අපි දැන් ටිකකට රාවණා රජ්ජුරුවො ගැන කතා කරන එක පැත්තකින් තියල අපේ සිංහල සංස්කෘතිය ගැන හිතල බලමු. අනිත් හැම ජනකොටසකගෙ වගේම අපේත් සංස්කෘතිය හැදිල තියෙන්නෙ අපේ රටට ගැලපෙන විදිහටයි. මේක මේ කලාපයේ වෙනත් රටවල සංස්කෘතියටත් අඩු වැඩි වශයෙන් සමානකම් දක්වනවා. එයට අමතරව, ආගම් වලින් සහ භාෂා වලින් සංස්කෘතිය කෙරෙහි ඇති වූ බලපෑම් තිබෙනව.
පසුගිය ලිපිය සහ එයට පෙර ලිපිය ඔබ දකින්නට ඇතැයි සිතනවා.
සිංහල භාෂාව බොහෝ දුරට සංස්කෘත සහ පාලි භාෂාවන්ට සමානකම් දක්වන අතරම එම භාෂාවන්ගෙන් ව්‍යුත්පන්න වුනු භාෂාවක් හැටියට සළකන්න පුළුවනි. සමානකම් දක්වන්නේ වචන වල රූපාකාරයන්ගෙන් සහ ව්‍යාකරණ යෙදෙන පිළිවෙල, වරනැගීම ආදී දේ ගැන සළකන විටයි.
ලෝකයේ තිබෙන භාෂාවන් ගැන සැළකීමේදී ප්‍රධාන වෙනස්කම් සහිත භාෂා පවුල් අපට හඳුනගන්න පුළුවනි. අපට වඩා හුරු බටහිර භාෂාව වන ඉංගිරිසිය ගැන හිතල බලමු. ඒ භාෂාවේ අපේ භාෂාවන්ට වඩා ප්‍රධාන වශයෙන් දකින්න පුළුවන් වෙනස් කම් දෙකක් තමයි, වාක්‍යයක් හැදෙන රටාව සහ අකුරු යොදා ගන්නා ආකාරය.
ඉංගිරිසි, ප්‍රංශ, පෘතුගීසි, ජර්මන් ආදී භාෂාවන් පාවිච්චි කරන්නෙ රෝමානු අකුරු වර්ග. ඒ වගේම, වාක්‍යයක් ලියද්දි කතෘ, ක්‍රියාව සහ කර්මය කියන පිළිවෙල තමා යොදා ගන්නෙ. ක්‍රියා විශේෂණය පවා යෙදෙන්නෙ ක්‍රියාවට පස්සෙ.
උදාහරණයක් හැටියට
මම ඉක්මණින් ගෙදර යනවා.
අයි ගෝ හෝම් ක්වික්ලි.
(මම යනව ගෙදර ඉක්මණින්.)
එතකොට අරාබි භාෂාවන්.
ඒ අය පාවිච්චි කරන්නෙ වෙනත් අකුරු වර්ගයක්. ලියන්නෙ දකුණෙ සිට වමට. වාක්‍ය හැදෙන පිළිවෙල ඉංගිරිසියෙ වගේ බොහෝ දුරට. (ගූගල් ට්‍රාන්ස්ලේටර් එකේ උදවුව ගත්ත චෙක් කරන්න)
තව තියනව, චීන සහ ජපන් වගේ භාෂාවන්.
ඒව ලියන්නෙ අකුරු වලින් නෙවෙයි සංකේත වලින්. වෙන් වෙන් වශයෙන් අකුරු ගලපගන්න අමාරුයි. හැබැයි වාක්‍ය ගැලපෙන්නෙ අපේ වගේම තමයි.
දැන් බලමු අපි සිංහල, දෙමළ, හින්දි වගේ භාෂාවන්.
මේ භාෂා සියල්ලෙම අකුරු වෙන වෙනම තියෙනව එක් එක් ශබ්දය සඳහා. ඒ කියන්නෙ “ප” අකුරෙන් කියවෙන ශබ්දය ගත්තොත් අකුරු දන්න ඕනැ කෙනෙක් ඔය අකුර දිහා බලල ප කියන ශබ්දය පිට කරනව. “පය” කියන වචනය කවුරුවත් වෙන විදිහකට කියවන්නෙ නෑ, පය ම තමයි.
අනිත් සමානත්වය තමයි, වාක්‍ය හැදෙන පිළිවෙල. මම නගරයට යමි. මේ භාෂා හැම එකකම වාක්‍ය හැදෙන්නෙ එහෙම්ම තමයි.
