මේ තියෙන්නෙ බ්ලොග් එකකින් උපුටාගත්තු කමෙන්ට් එකක්.
Xx Xx XxxxxJanuary 2, 2015 at 7:18 PM
පැරකුම් සහෝදරයා දේශද්‍රෝහියෙක් බව කවුරුත් දන්නා දෙයක් නිසා රෙද්ද පල්ලෙන් බේරෙන දේශ ප්‍රේමයක් නොමැත.
කවුරුත් දන්නා දෙයක් නොදැන සිටීම ගැන මට ඇති වූයේ මහත්ම ලැජ්ජාවකි. දේශ ප්‍රේ්මියා යනු කවුරුන්ද? දේශ ද්‍රෝහියා යනු කවරෙක්ද? ඉහත කමෙන්ටුව දැකීමෙන් අනතුරුව එම ප්‍රශ්නය යළිත් මගේ සිත තුළ නළියන්නට විය. ඒ ප්‍රශ්නයට පිළිතුර හරිහැටි නොදැනීමෙන් දේශ ද්‍රෝහීන් කවුරුන්දැයි අඳුනාගැනීමට මට නොහැකි වී ඇත.
ඇතැම් විටක මට මෙසේ සිතෙයි. “ඔය තරම් වද වෙන්නට දෙයක් නැත. දේශයට ද්‍රෝහි වන්නා දේශ ද්‍රෝහියා නම් වෙයි.“
දැන් ප්‍රශ්නය තරමක් ලිහිල් වී ඇත. දේශය හා ද්‍රෝහිත්වය තේරුම් ගත් විට දේශ ද්‍රෝහියා තේරුම් ගැනීම අපහසු නැත. ද්‍රෝහිත්වය, සතුරුකම තේරුම්ගැනීම පහසු ය. අපහසුව ඇත්තේ දේශය යන්න තේරුම් ගැනීමයි. එය තේරුම් ගැනීමට මා මෙසේ උත්සාහ ගනිමි.
මේ විසි එක් වැනි සියවස කියා කියනු ලැබේ. ලෝකයේ රටවල් බහුතරයක් ප්‍රජාතන්ත්‍රවාදය නමින් හඳුන්වනු ලබන පාලන ක්‍රමයක් යටතේ පවතියි. එම ක්‍රමයේ යම් යම් වෙනස්කම් විවිධ රටවලදී දැකිය හැකිය.
ප්‍රජාතන්ත්‍රවාදය මූලික වශයෙන් දෙආකාර වෙතැයි කියැවේ. එනම්, ඍජු ප්‍රජාතන්ත්‍රවාදය සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වේ. පැරණි ග්‍රීසියේ ඇතැන්ස් නුවර පාලනය කරන ලද්දේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට බවද අපි අසා ඇත්තෙමු. එහිදී, සියළු නගරවැසියෝ රැස් වී පරිපාලනමය තීන්දු තීරණ ගෙන ඒ අනුව කටයුතු කර තිබේ. සීමිත ජනගහණයක් තුළ එසේ කළ හැකි නමුත් තරමක හෝ විශාල ජනගහනයක් සිටිද්දී එසේ කළ නොහැකිය.
අපේ ගෙදර පාලනය වන්නේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම අනුව කියා මට පෙනී යයි. එහෙත් ඒ තුළ ඒකාධිපති තීරණ ක්‍රියාත්මක නොවනවාම නොවේ. ගෘහ මූලිකයා වන හෙනහුරාත්, භාර්යාව වන හෙනහුරීත්, දැනුම් තේරුම් ඇති වයසට මෝරා ඇති දරුවනුත් බොහෝ තීරණ සම්බන්ධයෙන් ඍජුවම මැදිහත් වී සාකච්ඡා කරති. දීර්ඝ සාකච්ඡා මගින් මත ගැටුම් සමනය කරගැනීමට හා පවුලට වඩාත්ම යහපත් විකල්පය තෝරාගැනීමට හැකියාව ලැබෙන බව අපගේ අත්දැකීමයි. එසේ වුවද, අතිශයින්ම විරුද්ධ මතවාදයන් පවතින අවස්ථාවන්හිදී හෙනහුරාගේ හෝ හෙනහුරීගේ අත්තනෝමතික තීරණ ඇතැම් විට ක්‍රියාත්මක කිරීමට සිදු වේ. මෙහිදී තීරක බලය හිමි වන්නේ අදාළ ප්‍රස්තූතය සම්බන්ධයෙන් වැඩි පරිචයක් හා දැනුමක් ඇති තැනැත්තාටයි. උදාහරණ වශයෙන් ගතහොත් රූපවාහිනි යන්ත්‍රය අළුත්වැඩියා කරවාගැනීමට ගෙන යන්නේ කොතැනටදැයි තීරණය කරන්නේ හෙනහුරාය. මයිකල් මාමාගේ දුවගේ විවාහ මංගල්‍යයට ලැබුනු ආරාධනය සම්බන්ධයෙන් තීරණය කරන්නේ හෙනහුරී ය. දරුවන්ගේද සහභාගිත්වය ඇතිව රාත්‍රී ආහාර පිළියෙල කරගැනීම හෙනහුරී විසින් තීරණය කරනු ලැබේ. පාසැල් නිවාඩු කාලයේ විනෝද චාරිකාවක් යාම, ගෙදරට අළුතින් ගෘහ භාණ්ඩයක් මිල දී ගැනීම ආදිය සාමූහික තීරණ අනුව කරගැනීම අපගේ පුරුද්ද වී ඇත.
