2011-10-27

ඉන්ටර් නැෂනල් රිපෝටර්

ලෝකෙටම ප්‍රජාතන්ත්‍රවාදෙ දෙන්නේ ඇමරිකන් කාරය කියල හිතන අයත් ඉන්නවා
ඉන්ටර් නැෂනල් රිපෝටර්
"තෙල් නැති නිසා ලංකාව ආරක්‌ෂා සහිතයි" බුෂ් ජාත්‍යන්තර ප්‍රජා සමිතියට දැනුම් දෙන්නේය.

"තෙල් හින්ද ගඩාපිට වුණ දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන්ට වුණේ කෝපි නිසා" පුටින් අතීතයට එබී බලමින් කීවේය.

"ඉස්‌සර තෙල්වල වැදගත්කමක්‌ තිබුණේ නෑ. සුද්දොa ඇවිල්ලා ලංකාවේ රජවරුන්ව මැරුවේ කුළු බඩු කුරුඳු වෙනුවෙන්."

බුෂ් ද කතාවට එක්‌ වුණේය.

"පුරන් අප්පුව මැරුවේ තේ වෙනුවෙන්" පුටින් ද කීවේය.

"හෙන්රි පේදිස්‌ව ඝාතනය කළේ තේ රබර් පොල් හා මිනිරන් වෙනුවෙන්" බුෂ් මේ 19 වෙනි සියවසෙන් විසිවෙනි සියවස කරා එමින් කීවේය.

"සුද්දොa ඉන්කා රජවරුන්ව මරලා දැම්මේ රත්තරන් වෙනුවෙන්" පුටින් ගඩාපි අමතක කරමින් ලතින් ඇමරිකාවට පියමන් කරමින් කීවේය.

"සුද්දොa අප්‍රිකාවේ ගෝත්‍ර පිටින් මරා දැම්මෙත් රත්තරන් වෙනුවෙන්" බුෂ් ද ගඩාපි අමතක කරමින් කීවේය.

"අතීතයේ සිටම සේද රෙදි, පිඟන් බඩු, ගම්මිරිස්‌, කුරුඳු, කෝපි, තේ, පොල්, රබර්, තඹ, රත්තරන්, දියමන්ති වෙනුවෙන් සුද්දොa ලෝකයේ කී කෝටියක්‌ මරන්න ඇතිද? රජවරු කීදාහක්‌ මරලා එන්න ඇතිද? කොච්චර නායකයන්ව ඝාතනය කරන්න ඇති ද?"

සුද්දන්ගේ අතීතය තවත් මෙනෙහි කරමින් පුටින්ද කීවේය,

"ඒaත් ඒ හැම ඝාතනයක්‌ම සුද්දොa පෙන්නුවේ ශිෂ්ටාචාරය වෙනුවෙන් කරන ඝාතන කියලා" තවත් කවුදොa කීවේය.

"රාජසිංහ රඡ්ජුරුවෝ වගේම සදාම් හුසේනුත් දරුණු පාලකයෙක්‌ වෙන්න ඇති. ඒත් සුද්දොa සදාම් ව මැරුවෙත් රාජසිංහ රඡ්ජුරුවෝ හිර කෙරුවේත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිතවාදය වෙනුවෙන් නෙමෙයි. ලංකාවේදී ඒක කළේ කුළු බඩු හා කෝපි වෙනුවෙන්. ඉරාකයේ දී ඒක කළේ තෙල් වෙනුවෙන් බුෂ් කෝපි හා තෙල් අතර ද රාජසිංහ හා සදාම් අතර ද සමානකම පැහැදිලි කළේය.

"සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්චාත් නූතනවාදය සියලු දර්ශනවාද විද්‍යාව දැනුම ආදී සියල්ලම ලෝකයේ ඇති තරම් සම්පත් තමන් ළඟ ගොඩගසා ගැනීම සඳහා වන ආම්පන්න පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති දර්ශනවාදය අද ඔවුන් භාවිතකරන්නේ අරාබියේ තියෙන තෙල් ළිං ටික තමන්ගේ සාක්‌කුවේ දමාගැනීමට පමණයි".

පුටින් සුද්දන් දාර්ශනිකයන් වී ඇති ආකාරය පෙන්වා දුන්නේය.

"එතකොට එම දර්ශනවාදය පස්‌සේ යන ලංකාවේ උගත්තු කරන්නේ සුද්දන්ට අරාබියේ තෙල් ළිං ඇතුළු ලෝකයේ සියලු වස්‌තුව කොල්ලකෑමට උදව් කිරීම පමණක්‌ද."

දර්ශනවාදය නොදන්නා නිසා බුෂ් එවිට ප්‍රශ්න කළේය.

"ඔව් ඒ නිසා තමයි ඒ උගතුන්ට එන්ජීඕ ආදියෙන් සල්ලි දෙන්නෙත්" පුටින් දර්ශනය දන්නා නිසා කීවේය.

"එතකොට ලංකාවේ එවන් උගතුන්ගේ අරමුණ ගඩාපි මරා සුද්දන් සාක්‌කුවේ දාගන්න සල්ලිවලින් තමන්ටත් කීයක්‌ හෝ ලබාගැනීමද?

යළිත් බුෂ් ලංකාවේ උගත්තු ගැන නොදන්නා නිසා ප්‍රශ්න කළේය.

"සල්ලි ඥව් ගාන්නේත් නෑ. සල්ලි අතේ තියෙනකොට ගබඩාපිව මතක්‌වෙන්නෙත් නෑ" පුටින් සරල ඇත්ත කීවේය.

"ගඩාපිත් නැති වුණේ සල්ලි නිසාම නෙමෙයිද? බුෂ් ද සරල ප්‍රශ්නයක්‌ ඇසුවේය.

"ඔව් බටහිරට බැණ වදිමින් බටහිර සැප සම්පත්වලට ලොල්වීමත් බොහෝ අයගේ දුර්වල ලක්‌ෂණයක්‌. සුද්දොa මිනිසුන්ව ආයුධයෙන් වට්‌ටන්න ඉස්‌සෙල්ලා වට්‌ටන්නේ චීස්‌ බටර්වලින්. සැපසම්පත්වලට අන්ධ වූ තැනැත්තා සංසාරය තුළ නෙමෙයි මේ ජීවිතය තුළම අමාරුවේ වැටෙනවා."

පුටින් එවරද නිවැරදි පිළිතුර දුන්නේය.

"එහෙමනම් සුද්දන්ට අකැමැති අය සැපසම්පත්වලටත් අකැමැති වෙන්න ඕනැද" බුෂ් කීවේය.

"ඔව් සුද්දොa ලෝකයට දුක සැප කරලා පෙන්නලා තියෙන්නේ. සැප දුක කරලා පෙන්නලා තියෙන්නේ. අපි දුක්‌ඛ සත්‍යය අවබෝධ කරගන්න තුරු සුද්දොa හැමදාම දිනුම්."

පුටින් අවසාන වශයෙන් කීවේය. සුද්දා දිනා ඇත්තේ ඇයිද යන්න දැන් පැහැදිලි යෑයි සිතමි. ඒ නිසා ගඩාපි ගැන නොව තමන් ගැන කම්පා වන්න.

No comments:

Post a Comment

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.