2015-01-31

නායකයාගේ ආගම

ජනාධිපතිතුමා ශ්‍රී මහා බෝධියට නමස්කාර කරනු දැක්වෙන ඡායාරූපයක් සමග කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ශාමිනී සේරසිංහ නමැති මාධ්‍ය වේදිනිය විසින් ලිපියක් පළ කර තිබේ. ඇය සඳහන් කරන්නේ ජනාධිපතිතුමා සියළු ජන කොටස් වෙනුවෙන් පත් වූ නායකයා බැවින් තමන්ගේම ආගම වුවද එයට ප්‍රදර්ශනාත්මකව වන්දනාමාන කිරීම වැරදි බව ය. තවද, ඒ සම්බන්ධයෙන් ජේ. ආර්., චන්ද්‍රිකා සහ රනිල් ආදර්ශයට ගන්නා ලෙසත් ඇය අවවාද කර තිබේ.

මෙම ලිපියට අදහස් දක්වන ඇතැම් අය කියන්නේ ජනාධිපතිතුමාටද සිය ආගම ඇදහීමේ නිදහසක් ඇති බව ය. ජනාධිපති වූ පළියට මිනිසකුට තමන්ගේ ආගම අමතක කළ හැකිද? නොහැක්කේමය. කෙසේ වුවත්, වත්මන් ජනාධිපතිතුමාට උපදෙස් දෙන අයගෙන් නම් හිඟයක් නැත. හිටපු ජනාධිපතිවරයාට එසේ උපදෙස් දීමට සිතූ කෙනෙකු වත් දකින්නට ලැබුනේ නැත. අඩු වශයෙන් ජනාධිපති උපදේශක වශයෙන් සිටි එකසිය ගණනක පිරිස වුවත් උපදෙසක් දෙන්නට ඇත්තේ කල් යල් බලා මූඩ් එක හොඳ නම් පමණක් විය හැකිය.

ජනාධිපතිවරු පමණක් නොව වෙනත් නායකයන් ද තම පෞද්ගලික අභිමතයන් සඳහා වූ විවිධ කාර්යයන් පොදු කාර්යයන් සේ සළකා කරන අවස්ථාවන් අපට දකින්නට ලැබේ. ඉහත ලේඛිකාව සඳහන් කරන්නාක් මෙන්ම ජේ ආර් ජයවර්ධන නමැති අසාමාන්‍ය පුද්ගලයා එසේ පෞද්ගලිකත්වය හා රාජකාරිමය කටයුතු එකට පටලවාගත් අවස්ථාවක් මතකයට නගාගැනීම අසීරුය. සමහර විට ජාතික රුක් රෝපණ දිනය ලෙස උපන් දිනය නම් කිරීම වැනි එතරම් මහජන අවධානයක් යොමු නොවන කටයුත්තක් කරන්නට ඇත. එනමුත් ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන් සිය උපන් දිනය සැමරුවේ උදාගම් සංකල්පය හරහා බව එකල ප්‍රචලිත විය. එමතු නොව ඔහු විසින් සිය මව් පිය දෙපළ අනුස්මරණය කරමින් මව්ගම හා පියගම නමින් උදාගම් දෙකක් ද සකස් කර ඇත. මේ ගම් වල නම් කෙසේ වෙතත් ඒ උදාගම් ව්‍යාපාරය හරහා විශාල පිරිසකට සෙතක් වුනු බව නම් සත්‍යයකි. (ඒ හැරෙන්නට නිතරම පාහේ මල් වට්ටියක් අතැතිව රූපවාහිනියෙන් හෝ පුවත්පත්වලින් පෙනී සිටි එතුමාට “පුෂ්පකුමාර“ කියා විකට නමක් පටබැඳ තිබුනු බව වැඩිහිටියන් කියනු මා අසා ඇත.)

ශාමිනී සේරසිංහ
තමන්ගේ උපන්දිනය දා රාජකාරි වේලාවෙන් පැය භාගයක් පමණ වෙන් කර කේක් එකක් කපා සුහද කථාවක් පවත්වා සරළ හා චාම් උපන්දින උත්සව පවත්වන ආයතන ප්‍රධානීන් මා දැක ඇත. එමෙන්ම, ප්‍රධානියා වෙනුවෙන් එවැනි සුළු උත්සවයක් (ඉවෙන්ට් එකක්) සංවිධානය කරන ගෝල බාලයන් ද ඇතැම් විට සිටිති. ආයතන ප්‍රධානියෙක් වෙනුවෙන් එහි සේවය කරන්නන් අනිවාර්යයෙන් භක්තිමත් විය යුතු බව මට සිතෙන්නේ නැත.

