2015-02-07

අවංක කඩේ යාම

සමහර අයට “යහපාලනය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය“ වගේ වචන දැක්කහමත් කේන්ති යනවා. මේ අය සමහරවිට අවංකවම මහින්දට කඩේ ගිය අය වෙන්න පුළුවනි. යම් කිසි දෙයක් බලාපොරොත්තුවෙන් කඩේ ගිය එකාට වඩා ඇත්තටම හොඳයි කියල හිතාගෙන කඩේ ගිය එකාට කේන්තියක් ඇති වීම ස්වභාවිකයි.

දැන් ඔය යහපාලනය කියන වචනය පසුගිය ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුන මෛත්‍රිපාල සිරිසේන මහත්තයගෙ හරි  පොදු අපේක්ෂක සන්ධානයේ හරි ස්වයං නිර්මාණයක් නෙවෙයි. ඔය යහපාලනය නැත්නම් ගුඩ් ගවර්නන්ස් කියන එක දැනට දශක දෙකක විතර කාලෙක ඉඳල කළමනාකරණ ක‍්ෂේත්‍රයේ භාවිතා කරන වචනයක්. කළමනාකරණ පද්ධතිය ස්ථාවර කරගැනීම සඳහා ආයතන, සමාගම් ආදී සංවිධානයන්ට යහපාලනය හඳුන්වල දුන්නෙත් කළමනාකරණයේ සංකල්පයක් විදිහට.

මේ බලන්න.

WHAT IS GOOD GOVERNANCE? යහපාලනය යනු කුමක්ද?

Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.


The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

මේ කියන විදිහට, යහපාලනය කියල කියන්නෙ තීරණ ගැනීමේ හා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා වූ ක්‍රියාවලීන්. යහපාලනය කතාකරන්නෙ නිවැරදි තීරණ ගැන නෙවෙයි, එම තීරණ ගැනීමට හැකි හොඳම ක්‍රියාවලිය ගැනයි.


කොහොම වුනත් මේ “යහපාලනය“ කියන වචනයට සියළු දෙනා එකඟ වන නිශ්චිත වූ අර්ථ දැක්වීමක් නැහැ. පසුගිය දෙසැම්බර් මාසයේ අපේ රටේ පැවැත්වුනු ව්‍යාපාරික සමුළුවකදී අපේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිව්වෙ “යහපාලනය කියන්නෙ ප්‍රතිපල නෙලාගැනීමයි“ කියල. වරදවල වටහගන්න එපා එතුමා එතනදි සඳහන් කළේ එතුමා හෝ පවුලේ අය විසින් නෙලාගන්නා ප්‍රතිපල ගැන එහෙම නෙවෙයි. ඒත්, එතුමාට ඒක ඒ විදිහටත් අර්ථ දක්වන්න හැකි වෙලා තියෙන්නෙ ලෝක සම්මත නිර්වචනයක් මේ යහපාලනය කියන වචනයට නැති නිසා.


යහපාලනය ගැන විකිපීඩියාවෙ මෙහෙම කියනව.
Good governance is an indeterminate term used in international development literature to describe how public institutions conduct public affairs and manage public resources. Governance is "the process of decision-making and the process by which decisions are implemented (or not implemented)". The term governance can apply to corporate, international, national, local governance or to the interactions between other sectors of society.
The concept of "good governance" often emerges as a model to compare ineffective economies or political bodies with viable economies and political bodies. The concept centers on the responsibility of governments and governing bodies to meet the needs of the masses as opposed to select groups in society. Liberal democratic states, concentrated in Europe and the Americas, are often used to set the standards to compare to other states' institutions when talking about governance. Aid organizations and the authorities of developed countries often will focus the meaning of "good governance" to a set of requirements that conform to the organization's agenda, making "good governance" imply many different things in many different contexts.