අපට පේන දේ
මේ කාරණ වලින් අපට පේන දේ තමයි, ලෝකෙ පුරාම මිනිස්සු ව්‍යාප්ත වුනාට පස්සෙ, භාෂාවන් හදාගන්න කාලෙ වෙනකොට, එක් එක් කලාපයන්වලට අනන්‍ය වූ ආකාරයකට තමයි භාෂාවන් සහ අකුරු හැදිල තියෙන්නෙ කියන එක. එතකොට, බටහිර එක් ආකාරයකටත්, මැද පෙරදිග තවත් ආකාරයකටත්, ඉන්දු උප මහාද්වීපීය කලාපයේ තවත් ආකාරයකටත්, චීනය පැත්තට වෙන්න තවත් ආකාරයකටත් භාෂාව වැඩිල තිබෙනවා.
දැන් අපි බලමු ඉන්දියානු කලාපයේ භාෂාවන් පැතිරිලා තියෙන්නෙ කොහොමද කියල.
ඉන්දියාවේ ප්‍රධාන වශයෙන් කුලක දෙකක් හඳුනාගන්න පුළුවන් භාෂා පවුල් වශයෙන්. උතුරු කොටස සහ දකුණු කොටස වශයෙන්. මේ දෙක අතර ලොකු වෙනස්කම් තිබෙනවා. උතුරු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ දේවනාගරී අක්ෂර හෝ එයින් බිඳී ගිය අක්ෂර භාවිතා කරමින්. දකුණු ඉන්දියානු භාෂාවන් ලියන්නෙ ද්‍රවිඩ භාෂා කුලකයේ අක්ෂර ආශ්‍රයෙන්.
මේ දේවනාගරී අක්ෂර සහ සිංහල අකුරු අතර තියෙන සමානකම් මේවායි.
අ ආ වගේ ස්වර තියෙනවා. ක ඛ ග ඝ යනාදී වශයෙන් මහාප්‍රාණ සහිත ව්‍යංජනාක්ෂර තියෙනවා. න ණ ල ළ භේදය තියෙනවා. ස්වර අනුව ව්‍යාංජනාක්ෂර යෙදීමට කොම්බුව, ඇලපිල්ල, පාපිල්ල, ඉස්පිල්ල ආදී දේවල් තියෙනවා. හැබැයි ඔවුන් හල් කිරීම පාවිච්චි කරන්නෙ අඩුවෙන්. ඒ වෙනුවට සාමාන්‍යයෙන් බැඳි අකුරු තමයි වැඩිපුර පාවිච්චි වෙන්නෙ.
වෙනස්කම් මොනවද? ප්‍රධාන වෙනස්කම, ඇදය. සිංහල භාෂාවේ විතරයි “ඇදය” තියෙන්නෙ. ඒකනෙ කුමාරතුංගයන් කට ඇද භාෂාව කියල සමහරු කියපු ක්‍රමේකට ලිව්වෙ. (ඒ ඇදයෙන් ගන්න පුළුවන් තේරුම වචන දෙක තුනක් නැතුව ගන්න බෑ.) අනිත් එක තමයි සඤ්ඤක අකුරු නැති එක.
දැන් බලන්න උඩ සටහන. හින්දි සහ රාජස්ථානි එකම අකුරු පාවිච්චි කරන්නෙ. ඒ අකුරු වලට කියන්නෙ “දේවනාගරී” කියලයි. ගුජරාති අකුරු හැදිල තියෙන්නෙ බොහෝ දුරට සමානව. අර හින්දි දේවනාගරී අකුරු වල උඩින් තියෙන හරස් ඉර නැති වුනාම ගුජරාති වෙනව වගේ ගතියක් තියෙනව. බෙංගාලි අකුරුත් සෑහෙන දුරට දේවනාගරී අකුරු වගේමයි.
දෙමළ, මලයාලම්, කන්නඩ හා තෙළිඟු භාෂාවන් ගැනෙන්නෙ දකුණු ඉන්දියානු භාෂාවන් වශයෙන්. මේ පහළින් තියෙන රූප සටහන බලන්න.
දෙමළ අකුරු සහ සිංහල අකුරු අතර සමානකම් බැලුවොත්, ස්වර වශයෙන් අ ආ ඉ ඊ උ ඌ යනාදිය තිබීම, ව්‍යංජන වලට පාපිලි ඉස්පිලි යොදා ස්වර අනුව යොදනවා. න ණ ල ළ භේදය ගොඩක් සැරට තියෙනවා.
