2015-07-10

ටොයියකුගේ කතාවක්

වහලුන්ට ප්‍රශ්න පත්‍රයක් නමින් පහත සඳහන් ප්‍රශ්නාවලිය එළකිරියේ දක්නා ලදී.


• වීරෝධාර රණවිරු ජනක පෙරේරා ඝාතනයට යොදා ගත්තේ ශ්‍රීලනිප යේ උප සභාපති කරුණා අම්මාන් ගේ මරාගෙන මැරෙන කොටියෙක් ද?
• තමාට එරෙහිවන ඕනෑම කෙනෙකුට රජගෙදර දී ‘ගහලා දාන්න‘ යනුවෙන් කී පසු ඔහුව ඝාතනයට ලක්වන්නේද?
• සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග අධි ආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය වන්නේ ජනාධිපති ආරක‍්ෂක නිළධාරීන් අතින්ද?
• යෝෂිත ගේ අතහරින ලද පෙම්වතියට තානාපති සේවයේ තණතුරක් ලබාදුන්නේ කෙසේද?
• යෝෂිත ට තනතුරු ලබාදීම සඳහා නාවික හමුදාවේ බඳවා ගැනීමේ සුදුසුකම් වෙනස් කෙළේ කෙසේද?
• නීති විභාගයට පෙනී සිටි නාමල් ට පිළිතුරු ලිවීම සඳහා විදුහල්පතිගේ අනුදැනුම මත තනිව වෙනමම කාමර පහසුකම් ලබාදුන්නේ කෙසේද?
• ශිරන්තිගේ කාල්ටන් ළදරු පාසැල් ළමුන් සියල්ලන්ම ප්‍රධාන පාසැල්වලට ඇතුල් කරන බවට පොරොන්දු දී තිබේද?
• මහානායක හිමිවරුන් ගේ විරෝධය නොතකා දළදා මාලිගාව වටා මෝටර් රථ තරඟ පැවැත්වීමට නාමල් ට අවසර දුන්නේ කවුද?
• කොළඹ අගනගරය අක්‍රීය කරමින් රණවිරුවන් ලවා වැලිකොට්ට අද්දවමින් මත්පැන් සමග නළඟනන් යොදවා මෝටර් රථ ධාවන තරඟ පැවැත්වීමට නාමල් ට ඉඩ දුන්නේ කවුද?
• නාමල් ගේ මෙම තරඟවලදී නගර සභාවට අය විය යුතු විනෝද බදු කපා හැරීමට මහ ඇමති ප්‍රසන්න රණතුංග උපදෙස් දුන්නේ මොන නීතියකට අනුවද?
• කොටස් වෙළඳපොල මාෆියාව මෙහෙය වූ කල්ලියේ නායකත්වය ගෙන කටයුතු කළේ රාජපක‍්ෂ පුතුන් සහ සහෝදරයන් නොවේද?
• කතරගම බස්නායක තනතුර ඥාතිපුත්‍ර ශෂින්ද්‍රට ලබාදීම සඳහා නීති වෙනස් කළේ කවුද?
• තමන් ඝාතනය කිරීමට කොළඹට කොටියෙක් තම වාහනයෙන් ප්‍රවාහනය කල ජොන්ස්ටන්ට පවරා තිබූ නඩුව අක්‍රීය කර ඔහු දේශපාලන මඩකරියෙක් කරගත්තේ කවුද?
• කුඩු පිළිබඳ ඔත්තුකට ලන්සා ඇමතිගේ නිවස වැටලු පොලිසිය අක්‍රීය කිරිමට එසැණෙන් එම නිවසට ගිය විධායක ජනපති කවුද?
• එතනෝල් ගෙන්වන ජොනී, වසන්ත ලක‍්ෂ්මන්, ශෂීන්ද්‍රගේ බිරිඳ ලක‍්ෂිකා ගේ මාසිකව කොමිස් ලබාගන්නා රාජපක‍්ෂ කවුද?
• හාල්, පිටි, සිනි භූමිතෙල්, පරිප්පු, ඩීසල්, පෙට්‍රල් වලින් අධික බදු අයකරද්දී නාමල් ගේ ලැම්බොගිනි වාහන සඳහා බදු නිදහස් කළ ආඩම්බරකාර පාලකයා කවුද?
• කටුගෙයි කඩා රජකඩු හොරාගත් රාජපක‍්ෂ කන්ගැට්ටා කවුද?
• පාපැදියක් පමණක් හිමිව සිටි නාමල් ගේ රගර් පුහුණුකරු අසංක සෙනෙවිරත්න කෝටි ගණනක් වැය කර සන්ඩේ ලීඩර් පුවත්පත් ආතනය මිලදී ගත්තේ කෙසේද?
• ඩුබායි හි සාමාන්‍ය රැකියාවකට ගිය ලොකුලියන ඩුබායි හි කෝටි ගණනක් වැයකර ඉදිකල මැරියට් හෝටලයේ හිමිකරු වූයේ කෙසේද ? නියම හිමිකරු කවුද?
• තංගල්ල බේ හොටෙල් නිමල් පෙරේරා නමින් මිලදි ගත්තේ නාමල්ට ද?
• විරුද්ධවාදීන් සුදු වෑන්වලින් පැහැර ගැනීමත් ගෝඨා ගේ මිනී මෝරු ඇතිකිරීමත් අතර ඇති සම්බන්ධය කුමක්ද? පරදිනවාත් සමග ඒ මිනී මෝරුන්ට වූයේ කුමක්ද?
• රුහුණු විශ්වවිද්‍යාලයට නාමල් තමන් ඇසුරු කල ශිෂ්‍යාවක් තම අභිමතයට ඇතුලත් කිරීම බන්දුල ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵලයක්ද?

