2013-03-01

බොබසේ අල්ලාහ් පිළිගන්නවා නේද?

 මෑත කාලයේදී පත්තරවලත් බ්ලොග් වලත් ප්‍රමුඛතාව ලත් මාතෘකාවක් වුනේ මොකක්ද කියල කාටත් මතක ඇති. ඒ තමයි, හලාල් භීෂණය.

හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ඉස්ලාමිකයන්ට පමණයි. එවැන්නක් වුවමනා බව කියලා දිගින් දිගටම ඒ සඳහා වැඩපිළිවෙලක් සළසන්න කියල ඉල්ලා සිටියේ මුස්ලිම් ප්‍රජාව බව එම සහතිකය නිකුත් කරන ආයතනයේ මව් සංගමය පුන පුනා කියා සිටිනවා.

ඒත් මේ සහතිකය නිකුත් කරනු ලබන ක්‍රම වේදය යුක්ති සහගත නැති බව අන්වර් මනතුංගත් ඉස්ලාමය වෙනුවෙන් ලියන අනෙකුත් ලේඛකයනුත් තේරුම් ගත යුතුමයි.ඒත් ඔවුන් හැමදාම කතා කරන්නේ බීරි අලින් වගෙයි.

මෙන්න හලාල් සහතිකය නිකුත් කිරීමේ අසාධාරණය පැහැදිළි කරන තවත් උදාහරණයක්ඃ

පොත් සාප්පු වල විවිධාකාර පොත් තිබෙනවා. ළමයින් මේවා බලලා එක්කෝ හැදෙනවා, නැතිනම් නැසෙනවා, ඒ ඒ පොත් වල තිබෙන කරුණු අනුව.

දැන් හිතන්න විදුහල්පතිවරු රැස් වෙලා මෙහෙම සාකච්ඡා කරනවා. "මේ සාප්පු වල තිබෙන සමහර පොත් ළමයින්ට නුසුදුසුයි. ඒ නිසා, ළමයින්ට සුදුසු පොත් මොනවද කියල තෝරලා අරන් දෙන්න ඕනෑ."

දැන් මේ වැඩේ කරන්නෙ කොහොමද? මේ ඔක්කොම පොත් කියව කියව බලන්න විදුහල්පතිවරුන්ට‍ වෙලාවක් නෑනෙ. එයාල ඔන්න කමිටුවක් පත් කරනවා, කඩේ තියෙන පොත් කියවලා ළමයින්ට හොඳ ඒවා මෙන්න මේවයි කියලා නම් කරන්න (හලාල් කරන්න).

දැන් මේ කමිටුව පොත් ප්‍රකාශකයන්ට කියනව මෙහෙම. "ඔබ ප්‍රකාශයට පත් කරන පොත් පාසැල් වල විකුණන්න නම්, අපෙන් සහතිකයක් ගන්න වෙනවා. ඒ සහතිකය නිකුත් කරන්න අපි පොතකට මෙන්න මෙච්චරක් අය කරනවා".

දැන් පොත් ප්‍රකාශකයෝ තනි තනිව කල්පනා කරනවා, "මගේ පොත් ටික පාසැල් වල විකුණගත්තොත් සෑහෙන පොත් ගානක් විකුණගන්න පුළුවන් වේවි." කියලා. එහෙම හිතලා අර කමිටුවට කියනවා, "අනේ ඉල්ලන ගානක් දෙන්නම්, අපේ පොත් බලලා සහතික කරලා දෙන්න, ඔයාලට දෙන මුදල මම පොත් වල මිල වැඩි කිරීමෙන් හම්බ කරගන්නම්" කියලා.

දැන් මේ පොත කියවන්න ගන්න වැඩිහිටියන්ටත් අතිරේක මුදලක් ගෙවන්න වෙනවා. නමුත් අවශ්‍යතාව විදුහල්පතිවරුන්ගේ.හැබැයි එක පොතක මිල වැඩි වෙන්නෙ සීයට දශම එකකින්. ඒ වුනත් ඒක අසාධාරණයි නේද?

