කෙසේ වුවද, මැතිවරණයෙන් පසුව ජාතිවාදී මහින්දවාදියෝ ඔවුන්ගේ මුල් ප්‍රතිපත්තිය වූ “ෆේස් බුක් එක ෆන් ගැනීම හැර වෙනත් දෙයකට පාවිච්චි නොකිරීම“ අමතක කර දමා සමාජයට ජාතිවාදී විෂ පෙවීමටත් පරාජය වූ මහින්දට සමාජ අනුකම්පාව අයැදීමටත් පෝස්ට් දහස් ගණනින් ෆේස්බුක් එකේ පළකරන්නට පටන් ගත්තෝය.
එහෙත්, ඒවායින් එතරම් වැදගත් ප්‍රතිපලයක් නෙලා ගැනීමට ඔවුහු අපොහොසත් වූයේ කල් වේලා ඇතිවම ෆේස්බුක් එක නෝන්ඩි කර දමා තිබුනු නිසා නොව මෙරට ජනතාව හිතුවාට වඩා බුද්ධිමත් ලෙස කල්පනා කරන්නට පටන් ගෙන තිබුනු නිසා විය හැකිය.
නමවැනිදා හැන්දෑ වන්නටත් පෙරම හමුදා කඳවුරු වලට ගල් ගැසීම පිළිබඳ කතන්දර ප්‍රචාරය කරන ලදී. චාල්ස් ඥානකෝන් ලංකාවට එන බව තව සමහරු කීහ. සිතියම් පාට කිරීමටද පටන් ගත්තෝය. (තිස්ස අත්තනායකට තවමත් මේ සිතියම් මැජික් එක වැටහී නැත්දැයි ඔහු මෑතකදී කළ මාධ්‍ය සාකච්ඡාවක් කියවූ විට සිතිනි.) මේ අතරවාරයේ අරලියගහමන්දිරයේ කුමන්ත්‍රණයක් ගැන කතාව ආවේ අළුත් ආණ්ඩුව පැත්තෙනි. දැන් කතාව වෙනස් බව ඉහළින් දමා ඇති පින්තූරයෙන් පෙනේ.
ජනාධිපතිතුමා ගමන් කළ රථ පේලියක් කහ ඉරක් ළඟ නැවැත්වූ බව කියා පෝස්ට් කර තිබුනේ යහපාලන ගැත්තෙකි. එයට එක් කර තිබුනු පෙර ගමන් රථ පේලියක ඡායාරූපය කොහෙදෝ තැනකින් කොපි කළ එකක් බව ඊට පිළිතුරු ලියූ මහින්දවාදියෛක් ඔප්පු කර තිබිනි. කෙසේ වුවත් ඒ ඡායාරූපයේ කහ ඉරක් දක්නට නැත. ඡායාරූපය ගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ගමන් කරන අවස්ථාවක බව කවුරුවත් කියා තිබුනේද නැත.
එනිසා, ෆේස් බුක් එකේ පෝස්ට් දාන අයටත් වඩා ඒවා බලන අපට ෆන් එකක් ලැබෙන බව නම් නොකියාම බැරිය.
කොහොම වුනත්, අවිචාරශීලීව ෆේස්බුක් පොස්ට් දෙස නොබලන පිරිසක් සිටින එක වාසනාවකි. නැත්නම්, එහි පළවන්නේ හෙන ගහන කතන්දර ය. ෆොටෝ ෂොප් තාක්ෂණය ගැන කාට කාටත් දැන් දැන් අවබෝධයක් තිබෙන නිසා එතරම් අවුලක් නැත.
අපගේ සටන මහින්ද පැරදවීමට නොවේ. අපේ ජනතාවගේ වැඩවසම්වාදී මානසිකත්වය හා ජාතිවාදී චින්තනය පරාජය කිරීමටය. තවමත් ඇතැම් අය සිතා ඉන්නේ රජ්ජුරුවෙක් අපට අවශ්‍ය වන බවය. රජා මොනවා කළත් අප එය ඉවසා සිටිය යුතු බවය. එහෙත් රටකට අවශ්‍ය නායකයෙක් පමණක් බවත් ඒ නායකයා පත් කළ යුත්තේ ජනතාව විසින් බවත් නායකයා පත් වන්නේ ජනතාවට සේවය කිරීමට බවත් ඔවුහු නොසිතති.
මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති පදවිය භාරගනිමින් කියා සිටියේ තමන් මේ රටේ ප්‍රථම සේවකයා බවය. ප්‍රජාතනන්ත්‍රවාදය යනු සැබැවින්ම එය නොවේද?
අරුණී ශෆීරෝ මෙසේ
ලියන්නීය.
ආණ්ඩුව යනු හොඳ යහපත්
වූවක් යැයි ද, රටවැසියන් සහ ව්‍යාපාරිකයන් යනු එකිනෙකා හා ඇනකොටා ගෙන
මරාගන්නට හදන කොටසක් නිසා ඔවුන්ට ආණ්ඩුවක රැකවරණය නැතිවම බැරි යැයි ද යන්න සත්‍යයක්
ද නැද්ද යන්න කිසිවෙක් විභාග කර බලන්නට නොයති. ඒ නිසා ආණ්ඩුව යන්නට හොඳ යහපත්
පුද්ගලයන් පත් කරගත යුතු යැයි කියද්දී ඔවුන් ද ආණ්ඩුව විසින් රැකවරණය දිය යුතු
රටවැසියන් අතරින්ම තෝරාගන්නට සිද්ධ වෙන කොටසක් බව මේ අයට අමතක වේ.
කියවන්නට අපහසු, හරි හැටි තේරුම් නොයන, හතර වාරයක් ඍණ එකෙන් වැඩි කර ලියන අරුණි ශෆීරෝ ශෛලිය අමතක
කළ විට එය මෙසේ තේරුම් ගැනීමට හැකිය.
1. ආණ්ඩුවක් යනු සාධාරණ හා යුක්තිගරුක
ආයතනයකි.
2. රටවැසියන් අතර අඬ දබර නිතර ඇතිවේ.
එය ද සාමාන්‍ය ස්වභාවයකි.
ඉහත ප්‍රකාශ දෙක නිවැරදිදැයි කිසිවෙක්
නොසොයති.
එහෙත් ආණ්ඩුව යනු නිතර අඬදබර වන ජනතාව
අතරින්ම තෝරාගැනීමට සිදු වන කණ්ඩායමකි.
ඒ බව සියල්ලන්ට අමතක වේ.
මේ කතන්දරය අනුව, හොඳ සහ නරක පුද්ගලයන් දොකොටසගෙන්ම සමන්විතව ඇති මහජනතාව අතරින් හොඳ අය පමණක් ආණ්ඩුව සඳහා තෝරාගැනීමට අවශ්‍යය. මෙහිදී, ආණ්ඩුව යන්නෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙක ම අදහස් කළ යුතු බව අපගේ වැටහීමයි.
එහෙත් මහජනතාවගෙන් බහුතරය හෝ සැළකියයුතු “තරයක්“ නරක මිනිසුන් නම්, ඔවුන් ආණ්ඩුව සඳහා අනිවාර්යයෙන්ම තෝරාගන්නේ නරක පුද්ගලයන් විය යුතුය. එහෙත් ඇත්තටම බහුතරයක් මිනිස්සු “නරක“ නැත. ඔවුන් කුලල් කා ගැනීමෙන් හෝ මැස්සන් මදුරුවන් මරා දමන නිසා හෝ හරක් මස් කන නිසා හෝ නරක මිනිසුන්ගේ කුලකයට අයිති බව දැක්විය හැකි වන නමුත් සමාජයේ පැවැත්ම පිළිබඳව යහපත් බලාපොරොත්තු ඇත්තෝ බව අපගේ පිළිගැනීමයි. හැන්දෑවට කාලක් අනුමත වීම වැනි සරළ නරක වැඩ කරන අය පමණක් නොව පික් පොකට් කාරයා හෝ වීක් එන්ඩ් එකකදී “බඩුවක් උස්සන“ එකා වුනත් තම දූ දරුවන් හෝ අනාගත පරම්පරාව එවැනි වැඩෙහි නියැලෙනු දක්නට අකමැති වෙති. නරක මිනිසුන් ලෙස අප මෙහි දක්වන්නේ මත්කුඩු බෙදාහැරීම වැනි තම ලාභය අපේක්ෂාවෙන් අනාගත පරම්පරාවක් වැනසීමට පාර කපන එවුන් ය.
