2015-02-08

ඊ මේල් ගෘෘප් වල වැඩ කිඩ

බ්ලොග් සඟරාව ආරම්භයේ සිට කටයුතු කළේ ජාතිවාදයට විරුද්ධවයි. ජාතිවාදය හා සම්බන්ධ ලිපි හා කතන්දර ගණනාවක් පළ කළේ ඒක කියවන අයගෙන් කීප දෙනකුට හරි යහනුවණ පෑදෙයි කියල හිතාගෙනයි.

මේ සයිබර් අවකාශයේ ඊ මේල් ගෘෘප් කියල ජාතියක් තියනවනෙ. ඒ ගෘෘප් එකක සාමාජිකත්වය ගත්තට පස්සෙ වෙන්නෙ මේකයි. ගෘප් එකේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවනි ගෘෘප් එකට ඊ මේල් එකක් යවන්න. එහෙම යවාපු ඊ මේල් එකක් ගෘෘප් එකේ හැම කෙනෙකුටම ලැබෙනව.

ඉතින් නිතර හමු නොවන මිතුරු කණ්ඩායම්, විවිධ සංගම් වල සාමාජිකයො, අධ්‍යයන ආයතන වල ශිෂ්‍ය කණ්ඩායම් මේ විදිහට ගෘෘප් හදාගෙන ඉන්නව. ඊට අමතරව පොදුවේ ඕනෑම කෙනකුට සාමාජිකත්වය ලබාගන්න පුළුවන් ගෘෘප් එහෙමත් තියනව. මේවයින් සමහර ඒවනම් ඇඩම්ස් ඔන්ලි. ලෝකෙ නැති කුනු රස බෙදන පින්තූර සහිත හෝ රහිත ඊ මේල් තමයි ඒ ගෘෘප් වලින් එවන්නෙ. ඔය අතරෙ තියනව ආගමික හෝ දේශාභිමානී ස්වරූපයක් ගත්ත ඊ මේල් කණ්ඩායම්. මේ වගේ සමහර ගෘෘප් වලින් කරන්නේ ඇති තරම් ජාතිවාදය වැපිරීමයි.

මේ වගේ ගෘෘප් එකක සාමාජිකත්වයක් ලබාගෙන හිටිය මාත් කාලෙකට ඉස්සර. ගොනා හැරෙන්නෙ පොල් පැලේ පැත්තට බව තේරුනාට පස්සෙ මං කළේ සාමාජිකත්වයෙන් ඉවත් වෙන එකයි. ඒ ගෘෘප් වල ජරා ඊ මේල් වලට උත්තර ලියන එකත් සමහර වෙලාවට කිසිම වැඩක් නෑ. ඒව කියවන්නෙ එකම ජාතියෙ පිස්සො ටිකක්.

මට වුණු ඇබැද්දියටම මුහුණ දීපු තවත් එක්කෙනෙක් මේ පහළින් තියන ලිපිය ලියලම වැඩේ ක්ලෝස් කළා. කාටත් ලැබිය හැකි ප්‍රයෝජනය සළකලා ඒ ඊ මේල් එක සංස්කරණය නොකර ම මං මේ පළකරන්නෙ, අනන්‍යතාවන් විතරක් සඟවමින්.

