2015-01-08

අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමක් නොවේ


http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=13528:2015-01-07-03-57-21&catid=36:2011-10-17-04
මැතිවරණ නීතියට අනුව පසුගිය පස්වැනිදා මධ්‍යම රාත්‍රී දොළහෙන් පසුව අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම නීති විරෝධී වේ.  මේ ඉතිහාස පාඩමක් පමණකි.
















1996දී පමණ බ්‍රිගේඩියර් කොබ්බෑකඩුව සහ තවත් හමුදා නිලධාරීන් මරණයට පත් වුනේ යුද්ධය නිසාය.

ආර් ප්‍රෙමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න හා ලලිත් ඇතුළත්මුදලි යන දේශපාලනඥයන් මරණයට පත් වූයේ එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් හේතුවෙනි. චන්ද්‍රිකා කුමාරණතුංගගේ ඇහැක් නැති වුනේද, සරත් ෆොන්සේකාගේ බඩවැල් එළියට ආවේද එසේමය.
ජනමූල නායක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට  එල් ටී ටී ඊ එක එවැනි තර්ජනයක් හිරිහැරයක් කළේ නැත.

2003දී රනිල් වික්‍රමසිංහ ජනාධිපති වශයෙන් සාමය සඳහා ප්‍රයත්නයක් වශයෙන් එල් ටී ටී ඊ එක සමග ගිවිසුමකට එළැඹුනේය. එහිදී එල් ටී ටී ඊ එක අයුතු වාසි ලබාගත්තේ ය. එහෙත් ජාත්‍යන්තරය සමග එකතු වී රනිල් වික්‍රමසිංහ රට කැඩුවේ නැත.

සුනාමි සහන මණ්ඩලය කියා එකක් 2005දී ඇති කරන්නට ආණ්ඩුව උත්සාහ කළේය. ඒ වන විට මහින්ද රාජපක්ෂ මහතා එම ආණ්ඩුවේ අගමැති විය.

2005 මැතිවරණයේදී ඡන්දය වර්ජනය කරවීමට එල් ටී ටී ඊ එක ක්‍රියා කළේය. එයින් වාසිය අත් වූයේ මහින්ද රාජපක්ෂ මහතාටය. 2015දීද එල් ටී ටී ඊ එක එම ව්‍යායාමය දරණ බව ටැමිල් නෙට් බැලූ විට පෙනේ.

නාධිපතිවරණය ගැන උන්ගේ ස්ථාවරයද එහි පළ විය.

මහින්ද රාජපක්ෂ මහතා මුලින්ම ජනාධිපති පදවියට පත්වූයේ 2005දීය. එල් ටී ටී ඊ එක නට්ටං වන යුද්ධය පටන් ගත්තේ 2007දීය. 2005 සිට 2007 දක්වා............සිදු වූ දේ අපට අමතකය.

අවසාන යුද්ධය පටන් ගැනීමට පෙර කාලවලදී සාම සාකච්ඡා සඳහා මිස්ටර් ප්‍රබාහරන්ට ඩියර් සර් කියා අමතමින් ලිපි ලැබෙන්නට ඇත.

යුද්ධ කරන්නේ හමුදාවයි.
සාමය ඇති කරන්නේ ආණ්ඩුවයි.

තවම ලංකාවට ස්ථිරසාර වූ සාමයක් ලැබී නැති බවත් රට බෙදීමේ වෑයමක් තවම තිබෙන බවත් ආණ්ඩුව කියයි.

දැනට එල් ටී ටී ඊ නායකයා කේ පී නොහොත් කුමරන් පත්මනාදන් ය. (ඔහු දැන් ඉන්නේ ආණ්ඩුවේය). කේ.පී. මැලේසියාවේ සිටියදී ඉන්දියානු රජය ඔහුට මරණ වරෙන්තු නිකුත් කර තිබී ඇත.

ඒ 6 මාර්ගය මුලින්ම කාපට් කළේ 1977-1994 රජය කාලයේදී ය.
ඒ4 හා ඒ 7 මාර්ග කොටස් කාපට් කළේ 1994-2002 රජය කාලයේදීය.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ආරම්භ කළේ 1970-1977 සමගි පෙරමුණු රජයෙනි.

1948 සිට 2005 වන තුරු මෙරට පැවැති ආණ්ඩු පොල් ගගා සිටියේ නැත. ලෝකය දියුණු වීමත් සමග සංවර්ධනය කිරීම ඉක්මන් හා පහසු වී තිබේ.

5 comments:

  1. ගොන් පාට් කිය කියා කැද හැලියට කහින්නේ නැතිව ඉදපන් බං

    ReplyDelete
    Replies
    1. You have nothing to say, isn't that so. You are just barking.

      Delete
    2. මේ කතන්දර වලට පළමුවෙනි කොමෙන්ට් එක දාපු ඇනෝ වගේ “බුරන“ කට්ටියට උත්තර නැති වුනාම වෙන මොනව කරන්නද? ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කමක් තියනවනම් බල්ලෙක් වුනත් බුරන්නේ නැහැනෙ.

      Delete
  2. Replies
    1. සුනාමි ගැහිල්ල මතක් වෙනකොට ගත්ත ෆොටෝ එකක් වෙන්න ඇති උඩින්ම දාල තියෙන්නෙ.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.