නායකයකුට තමන් කැමති ආගමක් ඇදහිය හැකිය. තමන් කැමති අයට පෙම් කළ හැකිය. ඒවා සියල්ල පෞද්ගලිකය. මෙවැනි තැන්වලදී වරද සිදුවන්නේ ගැත්තන්ගේ අතිනි. උක්ත ඡායාරූපය මාධ්‍යයට නිකුත් කරන්නට ඇත්තේ නිසැකවම එවැනි ගැත්තන් විසින් ය. රාජපාක්ෂික භාවය පෙන්වීමට ගැත්තකු විසින් කෙතරම් පරිශ්‍රමයක් දැරිය යුතුදැයි කියා පෘථග්ජනයන් වූ අපට තේරෙන්නේ නැත.

ශාමිනී සේරසිංහ ඇතුළු ජන මාධ්‍ය වේදීන්, දේශපාලන විශ්ලේෂකයන් නොදකින බරපතල කාරණයක් තිබේ. එනම්, පොදු ආයතන තුළ ආගමික සංකේත භාවිතා කිරීම ය. රජයේ කාර්යාලයකට ඇතුළු වන ස්ථානයේ බුදු පිළිමයක් තැබීම හරිද?

විපක්ෂයේ සිට විවේචනය කරන කාලයේදී ආගම සහ ජාතිය යනු අතිශයින්ම පෞද්ගලික කාරණාවන් බව කියන අයටත් තම පාක්ෂිකයා බලයට පත් වූ පසුව ඒවා අමතක වෙයි.

දේශපාලනඥයන්ට හරි මග කියාදෙනවාට වඩා මහජනතාවට හරි මග කියා දීම අත්‍යවශ්‍යය. එයට හේතුව, අපේ රටේ නායකයන් බිහි වන්නේ කිඩාරම් මල් පිපෙන ආකාරයට බැවිනි.




22 comments:

  1. mahinda rajapaksa bodi wandina hati me geheniya dakala nedda

    ReplyDelete
    Replies
    1. මෙයාට එහෙම වෙන්න එපා කියන එකනෙ එයා කියන්නෙ.

      Delete
  2. කිඩාරම් මල ගඳයි කියලයි අහලා තියෙන්නෙ.

    ReplyDelete
  3. කිඩාරම් මල් හැදෙන්නෙ කහල ගොඩවල් තියන තැන්වල. කසල වල සාරය උරාගෙන කිඩාරම් පැලය වැඩෙන්නෙ. මල ගඳගහන්නෙ ඒක නිසා කියල කියනව.
    අපේ නායකයෝ අපේ සමාජයෙන්ම බිහි වන නිසා සමාජයේ තියන යහගුණ හා දුර්ගුණ නායකයා තුළ දකින්නට ලැබෙන්න ඉඩ තියනව.

    ReplyDelete
  4. මල් හතයි. ආයේ කියන්න දෙයක් නෑ මල් හතයි. බඩ කොරවුනා හිනාවෙලා. යාළුවො දෙන්නෙක් ඇවිත් හිටියා එයාලටත් පෙන්නුවා. උන් බ්ලොග් බලන එවුන් නෙවෙයි. උන් කියනවා අදනේ දන්නේ මේ වගේ දේවල් අන්තර්ජාලේ තියනවා කියලා. ඔන්න ඔහොමයි නිර්මාණයේ අගය.

    ReplyDelete
    Replies
    1. වෙනත් තැනක දාපු මගේ කමෙන්ට් එකක් මෙතනට කොපි වුණා. වැරදීමක්.

      Delete
    2. මාත් දැක්ක ඔය කමෙන්ට් එක. මං හිතන්නෙ පින්ච්පොයින්ට් එකේ වෙන්න ඇති. දේශ හිතෛශී චාරිකා

      Delete
  5. මා හිතන්නේ නැහැ තමන්ගේ ආගම ඇදහීමට රාජ්‍ය නායකයකුට ඇති නිදහස වෙනත් පුරවැසියකුට ඇති නිදහසට වඩා වෙනස් වියයුතුයි කියා.

    ReplyDelete
  6. මේක මතුපිටට පැහැදිලිව නොපෙනෙන අවුලක්.
    ඇත්තම කතාව තමයි රටේ පාලන බලය ඇති අයත් ඇතුලුව අපේ වැඩිහිටි පරම්පරාව අඩු වැඩි වශයෙන් ආගමික සහ අනෙකුත් විශ්වාසයන් වල තදින් එල්ලිලා ඉන්නෙ. ආගම් ඇදහීම-පිලිපැදීම කියන දේත් එයාලගෙ පැත්තෙන් දේශපාලනිකයි.[බලන්න මහින්දගෙ කාලෙ, පත්තර වලට ආපු හොල්මන් කතා ප්‍රමානය කොච්චරද කියල].