2012/7/29 Abcd K <abcde@gmail.com>
මම සිංහල බෞද්ධයෙකු වෙමී. මම මේ Email group lanka එකට සම්බන්ධ වුනේ බෞද්ධාගම පිලිබද ලැබෙන ලිපි ලේඛණ හා විස්තර කියවීමටය.නමුත් මට පෙනෙන විදිහට මෙම group එක හරහා වැඩිපුර හුවමාරු වන්නේ ජාතිවාදි සටන් පාඨවල්ය.  පසුගිය වසර සිට මුරගල , ධර්ම ද්වීපය වැනි group වලින් ඕනැවට වැඩිය මෙම ජාතිවාදි  ලිපි පහල විය . මම මේවා දැක පුදුම වූයෙමී .මන්ද යත් අර ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට හෙම්බත් වු රටේ තව ජාතිවාදි ගිනි අඇවීලීමට  සමහරු තැත් කිරීමට උත්සාහ ගන්නා බැවිනි .  ඊට අමතරව මෙම වසර මුල් භාගය සිට මූසලයා නමින් මුස්ලිමි ජතිකෙකු මැද්දට පැන විටින් විට මේවාට ප්‍රතිචාර දක්වයි .මෙය සුභ ලකුණක් නොවේ .මන්ද යත් සමහරක් ජාතිවාදින් විසින් ඉස්ලාම් ආගමට හා මුස්ලිම් ජාතිකයන්ට  "හම්බයා " " " තම්බියා  "  ඉතා අශෝභන ලෙස බැන වදින විට මුසලයා බලවත් ලෙස අප ජාතියට සහ බුදු දහමට බැන වදියී. එයට මම කැමැති නැත .අප ජාතියට බැන වැදුනත්, බුදු දහමට නින්දා කරනවිට මා සිත තුල ඇති වන්නේ බලවත් කම්පාවකී .මෙය නතර කර හැකි වන්නේ ජාතිවාදි   ලිපි හුවමාරු  ව නතර කිරීමයී . මෙයට  Email group lanka  moderator ට පමනක් මැදිහත් වී කල හැකිය . Roshan Aponsu, Sunil perera, Nalin silva වැනි උදවියගේ  ජාතිවාදි  ලිපි හුවමාරු කිරීම නතර කලහොත් Mala musalaya ගේ ලිපි නතර කල හැකිය .
මට මෙම ලිපිය ලිවීමට බොහෝ හේතු තිබේ .
1)  ප්‍රබාකරන් නැමැති මහ කොටියා සමග අවු .22 ක් සටන් කොට බොහොම අමාරුවෙන් ලංකාව යුද්ධේ දින්නේ . එම යුද්ධේ දිනුවෙත් රට චිනයට උකස් තියලාය .මෙවන් වාතාවරනයක  මුස්ලිම් ජාතිකයන් සහ කතෝලික ආගමිකයන් සමග ප්‍රශ්න ඇතිකිරීම සුභදායකද ?
2) තවත් සමහරැ පවසන්නේ අපිට මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලාය .ඒක හරිම මෝඩ කථාවෙකී. මන්ද යත් ලාංකික වැඩි දෙනෙකු මැද පෙරදිග අරාබි කාරයන්ට කඹුක් ගහන බැවිනී . ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන්  භාගයක් සිංහලය . එවැනි උදවියගේ කඩවලින් බඩු නොගත්තත් අරාබී කාරයාගේ කුස්සියට තමාගේ ගැහැණු යවන උදවිය මේ රටේ සිටී .  අප රටේ Mason bass , driver වැනි රැකියාවල හිගයක් පවතී . මන්ද යත් ඔය සෑම දෙනම Dubai ගොස් ඇති බැවිනී .
ලංකාවට   ලැබෙන විදේශ විනිමය තුන් කාලයක්ම ලැබෙනුයේ  මැද පෙරදිග රටවලින් බවට අප රජය සනාථ කොට ඇත . එසේනම් අපිට ලංකාවේ සිටින මුස්ලිම් ජාතිකයන් ගේ කඩවල් වලින් බඩු ගන්න එපා කියලා කියන කථා වල කිසිම තේරුමක් නැත .
3) තවත් සමහරෙකු පවසා සිටිනුයේ අප ජාතිය වැඞි කිරීමට අඩුම ගනනේ ලමයි 4 දෙනෙක්වත් හැදිය යුතු බවයී .  ඒ උදවිය එම ලමයින්ට කන්න අදින්නේ දෙන්නේ කොහෙමද කියලා සිතුවේ නැති බවටයි මෙවැනි වදන් වලින් පෙනි යන්නේ . 2009 දී යුද්ධය නිමවූවත් අප රටේ ජීවන වියදම පහල ගියේ නැත . අප  රටේ තුන්කාලක්ම සිටිනුයේ අඩූ ආදායම් ලාබීන්ය .  උන්ට ඉන්න හිටින්න හරියම නිවසක්වත් නැත .  මෙවැනි වාතාවරනයක ලමයි 4 දෙනෙක් හැදිය හැකිද අඩූ ආදායම් ලබන මුස්ලිම් ජාතිකයන් හට පල්ලියෙන් ආධාර ලැබුනත් අපහට එවැනි ආධාර පන්සලෙන් ලැබෙන්නේ නැත .
ඊට අමතරව ලඃකාව කුඞා දුපතක් බව අප සැවොම දන්නා කරුනකී .එහෙත් ජනගහනය අධිකය . ලක්ෂ 22 කී . 2004 සුනාමියෙන් පසු ලංකාව තව කුඩා විය .
එමනිසා මෙම ජනගහනය ප්‍රශ්නයට එකම පිලියම වන්නේ චිනය වගේ එක් දරු හෝ දරු දෙදෙනෙකු පමනක් හැදීමේ නීතිය රජය විසින් පැනවීමයී .සියලු ජාතින් තුල එම නීතිය අකුරට ක්‍රයාත්මක කර හැකිය .
ඒ හැර ජාතින් අතර බේද ඇතී කිරීම සුභදායක නැත .මන්දයත් ජාතින් අතර අසමගිතාවයක් හෝ කහට හිතක් හටගත් විට එය මුලු රටටම බලපාන බැවිනී . ඒ මදිවට මුස්ලිම් ජාතියෙන් තව ප්‍රබාකරන් කෙනෙකු බිහීවීමටද පාර කැපෙන බැවිනී .
මිත්‍රයනි , අමතක කරන්න එපා වටුවගේ කථාව . වටුවන් අසමගි වුන අවස්ථාවේදි තමයි වැද්දා දැල දාලා සියලූ දෙනාම අල්ලා ගත්තේ . මේ අවස්ථාවේදි වැද්දා සැටියට එන්නේ ඇමරිකාවයී !
ප්‍රබාකරන් රට ගන්න හැදූ අවස්ථාවේදි හමුදාව සටන්කර රට බේරාගත්තා .ඒ වගේම ලංකාවේ තව ජන කොටසක් ඉදිරියට රට අල්ලා ගන්න ආවොත් එම හමුදාවම ඉන්නවා රට බේරගන්න .
එමනිසා අපි බෞද්ධයෝ වශයයෙන් වගකීමෙන් කටයුතු කොට ජාතින් අතර අසමගිකම් ඇති නොවෙන්නට වගබලා ගත යුතුය .

