සිරිකොතේ අතුගාන එකාගේ නමවත් දන්නේ නැති, කාත්තනකුඩි ප්‍රා දේශීය සභාවේ සභාපතිගෙ නමවත් දන්නෙ නැති මගේ දේශපාලන දැනුම ඉතා අල්ප බව ඇනෝ කෙනකු විසින් දිගින් දිගටම පෙන්වා දීම නිසා, තවදුරටත් දේශපාලන කාරනාවල් ගැන ලියන එක සුදුසු නැති බව තේරුම් ගෙන සාමාන්‍ය කතාවක් ලියන්නට කල්පනා කළෙමි.
එකෝමත් එක කාලෙක ගමරාළ කෙනකු උන්නේය. මේ ගමරාළට දියණියක් ද උන්නාය. නිසි කළ වයස එළැඹුනු පසුවත් දියණිය කොල්ලෙකු එක්ක සෙට් වුනේ නැති බැවින් දීග දෙන්නට සුදුසු තරුණයෙක් හොයා දෙන ලෙස ගමරාළ විසින් කපුවන්ට දන්වන ලදී.
මනුස්සයෙක් සම්පූර්ණ වෙන්නට නම් ඔහු සතුව ඥාණයන් තිස් දෙකක් තිබිය යුතු බව මොකක්දෝ බණ පොතක තිබී කියවා ඇති ගමරාළ කපුවන්ට විශේෂයෙන්ම සඳහන් කළේ යෝජනා කරන මනමාලයන්ට නුවණ තිස් දෙකක් තිබිය යුතු ම බවය.
සියල්ල දත් කපු මහත්තුරු “ඕකේ“ කියා වැඩේ භාරගත්තා මිස මොකක්ද මේ නුවණ තිස් දෙක කියා ඇසුවේ නැත. ඒ කපුවන්ගේ හැටි ය. ඔවුන් තමන් නොදන්නා දෙයක් අසා දැනගන්නා ජාතියේ එවුන් නොව තමන් දන්න දේත් නොදන්න දේත් අනුන්ට කියා දෙන ජාතියේ එවුන් ය. අවාසනාව නම්, බණ පොතේ කියා තිබුනු නුවණ තිස් දෙක මොනවාද කියා ගමරාළ ගොයියාටත් කිසිම මතකයක් නොතිබීමයි.
නුවණ තිස් දෙකේ මනමාලයන් සෙවීම කපුවන්ට කළ නොහැකි විය. ගේන ගේන එකාගෙන් ගමරාළ අහන පළමුවැනි ප්‍රශ්නය වූයේ නුවණ කීයක් තිබෙනවාද යන්නයි. එහෙම ප්‍රශ්නයකට උත්තර දන්න එකෙක් හොයාගැනීමට හැකි වූයේ නැත. දැන් දැන් කෙල්ල ගෙදරට නාකි වී ගෙන එයි. මේ නොකෙරෙන දීගයකට මනමාලයන් හෙවීමෙන් තමන්ගේ කාලයත් ශ්‍රමයත් නිකරුණේ වැය වන බව තේරුම් ගත් කපුවෝ ද ගමරාළ මගහරින්නට පුරුදු වූහ.
මේ අතරතුරේදී කපටි කමින් වැඩි එක්තරා කපුවකු පැමිණ ගමරාළට අමුතු යෝජනාවක් කළේය. ඒ මෙසේය.
“ගම මහත්තයෝ, නුවණ තිස් දෙකේ කොල්ලො මේ කාලෙ හොයන්න අමාරුයි. හිටියත් උන් අපි එනකන් ඉන්නෙ නෑ, හොඳ ළමිස්සියක් හොයාගෙන එක් තැන් වෙනව. මට හම්බවුනා ඉලන්දාරියෙක්. හැබැයි මිනිහට තියෙන්නෙ නුවණ තිහයි. මේ දැරිවිත් ගෙදරට නාකි වෙන එකේ ඔය සුළු අඩුපාඩුව ගැන නොහිතා ඒක කරළ දාමුද?“
කපුවාගේ කතාව ඇත්තක් බව ගමරාළටත් වැටහුණේය. තවත් බලා සිටීම මෝඩ කමකි. වැඩේ තීන්දු විය.
**************************************************************************
දියණිය දීග දීමෙන් දින කීපයකට පසුව ගම දෙමහල්ලෝ දියණිය සහ බෑණා බලන්නට ගියෝය. ගෙදර ඉස්තෝප්පුවේ ඇණබකවාගෙන සිටිනා බෑණා ගමරාළට දුර තියාම දකින්නට හැකි විය.
