සුනාමියට අසු වූ ජීවිත සංඛ්‍යාව අඩු වීමක් දක්නට ලැබුනේ නැත.


කැසැන්ඩ්‍රා ක්‍රොසින් චිත්‍රපටය සිහි ගන්වමින් අම්බලන්ගොඩ පැරෑළියේදී දුම්රියක් මුළු මණින්ම මුහුදුබත් විය. 1989න් පසු නැවත සමූහ මිනී වළවල් තැනුනේ සුනාමියටය.

දැන් වැදගත් වන්නේ පාඩම් ඉගෙන ගැනීමයි. අප නොදන්නා දේ ලෝකයේ තවත් සිදුවිය හැකිය. උදාහරණයක් ලෙස පිට සක්වළ ජීවීන් කණ්ඩායමක් අපට පහර දීමට හෝ ඉන්දියන් සාගරයට විශාල උල්කාපාතයක් කඩා වැටීමට හෝ එක පළාතකට පමණක් ඔක්සිජන් හිඟ වීමට හෝ දින හයක් හිරු එළිය නොලැබ යාමට හෝ ඉඩ කඩ නැතැයි කීමට අපි නොදන්නෝ වෙමු. එහෙත් කරුමය වී ඇත්තේ සුනාමියෙන් පසුව ඇති වූ උනන්දුව විසින් ලෝක බොරු පතුරුවන්නන්ට හොඳ අවකාශයක් නිර්මාණය වීමයි. දැන් “නාසා“ කී පමණින් දේව වචනයක් සේ විශ්වාස කරන්නට අපි සූදානම් ව සිටිමු. එහෙත් ඉස්සර දෙවියන් විකුණාගෙන කෑ එවුන් දැන් නාසා ආයතනය විකුණාගෙන කන්නට උත්සාහ කරති.

ඉහත කී වාර්තාව සකස් කර ඇත්තේ සුනාමියෙන් දින තුනකට පසුව අධ්‍යයනය කිරීම ආරම්භ කර තවත් දින හතරක ඇවෑමෙන්ය. එහි පස් වැනි පිටුවේ සඳහන් පහත කාරණයද අපේ අවධානයට යොමු විය යුතු බව සිතමි.
“සරණාගත කඳවුරු වල තත්වය“ යනුවෙන් වාර්තාවේ මෙවැනි අදහසක් දක්වා ඇත.
a.     අධ්‍යයන කණ්ඩායමේ අහඹු පරීක්ෂාවට ලක් වූ කඳවුරු එකකවත් ආණ්ඩුවේ මැදිහත් වීමක් දක්නට ලැබී නැත.
b.     ඉඳ හිට වූ කඳවුරක ග්‍රාම නිලධාරී තැන සිටිනු දක්නට ලැබී ඇත. සමහරවිට ග්‍රාමනිලධාරී හෝ ඔහුගේ කිට්ටුවන්තයකු සුනාමියට ගොදුරු වීම නිසා ඔහු එහි ගියා වීමටද ඉඩ ඇත. කෙසේ වුවද වාර්තාවේ දැක්වෙන්නේ ග්‍රාමනිලධාරීවරුන් සහන සැළසීමේ ක්‍රියා දාමය තුළ සිදු කළ කාර්ය භාරය නොසැළකිය හැකි තරම් කුඩා බවයි.
c.      කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් වූ සියළුම කඳවුරු ආගමික නායකයන් හෝ ස්වේච්ඡා ක්‍රියාකාරීන් විසින් පන්සල් පල්ලි හෝ පාසැල් තුළ පවත්වාගෙන යනු ලැබ ඇත.
d.     විපතට පත් වූවන් විසින් සරණාගත මධ්‍යස්ථාන ලෙස එම ස්ථාන වෙත ස්වේච්ඡාවෙන්ම රොක් වී ඇත්තේ ඒවා ආරක්ෂිත උස් ස්ථාන නිසා බව පෙනී ගොස් ඇත.
e.      සහනාධාර බෙදන වේලාවන්හිදී සරණාගතයින් සංඛ්‍යාව වැඩි වන ස්වභාවයක් දක්නට ලැබී ඇත. එයට හේතු ලෙස වාර්තාව සඳහන් කරන්නේ
                                                             i.      සරණාගතයන්ගේ ඉතිරි වී ඇති දේපළ කොල්ල කාගෙන යනු ඇතැයි බිය නිසා කැඩී බිඳී ගිය නිවෙස් වලට වී සිටින සරණාගතයන් ආධාර බෙදන අවස්ථාවලදී පමණක් කඳවුරු තුළට රොක් වන බව
                                                           ii.      සරණාගතයින් ලෙස පෙනී සිටින බොහෝ දෙනකු සත්‍ය වශයෙන්ම සුනාමියට ගොදුරු වූවන් නොවන මුත් අවස්ථාවෙන් පළ ලබාගැනීමට කඳවුරු ගත වන බව.
f.       සියළු කටයුතු කරගෙන යාමේදී හා සම්බන්ධීකරණයේදී දැඩි අපිළිවෙලක් දක්නට ලැබී ඇත.