එමනිසා E mail group moderator වගකීමෙන් මෙම  ලිපි හුවමාරු කල යුතුය .

4 comments:

  1. අද විභීෂණ ලියලා තියෙනවා හොඳ ලිපියක්.
    http://vibheeshana2.blogspot.com/2015/02/isis.html
    පැහැදිලිවම රජය තමා යම් අසාමාන්‍ය වර්ධනයක් ඇතොත් වැලැක්විය යුත්තේ. මෙයට පෙර කෙනෙක් කියා තිබුණා මුස්ලිම් ජාතිකයින්ගේ වර්ධනයේ අවධි සහ ඒවායේ ලක්ෂණ. මරාගන්න අවශ්‍ය නෑ. නමුත් යම් සීමාවන් පැනවිය යුතුයි අනෙක් අයගේ යහපත පිනිස. මොකද ප්‍රභාකරන් මිනිසුන් මැරුවේ ආගම කියවමින් ක්‍රමයෙන් වධ දෙමින් ප්‍රදර්ශනය කරමින් නොවෙයි.

    ReplyDelete
  2. ඔය ඊ-මේල් ගෲප් කියන්නේ සෝ යෙස්ටර්ඩේ ඒවා නේද? මං හිතුවේ ෆෙස්බුක් නිසා ඕවා දැන් අභාවයට ගිහින්ය කියලායි!

    ReplyDelete
  3. Harrah's Casino & Hotel - Mapyro
    Find 용인 출장마사지 Harrah's Casino & Hotel locations, rates, 울산광역 출장마사지 amenities: expert Harrah's Restaurants and 동두천 출장샵 reviews, Harrah's Hotel 김천 출장샵 - Mapyro · 경기도 출장안마 Casino at Harrah's

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.