දැන් මේ විකිපීඩියා ලිපියට අනුව උදාහරණයක් ගත්තොත් මොහාන් පීරිස් මහත්මයා අගවිනිසුරුවරයා නොවන බව තීරණය කිරීම නිසා වර්තමාන ආණ්ඩුව අවපාලනයක යෙදී ඇති බව තීරණය කරන්න බැහැ. එ්ත්, ඒ තීරණයට එළැඹුනු ආකාරයේ ඇති විනිවිද නොපෙනෙන සුළු බව නිසා, ආණ්ඩුව කටයුතු කළේ යහපාලනය තුළ නොවන බවනම් කියන්න පුළුවන්. මේක උදාහරණයක් ලෙස ගත්ත වුනත් ඒ සංසිද්ධිය පිළිබඳව සාකච්ඡා කරන්න තරම් නීතිමය දැනුමක් මට නැති නිසා මං වැඩිදුර ඒ ගැන සඳහන් කරන්නෙ නෑ. මගෙ මේ කතාවෙ අරමුණ තමයි “යහපාලනය යනු කුමක්ද?“ කියන එක සාකච්ඡා කිරීම.

යහපාලන නඩය, යහපාලන පිම්පියෝ, යහපාලනයට කඩේ යන එවුන්, ඔය වගේ වචන උපහාසාත්මක ලෙස පාවිච්චි කරන මහින්ද ගැත්තන්ගේ කියුම් නිසා, සත්‍ය වශයෙන්ම යහපාලනය කියන්නෙ මොකක්ද කියල ගොඩක් දෙනකුට ගැටළුවක් වෙලා ඇති.

නීතියේ ආධිපත්‍යය
යහපාලනයේ එක් ප්‍රධාන ලක්ෂණයක් විදිහට සැළකෙන්නෙ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත වී තිබීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක බලකණු ලෙස විස්තර කරන්නෙ ව්‍යවස්ථාදායකය, විධායකය හා නීතිය කියන තුන. දැන්නම් ඊට අමතරව ජනමාධ්‍ය කියන්නෙ තවත් බලකණුවක් කියල විග්‍රහ කරනව. යුක්ති සහගත ආණ්ඩුවක් රඳා පවතින්නේ මේ බලකණු සමතුලිත ලෙස තිබෙන විට පමණක් බව තමයි පොදු පිළිගැනීම.

මෙතනදි මතු වන එක ගැටළුවක් තමයි නීතිය සැම විටම යුක්ති සහගතද කියන එක. මනුෂ්‍යයා නීතිය හදාගත්තේ යුක්තිය ඉටු කර ගන්නයි. එ්ත් නීතියේ ටෙක්නිකල්පොයින්ට් වලින් අයුක්තිය රජ වුනු අවස්ථා නැතුව නෙවෙයි. මං කළිනුත් කියල තියනවනෙ ගොයම් කොළයේසිද්ධිය ගැන. ඒකත් එක උදාහරණයක්. එතකොට තව නඩුවකදි තීන්දු වෙලා තියනව කියනවනේ මිනී මැරුමකට වරදකාරයා වංගෙඩිය බව (ඒ කිව්වෙ විත්තිකාරයා නිදහස් වෙලා. නඩුව ගැන පත්තර කියවපු අය තීරණය කරල තියෙන්නෙ වංගෙඩිය තමයි මිනී මරල තියෙන්නෙ කියල)

නීති සකස් කරන්නේ හෝ පවතින නීතියක් අවශ්‍ය විටක සංශෝධනය කරන්නේ ව්‍යවස්ථාදායකය විසින්. ව්‍යවස්ථාදායකය විශාල මොළසංඛ්‍යාවක එකතුවක්. වාද විවාද සාකච්ඡා හරහා නිවැරදි තීරණයක් ඉස්මතු කරගැනීම තමයි එ් ක්‍රමයේ අපේක්ෂිත ඉලක්කය. අයුක්තිසහගතයි කියල පෙනෙන නීති සංශෝධනය කරල යුක්ති සහගත නීති සකස් කරගන්න ව්‍යවස්ථාදායකයට පුළුවන්.

මෙසේ නොවන ආණ්ඩුවක් අයුක්තිසහගතද?