2012-05-21

අවසානයේදී අප වෙතටද අසූචි .....

අවි ගත්තෝ අවියෙන්ම නැසෙතැයි කියමනක් තිබේ. මේ කියමන යළි සිහියට නැගුනේ කොටි ගැන මතක් වීමෙන් නොවේ. නවතම සන්නිවේදන මාධ්‍යය වූ වෙබ් පිටු සහ ඊ මේල් හරහා යහමින් කරගෙන යන යුද්ධයක් දැකීමෙනි. මේ නවතම යුද්ධය ආරම්භ වූයේ ශාප ලත් තිස් අවුරුද්දේ අවසානය සනිටුහන් වීමෙන් පසුව වීම අහම්බයක් නොවේ.
යුද්ධය අවශ්‍ය වන්නේ කාටද? ගල් යුගයේදී සතුන් දඩයම් කිරීමෙන් ජීවත් වූ වනචාරී මිනිසා ශිෂ්ටාචාරය වෙත ළගා වීමෙන් පසුවත්, ආයුධ සමග සෙල්ලම් කිරීම ජානමය පුරුද්දක් වූ බව පෙනේ. දියුණු ලෝකයේ මිනිසා දුනු ඊතල වෙනුවට අධි තාක්ෂණික ජීව නාශක උපකරණ භාවිතා කරන්නට පටන් ගත්තේ මේ ජානමය පුරුද්ද නිසාමදැයි කිව නොහැකිය.
කා සමග හෝ ආරවුලක්, ගැටුමක් ඇති කර නොගෙන සිටීම අසීරු කටයුත්තක්දැයි සිතෙන තරමටම වලියට බර මිනිස්සු අප අතර සිටිති. ඔවුනට සාමය යනු අතිශය වේදනාබර සංසිද්ධියකි. එක්තරා මහ මැතිවරණයකින් පසුව කෝ මොකවත් නෑනෙ කියමින් පාර අයිනට වී බලා සිටි අයකු මගේ සිහියට නැගෙයි. යම්තම් ඇති වන බහින් බස් වීමක් මහා ගැටුමක් බවට පත් කර එකකු දෙන්නකු පරලොව යාමෙන් පසුව නිමාවට පත්වනු බලා සතුටු වන්නෝ සිටිතැයි මට හැ‍ඟේ.
මේ අටුවාව කියා පෑවේ, පිරිබාහරන් නමැති ත්‍රස්තවාදියාගේ මරණයෙන් පසුව හදිසියේ මතු වූ ජාතිකාභිමානී ව්‍යාපාරයන් දැකීමෙන් ඇති වූ බියජනක හැඟීමක් නිසාය. තවත් විස්තර කරන්නේ නම්,  මේ රටේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් කථා කිරීමට අනගාරික ධර්මපාලයන් වලෙන් නැගිටුවාගෙන කෑගසන ජාත්‍යොන්මාදවාදීන් පිරිසක් බිහි වී සිටින බවත්, මෙරට ජීවත් වන අසිංහල අබෞද්ධයන් පිටුවාහල් කිරීමට හෝ මරා දැමීමට ඔවුන්ට වුවමනා වී ඇති බවත්, මේ සඳහා ඉතා සනීපදායක ලෙස පරිගණක තාක්ෂණය භාවිතා කරමින් ජනතාව කුපිත කිරීමට මේ අමනයන් දඟලන බවත්, අන්තර්ජාලයේ සිංහල වෙබ් පිටු දෙස බලා සිටින විට පෙනී යන නිසාය.
අතිශයින්ම ජුගුප්සාජනක වූ මේ ලිපි වලින් කියවෙන්නේ මෙරට ජීවත් වන අසිංහලයන් හා අබෞද්ධයන් සිංහලයන් හා බෞද්ධයන් විනාශ කිරීමට නිරන්තරයෙන්ම කටයුතු කරන බවත් එම නිසා, සිංහල ජාතිය සහ බෞද්ධාගම රැකගැනීමටනම් ඉහත කී කොටස් මෙරටින් තුරන් කළ යුතු බවත් ය.
