2015-01-17

මෙන්න සිතියම

මේ සිතියම ඇඳල තියෙන්නේ පරිමාණයකට අනුවයි.

මේ සිතියමේ නිල් පාට බෝල වලින් නිරූපනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සංධානයෙන් ජනාධිපතිවරණයට තරග කළ පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතාට චන්දය දුන් අයයි.

දුඹුරු පාට බෝල වලින් නිරූපනය කරන්නේ නව ප්‍ජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කරපු මෛත්‍රිපාල සිරිසේන මහතාට චන්දය දුන් අයයි.

කහපාටින් අනිත් අපේක්ෂකයන් දහ අට දෙනාට චන්දෙ දීපු අයත්, චන්දෙ නොදීපු අයත්, චන්දය දෙන්න ලියාපදිංචි නොවුනු අයත්, එළුවෝ කුකුළෝ බල්ලෝ හරක් අලි වලස්සු ඉත්තෑවෝ කොටි (සිව්පා කොටි) නරි ආදී සියළුම සත්තුත් නිරූපනය කරන අතර ලා නිල් පාටින් මාළු ඇතුලු මුහුදු ප්‍රජාව නිරූපනය කරනවා.

ඉතින් මේක දිහා බලල රට අස්ථාවර වෙන හැටි ගැන අපටත් කියල දෙන්න.


4 comments:

  1. කො කහ පාට නෑනේ. මහින්දටයි මෛත්‍රීටයි අයිඩෙන්ටිකල් බෝල සෙට් දෙක ගනනේ තියෙන්නේ ඇයි, රිපීට් වෙලාද?

    ReplyDelete
  2. කහපාට බෝල නෙවෙයි. රටම කහ පාටයි.
    අයිඩන්ටිකල් බෝල දෙක ගානෙ දැම්මෙ හිතේ අමාරුව යන්නයි. එක බෝලයක් දැම්මම මෙච්චර චුට්ටයිද කියල හිතෙනවනෙ.

    ReplyDelete
  3. ජනාධිපතිවරණයකදි තීරණාත්මක වෙන්නෙ කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, මහනුවර, බදුල්ල, අනුරාධපුර, නුවරඑළිය කියන දිස්ත්‍රික්ක වල ප්‍රතිපල තමයි.
    බොරුවට රතුපාට ගාගන කෑ ගැහුවට අනිත් දිස්ත්‍රික්ක වලින් චන්ද කීයද ඇවිල්ල තියෙන්නෙ.

    ReplyDelete
  4. ප්‍රතිශතයට එක බෝලෙයි, ඡන්ද ගණනට එක බෝලෙයි නෙමෙයිද?
    මැප් එකේ රිසොලුෂන් වැඩියි වගේ. ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා.
    //කහපාටින් ...නිරූපනය කරනවා.// මේක තමා හිතට වැදුනම කොටස.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.