තවද, නායකත්වය තනි පුද්ගලයකුට නොපැවරිය යුතු බව අප විශ්වාස කරන්නේ ද “ජනතාව අතරින් නායකයා තේරීමේ“ ක්‍රමවේදයේ ඇති ඉහත විස්තර කළ අන්තරාදායක බව, එනම් නරක මිනිසුන් තෝරාගැනීමෙන් ඇති විය හැකි හානිය, අඩු කිරීමටය.
ප.ලි.
හතරවාරයක් ඍණ එකෙන් වැඩි කර ලියන්නේ මෙහෙමයි.
හොඳ නැති කෙනකු නොවන පුද්ගලයා කිසි විටක හොඳ මිනිහෙකු නොවන්නේ නොවේදැයි නොසිතන්නෝ නොමැත.
//හොඳ නැති කෙනකු නොවන පුද්ගලයා කිසි විටක හොඳ මිනිහෙකු නොවන්නේ නොවේදැයි නොසිතන්නෝ නොමැත.//
ReplyDeleteඒ කියන්නේ හොද නැති දේවල් නොකළ පලියට ඒකා හොද ඒකෙක් වෙන්නේ නැහැ කියන ඒක වෙන්ටෑ.............
අනේ මං දන්නෑ ඇයි එයාට කියන දෙයක් තේරුම් ගන්න පුළුවන් විදිහකට ලියන්න බැරි ඇයි කියල. සමහර ලිපි වල හොඳ අදහස් තියනව ඉඳල හිටල. එයාගෙ මොලේ කවර් වෙලා නෑනෙ ඔළු කට්ටෙන්. ඒ නිසා වෙන්න ඇති සමහර විට.
Deleteඔය මං උපුටාගත්තු කෑල්ලෙ වැදගත් පණිවිඩයක් තියනව කියලයි මට හිතුනෙ.
අරුණි ෂපිරෝගේ ප්‍රජාතන්ත්‍රවාදය, ලිබරල්වාදය හරියට ගණිකාවගේ පතිවත වගෙයි.. ඊට වඩා ප්‍රජාතන්ත්‍රවාදියි, ලිබරල් වාදියි පැරකුම් ජයසිංහ..
ReplyDeleteමං හිතන්නෙ ගණිකාවො ස්ට්‍රෙට් ෆෝවර්ඩ් කතා කරනව. කොහොම වුනත්, එයා තමන්ට විරුද්ධ කමෙන්ට් ඩිලිට් කරනව. මහින්ද වගෙ තමයි, කතාව ලිබරල් වැඩ කුරුවල්.
Deleteගෑණු නම් තියෙන සින්දු කොච්චර තියෙනවාද? රන්මැණිකා ගේ සිට නේරංජනා දක්වා. ඒත් අරුණී කියලා සින්දුචක් නෑ නේද, ආසාවට කියන්න.
ReplyDeleteකියල කටගන්න වුනේ නෑ, මේ තියෙන්නේ.
Deletehttp://www.dailymotion.com/video/xs48tu_aruni-lakshitha-matharaarachchi-dvd-www-music-lk_music
!!!
වචන වැඩිවීම නිසා අර්ථය විකෘති වෙනවා කියන එක නේද?
ReplyDeleteමටත් වුනේ මාර වැඩක්. අහක යන අරුණියෙක් ගාගෙන දැන් ඔක්කොම කමෙන්ට් කරන්නෙ ඒක ගැන.
Deleteෆේස්බුක් එක ගැන කියපල්ලකො.