2012-05-23

සිංහල බ්ලොග් හරහා සී අයි ඒ කුමන්ත්‍රණ?

කාලෙකට ඉස්සෙල්ල ලියපු මේ පෝස්ට් එක පබ්ලිෂ් කරනවද නැද්ද කිය කියා හිත හිත ඉඳලා අන්තිමට ඕ.පු. කියලා පබ්ලිෂ් කරන්න තීරණය කළා. (මේකෙ තියන සමහර වර්තමාන කාල වාක්‍යයන් දැන්නම් අතීතයට ගිහින්)
මේක කාටවත් පහර ගහන්න නෙමෙයි ලිව්වෙ. මේ මට හිතෙන හැටියි.

ශ්‍රී ලංකාව කියන්නෙ වැඩකට නැති රටක් කියල අපි කවුරුහරි හිතනවනං ඒක අන්තිම මෝඩකමක්. අපේ රටේ තියන සම්පත් වලින් හරි හැටි ප්‍රයෝජනයක් ගන්න බැරි නොයෙකුත් බාධක නිසා නොවෙයිනම් මේ රට සුරපුරයක සැප ඇති රටක් බවට පත් කරන්න බැරි කමක් නැහැ. අපේ රටට වඩා සම්පත් බොහොම අඩුවෙන් තියන රටවල මිනිස්සු අද අපට වඩා සැප සේ ජීවත් වෙන මාර්ග හදාගන තියනව.
 