ආගමන විගමන නීති රීති දැඩිව නොතිබුනු අතීතයේදී මේ දිවයිනට විවිධ ජාතීන්ට අයත් විවිධ ආගම් අදහන පිරිස් ගොඩබැස්සෝය. ඔවුන් මෙරට පැලපදියම් වූයේ ඇතැම් විට ස්වදේශිකයන්ගේ ආශීර්වාදයද ඇතිවය. කෙසේ වුවත්, කිසිම විදේශිකයකු මෙරටට ඇතුළු වූ වහාම ඔවුන් පිටුවාහල් කිරීමට ගන්නා ලද කිසිම උත්සාහයක් වාර්තාගත ඉතිහාසයේ දක්නට නැත. ආක්‍රමණිකයන් වශයෙන් සළකා ඇත්තේ දුටුගැමුණු රජතුමා විසින් පරාජය කරන ලද සොළී හමුදාවත්, සීතාවක රාජ්‍යය පැවැති කාලයේ සටන් කළ පරංගි හමුදාවත්, අනතුරුව මෙරටට ගොඩබට ඉංග්‍රිසි හමුදාවත් පමණකි. දෙමළ සහ මුස්ලිම් ජන කොටස් මෙරටට කවදා පැමිණියේදැයි කියා සටහනක්වත් නොමැත. ඒ කෙසේ වෙතත්, ගෙරි සමකින් වටවන බිම් ප්‍රමාණය භුක්ති විදීමට පරංගින්ට ඉඩ දුන් බවත්, ඉංග්‍රීසින්ට උඩරට රාජ්‍යය ගිවිසුමකින් පවරා දුන් බවත් ඉතිහාසය කියා දෙයි.
මේ හැරෙන්නට, ගජබා රජතුමා විසින් ඉන්දියාවට ගොස් දොළොස් දහසක් වූ පිරිසක් අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ බවත්, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවන ලද අවස්ථාවේ ඉන්දියානු කාර්මික කුළ දහ අටකට අයත් 210ක් පිරිස මෙහි පැමිණි බවත් ඉතිහාසයේ සඳහන් වී තිබේ. මෙසේ පැමිණි පිරිස වීසා කාල සීමාව නිම වෙද්දී ආපසු ගිය බවක්වත්, පාස්පෝට් එක වෙනුවට ජාතික හැඳුනුම්පතක් ලබා ගත් බවවත්, දැනගන්නට නැත.
දැන් මේ රටේ පුරවැසියන් බවට පත් වී සිටින ජාතීන් කීපයක් ඇත. ඔවුන්ගේ දෙමාපියන් ද ඒ දෙමාපියන්ගේ දෙමාපියන්ද උපත ලබා ඇත්තේ මේ රටේ ය. එසේ උපන් ඔවුන්ට මේ බිමේ ජීවත් වීමට අයිතියක් නැතැයි කිව හැක්කේ කුමන පදනමකින්ද?
ජාතියේ මුර දේවතාවුන්යැයි කියාගන්නා මේ යතුරුපුවරු සටන්කාමීන්ගේ තර්කය නම් මේ දිවයින තුළ වෙසෙන් සිංහල බෞද්ධ නොවන ජන කොටස් විසින්, විශේෂයෙන්ම මුස්ලිම් ජන කොටස් විසින් සිංහලයන්ගේ උරුමයන් විනාශ කරන බවත් බෞද්ධ උරුමයන් විනාශ කරන බවත් ය. එපමණකින් නොනැවතී වෙළඳ ව්‍යාපාර හරහා සිංහලයන්ගේ වස්තුව කොල්ල කමින් ජාතිය වඳ කිරීමට ටොපි දෙන බවත් ය.