• යුධ සමයේ උතුරෙන් සොයාගෙන සරත් ෆොන්සේකා විසින් රජයට භාරදුන් රත්‍රං කිලෝ 500 ක් පමණ ශිරන්ති විසින් රෝයි ඩයස් ගේ බිරිය සමග එක්ව අළෙවි කළේ කාගේ අනුදැනුම මත ද?
• රගර් ක්‍රීඩකයා ගේ ඝාතනයට වගකිව යුතු යෝෂිතට නීතිය ක්‍රියාත්මක නොවන්නේ් මන්ද?
• රාජපක‍්ෂ පවුල් සමාජිකයන් ගේ අති භීෂිත දූෂණ කරලියට නොඑන්නේ මෛත්‍රී මහින්ද අතර සිදුවන රහසිගත හමුවීම් නිසාද?
• බැසිල් බිරිඳ පුෂ්පා රාජපක‍්ෂ පදනමට පෝට් සිටි සමාගමෙන් කෝටි ගණනක මුදල් බැර වුනේ කෙසේද?
• ශිරන්ති රාජපක‍්ෂ ගේ සිරිලිය බැංකු ගිණුමේ තිබෙන කෝටි ගණනක තැන්පතු මැදමුලන බූදලයද?
• රටට අපකීර්තියක් ගෙන දෙමින් හොර අවි ජාවාරමේ යෙදුන ගෝඨා ප්‍රමුඛ රාජපක‍්ෂ ඥාති හවුල යහපාලන නීතියෙන් ආවරණය වන්නේද ?

2015-06-07

නුවණ තිහේ ගමරාළ බයියා

සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්‍රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්‍ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි.

එකෝමත් එක කාලෙක ගමරාළ කෙනකු උන්නේය. මේ ගමරාළට දියණියක් ද උන්නාය. නිසි කළ වයස එළැඹුනු පසුවත් දියණිය කොල්ලෙකු එක්ක සෙට් වුනේ නැති බැවින් දීග දෙන්නට සුදුසු තරුණයෙක් හොයා දෙන ලෙස ගමරාළ විසින් කපුවන්ට දන්වන ලදී.

මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නට නම් ඔහු සතුව ඥාණයන් තිස් දෙකක් තිබිය යුතු බව මොකක්දෝ බණ පොතක තිබී කියවා ඇති ගමරාළ කපුවන්ට විශේෂයෙන්ම සඳහන් කළේ යෝජනා කරන මනමාලයන්ට නුවණ තිස් දෙකක් තිබිය යුතු ම බවය.

සියල්ල දත් කපු මහත්තුරු “ඕකේ“ කියා වැඩේ භාරගත්තා මිස මොකක්ද මේ නුවණ තිස් දෙක කියා ඇසුවේ නැත. ඒ කපුවන්ගේ හැටි ය. ඔවුන් තමන් නොදන්නා දෙයක් අසා දැනගන්නා ජාතියේ එවුන් නොව තමන් දන්න දේත් නොදන්න දේත් අනුන්ට කියා දෙන ජාතියේ එවුන් ය. අවාසනාව නම්, බණ පොතේ කියා තිබුනු නුවණ තිස් දෙක මොනවාද කියා ගමරාළ ගොයියාටත් කිසිම මතකයක් නොතිබීමයි.

