මගේ සිතිවිලි ලියා තැබීම හොඳයැයි මට සිතිනි. අද මේ වෑයම අරඹන්නේ එනිසාය.
මට ඇති එකම ගැටළුවනම්, ඇතැම් දවසට ලියා ගන්නට වෙලාවක් නැති වීමයි.
උවමනාවක් තියෙනවානම් වෙලාවක් නැතැයි කියන්නේ බොරුවක් කියා මා කුඩා කාලයේ වැඩිහිටියෝ, විශේෂයෙන් ගුරුවරු කියූහ. එය තරමක සත්‍යයකි. තරමක සත්‍යයක් වන්නේ, වෙලාවක් නැතැයි කීම කම්මැලිකමේ ප්‍රධාන ලක්ෂණයක් බැවිනි. තරමක අසත්‍යයක් වන්නේ, ප්‍රමුඛතා ලැයිස්තුවකට අවශ්‍යතා පෙළගැස්වීමේදීය.
දැන් දැන් කාල කළමනාකරණය නමැති විෂයයක් විෂය මාලාවන්ට එකතු වී ඇත. එහෙත් කාල කළමනාකරණය යනුවෙන් උගැන්විය හැකි දෙයක් නැතැයි දේශනා කරන වියත්හු ද සිටිති. (මා ඔවුනට වියතුන්යැයි කියන්නේ ඔවුන් එසේ පෙනී සිටින නිසාය.) ඔවුනගේ අදහස නම් තම කාලය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි කියා අනිත් සියල්ලන්ටම වඩා දන්නේ තමන් බැවින් තව කෙනකුගෙන ඉගෙන ගැනීමට තරම් දෙයක් එහි නැති බවයි.
ඇත්තෙන්ම, කළමනාකරණය ගැන ලියැවුනු පොත් කොපමණ තිබුනත්, න්‍යායයන් කොපමණ තිබුනත්, කළමනාකරණය යනු ඇඟෙන් එන දෙයකැයි සිතන්නෝ කොපමණ සිටිත්ද?
න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය අතර වෙනසක් ඇතැයි, වෙනසක් තිබිය යුතුයැයි සිතන්නෝද බොහෝ වෙති.මෙසේ අප කාටත් සිතිවිලි පහළ වේ. මේ සිතිවිලි වලින් වැඩක් ගන්නටනම් ඒවා ගැන, ඒවායේ පලක් ඇති නැති බව, සොයා බැලිය යුතුය.
ඉතින් අපි එසේ කරමු.
කළමනාකරණය නේ..කළමනාකරණය ඉගනීම වැදගත් නම් කළමනාකරණය ඉගනගත් අය රැකියා රහිත වන්නේ ඇයි??
ReplyDeleteඅද ලංකාවේ මොනව ඉගෙනගත් අයද රැකියා විරහිත නොවන්නෙ?
Delete