2012-11-03

ඩ්‍රයිවින් නොදන්න අයට - දන්න අයත් බැලුවට කමක් නෑ (17+)



ලංකාවෙ මහාමාර්ග පද්ධතිය දැන් ඉස්සරට වඩා ගොඩක් සංවර්ධනය වෙලා. තවමත් සංවර්ධනය නොවුනු මාර්ග නැතුවා නෙවෙයි. ඒත් ඒවාත් අද හෙටම වැඩි දියුණු කරන බවට තැනින් තැන පාර මැද කහපාට කතිර සළකුණු පෙන්නුම් කරනවා. මේ කතිර සළකුණු දමන්නේ ඒ පාරේ උස මට්ටම සහ දිග පළල මැනීමෙන් පස්සෙයි. ඉතින් එහෙම මැනලා ඒවා නිකන් තියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑනෙ.

මහා මාර්ග පද්ධතිය සංවර්ධනය වීමත් එක්කම අපට අහන්න ලැබෙන්නේ රථ වාහන අනතුරු ප්‍රමාණයත් වර්ධනය වෙලා තිබෙන බවයි. ඉතින් මේකට වැරදි කාරයන් වන්නේ රථ වාහන රියදුරන්ය කියන කතාව එකහෙළාම පිළිගන්න බැහැ. එහෙම වුනත්, අපේ රටේ වාහන පදවන සමහර අය රිය පැදවීම හරියාකාරව ප්‍රගුණ කරල නැති බව නම් නොකියාම බැරි කාරනාවක්.

මහා මාර්ගයේ නීති රීති තියෙන්නෙ සුදු පටි රාළහාමිලාට ගානක් හොයාගන්න නෙවෙයි. ආණ්ඩුවට දඩ මුදල් වලින් ආදායමක් ලබාගන්නත් නෙවෙයි. පාරෙ යන පදිකයන් සහ වාහන වලින් යන මගීන් යන සියලුම දෙනාගේ ආරක්ෂාව සඳහා තමයි මේ නීති වැඩිහරියක් පනවලා තියෙන්නෙ. ඒ වුනත්, ඒ නිති රීති ගැන අවබෝධයක් ඇතුව රථ වාහන පදවන්නෙ කීයෙන් කී දෙනාද කියල පාර අයිනට වෙලා පොඩ්ඩක් බලා හිටියොත් පේනවා.

මේ නීති රීති අනුගමනය කරන එක හුදෙක්ම පොලීසියෙන් බේරීම සඳහා පමණක් කරන එකයි වැරැද්ද වෙලා තියෙන්නෙ. දැන් බලන්න කල්පනා කරල සමහර නීති නොසළකා හැරීම නිසා සිද්ද වෙන පාඩු මොනවද කියල.

බොහෝ දෙනෙක් තකන්නේම නැති එක නීතියක් තමයි පාරෙ ඇඳල තියෙන කහපාට කොටු දැළ. මේක ඇඳල තියෙන්නෙ ඒක උඩ වාහනයක් නවත්තගෙන ඉන්න එපා කියන්නයි. මේ නීතිය පොලිස් කාරයෝ ගනන් ගන්නෙත් නෑ, රියැදුරෝ ගණන් ගන්නෙත් නෑ. ඒකෙන් වෙන්නේ වාහන තදබදය වැඩි වෙන එක විතරයි. පුධාන පාරට හරස් පාරක් සම්බන්ධ වෙන තැන්වල තමයි මෙහෙම කොටු ඇඳල තියෙන්නෙ. අපේ රියැදු‍රු මහත්තුරු කරන්නෙ පාර ඉස්සරහට අවහිර වෙලා තියනවනම් යන්න පුළුවන් උපරිම දුරක් ගිහින් නවත්තන එක මිසක් එතන කොටු තියනවද රවුම් තියනවද කියල බලන එක නෙවෙයි. ඉතින් මොකද වෙන්නෙ, අර හරස් පාරට හරවන්න හිතාගෙන අනිත් පැත්තෙන් එන වාහනය, හරස් පාර ළඟදි නවත්ත ගන්නවා. එයාට හරවලා යන්න බැහැනෙ. ඉතින් එයාට පිටි පස්සෙන් ආපු වාහන වැළම නවතිනවා. මේකෙ ප්‍රතිපලයක් විදිහට සමහරවිට ඊ ළඟ ප්‍රධාන මංසන්ධියත් අවහිර වෙන්න පුළුවනි.

අනිත් කාරණාව තමයි, පාර බදු අරගෙන ගමන් කිරීම. මේක කරන්නේ බොහෝ විට මෝටර් සයිකල්, බයිසිකල් හා ත්‍රී රෝද රථ පදවන්නන් බව නොකියාම බැහැ.