මුහුදු මහා විහාරය වෙත යන මාර්ගය මුස්ලිමුන් විසින් අවහිර කරමින් තිබේ. කුරගල ආරණ්‍ය සේනාසනය තුළ ඉස්ලාම් ආගමික ස්ථානයක් ඉදි කර තිබේ. මහමෙවුනාවේ කැළෑබද ස්ථානයක සාදා තිබුනු පල්ලියක් මේ සිංහල බලවේගය විසින් විනාශ කරන ලදී. ගාලු කොටුවේ ද මොක්කදෝ එකක් සාදන බවට ඡායාරූප බෙදාහැර තිබුනු නමුත් දැන් ඒ ගැන සද්දයක් නොමැත. අළුත්ම සිද්ධිය වූයේ දඹුලු විහාරයට අයත් පූජා භුමිය තුළ ඉදි කළ බව කියූ පල්ලියයි.
යම් ආගමික උරුමයක් හෝ ජාතික උරුමයක් විනාශ කිරීමට තවත් ජාතියකට හෝ ආගමකට අයිතිවාසිකමක් නැති බව සත්‍යයකි. එහෙත් එසේ වන්නේ කෙසේද යන්න ගැන කවරකු විසින් හෝ සළකා බලා තිබේද? බෞද්ධයන් හෝ සිංහලයන් විසින් තමන්ගේ උරුමයන් නිසි ලෙස රැකබලාගෙන නඩත්තු කරමින් සිටියේ නම් ඉහත කී ව්‍යසනයන් සිදු වීමට ඉඩක් ලැබේද?
තමන්ගේ අතින් සිදුවිය යුතු යුතුකම අමතක කොට සිටින ‍සිංහල බෞද්ධයන්ට ජාතිය ගැන ආගම ගැන මතක් වන්නේ තවත් කෙනකු ඇවිත් තමන්ගේ ආගමික වැඩක් පටන් ගැනීමෙන් පසුවය. එක අතකින් වෙනත් ජාතීන් වෙනත් ආගමිකයන් මෙරට නොවන්නට සිංහලයන්, බෞද්ධයන් විසින් එකිනෙකා මරාගෙන මේ වන විටත් ජාතිය වඳ වී ආගම නැති භංගස්ථාන වී යන්නට ඉඩ තිබුනා නොවේද?
මේ සියල්ලට වඩා නින්දා කටයුතු දේනම් අනෙකුත් ආගම් වලට සහ ආගමික කතෘ වරුන්ට කුනුහරුපයෙන් බැණ වැදීමත් නින්දා කිරීමත් ය. එ‍සේ බැණ වැදීමේ තරම කෙතරම්දයත්, එම ජාත්‍යානුරාගී ලිපි කියවීමට දරුවන්ට ඉඩ දිය නොහැකි තත්වයක පවතී. එසේ වූ කළ දරුවන් තුළ ජාත්‍යානුරාගය ඇති කරවන්නේ කෙසේද? ආගමික හැඟීම් පුබුදුවාලන්නේ කෙසේද?
මෙම වැඩ පිළිවෙලේ තර්කානුකූල ප්‍රතිපල දැන් ඇති වෙමින් පවතී. මල මූසලයා නොහොත් උපාසක මහත්තයා යනුවෙන් තමන් හඳුන්වාගත් අයකු විසින් දැන් දැන් මේවාට පිළිතුරු ලියන්නට පටන් ගෙන තිබේ. ඒවාත් අර භාෂාවෙන්ම කරන අයුරු බලා සිටීමට අසීරුය. ඒත් කරන්නට දෙයක් නැත. අප ගල් වලින් පහර දෙද්දී ඔවුහු අපට ගල් වලින් ම පහර දෙති. අප අසූචි වලින් පහර දෙන විට ඔවුහු ද අසූචි වලින් පහර දෙති. අවසානයේ බුදුරජාණන් වහන්සේ වෙත අසූචි දමා ගසන්නට අප විසින් මාර්ගය පාදා දී තිබේ.