අපට තේරුම් ගන්න බැරි වුනාට මේ රටේ සම්පත් ගැන ඇහැ ගහගන ඉන්න අය ලෝකෙ නැතුවා නෙවෙයි. ඒ අය, විශේෂයෙන් ලෝකයේ පොලිස් කාරයා බවට තමන් විසින්ම පත් වෙලා ඉන්න අධිරාජ්‍යවාදී ප්‍රජාතන්ත්‍රවාදියා වන ඇමරිකානු ආන්ඩුව මැද පෙරදිගට දුන්න ගේම ලංකාවටත් නොදෙයි කියන සහතිකය දෙන්න පුළුවන් කාටද?
සී අයි ඒ සංවිධානයට සම්බන්ධකම් තියන විවිධාකාර තරාතිරමේ පුද්ගලයන් සිටින බව රහසක් නෙවෙයි. රටේ තියන ගැටළුවක් ප්‍රශ්නයක් අල්ලගෙන ඒකට පෝර දාල සරු කරල රටේ ඉන්න මිනිස්සුන්වම අවුස්සලා රට අස්ථාවර භාවයට පත් කිරීමේ සුපුරුදු සහ පැහැදිළිව පෙනෙන උපාය මාර්ගයන්ට අමතරව ඒ රටේ ඉන්න මිනිස්සුන්ගෙ මානසිකත්වය වහල් භාවයට පත් කරන ක්‍රමවේදයත් ඔවුන්ගේ උපක්‍රමයක්.
මේ ලිපිය ජීනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේ වැඩකටයුතු එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. ලංකාවේ ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කරන්නෙ නැති බවක් වත්, ආණ්ඩුවට සහ‍යෝගය දීල මානව හිමිකම් සමුළුවෙන් ගෙන එන යෝජනා පරාජය කරන්න ඕනැ කියලවත් මේ ලිපියෙන් යෝජනා කරන්නෙ නැහැ කියන එක අවධාරණයෙන් කියන්න ඕනැ. ඒ වුනත්, අම්මයි බිරියි එක්කල ඔරුවක නැගල යද්දි ඔරුව පෙරළුනොත් බේරගන්නෙ අම්මවද බිරිවද කියන ගැටළුව වගේ මානව හිමිකම් සංවිධානයේ යෝජනාවකට සහයෝගය දීල ආන්ඩුව පෙරළනවද නැත්තං ආන්ඩුවට සහයෝගය පෙන්නල පුළුවන් වුනොත් මානව හිමිකම් සංවිධානයෙ යෝජනාවක් පරාජය කරනවද කියන එක කල්පනා කරල තීරණය කරගන්න.
සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි විශාල ගණනක් තියනව. මේ සමහර ඒව ලියන්නෙ මොබයිල්මෑන් වගේ ආරූඪ නම් වලින්. තවත් සමහර ඒව ලියන්නෙ සංවිධාන වශයෙන් කියලයි කියන්නෙ. සමහරවිට මේ සංවිධාන වල සාමාජිකත්වය දෙකක් වෙන්නත් පුළුවන්. මේ වෙබ් අඩවි අතර තියනව අන්තවාදී වෙබ් අඩවි, උදව් කරන වෙබ් අඩවි, දැනුම වඩන වෙබ් අඩවි ආදී නොයෙක් විදිහට වර්ගීකරණය කරන්න පුළුවන් වෙබ් අඩවි. මේ වෙබ් අඩවි වලින් කියැවෙන දේ වගේම ඒවට වැටෙන කමෙන්ට් වලින් කියැවෙන දේවල් ප්‍රවේශමෙන් අධ්‍යයනය කරල බැලුවහම පෙනෙන දෙයක් තමයි, අපේ රටේ මිනිසුන් කොටසක් ටිකක් භයානක අන්තයක් කරා ඇදී යන බව.
අපේ රටේ පැවැතුනු තිස් අවුරුදු යුද්ධයට සී අයි ඒ එකෙන් පෝර දැම්මෙ නැහැයි කියන්න පුළුවන්ද? දෙමළ ජනතාවට සිංහලයන්ගෙන් හිරිහැර සිද්ධ වුන එක ඇත්තක්. ඒක පිළිගන්න බැහැයි කියල කාටවත් අවංකව කියන්න බැහැ. හැබැයි මෙන්න මේ මූලික පදනමට එන්න ඕනැ.
අපේ ගෙදර හදන බල්ලෙකුට හොඳට කටු නැතිව මස් එහෙම කන්න දීල අපට කියන්න පුළුවනි “සළකනව” කියල. අපි ඒකට පුටුව උඩ නිදාගන්න ඉඩ දෙන්නෙ නෑ. ඇයි ඒ? ඌ බල්ලෙක් නිසා. ඉතිං බල්ලත් අපිත් එක්ක තරහ වෙන්නෙ නෑ. පුටුව නැති වෙන එක ඌට මහ දෙයක් නෙවෙයි. දෙමළ මිනිසුන්ට සිංහලයා අතින් අසාධාරණයක් වුනේ නෑ කියන අයගේ තර්ක වලත් ඒ වගේ අඩුපාඩුවක් තියනව. අපි දෙමළ අයට සැළකුවාය, රටේ ඉහළ තනතුරු වලට එන්න දුන්නය කියල කිව්වට, යම් යම් තීරණාත්මක අවස්ථාවන්හිදී අපි අර පුටුවට නැගපු බල්ලට සළකන ආකාරයට දෙමළ මනුස්සයට සැළකුවා. මේ කියන්නේ ඔබ හෝ මම ගැන නෙවෙයි. සමස්තයක් වශයෙන් සිංහල සමාජය ගැන. ඉතිං ඒ හරහා ඇති වුනු පොඩි පොඩි වෛරී සිතුවිලි වලට පෝර දාන්න ඉදිරිපත් වුනේ දෙමළ දේශපාලකයො. මේ ඉතිහාසය අපි කවුරුත් දන්න නිසා නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ.