අපේ ත්‍රී රෝද රථ රියැදුරන් කරන තවත් බරපතල වැරැද්දක් තමයි, එක පැත්තට මං තීරු දෙකක් හෝ තුනක් තියන මහා මාර්ගයකදී, මං තීරු වෙන් කරන කඩ ඉර දිගේ ගමන් කිරීම. එතකොට එළිපත්ත උඩ ඉන්න බළල වගේ. ඒ කියන්නෙ ගේ ඇතුළට පනියිද නැත්තන් මිදුලට පනියිද කියල කියන්න බෑ. ඉතින් එහෙම වෙලාවට අනිත් රියැදුරන්ට සිද්ද වෙන්නෙ හෙමින් සැරේ පස්සෙන යන්නයි.

ප්‍රධාන වශයෙන් කොළඹ අවිස්සාවෙල්ල මාර්ගය ව‍ගේ අඩු පළලකින් යුක්ත මාර්ගයකදී දකින්න පුළුවන් සුලබ දර්ශනයක් තමයි, වාහන පේලියක් කෝච්චියක් වගේ ගමන් කිරීම. මෙහෙම වෙන්නෙ, මේ කෝච්චියේ එන්ජිම වගේ ඉස්සරහින්ම යන වාහනය හෙමින් සැරේ ගමන් කිරීම නිසයි. විශේෂයෙන්ම ලොරියක් වගේ වාහනයක් පස්සෙන් ඒ විදිහට වාහන පේළියක් හැදෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. පාර පටු නිසාත්, ලොරිය සෑහෙන පළලකින් යුක්ත නිසාත්, කාටවත් ඉස්සර කරගෙන යන්න විදිහක් නැහැ. ඒත් සමහර වෙලාවට මෙහෙම ඉස්සරහින් යන්නේ ත්‍රී වීල් එකක් බව දැක්කහම, ත්‍රී වීල් එක එළවගෙන යන එක්කෙනා කිසිම ලැජ්ජාවක් නැතුව වාහන පහළොවක් විස්සක් පෝලිමේ එන්න දීලා පාර අවහිර කරගෙන හෙමින් ගාටන හැටි දැක්කම මොනවද නොහිතෙන්නෙ.

මේ ගැන ලස්සන විස්තරයක් බලන්න පුළුවනි

තව කතන්දර ඉස්සරහට කියන්නම්

2012-10-07

අළුත් මිනුම් දණ්ඩක්


ලෝකෙන් උතුම් රට ලංකාවයි කියලා අපි ගායනා කරනවනෙ. එහෙම කිව්වට වැඩියෙන්ම උතුම් මොකක්ද කියල හොයාගන්න තියන මිනුම් දණ්ඩ මොකක්ද කියල ඔබ දන්නෙ නැහැ නේද? උසම කන්ද, විශාලතම රට ‍වගේ දේවල් දැනගන්න පුළුවන් උස, වර්ගඵලය (ඉඩම් ප්‍රමාණය) වගේ දේවල් මනින්න පුළුවන් නිසා. මනින්න අමාරු දේවල් තමයි, ලස්සන, දක්ෂකම වගේ ගති ලක්ෂණ. ඒ නිසා ඒකට පැනල් එකක් එහෙම නැත්තං කීප දෙනකුගෙන් යුක්ත විද්වත් මණ්ඩලයක් පත් කරගෙන ඔවුන්ගේ පොදු අදහස් අනුව තමයි තීරණය ගන්නේ. රූප රැජිණි තෝරන්න, සුපර් ස්ටාර් තෝරන්න එහෙම අනුගමනය කරන ක්‍රම වේදය ඒකයි. ඒත් ඒ වගේ තැන් වලදී ලැබෙන තීරණය නිරපේක්ෂවම නිවැරදි තීරණයක් කියලා කියන්න බැහැ. සාමාන්‍ය පිළිගැනීම අනුව විද්වත් මණ්ඩලයේ තීරණය පිළිගන්නවා. ඒත්, හොඳම නවකතාව හෝ නාට්‍යය තෝරපුවහම ඒ ගැන විවිධ වාද විවාද ඇති වෙන්නේ මේ ප්‍රශ්නය නිසායි.

ඒ වුනත් උතුම් බව පහසුවෙන්ම හොයන්න පුළුවන් අළුත් ක්‍රමවේදයක් කවුදෝ හොයාගෙන තියනවා.
මේ බලන්න මේ ලිපිය-
මේක ලියල තියෙන්නේ අපි වගේ අති පණ්ඩිත උන්දැ කෙනෙක් නෙවෙයි වෙන්න ඕනැ. මං හිතාගෙන හිටියෙ ලංකාවේ මේ වගේ මිනිස්සු අඩු ඇති කියලයි.



This is a post I extracted from facebook. I don't know whether this really true or not but i found this quite fascinating. I asked my husband who is a physicist about this.  He said this is possible. However, found a youtube link from the comments as well.  
http://www.youtube.com/watch?v=d4E5T9PSbo0


ලෝකෙන්ම උතුම් රට ලංකාව බව නාසා ආයතනයත් පිළිගනී.