    ආගමික නිදහස ජනාදිපතිටත් තියන බව හැබෑව, නමුත් ආගම ඇදහීම සහ ඒක ප්‍රදර්ශනය කියන දෙකේ වෙනස අවබෝද කරගත යුතුයි.

    මම කියන මූලික අවුල පෙන්නන්න උදාහරනයක් තමයි ඔය පින්තූරෙත්. උඩ මලුවට ගිහිල්ල ශ්‍රීමහ බෝධිය වැඳිල්ලෙන් අමුතු පිනක් වෙනව කියල හිතුවම ඔහොම වෙනව. එය්හකොට ඕක "නිවුස් එකක්" වෙනව වගේම ආගම් ඇදහීම පවුද්ගලිකත්වය කියන තැනින් එලියටත් පනිනව.

    ReplyDelete
    Replies
    1. මොන කරුමයක්ද යකෝ තෝ හැම තැනම ඇවිත් රෙන්නේ? තොට වෙනවැඩ නැද්ද?

      Delete

    2. ඔහෙත් වතුර එක අරං පස්සෙං එනව. මටත් රෙන්න හිතෙනව. හ්ම් හොදනව එහෙනං……

      Delete
  7. රජතුමා ගල ගස් නෙමෙයි හෙළුවෙන් කාවඩි නැටුවත් අවුලක් නෑ. ඒක එයාගේ පෞද්ගලික කැමැත්ත. නමුත් කරුමේ කියන්නේ ඒක නිව්ස් එකක් වීම.

    ReplyDelete
  8. ආගම් ප්‍රදර්‍ශනාත්මකව ඇදහීම මෙන්ම අන්යාගමිකයන්ට පමණක් නොව තම ආගමිකයනුත් ඇතුලු පුරවැසියන් සියල්ලන්ටම පාහේ කරදරයක් වන ලෙස ඇදහීම දැන් තියන ලොකුම ලෙඩක්. සරත් සිල්වා කල (එකම වගේ) හොඳ වැඩේ තමයි එය පාලනය කිරීමමට තැත් කිරීම.

    ප්‍රධාන ආගම් වලට අමතරව තියන මිත්යා විශ්වාස, පූජා ( සමහර ඒවා ආගමත් විකෘති කරගෙන ) ආදී වසන්ගත දැන් සුව නොකල හැකි තත්වයේ

    ReplyDelete
    Replies
    1. සරත් සිල්වාගෙ වික්‍රමය මොකක්ද? මට මතක නෑනෙ.

      Delete
    2. ලවුඩ් ස්පීකර් භාවිතය සීමා කිරීම

      Delete
  9. ඇත්තටම ශාමිණි එතන වැරදියි. ඒ මනුස්සය ගිහිල්ල වදින එක එයාගේ වැඩක්. එතකොට ඔය ඔබාමල , කමරෝන්ලා යන්නේ පල්ලි ගානේ. මොකක්ද ප්‍රශ්නේ.

    ReplyDelete
  10. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/15589-2015-01-31-17-25-42
    මෙම ලින්ක් එක ඔබට දෙන්නේ ඔබේ කොපිරයිට් එක තහවුරු කිරිමටයි. ඉදිරියට ඔබේ අවසරය ඇතැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. නෙළුම් යාය බ්ලොග් කරුවන්ට අතදීමක් වශයෙන් ඔය වැඩේ කරන බවයි කියන්නෙ. අවසරයක් නොගත්තත් මේකට ලින්ක් එක දෙනව. (හැබැයි සමහර අය ලින්ක් එකක්වත් නැතුව තමන්ගෙ වගේ කොපි කළාමනම් ටිකක් තද වෙනව තමයි)

      Delete
    2. ඔව්. අපි නෙලුම්යාය පටන්ගත්තෙත් ඒ අදහසින් තමා.

      Delete
  11. Nikan hithanna,Wenath Agamikayeku Rate nayakaya unoth eya Agama Adahilla nawathaida,Wshesayaenma muslim Agamikayek Pathunoth.Owun 4wathawak dinakata agama adahanawa.Ethakota Palli hadanne Nila maduruwalamai.ETHKOTA Den me liyana Appuhamila/Haminela.kathakarannena.Ekai kanagatuwa.(Siyalu Agamikayanta Thama Agama Adahime Aithiya samana wiyauthui)

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් මනුස්සයෙක් ලංකාවේ ජනාධිපති වුනොත් චන්දදායකයො පනස් අට ලක්ෂයකට හාට් ඇටෑක් හැදිල මැරෙයි.

      Delete
    2. යකෝ තොට සිංහල බෞද්ධයට පහර නොගහ,හින්ට් එකක් නොගහ හිටියොත් නින්ද යන්නෙ නැද්ද? වීරය වෙන්න තමාගෙ රටට,ජාතියට,ආගමට ගරහනවා.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.