2015-01-28

69+වැඩසටහන 18+


කඳ බඩ ඔළුව නැත පෙනුමට කිසි    වෙනසක්
වයසට වඩා මෝරා ඇති හිත            පමණක්
දන්නෝ දනිති කීවොත් නම සැණෙකින් එක්
ඇම්ඩන් කොලූ කුල්මත් කරවීය       ලොවක්

දවසින් දවස කාලය ගෙවිලා             යන්නේ
ඇම්ඩන් කෙමෙන් තුරුණු වියට    ලං වන්නේ
වාසනාව නිති ඔහු වෙත           එළැඹෙන්නේ
කන්තෝරුවක රැකියාවක්          ලැබගන්නේ

තනතුර ටිකක් ඉහළය වැටුපත්           හොඳය
පැන්සොන් එකත් ලැබෙනා බව         කීවේය
කරන්නට ඇත්තෙ පහසුම              කටයුතුය
එහි වැඩිපුරම සිටියේ නම්            කෙල්ලන්ය

කන්තෝරුව තිබුනෙ නගරය           මැද්දේය
තට්ටු පහළොවක බිල්ඩිම                මුදුනේය
සැතපුම් ගණන් වට පිට දිස්            වන්නේය
සේවය කළේ ඇම්ඩන් හරි              සතුටින්ය

දවසක් ඔහුගෙ ලොක්කා එහි             ආවේය
සියලුම දෙනා උඩු මහලට                කැඳවීය
ඉහළින් අණක් පැමිනුනු බව              කීවේය
කළ යුතු සියල්ලම විස්තර            කෙරුවේය

දවස් හතයි ඇත්තේ නිම                කරන්නට
හැම දෙනාම දායක විය යුතු                 එයට
වැඩසටහන් සීයක් හදලා                   හොඳට
ඉදිරිපත් කළ යුතුය ඒවා              ලොක්කාට

කන්තෝරුවෙ ඉන්නෙ ඔක්කොම නම දෙනෙකි
එක්කෙනෙකුට බෙදුනේ වැඩ      එකොළහකි
ඉතුරු වෙන එකට කළ හැකි එක         දෙයකි
ප්‍රගති සමාලෝචනයයි                 කියතහැකි

ඇම්ඩන් එදත් හැමදා කරනා              ලෙසම
දවසෙන් දෙකෙන් කෙරුවා සියලු වැඩ    නිම
කාටත් උදව් කරමින් අත හිත                  දීම
ඇම්ඩන් කළ නිසා ලැබුනා               පැසසීම

ලොක්කා ආව හරියට හත් වෙනි            දවස
කැඳවූවා සියලු දෙන පෙර දින              විලස
එක එක්කෙනා හිටගෙන ඔහුගෙ         අබියස
වැඩසටහන් හදපු, පෙන්වයි පොවා           රස

පැය ගණනක් ගතවෙන මේ               රැස්වීම
ඉස්මතු කළා ඇම්ඩන්ගේ               අලසකම
වට පිට බලද්දී දුටු දෙය නම්                  කදිම
පින්තූරයකි පොබයන මුළු ගත             සිතම

ඩිජිටල් ප්‍රින්ට් ක්‍රමයට තිබුනේ              හදලා
සිනමා ශාලාවෙ වහලයෙ සවි             කරලා
අතිශයින්ම වැඩිහිටියන්ටයි                කියලා
පොඩියට ලියා තිබුනා මුල්ලට            කරලා

පෙන්විය නොහැක සියල්ල මේ       මහපාරේ
එඩිට් කර තිබිනි එහි දඟයුග                අතරේ
මනැසින් මවා ගත යුතු විය හෙමින්       සැරේ
ඇම්ඩන්ගේ සිත යයි දැන් ඒ                 පාරේ

රැස්වීමේ කටයුතු නියමෙට                  යනවා
වැඩසටහන් එකින් එක ගෙන         කියවනවා
ඇම්ඩන් සිහින ලෝකේ දැන්      සැතපෙනවා
කෑම විවේකය ටික ටික                ලංවෙනවා

වැඩසටහන් හැට අටක්ම                  කියවූවා
ඊ ළඟ එකෙන් පසු කෑමට යමු               කීවා
එසේ කියා ලොක්කා වටපිට               බැලුවා
ඇම්ඩන් නිදි කිරන බව හොඳටම           දුටුවා

අවදි කරන්නට රැස්වීමක                     ඉන්න
කළ යුත්තේ ඇසීමයි ඔහුගෙන්             ප්‍රශ්න
හැමදා මෙවැනි දේ පිළිබඳ අත්             දකින
ලොක්කා ඇමතුවා ඇම්ඩන්ගේ           නමින

අපි දැන් මෙතන හැට අටක්ම           කියවූවා
රැස්වීමේ කාල සටහන මං                   කිවුවා
ඇම්ඩන් කියන්නකො කාගෙත් හිත්    නලවා
හැට නමයට පස්සෙ අපි කරමුද        මොනවා

ඇම්ඩන් හිටියෙ අමුතුම            සිතිවිල්ලකය
එයටම කැපෙයි ලොක්කා අහනා         පැනය
කොල්ලා අපේ හැමදාමත්               එඩිතරය
දුන්නා එක් වරම පිළිතුර                 නිවැරදිය

හැටනමයට පස්සෙ කළයුතු දේ          මේකයි
දෙන්නා එක්කලා කට සේදිය             යුතුමයි
විනාඩියක් යන තුරු සැම              නිශ්ශබ්දයි
හිකිස් හිකිස් හඬ තැන් තැන් වල      මතුවෙයි









Photo source:  http://assets.inhabitat.com/wp-content/blogs.dir/1/files/2012/09/green-office-2-537x358.jpg



6 comments:

  1. අලුත්ම කතාවක්. පද බැඳීමත් අපූරුයි. කෙටියෙන් කිව්වොත් තව ටික දොහකින් මට ටින් එකක් හොයාගන්න වෙනවාමයි. (මගේ පාත්තරේට හෙනහුරා වැටිලා! :D)

    ReplyDelete
    Replies
    1. හහ් හහ් හා........ අම්මප මට මතක් උනේ මධු මාධවී.

      Delete
    2. @මධුමාධවී

      බය වෙන්න කාරණාවක් නැහැ .. ශනි, මදාවියා තරම් මදාවි නැහැ වගේ ..

      Delete
    3. @මධුමාධවී
      මං පොරොන්දු වුනානෙ ස්ටැයිල් කොපි කරන්නෙ නෑ කියල. ඒක ඔප්පු කරලත් පෙන්නුවා. ටින් හොයන්න ඕනැ නෑ (වෙන වැරදි කරල නැත්නම්).
      @ රාජ්
      මටත් ලියනකොටම මතක් වුනා.
      @ සඳරූ
      ශනි අහිංසක කොල්ලෙක්. අපල කරන්නෙත් වාත පොරවල් වලට විතරයි.

      Delete
    4. අම්මප මටත් මතක් වුනේ මධුවගේ පාත්තරේට හෙනහුරා වැටුනා කියලා

      Delete
  2. 69........................+++++++++++

    අැම්ඩා තමා කොල්ලා..................

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.