මෙතනදි වැරැද්ද කරල තියෙන්නෙ මුදලට ගිජු පොත් ප්‍රකාශකයා නෙවෙයිද? ඒත් අර කමිටුව කරන වැඩෙත් සාධාරණ නෑනෙ. එයාල තමන්ගෙ වියදම ඉල්ලගන්න ඕනැ එයාලට ජොබ් එක බාර දුන්න විදුහල්පතිවරුන්ගෙන් නේද?

කොහොම වුනත්, මේ හලාල් සහතිකයේ ප්‍රශ්නය නම් දුවන්නෙ වෙනත් පැත්තකින්. දැන් බලන්න මේ පහත ප්‍රකාශයන් දෙක.

බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.

 තුණුරුවන්ට පූජා කළ යුත්තේ කවුරුත් අනුභව නොකළ දේවල්

හලාල් ලකුණ දෙනව කියන්නෙ පිළුණු කිරීමක් හෝ දෙවියන්ට කැප කිරීමක් නෙවෙයි. ඒත් අපි හිතමු මේ ආහාර අල්ලාහ්ට පූජා කරනව කියල. එතකොට කවුරු හරි කියනවනම් ඒ ආහාර අල්ලාහ් ට කැප කළා කියල ඒ කියන කෙනා අල්ලාහ් ඉන්නවයි කියල පිළිගන්න එකෙක්.

ප.ලි.
කරුණාකරල තේරුමක් තියන කමෙන්ට් විතරක් එවන්න.


4 comments:

  1. කියල තියන ටිකට එකඟයි. මාත් ඉදිරියෙදි ලිපියක් ලියන්න ඉන්නෙ.

    ReplyDelete
  2. ඔබගේ අදහස මාද සිතුව දෙයක්.
    හලාල්.... මා ජාතිවාදී නොවෙමි. නමුත්, අනවශ්‍ය දේ අනවශ්‍යයි කියා පිළිගනිමි.

    හලාල් පාර්භෝගික භාන්ඩ මුස්ලිම් නතාවට අවශ්‍යනම් ඒක එයාලා සුදුසු පරිදි ක්‍රමවේදයකට අනුගමනය කර ගත යුතුයි. එම ලාන්ඡනය වෙනුනේ ව්‍යාපාරිකයාගෙන් මුදල් ගතහොත් ඒ බරපැන රටේ සියලුම දෙනා දැරිය යුතුයි. වැරැද්ද ඇත්තේ එතනයි. මෙම සංවිධානයට පුළුවන් විය යුතුයි ඔහුන්ගේ සංවිධානය පෙනී සිටින අයගෙන් හෝ ස්ව ධනයෙන් අදාල කාර්යය කිරීමට.
    මා මේ කියනුයේ ජාතිවාදය වෙනුවෙන් ජැක් එකක් ගැසීමට කියන කරුණක් නොව.

    ReplyDelete
  3. හලාල් තර්ක කරන්න මාතෘකාවක් නෙවී.

    රාජ්‍ය විරෝධී ලෙස අන්තවාදී ආගමික කන්ඩායමක් තමන්ගේ මඩිය තරකර ගැනීමට ව්‍යාපාරිකයන් අන් ආගමිකයන්, තම ආගමේ පුද්ගලයන් ජාතිවාදයට ඇද දමා කර කූඨ කලුකඩ සහතික ව්‍යාපාරයක් පමණයි.

    හරියට හොර සෙටිෆිකේට් දුන්න වගේ නේ. විභාගේ පාස් නැති උන්ට?

    අන්වර් හරකාට ඕක තේරෙන්නෙ නැතිනම් කරන්න දෙයක් නෑ. උළමාත් පිලි අරන් රාජ්‍ය විරෝධී දෙයක් කියලා උණ් ගැලවෙන්න බෝල පාස් කරන කාලෙ. අනේ අනිච්චං...

    ReplyDelete
  4. හරි කියමුකෝ මේ ඔක්කොම දේවල්... දෙන හලාල් නැවෙත්තුව කියල බඩු වල ගණන් අඩුවෙලා තියෙනවද? දන්නේ නෙති නිසියි මෙහෙම අහන්නේ..

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.