“අපි පිටත් වුනු වෙලාව හොඳයි, බෑණන්ඩියත් අද ගෙදරට වෙලා ඉන්නෙ“ ගමයා පැවසීය.
“අනේ වාසනාවන්“ ගම හාමිනේද පිළිතුරු බැන්දාය.
ගෙදරට ගොඩ වූ ගම ජෝඩුව දුටුවේ කණස්සලයෙන් සිටිනා දියනියයි.
“ඇයි දරුවො කණගාටුවෙන්“
“අප්පච්චිලා කොරන්නෙ හරිම වැඩ තමයි. මාව මේ බන්දල දීල තියෙන්නෙ නිකමෙකුටනෙ. උදේ ඉඳන් රෑ වෙනකන් උඩ බලාගෙන ඉන්නවා. මෙලොව වැඩක් කොරන්නෙ නෑ. මං මේ හේන ටිකක් එළි පෙහෙළි කරල දැම්ම මොනවහරි හිටවගන්න එපායැ අල බතල ටිකක්වත්.“
වැඩේ අස්පට් බව දැනගත් ගමරාළ කෙළින්ම ගියේ කපුවා හමුවීමටය.
“මං කිව්වනෙ ගම මහත්තයෝ මිනිහට නුවණ දෙකක් අඩු බව. ඉතින් එ වුනාට තමුන්නැහැ කැමති වුනා නොවැ?“
“ඉතින් බං දෙකයිනෙ අඩුයි කිව්වෙ. තියන එව්ව තිහෙන් මොනව හරි කරන්න බැරුවයැ.“
“මේකනෙ ගම මහත්තයො වැඩේ. මිනිහගෙ අඩුපාඩු නුවණ දෙක මොනවද කියල දන්නවද?
මිනිහ හිතල මතල යමක් කරන්නෙ නෑ.
මිනිහට කවුරුවත් කියන දෙයක් මිනිහා කරන්නෙ නෑ.
ඔය දෙක ඇරුණම මිනිහගෙ වෙන අඩුපාඩුවක් නෑ“
ඔන්න ඕකයි කතාව.
හැබෑට පෙඩරල් කියන්නෙ පෙට්රල් වගේ ජාතියක්ද?
“රට ගිනි තියන පෙඩරල් යෝජනා“ කියල පත්තරේක තිබුන.
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$$$$$$$$$$$$$$$$
පින්තූරය ගත්තෙ http://www.sinhalajanakavi.com/2012/08/blog-post.html අඩවියෙන්.
ලින්ක් එක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipnUV1gg1D9E-6TUwaUGi2UrAQIu2Wah3DIivlZepbDzlGyL0Yw_haHSruF-iv8EuwSKA-gPBSmD3lcqgrYEQrC0gY6hBf1mZxqdVxm_u_Fqy8huwAHlVUos8g2CcYLru27NZXN4vJEzY/s1600/fun7.jpg
2015-06-07
2015-03-09
නෝනට ඉතින් ඉටිපන්දම තමා (18+ කවි)
හිමිදිරියේදි ඔක්කාරය ඇතිවීම
පණ නැති ගතිය සහ දෙකකුල් ඉදිමීම
ඇති වන නිසා එක දවසක උදයේම
දොස්තර වෙත ගියා ඇය, හිමි සමගින්ම
පෙනෙනා ලෙසින් ඔබහට රෝගයක් නැත
එනමුත් මවක් වන්නට එන ලකුණු ඇත
යොමු වූවොතින් යූරින් ටෙස්ට් එකක් වෙත
දැනගත හැකිය සැකයක් නොමැතිවම සිත
සැනසී දොස්තරගෙ වැදගත් උපදේසෙන්
දෙදෙනා ගියා ලැබ් එකකට අධි වේගෙන්
සාම්පලය දීලා ආවේ විගසින්
රිපෝට් එක පසුදින ගන්නා අටියෙන්
ඇඹණිය ගෙදර රඳවා සුපුරුදු විලසින්
රස්සාවට යන විට නගරය මැද්දෙන්
ගොඩ වීලා ලැබ් එකටත් කතහනියෙන්
ගත්තා ප්‍රතිපලේ ගෙවලා බිල මුදලින්
රිපෝට් එක බැලුවා දොස්තර මහතා
කණ්ණාඩිය නළලේ මැද්දට ගත්තා