යාලුවනේ ලෝකයෙන්ම උතුම් රට හෙළ රට බව අවිවාදිතයි. රාවණ ඇතුලු මහ නරපතියන් රජකල බුදු පාමොක් මහ සගන ඇසුරුකල අපේ රට අති උත්තම බව අමුතුවෙන් කියන්න ඕනි නෑනෙ. ඔන්න දැන් විද්‍යාවෙන් ඒකම ඔප්පු කරල.
යාලුවනේ 2002 වසරේදී ඇමරිකවේ නාසා ආයතනය සුවිශේෂ මෙහෙයුමක් කලා‍. එහි අරමුණ උනේ පෘථිවියේ ඇති ගුරුත්වය අධ්‍යනය කර බැලීමයි. මේ සදහාම 2012 මාර්තු 17 සුවිශේෂි චන්ද්‍රිකාවක

් නිපදවා කක්ෂගත කලා. මෙහි පින්තූරයේ පළවෙනි රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකාවක නිර්මාණය වන ආකාරයයි.
 

දෙවෙනි ‍රූපයෙන් දැක්වෙන්නේ එය පෘථිවිය පුරා අධ්‍යනය කරමින් ගුරුත්වය නිරීක්ෂණය කරන ආකාරයයි. පෘථිවියේ ගුරුත්වය වැඩිතැන් හා අඩුතැන් හොදින් ස්කෑන්කරල බැලුව.

තැන්වන රූපයෙන් ඔබ දකින්නේ එම චන්ද්‍රිකා‍නේ ලබාගත් දත්තයන්ට අනුව ජලය ඉවත්කල පථිවි පෘෂ්ඨය. පැයට කිලෝමීටර 107300ක වේගයෙන් හිරු වටා ගමන්කරන පෘථිවිය ගෝලයක් වගේ පෙනෙන්නෙ ජලය නිසයි.


හතරවන සහ පහ රූපයන්ගෙන් ඔබ දකින්නේ වර්ණාවලීන් යොදා ගනිමින් ගුරුත්වය අඩුම තැන් නිල් පාටින්ද ගුරුත්වය වැඩිම තැන් රතු පාටින්ද සකස් කෙරුන පෘථිවි ගෝලයයි.


හයවන රූපයෙන් දැක්වෙන්නෙ ගුරුත්වය පිළිබද වඩාත් හොදින් කල අධ්‍යනය. බලන්න ගුරුත්වය අඩුම රට මොකක්ද කියල. අපේ රට නේද යාලුවනේ. විද්‍යාවට අනුව ගුරුත්වය යනු පොළවෙන් අප තවත යොදන බලයයි. විශ්ව ශක්තිය යනු අප බාහිර විශ්වයෙන් ලබාගන්නා ශක්තියයි. එසේනම් ගුරුත්වය අඩුම තැන යනු විශ්ව ශක්තිය වැඩිම තැනයි. ඒක කියන්නෙ ගුරුත්වයට බලපෑම් කරන වැඩිම ශක්තිය තියෙන්නෙ අපේ හෙළ රට තුලයි. මොකක්ද මේ නැගෙන විශ්ව ශක්තිය. ඒ තමයි අමාමෑණී ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය ඇතුලු ඒ අමා නිවනින් නිවී සැනහී වදාල මහ රහතුන්ද, අදත් මේ පින්බිමේ වැඩසිටිනා අති උත්තම යතිවරුන් විශ්වට නිකුත්කරන ශක්තියයි. විශ්වය හා ගණුදෙනු කරන ඒ උතුමන්ගේ ශක්තියයි. හෙළ රට පාලනය කල රාවණ ඇතුලු මහ සෙන්පතියන් විශ්වය හරහා ගමන්කළ තාරකා දොරටු අනුරාධපුරයේ පිහිටා අතිබව ඔබ දැක ඇති. සක්වල චක්‍රය තමයි ඒ. රන්මසු උයන නරඹන ඕනැම කෙනෙකුට මෙය දැකගන්න පුලුවන්.
 

ඒ ගුරුත්ව බල නිරීක්ෂණය අනුව වතිකානුවේවත්, මක්කමවත් කිසිම ලකුණක් පෙනෙන්න තියෙනවද? නෑ නේද ? බලන්න යාලුවනේ මොනතරම් අසිරිමත් සිදුවීමක්ද? විද්‍යාව හා බුදු දහම පිළිබද තර්ක කරන අසරණ අදබාලයන්ට මේ සිදුවීම හොද උත්තරයක්වේවි.
මේකත් සමහරු තමන්ගෙ වාසියට හරවාගෙන කියනව බුදු හාමුදුරුවො අපේ රටේ ඉපදුන නිසාලු මේ තරම් විශ්ව ශක්තියක් නිකුත් කරන්නෙ. ඒ අසරණයින්ටත් අපි අනුකම්පා කරනව හැර මොන කරන්නද?

දැන් ඉතින් පණ්ඩිත උන්දැල මේකෙ අඩුපාඩු හොයයි. තමන් අයියවෙන්න උතසාහ කරයි. මේක අපි කලින් කීවනම් හොදට බැණුම්. දැන් නාස එතකන් කියපු නසා අඩුපාඩු කියල බැණුම්. මේව තමයි පෘතග්ජනයන්ගෙ වැඩ.