එසේ වුවද, ගමේ සමිතියේ වැඩකටයුතු කිරීමේදී මෙය තරමක් අසීරු වේ. එනිසා, එහි වැඩකටයුතු වලට අපි කාරක සභාවක් පත් කරගන්නෙමු. මේ කාරක සභාව තෝරාගන්නේ මහා සභාවේදී යෝජනා ස්ථිර කිරීමෙන්ය. සමිතියේ ව්‍යවස්ථාව අනුව අවශ්‍ය සංඛ්‍යාවට වඩා වැඩියෙන් යෝජනා වී ඇත්නම් පුංචි පහේ ඡන්දයක් පවත්වා වැඩි ඡන්දය අනුව කාරක සභාව පත් වේ. සමිතියේ සභාපති තෝරන්නේත් මේ ක්‍රමයටමය. සමහර අවස්ථාවලදී ගමේ කාටත් විශ්වාසදායක වූ අයකු නිතරගයෙන්ම පත් කරනු දැකිය හැකිය. ඒ කොහොම පත් කළත් සමිතියේ වැඩකටයුතු සම්බන්ධයෙන් තීරණ ගන්නෙ කාරක සභාවේ අනුමැතිය අනුවයි. සභාපති ඡන්දයෙන් පත් වූ පළියට ඔහුට තනි තීරණ ගැනීමේ බලයක් නොමැත. සමිතියේ ව්‍යවස්ථාව එසේ සකස් කර ඇත්තේ තීරණ වල නිවැරදි භාවය ඇති කිරීමටත් දූෂණ අවම කිරීමටත් බව පැහැදිළි ය.
රටක් ආණ්ඩු කිරීමේදී මේ තත්වය මීටත් වඩා බැරෑරුම් වෙන බව කිව යුතු දෙයක් නොවේ. එසේනම් විධායක ජනාධිපති තනතුර යනු වහාම අහෝසි කළ යුතු තනතුරක් නොවේද?
විධායක ජනාධිපති තනතුර අහෝසි කළ යුතු බව නොකී කෙනෙක් පසුගිය කාලයේ සිටියේ නැත. එහෙත් ප්‍රශ්නය වූයේ එය කී කිසිවෙක් මෙතෙක් එය නොකිරීමයි. පොදු අපේක්ෂකයා බිහි වන්නේ එහි ප්‍රතිපලයක් වශයෙනි. මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපති තනතුර අහෝසි කළානම් මේ තරම් නහින්නේ නැතිව ඔහුට ඕනෑම මැතිවරණයක් ජයගන්නට හැකි වනු නොඅනුමානය.
දැන් නැවතත් “දේශය“ යන්න තේරුම් ගැනීමට උත්සාහ කරමු.
2009 දී ත්‍රස්තවාදීන් පරාජය කළ පසු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙවැනි අදහසක් ඇති දෙයක් කීවේය. “මීට පස්සෙ මේ රටේ දෙමළ සිංහල කියල ජාති දෙකක් නෑ. තියෙන්නෙ දේශ ප්‍රේමියෝ සහ දේශ ද්‍රෝහියෝ කියන ජාති දෙකයි.“ ඒ ජනාධිපතිතුමාම දැන් ටී එන් ඒ එක නායකත්වය දෙන දෙමළ ජනතාවක් ගැන සැක පහළ කරමින් කතා කරයි.
එදා ජනාධිපතිවරයා දේශය යනුවෙන් හැඳන්වූයේ කුමක්ද? මුහුදින් වට වී ඇති මේ ගොඩබිමද? එහි ජීවත් වන මිනිස්සුද?
දේශය යනු යම් පරිපාලන ඒකකයක් නොවේද? පරිපාලන ඒකකය තුළ ජීවත් වන රටවැසියන් සමූහයත් ඔවුන් ජීවත් වන සහ භුක්ති විඳින ගොඩබිමත් අහසත් මුහුදත් මේ සියල්ලම දේශය නොවන්නේද?
එසේ වූ කල්හි, ඒ දේශයේ උන්නතියට බාධා කරන, වායුගෝලය දූෂණය කරන, ජලය දූෂණය කරන, ජනතාව පෙළන සියල්ලෝම දේශ ද්‍රෝහියෝ වෙති.

ඔය ලියල තියෙන අන්තිම වාක්යට අනුව,නියම දේසද්‍රෝහියා මහින්දම තමා.
ReplyDelete