අද වන විට මුළු ලෝකය පුරාම එක සේ ව්‍යාප්තව ඇති චාරිත්තර කිහිපයෙන් එකක් නම් අප්‍රේල් පළමුවැනිදාට කවරකු හෝ ගොනාට අන්දවා සතුටක් ලැබීමයි. මෙලෙසින් කරනු ලබන විහිළු සමහර විටදී කණගාටුදායක් සිද්ධීන් වලින් අවසන් වනු ඇසිය හැකිය. කෙසේ වුවත්, මේ චාරිත්‍ර යේ ආරම්භය ගැන විවිධ මති මතාන්දර පවතින බව සොයාබැලීමේදී පෙනී යයි.
මේ මති මතාන්තර කෙසේ වුවත්, අප්‍රේල් විහිළු සංකල්පය ද මුලින්ම ලොවට ඉදිරිපත් කළේ රාවණා රජතුමා විසින්යැයි යන්න අප්‍රේල් පළමුවැනිදාවකදීවත් නොකිවයුතු කතාවකි.
මා එළෙස කීවේ ලෝකයේ ඉදිරිපෙළේ ඇති සියල්ලම රාවණා රජතුමාගේ නිෂ්පාදනයන් බව කියා සිටින පික‍්ෂු බල සේනාව ගැන සිහිපත් වීම නිසාය. එහෙත් මේ කතාව ගැනත් විමසිල්ලෙන් සළකාබැලීම වටින බව පැහැදිළිව කිවයුතුය.
ශ්‍රී ලංකා රාජාවලියේ ක්‍රිස්තු වර්ෂ 44 සිට 52 දක්වා පාලනය කළේ ඉලංග රජුගේ පුත්‍රයා වූ චන්දමුඛ රජුගෙන් ඔහුගේ සොහොයුරා වූ යසලාලක තිස්ස රජතුමා බලට අතට ගත් ආකාරය ගැන විස්මය දනවන සුළු කතාවක් කණ්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි රජමහ විහාරයක කළ පුරාවිද්‍යා කැණීමකදී සොයාගන්නා ලද සෙල්ලිපියක සටහන් වී තිබේ.
යසලාලකතිස්ස රජතුමා මෙරට රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 52 සිට 60 දක්වා කාලය තුළය. ඒ රජතුමාගෙන් පසුව බලයට පත් වූයේ සුබයා නමැති දොරටුපාලයා බව කවුරුත් දන්නා කතාවකි. සුබයාගේ රජවීම කොයි හැටි වුනත් ඔහු ලංකාධිපති වී සිටියේ ද අවුරුදු හයක පමණ කාලයකි.
සුබයා රජ වුනේ යසලාලක තිස්ස රජතුමා විසින් කරන ලද විහිළුවක් නිසා ය. (මේ විහිළුව අප්‍රේල් පළමුවැනිදාවක කළ බවට තොරතුරත් සොයාගැනීමට නැත.) ලොකු දෙයක් බලන්නට පැමිණ බලාපොරොත්තු කඩකරගෙන යාමෙන් මගේ විහිළුව සම්පූර්ණ විය.
2014-04-01
2014-03-30
පළාත් සභා මැතිවරණයේ සැබෑ ජයග්‍රාහකයා
බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණ 2014 මාර්තු 29 දින පැවැත්විනි. මේ වන විට ඒවායේ අවසන් ප්‍රතිපල නිකුත් වී ඇත.
මේ මැතිවරණයේදී තමනට පසුගිය වතාවන්වලදීට වඩා වැඩියෙන් ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද, පසුගිය මැතිවරණයේ ප්‍රතිපල අමතක කර දමා තරගකාරී අනින් පක්ෂ අභිබවා තමන්ට ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද අපට අසන්නට ලැබේ.
එහෙත්,මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව ගැන කිසිවකුත් කිසිවක් කියන්නේවත් ලියන්නේවත් නැත.
බ්ලොග් ලෝකය තුළ මාතලන් සහ තවත් අය විවිධ අනාවැකි පළ කළහ. සමහර ඒවා විශ්ලේෂණාත්මක විය. එමෙන්ම හාස්‍යජනක අනාවැකිත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක අනාවැකිත් පළ වී තිබෙනු දක්නා ලදී. එම අනාවැකි වලින් සමහර විශ්ලේෂණාත්මක අනාවැකි බොහෝ දුරට සත්‍ය වී ඇති බව ප්‍රතිපල දෙස බැලීමේදී පෙනී යයි.
කෙසේ වුවත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති ප්‍රතිශතය සහ මැතිවරණයේ ජයග්‍රහණය ලත් කණ්ඩායම ලබා ඇති ඡන්ද ප්‍රතිශතය දෙස විමසා බලන ලෙස ඔබට ආරාධනා කිරීමට කැමැත්තෙමි.
මේ අය,
ඡන්දය දෙනවාට වඩා වැදගත්යැයි සිතන වෙනත් වැඩක් නිසා හෝ,
කොහොමටත් එජනිස දිනන නිසා හෝ
ඡන්දය දමා නැත.
උන්ගේ ඡන්දය වෙන එකෙක්වත් දමා නැත.
මේ මැතිවරණයේදී තමනට පසුගිය වතාවන්වලදීට වඩා වැඩියෙන් ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද, පසුගිය මැතිවරණයේ ප්‍රතිපල අමතක කර දමා තරගකාරී අනින් පක්ෂ අභිබවා තමන්ට ඡන්ද ලැබී ඇතැයි උදම් අනන්නෝද අපට අසන්නට ලැබේ.එහෙත්,මැතිවරණයේදී ඡන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව ගැන කිසිවකුත් කිසිවක් කියන්නේවත් ලියන්නේවත් නැත.
බ්ලොග් ලෝකය තුළ මාතලන් සහ තවත් අය විවිධ අනාවැකි පළ කළහ. සමහර ඒවා විශ්ලේෂණාත්මක විය. එමෙන්ම හාස්‍යජනක අනාවැකිත් ජ්‍යොතිෂ්‍ය විද්‍යාත්මක අනාවැකිත් පළ වී තිබෙනු දක්නා ලදී. එම අනාවැකි වලින් සමහර විශ්ලේෂණාත්මක අනාවැකි බොහෝ දුරට සත්‍ය වී ඇති බව ප්‍රතිපල දෙස බැලීමේදී පෙනී යයි.
කෙසේ වුවත්, ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇති ප්‍රතිශතය සහ මැතිවරණයේ ජයග්‍රහණය ලත් කණ්ඩායම ලබා ඇති ඡන්ද ප්‍රතිශතය දෙස විමසා බලන ලෙස ඔබට ආරාධනා කිරීමට කැමැත්තෙමි.
මේ අය,
ඡන්දය දෙනවාට වඩා වැදගත්යැයි සිතන වෙනත් වැඩක් නිසා හෝ,
කොහොමටත් එජනිස දිනන නිසා හෝ
ඡන්දය දමා නැත.
උන්ගේ ඡන්දය වෙන එකෙක්වත් දමා නැත.
Subscribe to:
Posts (Atom)