දැන් අපි දෙමළ සටන්කරුවන් තුවක්කුවෙන් මැඬල “සාමය” ස්ථාපනය කරලනෙ තියෙන්නෙ. ඉතිං ඒ කතාව පැත්තකින් තියමුකො. දැන් ඊ ළඟට කරන්න තියෙන්නෙ මුස්ලිම් කාරයො ටික මැඩපවත්වන එක. ඒ මොකටද, උන් දෙයියනේ කියල බිස්නස් එකක් කරගෙන ඉන්නව. ඒ බිස්නස් නැගල යනව. සිංහල මිනිහට බිස්නස් කිරීම එච්චර අල්ලල යන්නෙ නෑ. එතකොට මොකක්ද කරන්න තියෙන්නෙ. මුස්ලිම් කාරයන්ට ගහල එලවන එක. ‍මේක තනියම කරන්න බැහැ. ඒ නිසා තමයි අපි “ජාතියේ” උදව්ව ඉල්ලන්නෙ. ඒක නිකම්ම කරන්න බැහැ. මුස්ලිම් කාරයා ගැන වෛරයක් ඇති කරවන්න ඕනැ. ඉතිං ඒකට නෙයෙකුත් කතන්දර ඉදිරිපත් කරනව. සිංහල ගම් මැද්දෙ පල්ලි හදපු හැටිපන්සල් වනසන හැටිමහමෙවුනාව මැද පල්ලියක් හදපු හැටි, ගාලු කොටුව මැද්දෙ පල්ලියක් හදමින් ඉන්න හැටි, මුස්ලිම් කඩ වලින් කන්ඩ දෙන හැටි, ඉස්ලාම් ආගමික කැලැන්ඩර් අරාබි අකුරෙන් ගහල සිංහල ජාතිය නැති කරන්න  හදන හැටි, මේ ආදී නොයෙකුත් දේ. (දැන් ෂුවර් එකටම මොබයිල්මෑන් හම්බයෙක් කියල, නැත්තං මොබයිල්මෑන් හම්බයින්ට දෙන එකෙක් කියල රසවත් ප්‍රතිචාර, බෞද්ධ කුනුහරප එහෙම එයි. ඒ වුනාට මේ ලිපියෙ ප්‍රධාන අරමුණ මේ ප්‍රශ්නය ගැන කතා කරන එක නෙවෙයි)
ඔය විදිහට එක පැත්තක විනාශයක් කරන පාරක් හදාගෙන යද්දි, තව පැත්තකින් අපට “උදව්” හම්බවෙනව.
අපේ රටේ සමහර අය විවිධ හේතූන් නිසා වෙනත් ර‍ටවල පදිංචියට යනවා. බොහෝ දෙනෙක් යන්නෙ රැකියාවන් වලට නැත්තං අධ්‍යාපනය සඳහා. ඒ අතරතුර සැප සේ ජීවත් වෙන්න කියල හිතාගෙන යන පිරිසකුත් ඉන්නවා, භෞතික සම්පත් වලට ආස කරන අය. ඇමරිකාව වගේ ර‍ටවල ඉන්න සමහර අය ඒ රටේ දේවල් මහා ඉහළින් අගය කරනවා. පහුගිය දවස් වල නිහාල් ගුරුසිංහ කියල මහත්මයෙක් ලියන යථාර්ථවාදියා කියන බ්ලොග් එකේ පළ කරපු “රට ගිය ඇත්තෝ” කියන කතාව සමහර අය උපුටලා අරගන නිර්නාමිකව හෝ තමන්ගෙ නමින් ඊ මේල් කරල තිබුන. ඇත්තටම ඒ කතාව සංවේදී ආකාරයට ලියල තිබුනු එකක්. කියවන්න වටින කතාවක්. ඉතින් මේ කතාව කියවපු සමහර අය ඒ ඊ මේල් එකට රිප්ලයි කරල තිබුන “මේක බොරුවක්. හිත හිතා ඉන්නෙ නැතුව ආපහු එන්න පුළුවන්නෙ” කියල එහෙම. ‍(ඒ කතාවේ තියනවා, කථකයා එහෙ ජීවිතය ගැන කළකිරිල ආපහු එන්න හිතන බව”) පිටරට ඉන්න සමහර අය ලංකාවට එන්නෙ කවදද කියල හිත හිත ඉන්නැද්දි තවත් සමහර අය ලංකාවෙ සමාජයට වෛර කරනවා. ලංකාවෙ මිනිස්සු කුහකයි, මෝඩයි ආදී වශයෙන් මත පළ කරනවා. ඒත් තමන්ගෙ වැඩක් බලාගෙන ඉන්නෙ නැතුව බ්ලොග් හරහා ඒ කුජීත මානසිකත්වය වපුරනවා. ඉස්සෙල්ලම ඔවුන් කරන්නෙ හර බර ලිපි මගින් පාඨක අවධානය දිනාගන තමන්ගෙ බ්ලොග් එක ජනප්‍රියත්වයට ගෙන එනවා. ඊට පස්සෙ ටිකෙන් ටික දිගහරින්න පටන් ගන්නවා අර “බණ”. ලංකාවේ තියන හැම දෙයක්ම ඔවුන්ගේ නිර්දය විවේචනයට ලක් වෙනව. සමහර විට ඒ අය තේරුම් අරගෙන නැතුව ඇති තමන් මේ කරන්නෙ මොකක්ද කියල. දැනගෙනම කරනව වෙන්නත් පුළුවනි.
ඉතිං බ්ලොග් කියවන ඔබටත් මටත් තියෙන්නෙ මනා අවබෝධයකින් යුක්තව කියවීමයි.

