2012-02-14

වැලන්ටයින්ගේ දිනය සැමරීම

වැලන්ටයින් දිනය ගැන කරුණු ටිකක් හොයනකොට මෙන්න තියනවා වැලන්ටයින් දිනය සැමරීමට විරුද්ධ වෙමු කියල පෝස්ට් එකක්. බලාගෙන ගියාම ඉස්ලාම් ආගමික වැඩක්.
"ඉස්ලාම් අදහන මිනිස්සු ඔවුන්ගෙ පාරම්පරික සිරිත් විරිත් වලට හිරවෙලා ඉන්න ජාතියක්. අපි එහෙමද, අපි වෙනස් වෙන ලෝකෙත් එක්ක ගමන් කරන නවීන සිතුම් පැතුම් සහිත සත්ව කොට්ඨාශයක්ය" කියාගෙන වැලටයින් දිනය සමරන්න කට්ටිය ලෑස්ති වෙන්න ඇති.
වැලන්ටයින් දිනය තියෙන්නෙ අර කොහෙද හිරවෙලා හිටපු සොල්දාදුවෝ කට්ටියකට පෙම්වතියන් හොයල දීල බන්දලා දුන්න ශාන්ත වැලන්ටයින් මුනිතුමා සිහි කරන්නද?
ආදරවන්තයින්ට හැම තැනින්ම හැම දාම ගල් මුල් වදිද්දි උන් වෙනුවෙන් එක දවසක් අවුරුද්දට වෙන් කරල දෙන්න කියල හිතාගෙනද?
කපටි වෙළඳ පැළැන්තියට කොල්ලෝ කෙල්ලො රවට්ටලා ගානක් හොයාගන්න ද?


1 comment:

  1. සහතින ඇත්ත. දැන් වැලන්ටයින් කියන එක තනිකර මාකටිං ජිල්මාට් එකක් වෙලා. බූඩිට මේ වැලන්ටයින් එකට හම් බෙච්ච ගිෆ්ට් එක ගැන බුකියේ ඉක්මනටම දාන්න ඕනේ.:) :)

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.