වෙනස්කම් මේවායි. කොම්බු දෙකක් තියෙනවා කෙටි සහ දිග වශයෙන්. අපි කොම්බුව දික් කරගන්නෙ අකුරට හල් කිරීමක් යොදලනෙ. (තෙ කියන එක තේ කරන්න ත යන්නට හල් කිරීමක් දානවනෙ.) දෙමළ අකුරු වල ඒකට වෙනම කොම්බුවක් තියෙනව. අනිත් එක අපි වෛ කියල ලියන ඩබල් කොම්බුව වෙනුවටත් වෙනම තනි සංකේතයක් තියෙනව. උඩ රූපයෙ මලෛයාලම් කියල ලියල තියෙන හැටි බලන්න. ගූගල් ට්‍රාන්ස්ලිටරේෂන් එකේ මලයාලම් කියල ගහපුවහම ආවෙ මලෛයාලම් කියල. දෙමළ භාෂාවෙ එහෙම කේස් එකක් තියනව. රත්නපුර කියල කියන්න බෑ ඉරත්නපුරෛ වෙනව.දෙමළ භාෂාවෙත් “ඇදය” සහ සඤ්ඤක අකුරු දකින්නට බැහැ.
මලයාලම් භාෂාවෙ ය යන්න සහ ඇලපිල්ල අපේ වගේමයි නේද? කන්නඩ සහ තෙළිඟු අකුරුනම් ටිකක් හොල්මන්.
දැන් මේ විස්තර අනුව, සිංහල ජාතිය කෙසේ වුවත්, සිංහල භාෂාවේ අකුරු සහ උතුරු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධතාව සිංහල භාෂාවේ අකුරු සහ දකුණු ඉන්දියාවේ අකුරු අතර සම්බන්ධයට වඩා වැඩියි.
වචන හැදිල තිබෙන ආකාරය අනුවත් සිංහල දෙමළ සමානත්වයට වඩා සිංහල හින්දි සමානත්වය වැඩියි කියන්න පුළුවනි. ඒත් විභක්ති වරනැගීම වගේ දේවල් සිංහල භාෂාවෙදි ගොඩක් සරළයි.
ඒ අනුව නම් සිංහලයා ඉන්දු ආර්ය සම්භවයෙන් පැවතෙනව කියල කියන්න පුළුවන් වගේ.
(මතු සම්බන්ධයි)
රාවනා ගැන නම් දැන් අහලා තියෙනවා ගොඩාක් ඒක නිසා මේ වගේ ලිපියක් ලියපු එකනම් ඉතාමත් හොදයි. ඒ වගේම වැදගත් ලිපියක්. බූඩිට කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා. ඇත්තටම සිංහල කොච්චර ලස්සන භාෂාවක්ද? නේ?
ReplyDeleteසිංහලයෙ ලස්සන ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. ඒක කැත කරන්න විතරයි සමහර අය දන්නෙ.
Deleteමේ තව දෙයක් ඔය ලංකාවේ ප්‍රදේශීය ලෙස සිංහල භාවිතය වෙනස් වන ආකාරය ගැන ලියන්න පුලුවන් නම් මරුම මරු. ඇයි එහෙම උනේ, ලංකාව පොඩි රටක් නේ, බූඩි නම් දන් නෑ :)
ReplyDeleteප්‍රාදෙශීය ව්‍යවහාර ගැන ස්ටඩි කරමින් ඉන්නෙ මම. බලන්න
Deletehttp://palathe-bhasha.blogspot.com/
වැදගත් ලිපියක්... සිංහල භාෂාවේ සම්භවය ගැන දැනගන්න මමත් සෑහෙන්න වුවමනාවෙන් හිටියේ. මේ ලිපිය සරලව ඒ ගැන පැහැදිලිව කියලා තියෙනවා. ඇත්තටම අපේ සිංහල භාෂාව ගැන හරියට දන්නැති අය ඉංග්‍රීසියෙන් කඩු හරඹු පාද්දී තමන්ගේ හොඳ දේට පයින් ගහලා නේද කියලා අපේ අයට හිතෙන්නේ නැත්තේ ඇයි ද මන්දා ?
ReplyDeleteසිංහල කථා කරන්න ලේසියි, හැබැයි ව්‍යාකරණ ගැඹුරුයි. සංකීර්ණයි. ඒ වගේම ව්‍යක්තයි. ඉංග්‍රීසියේ ව්‍යාකරණ රීති ටික දැන ගත්තම ඉංග්‍රීසිය හරිම ලේසියි. තමන්ගේ ගැඹුරු භාෂාව ගැන වැඩිදුර හදාරන්නැතුව පර භාෂාවක් ගැන උපාධි ගන්න තමයි අපේ අය දඟලන්නේ. අඳෝමැයි !!!
ස්තුතියි මේ ලිපියට...! ජයවේවා !!!