නුවණ තිස් දෙකේ මනමාලයන් සෙවීම කපුවන්ට කළ නොහැකි විය. ගේන ගේන එකාගෙන් ගමරාළ අහන පළමුවැනි ප්‍රශ්නය වූයේ නුවණ කීයක් තිබෙනවාද යන්නයි. එහෙම ප්‍රශ්නයකට උත්තර දන්න එකෙක් හොයාගැනීමට හැකි වූයේ නැත. දැන් දැන් කෙල්ල ගෙදරට නාකි වී ගෙන එයි. මේ නොකෙරෙන දීගයකට මනමාලයන් හෙවීමෙන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් නිකරුණේ වැය වන බව තේරුම් ගත් කපුවෝ ද ගමරාළ මගහරින්නට පුරුදු වූහ.

මේ අතරතුරේදී කපටි කමින් වැඩි එක්තරා කපුවකු පැමිණ ගමරාළට අමුතු යෝජනාවක් කළේය. ඒ මෙසේය.

“ගම මහත්තයෝ, නුවණ තිස් දෙකේ කොල්ලො මේ කාලෙ හොයන්න අමාරුයි. හිටියත් උන් අපි එනකන් ඉන්නෙ නෑ, හොඳ ළමිස්සියක් හොයාගෙන එක් තැන් වෙනව. මට හම්බවුනා ඉලන්දාරියෙක්. හැබැයි මිනිහට තියෙන්නෙ නුවණ තිහයි. මේ දැරිවිත් ගෙදරට නාකි වෙන එකේ ඔය සුළු අඩුපාඩුව ගැන නොහිතා ඒක කරළ දාමුද?“

කපුවාගේ කතාව ඇත්තක් බව ගමරාළටත් වැටහුණේය. තවත් බලා සිටීම මෝඩ කමකි. වැඩේ තීන්දු විය.

**************************************************************************

දියණිය දීග දීමෙන් දින කීපයකට පසුව ගම දෙමහල්ලෝ දියණිය සහ බෑණා බලන්නට ගියෝය. ගෙදර ඉස්තෝප්පුවේ ඇණබකවාගෙන සිටිනා බෑණා ගමරාළට දුර තියාම දකින්නට හැකි විය.

“අපි පිටත් වුනු වෙලාව හොඳයි, බෑණන්ඩියත් අද ගෙදරට වෙලා ඉන්නෙ“ ගමයා පැවසීය.

“අනේ වාසනාවන්“ ගම හාමිනේද පිළිතුරු බැන්දාය.

ගෙදරට ගොඩ වූ ගම ජෝඩුව දුටුවේ කණස්සලයෙන් සිටිනා දියනියයි.

“ඇයි දරුවො කණගාටුවෙන්“

“අප්පච්චිලා කොරන්නෙ හරිම වැඩ තමයි. මාව මේ බන්දල දීල තියෙන්නෙ නිකමෙකුටනෙ. උදේ ඉඳන් රෑ වෙනකන් උඩ බලාගෙන ඉන්නවා. මෙලොව වැඩක් කොරන්නෙ නෑ. මං මේ හේන ටිකක් එළි පෙහෙළි කරල දැම්ම මොනවහරි හිටවගන්න එපායැ අල බතල ටිකක්වත්.“

වැඩේ අස්පට් බව දැනගත් ගමරාළ කෙළින්ම ගියේ කපුවා හමුවීමටය.

“මං කිව්වනෙ ගම මහත්තයෝ මිනිහට නුවණ දෙකක් අඩු බව. ඉතින් එ වුනාට තමුන්නැහැ කැමති වුනා නොවැ?“

“ඉතින් බං දෙකයිනෙ අඩුයි කිව්වෙ. තියන එව්ව තිහෙන් මොනව හරි කරන්න බැරුවයැ.“

“මේකනෙ ගම මහත්තයො වැඩේ. මිනිහගෙ අඩුපාඩු නුවණ දෙක මොනවද කියල දන්නවද?
මිනිහ හිතල මතල යමක් කරන්නෙ නෑ.
මිනිහට කවුරුවත් කියන දෙයක් මිනිහා කරන්නෙ නෑ.
ඔය දෙක ඇරුණම මිනිහගෙ වෙන අඩුපාඩුවක් නෑ“

ඔන්න ඕකයි කතාව.

හැබෑට පෙඩරල් කියන්නෙ පෙට්රල් වගේ ජාතියක්ද?
“රට ගිනි තියන පෙඩරල් යෝජනා“ කියල පත්තරේක තිබුන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$$$$$$$$$$$$$$$$

පින්තූරය ගත්තෙ http://www.sinhalajanakavi.com/2012/08/blog-post.html අඩවියෙන්.
ලින්ක් එක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipnUV1gg1D9E-6TUwaUGi2UrAQIu2Wah3DIivlZepbDzlGyL0Yw_haHSruF-iv8EuwSKA-gPBSmD3lcqgrYEQrC0gY6hBf1mZxqdVxm_u_Fqy8huwAHlVUos8g2CcYLru27NZXN4vJEzY/s1600/fun7.jpg