9 comments:

  1. ඔය කියල තියෙන්නේ අරුණි ගැන නෙවේ මන් හිතන්නනේ

    ReplyDelete
    Replies
    1. එයාට තියෙන්නෙ මානසික රෝගයක් නේද?

      Delete
  2. ඔබ කියන පරිදි ලංකාවට එරෙහිව සී.අයි.ඒ මෙහෙයුමක් කරන්වා කියමුකෝ,එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද,විමල් කාරයට පොඩ්ඩක් හයියෙන් පඩයක් ගියත් ඒකට බටහිර ලේකේ පලි,ඉන්දියන් වාහන වල බදු වෑඩි කරේ උන්ගේ මාකට් එක වට්ටන්නලු,මොන විහිලු කතාද මේ,
    අපෙ රට දියුනු කරන්න පුලුවන් පහසුම ක්‍රමේ කෘශිකර්මය,නමුත් ඒකට ලෑබිලා තියන තෑන ඔබටම පෙනවා ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. ලංකාවට එරෙහිව සී අයි ඒ මෙහෙයුමක් නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් ලංකාව වැනි රටවලට වෙන දේවල් දිහා බලනකොට සාධාරණ සැක මතු වෙනවා මැදහත්ව හිතනවනම්.
      ලංකාව කෘෂිකර්මයෙන් දියුනු කරන්න පුළුවන් විතරක් නෙවෙයි අද වෙනකොට කෘෂිකාර්මික ක්ෂෙත්‍රය මත වැඩකරන ව්‍යාපාර ගණනාවක් ලංකාවෙ ක්‍රියාත්මක වෙනව. ඒකම තමයි හෙනයක් වෙන්න ඉඩ තියෙන්නෙ. පල ඇති රුක් වලටයි ගල් වදින්නෙ.
      විමල්ලා කලින් හිටපු පක්ෂයේ අයගෙ කටේ තිබුන එකක් තමයි ඔය සී අයි ඒ කතාව. ලස්සනට අඳින පළඳින කොල්ලෙක් දැක්කත් ඌ සී අයි ඒ කාරයෙක් කියනව. දයා පතිරණට වුනේ මොකද කියල මතක තියන අය මේව ගැන දන්නවා. ඒ වුනත්, ඒ අන්තවාදය වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ අදහසේ එල්බගෙන සිටීමත් අන්තවාදයක්.

      Delete
  3. සාමාන්‍යයෙන් කෙනෙක් යම් පරිසරයකට හැඩගැසුනට පස්සෙ ඔවුන්ගේ චින්තනයේ සැලකියයුතු විපර්යාසයක් සිදුවෙනව. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. උදාහරණයක් විදියට හැමදාම රෑ කෑම පිටින් ගන්න පවුලක් සැලකුවොත් ඔවුන්ට හිතෙන්නෙ විශාල පිරිසක් ඔවුන් වගේ රෑ කෑම ගන්නෙ පිටින් කියල. තවත් කරුණක් සැලකුවොත්, පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන කෙනෙකුට තේරෙන්නෙ නෑ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවශ්‍යතාවය. යම්කෙනෙක් හෝ කොට්ඨාසයක් තේරුම්ගන්න නම් ඔවුන්ගෙ දෘෂ්ටියෙන් බලන්න වෙනව.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි රාජ්. ඒත් මං කතාකළේ දැනුවත් ලෙස මිත්‍යාවන් වපුරන අය ගැනයි.

      Delete
  4. oba wistarakarala tiyanadeya godak watinawa mewani danuwat kirimak kirima gana obata istutiwanta wenawa oba kiya tibu akaraye blog adawi bohomayak dan tibenawa ewa tulin jati wadaya ausanawa ewagema boru toraturu labadimakut sidukaranawa ratata haturukam karana me wage kalakani blog adwi gana api awadana yen sitiya youtui

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.