2015-02-23

යෙහෙළියො දෙන්නා (18+ කවි)

එකමත් එක නගරෙක තරමක්                               පරන
හිටියලු ගැහැණු දෙදෙනෙක් හිත මිතුරු                    වුන
පොඩි කාලයේ සිට ඇති යාලුකම                          ගැන
ඔවුනගෙ මහත්තුරු හිටියාලු                           දැනගෙන

ගෙවල් දෙක තිබු‍නෙ එක පාරක                          හින්දා
යාලු කම දිගට ගෙනියන්නට                               සැමදා
පුළුවන් වුනා නොමැතිව කිසිවක්                            බාදා
සතියට වතාවක් හමු වෙනවා                                 ඉරිදා

ලෝකේ වෙනස් වී ගෙන එයි                            හැමදාම
මිතුරියන්ට දැන් පුරුදුලු ක්ලබ්                            එහෙම
දවසක් හවස ඒ සුපුරුදු                                   විලසින්ම
පාටියකට ගියා දෙන්නා                            තනියෙන්

වයින් සහ බියර් නැත අඩුවක්                                වූයේ
බෝතල් ගණනක්ම එතැනදි                            හිස් වූයේ
සාදය නිමා වෙද්දී රෑ                                      බෝ වූයේ
ලයිට් කණු නිසා නැත අඩුවක්                             එලියේ

එතරම් දුරක් නෑ ගෙදරට                                  යාගන්න
ඕනෑ නැහැනෙ හස්බන්ඩ්ලා                         ගෙන්වන්න
අපි දෙන්නා ඇවිදිමු මත                            බැසයන්න
කියලා පිටත් වුනාලු උන්                               එක හිතින

තරමක දුරක් එන විට පාරේ                              දෙන්නා
හැදුනේ චූ බරකි ඉහ මොළ රත්                        වෙන්නා
එතනම ටිකක් කළුවර ඉඩමක්                             තිබුනා
වට පිට බලා එතුළට පියවර                               මැන්නා

දැන්නම් කිසිත් බය වෙන්නට නැත                        හේතු
නොදකියි කිසි කෙනෙක් අප මෙහි කරන                 තතු
තෙත් කළ යුතුයි වියළී ඇති පාළු                             වතු
එනමුදු වුනේ අවුලකි දෙන්නා                           නොසිතු

ඉඳගත්තේ උස තණකොල                          ගොල්ලේය
ස්ප්‍රේ කළේ වැඩි දුර දිග                                නොසිතාය
නැගිටින විටදි මුළු පස්සම                              තෙමිලාය
පිහදාගන්න කිසිවක් අහළක                               නැතිය

මම ආවේ ඇඳන්        පරණම                    යටඇඳුමක්
පිහදා වීසි කළ හැක එහි නැත                           ගේමක්
එකියක් කී නමුත් අනෙකා මසුරු                   කෙනෙක්
වට පිට බලද්දී දැක්කේ                               මල්වඩමක්

මටනම් නොහැක පැන්ටිය විසි                    කරන්නට
මේ කඩදාසි මල් ඇති                                  පිහදාගන්ට
සුදුසු නුවණ මේවාගේ                                  තැන් වලට
තිබුනා ගොඩ යන්න අවුලෙන්                       දෙන්නාට

මහ රෑ ගෙවල් දෙක                           නොමවරදවාගෙන
ඇවිදින් වැඩි හඬක්                           නොමපතුරවාගෙන
නින්දට පෙර සිරිත් ටික                            කල් දමාගෙන
වැටු‍නේ ඇඳන් උඩ ඇඳි                           වත් තියාගෙන

පසුදා පාන්දර එක හස්බන්ඩ්                           කෙනෙක්
අනිත් හස්බන්ඩ්ට දෙනවලු                        කෝල් එකක්
මේ දෙන්නා කරන සෙල්ලම                    හරිම ලෙඩක්
අපේ උන්දැ ඇඳලත් නෑ                              පෑන්ටියක්

උඹ මේ කියන්නේ මහ ලොකු                දෙයක් නොවේ
මුන් දෙන්නාට සිහි තිබිලා                   නොමැත ලොවේ
ඊයේ රෑ මගේ ගෑනි                                    මෙහෙ ආවේ
අලවාගෙනයි කවි කොලයක්                       අධෝ මුවේ


11 comments:

  1. එළකිරි...

    මමත් ඕය කතාව ලිව්වා මේ තියෙන්නේ ඒක...

    http://maathalan.blogspot.com/2013/05/18-no-flowers-required-18.html

    ReplyDelete
    Replies
    1. අයියෝ මට ඒක මිස් වෙලානෙ. අපරාදෙ මගෙ මහන්සිය.

      Delete
  2. මාත් අහලා තියෙන්නේ මාතලං ලියාපු ඉට්ටැයිල් එකේ කතාවක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ මට ඒක මිස් වෙලානෙ. අපරාදෙ මගෙ මහන්සිය.

      Delete
    2. එහෙම කියන්න එපා. කවියෙන් කතාවක් ලියන එකත් නියම හැකියාවක්. ඒක ඔබට තියෙනවා හොඳටම. (හෙනහුරාටත් බැරිනං ඉතිං...)

      Delete
  3. නරක නෑ. මාතලන්ගෙ එකත් බලන්න ඕන.

    ReplyDelete
  4. හී හී මරු කවි සෙට් එක ඈ... හිනා කාලා මැරෙනව. තව ලියන්න මේ වගේ එව්වා...

    ReplyDelete
  5. අම්මට සිරි......................... කව්රු හරි කව් කොළ ලියන ඒකෙක් තමයි වැඩේ කොරේ කියලා හිතන්න අැති..... අපිවත් අහුවෙයි ද මන්දා.
    මේ අපි නැහැ ඔ්වට හරිය... අර මධුමාධවී තමයි කවි ලියන්නේ .... ඒයැයි ගෙන් අහගන්නවා හොදයි..............

    ReplyDelete
    Replies
    1. ආච්චිට හාල් ගරපං.... වල් කුරුට්ටා :-)

      Delete
    2. කුරුට්ටෝ මදාවියා මැක්කෝ හොයන්න ගිහින් තමයි අලවන්න ඇත්තේ ...හැක් හැක්
      ශානියෝ ඒ කෙල්ලෝ දෙන්නත් ගුවන් සේවිකාවෝද ?....

      Delete
  6. අද තමයි මචෝ මේ පැත්තේ ආවේ ..කොහෙද උඹලා 18+ ගහලා තියන නිසා එන්න බය හිතුනා .....හැක් හැක්
    නියමයි ..

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.