අපි සිංහල කතාකරනව තමයි. ඒත් මේ සිංහල භාෂාව වර්ග හැතැප්ම විසිපන්දාහක් පමණ වූ මේ කුඩා දිවයිනේදී ප්‍රාදේශීය වශයෙන් කොතරම් වෙනස් වෙනවාදැයි හිතල බැලූ විට, ලෝකයේ මේ තරම් භාෂාවන් ගණනක් තිබීම කිසිසේත්ම පුදුම වීමට කාරණාවක් නෙවෙයි.
මේ සම්බන්ධයෙන් පොත් පත් සහ වෙබ් අඩවි ගණනාවක්ම තියෙනවා. ඒවා සංස්කරණය කරල තියෙන්නෙ බොහොම මහන්සියෙන් තොරතුරු එකතු කරල වෙන්න ඕනෑ. ඒත් ඒ කිසිම පොතක අදාළ හැම වචනයක්ම තියෙනවාය කියල සහතික වශයෙන්ම කියන්න පුළුවන්කමක් නෑ. ඉතින් ඒ විවිධ පොත් සහ වෙබ් අඩවි හෝ බ්ලොග් පෝස්ට්ස් තිබුනත්, මට පොඩි අදහසක් ආවා මෙන්න මෙහෙම.
මේ ගැන එක බ්ලොග් එකක් ඇරලා, කමෙන්ට් කරන්නට ඉඩ තියමු.
එතකොට කවුරු කවුරුන් හෝ තමන් දන්න දේ ලියල කමෙන්ට් කරයි. අවසානයේදී කාටත් ප්‍රයෝජනවත් හොඳ එකතුවක් හදාගන්න හැකි වේවි.
එළ අයිඩියාවකි....
ReplyDeleteනියම අදහස
ReplyDelete