2012-01-15

වැල චිත්‍රපටි බලල තියෙනවද?

වැලක් කියන්නෙ එක දිගට, එකකට පස්සෙ එකක් තියෙන පද්ධතියක්.
ඒ වුනත් කොස් ගෙඩියක් ඉදුනට පස්සෙ හැදෙන වැල ගෙඩිය සළකල බලන කොට ඒ අර්ථ දැක්වීම වලංගු නැහැ.
එතකොට ගස් වැල්, රෙදි වැල්, බල්බ් වැල්, රතිඤ්ඤා වැල් යනාදිය වගේම කොල්ලන්ගෙ ඔළුවට එන වැල් වර්ගයක් තියෙනව. මං දන්නෙ නෑ මේ වචනය කෙල්ලන් සම්බන්ධයෙන් යෙදෙන්නෙ නැත්තෙ ඇයි කියල. කොටින්ම කියනවනං ඔය වැල් කියන එක භාවිතාවට ආවෙ කොහෙන්ද කියලත් මමනම් දන්නෙ නෑ. කවුරුවත් ඒක හොයල බලලත් නැද්ද කොහෙද මගෙ හිතේ.
ඉතින් ඉන්ටනෙට් තියා සීඩී ඩීවීඩී පවා භාවිතාවේ නොතිබුනු අපේ කාලෙ වැල් පොත් වැල් පත්තර සහ වැල චිත්තරපටි තමයි නැගල ගියෙ. සිංහල බ්ලොග් කීපයක්ම ලියවිලා තියෙනවනේ මේ වැල් පත්තර යනාදිය ගැන.මේ කියන්න යන්නෙ ඒ කතාවක්ම වෙනත් වචන වලින් නෙවෙයි. ඇත්තටම ඒ බ්ලොග් වල තියෙන දේවල් එක්ක අඩු වැඩි වශයෙන් සමාන අත්දැකීම් මටත් තියනව වුනත්.
ගොඩක් වෙලාවට බටහිර චිත්තරපටි වල වැල බහුලයි. ජනතාවට වැල පෙන්නීමෙන් සල්ලි හම්බ කිරීමේ පරමාර්ථයෙන්ම හදපු චිත්තරපටිත් තියනවනෙ. දැන් මේ වගේ චිත්තරපටියක ජවනිකාවක් තියෙනව කියල හිතමු කවුරුහරි කෙනෙක් ගෑනියකුට හරි කෙල්ලකට හරි ටෙලිපෝන් එකෙන් කතා කරන. මේ කෝල් එක ගන්න කෙනා මොන වෙලාවෙ කොහො ඉඳන් කතා කළත්, කෝල් එකට ආන්සර් කරන කාන්තාව ඒ වෙලාවෙ ඉන්නෙ බාත්රූම් එකේ. ඉතින් කෝල් එකට ආන්සර් කරනව පෙන්නන්න එපායැ. එහෙම පෙන්නනකොට වල් කොල්ලො ටෙලිපෝන් එක දිහා බලන්නෙ නැතුව අර කාන්තාවගෙ අංගෝපාංග දිහා තමයි බලන්නෙ.
ඒ කාලෙ නීතියක් තිබුනලු චිත්තරපටියකට නිරුවත් දර්ශනයක් ඇතුළු කරන්න පුළුවන් කතාවට අත්‍යවශ්‍යනම් විතරයි කියල. එහෙම නැතිව තියන නිරුවත් දර්ශන සෙන්සර් බෝඩ් එකෙන් කැපිල යනව. ඉතින් ටෙලිපෝන් කෝල් එකට ආන්සර් කරන එක පෙන්නුවෙ නැත්තං කතාව හරියට තේරුම් යන්නෙ නෑනෙ චිත්තරපටිය බලන කෙනාට. ඒ නිසා, ඒ කෑල්ල කපන්න බෑ.
ඒ වගේම තමයි සමහර චිත්තරපටි වල ලිංගික දර්ශන වලට අමතරව කාමෝද්දීපනය කරවන වෙනත් දර්ශන පුළුවන් තරම් ඇතුළත් කරන්න නිෂ්පාදකයො පෙළඹිලා තියෙන්නෙ වෙන මොකකටවත් නෙවෙයි සල්ලි ගරා ගැනීමට කියල පැහැදිළි වෙනව ඒ චිත්තරපටි බලද්දි.
ඒ වගේම තවත් චිත්තරපටි රැල්ලක් තිබුන (මේව ලංකාවෙ පෙන්නුවෙ නෑ මං හිතන්නෙ) වැසිකිළි කැසිකිළි දර්ශන අඩංගු වෙච්ච. පහුගිය කාලෙ ඊටීවී එකේ ගියෙ සෙක්ස් ඇන්ඩ් ද සිටි කතා සීරීස් එකේ මේ ලක්ෂණය තිබුන. මෙහෙ නොපෙන්නපු ටින්ටො බ්‍රාස් චිත්තරපටිවලත් ඒ වගේ. ටින්ටො බ්‍රාස් නං කවුරු හරි කෙල්ලක් ලව්වා මහ පාර මැද්දෙ හරි චූ කරවනවමයි.
දැනට අවුරුදු තිහකට විතර ඉස්සර ආව සිංහල චිත්තරපටියක්. ඒකෙ නම ම වැල්.මොකක්ද දන්නවද නම?
කිරි මදු වැල්.