සතුටු වෙන්න පුළුවනි මින් ඔබට ඉතා
ඔබ වෙන්නැති නේද දරුවගෙ තාත්තා
පොසිටිව් කියා ලියලා තියනව මේකේ
දැන් තියනවා පොඩි බඩකුත් මාස දෙකේ
වහා ගිහින් නගර සභා ක්ලිනික් එකේ
රෙජිස්ටර් වුනේ නැත්නම් වැටෙයි දුකේ
සති දෙකකට වරක් එයි මිඩ් වයිෆ් කෙනෙක්
මාසයකට වරක් යන්නට වෙනව ක්ලිනික්
දෙනවා ත්‍රිපෝෂත් තව විටමින් පෙත්තක්
මේවා නොගෙන ඉන්නා එක මෝඩ කමක්
විස්තර සියල්ලම රඳවාගෙනම හිතේ
හාෆ් ඩේ එකට අත්සන් කළා පොතේ
කෝල් එකක් හනි හනිකට අරගත්තේ
දන්වන්නයි වයිෆ්ට මෙහි ඇති තත්තේ
මාස දෙකක් ගත වී ඇති බව බඩට
කළබල කළා හිත ඇයගේ තරමකට
ගියහොත් නගර සභාවෙ සායනයකට
වෙනවා ඩොක්ටගෙන් හොඳ හැටි අහගන්ට
ඉන්නා විටදි ඒ ගැන කල්පනාවේ
දුරකතනයයි නැවතත් මහ හඬ ලෑවේ
රිසීවරය ගෙන හලෝ කියා කීවේ
පොඩ්ඩක්වත්ම හොඳ සිහියක් ඇතිව නොවේ
නගර සබාවේ එකවුන්ටන් මමය
කෝල් කළේ මතකය යළි ගෙනෙන්නය
හැමදාමත් කරනා මෙම ප්‍රමාදය
ඔබනම් මින් පසුව නවතා ගතයුතුය
දැනටත් මාස දෙක පසුවී ඇත බිලට
රාජකාරි කරන්න වෙනවා අපට
දන්වා සිටින්නයි කතා කළේ නුඹට
හෙට මං කියන්නම් ඔබ වෙත එන්න කියා
ඔහුට කියා දුන්නොත් විස්තරය ඔයා
කළ යුතු දේ කරාවි වැඩි දවස් නොයා
* ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * ** * **
නෝනා කිවු කතාව ගැන කලබලයෙන්
නගර සබාවට ගිය ඔහු හිමිදිරියෙන්
අල්ලාගෙන එහි සිටිනා එකවුන්ටන්
ඇහුවා දිගට හරහට ඒ ගැන මෙලෙසින්
අතපසු වීමකට ඇයි මුදලක් ගන්නේ
මේ වගෙ සිද්දි ඇයි හැම තැන පැතිරෙන්නේ
මාස දෙකේ කතාව කොහොමද දන්නේ
යම්තම්වත් නෑ මටනම් වැටහෙන්නේ
කොම්පියුටරෙන් ඒ සියල්ල පෙන්වන්නේ
කීවත් නොකීවත් ඒ දෙය ඇත්තක්නේ
තවදුරටත් කතාව වැඩකට නැහැනේ
මුදල් ටික ගෙවා දැම්මම ඉවරයිනේ
මේ නම් පුදුම සිදුවීමක් බව නිසැකයි
ඔබගේ කතාවත් බොහෝම සැර පරුෂයි
මේ දින වලදි අප හට අග හිඟ බොහොමයි
මුදල් ගෙවන්නට ක්‍රමයක් නැතුවාමයි
මේවා ගැන කළින් හිතන්නයි තිබුනේ
ඔබ දැන් පොඩි බබෙක් වාගෙයි හැසිරෙන්නේ
නොගෙව්වොත් කපන්නයි මට සිදුවන්නේ
නැවතත් මෙහෙම දේවල් නොකරන ලෙසිනේ
අයියෝ මේක අසාධාරණයි නේද
කැපුවට පස්සෙ ඇය අසරණ වෙන්නැද්ද
ජීවිතයක් අඳුරු කළහම පව් නැද්ද
ඕකට වෙන විකල්පයක් කියනවද
විකල්ප ගැන අපිද කියන්නට ඕනා
ඒවා ගැන දන්නව ඔබගේ නෝනා
කැමති වෙයි අඩු මිලට කඩවල් වල තිබෙනා
ඉටිපන්දම් ගහගන්නට එක හිතිනා
Subscribe to:
Posts (Atom)
