2012-11-25

උපුටා ගැනීමකි - කතෘ අඥාතයි



උපුටා ගැනීමකි - කතෘ අඥාතයි
(මල් වඩම් අනවශ්‍යයි)

පිටරට ගිහින් ආපු ගමන් පොරක් වයිෆ්ගෙන් අහනවලු, “ඒක නෙවෙයි අනේ, මං නිකං පිටරට කෙනෙක් වගේද පේන්නෙ ඈං?”
“න්නැහ්, ඇයි ඔයා එහෙම ඇහුවෙ?”
“නෑ නෑ. මං ලන්ඩන් වල ඉන්නැද්දි එහේ ලේඩි කෙනෙක් එකපාරම මගෙන් ඇහුවනෙ මං පිටරටකින් ආවද කියල?”

සංචාරකයෙක් අහනවා ගැමියෙකුගෙන් මෙහෙම.
“මේ ගමේ කවුරුහරි ශ්‍රේෂ්ට පුදගලයෙක් ඉපදිලා තියනවද?”‍‍
“අපෝ නෑ... මෙහෙ උපදින්නෙ පොඩි බබාල විතරයි”

සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
“දැන් මෙහෙම හිතන්න, ගොඩනැගිල්ලක තුන්වැනි තට්ටුවේ ඔබ සිටිද්දී එහි ගින්නක් ඇති වෙනවා. ඔබ කොහොමද පණ බේරාගන්නේ?”
“ඒක හරිම පහසුයි, මං මගේ සිතුවිල්ල වෙනස් කරගන්නවා”

තවත් සම්මුඛ පරීක්ෂණයක දෙබසක් මෙසේය.
ඔයා “MS Office දන්නවද?”
“නෑ, මට එතන ඇඩ්ඩ්‍රස් එක කිව්වොත් හොයාගෙන යන්න පුළුවනි”

2012-11-17

රතු වැස්ස

 
ලෝකේ වැඩියෙන්ම අමනයන් ඉන්න රට මොකක්ද?
ඒ අපේ ලංකාව නොවන බව නම් සහතිකයි. ලංකාවේ අධ්‍යාපන මට්ටම සහ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතින බව ප්‍රසිද්ධ කාරණයක්. ඒත්, දැන් දැන් මේ රටේත් සෑහෙන අමනයන් සංඛ්‍යාවක් ඉන්නවාදැයි කියලා සැකයක් මතුවෙනවා.
මේක පළවෙනි සැකය.
ඒ ගැන ලිපියක් මං මේ බ්ලොග් සඟරාවෙ පළ කළා.
මේක නැවත වරක් ඉස්මතු වුනේ අද දිවයින පත්තරේ යන ලිපියක් දැකීමෙන්. (ඉරිදා දිවයින සෙනසුරාදාට බලන්න පුළුවන් බව කවුරුත් දන්නව නේද?)
ඊයේ පෙරේදා මොනරාගල අම්පාර පළාත් වලට රතු පාටට වැස්සක් වැටුනලු. මේක ගැන විවිධ මතවාද ඉස්මතු වෙන එක ස්වාභාවිකයි. ඒත් විද්‍යාත්මක වේශයෙන් මතවාද ඉදිරිපත් කරන්න ඉස්සරවෙලා මේවා ගැන ඉවසීමෙන් සොයා බැලීම වැදගත් නේද?
මේ බලන්න මේ ලිපියත් මේ ලිපියත්.
මොකක් හරි සිද්ධියක් වුනාම ඒ ගැන කතන්දර නිර්මාණය කරන්න ඉස්සර වෙලා වුනේ මොකක්ද කියල හොයල බලන පුරුද්ද අපි ඇති කරගත යුතුමයි.
එහෙම නැත්තං මේ කපටි රැළක් එකතු වෙලා ලංකාව එක්කෝ මහායාන බුද්ධාගම කරා ගෙන යාවි. නැත්තං පහුගිය තිස් අවුරුද්ද අමතක වේගන එනකොට තවත් තිස් අවුරුද්දක් හෝ හැට අවුරුද්දක් දුක් විඳින්න ක්‍රමයක් ‍සෙට් කරාවි.