දැහැමෙන් සෙමෙන් රජකම් කරන රාජාණ්ඩුවක් අයුක්තිසහගත වන්නේ කොහොමද කියල යමෙකුට තර්ක කරන්න පුළුවනි. ඉතිහාසයේ නෙවෙයි - අපි කියවල තියන ඓතිහාසික සාහිත්‍යයේ හැරුණහම - එවැනි යුක්තිසහගත ආණ්ඩු පවතින්නේ කොහේද කියල මම ආපහු ප්‍රශ්න කරනව. අනිත් එක, එවැනි එක් ආණ්ඩුවක් තිබුනය කියල ඒ ක්‍රමය නිවැරදි වෙනවද? එහෙම සළකන්න පුළුවන්ද? කිසි ලෙසකින්වත් බැහැ. නේරංජනාවෙන් පැනල ගිහින් වනගත වෙලා භාවනා කරන ඕනෑම කෙනෙක් බුදු වෙන්නෙ නෑ නේද?
විධායකය ව්‍යවස්ථාදායකයට ඉහළින්
විධායකයක් ව්‍යවස්ථාදායකයට ඉහළින් පැවැතීම කියල කියන්නෙ ආයෙත් ගත්තහම අඩු වැඩි වශයෙන් රාජාණ්ඩුවක්ම තමයි. මෙතනදි කාට හරි තර්කයක් හැටියට කියන්න පුළුවන් ඉහළින් සිටින විධායකය ක්‍රියාත්මක කළ යුත්තේ ව්‍යවස්ථාදායකයේ තීරණ නිසා එවැනි විධායකයක් පැවතීමේ වරදක් නැහැ නේද කියල. මතුපිටින් එහෙම පෙනුනට ප්‍රායෝගික තත්වය මොකක්ද? උඩින්ම ඉන්න විධායකයට බැරිද ව්‍යවස්ථාදායකය තමන්ගෙ සුවච කීකරු ගෝලබාලයො රොත්තක් බවට පත් කරගන්න? අපොයි ලේසියෙන්ම පුළුවනි.

ඉතින් අපට පහසුවෙන්ම දකින්න පුළුවන් දේ තමයි, නීතියට ඉහළින් කවුරුවත් නොසිටිය යුතු බව සහ ව්‍යවස්ථාදායකය විධායකයට යටත් නොවිය යුතු බව.

යහපාලනය ගැන දවස් ගාණක් කතා කරන්න පුළුවන්. මේ ගැන තව තවත් අධ්‍යයනය කරල බලන්න කියල සියළු දෙනාගෙන්ම මං ඉල්ලනව.


3 comments:

  1. මට නම් යහපාළණය කියන්නේ නීතිය උනත් ප්‍රශ්ණ කරන්න පුළුවන් නම් විතරයි.. කිසිම දෙයක් හෝ කිසිම කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්න බෑ.. සෑම කෙනෙකුටම සෑම දෙයක්ම ප්‍රශ්ණ කරන්න අවස්ථාව තිබිය යුතුයි.. අනික සාධාරණය මොකක්ද කියලා ඕන කෙනෙකුට තේරෙනවා.. දැන් බලපන් උඹයි මායි දෙන්නම ප්‍රසිද්ධියේ පිලිගන්නවා චීප් ජස්ටිස් ගෙදර යවපු විදිය චීප් කියලා. එතකොට අනික් උන්ට ඒක පේන්නේ නැද්ද..? නෑ උනුත් දන්නවා වැඩේ චීප් කියලා.. නමුත් තමන්ගේ වාසියට ඒක සාධාරණීකරණය කරන්න දාහක් දේවල් කියනවා.. ඉතින් කව්ද හරි නීතියද...? නෑ නේ.. එතනදි හරි ක්‍රියාව.. නීතිය කියන්නෙත්.. සදාතනික දෙයක් නෙමෙයි නේ..

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍යයා නීතිය හදාගත්තේ යුක්තිය ඉටු කර ගන්නයි

      Delete
  2. If you are really interested in broaden your horizons regarding යහපාළණය, please read about "Magna Carta" , "Charter of the forest" and "England's statute law"

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.