2013-03-27

වැටුප් වැඩි වීමක් (පොඩි උන්ට අදාළ නැත)

(An adaptation of a circulated e-mail. Origin unknown)
තමාට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස අසවලා ඉල්ලීමක් කළේය.
ඔහු තමන්ගේ ඉල්ලීම සාධාරණීකරණය කළේ මෙන්න මේ හේතු දක්වමිනි.

1 මම කය වෙහෙසවා වැඩකරන්නෙක්මි. මගේ කාය ශක්තිය වර්ධනය කර පවත්වාගෙන යාමට මීට වඩා වැටුපක් මට වුවමනාය. මා සේවය කරන්නේ ඉතා ගැඹුරු ස්ථානයකය. මෙවැනි ස්ථානයන්හි වැඩ කරන සේවකයන්ට අවම වශයෙන් අවදානම් දීමනාවක් හෝ ගෙවිය යුතුය.
2 මගේ රාජකාරි ස්වභාවය අනුව මම වැඩ කරන ස්ථානයට පළමුවෙන්ම මගේ හිස ඇතුළු කිරීමට සිදු වේ. ඇතුළුවීමට පෙර සේවා ස්ථානයේ ආරක්ෂාකාරීබව ගැන පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නොමැත.
3 මට සති අන්ත වලදී සහ පොදු නිවාඩු දිනවලදී නිවාඩු ලැබෙන්නේ නැති අතර ඇතැම් විට එවැනි දිනවලදී වැඩිපුර වැඩ කිරීමට සිදු වේ.
4 මම වැඩකරන ස්ථානයේ යහපත් පරිසරයක් නොපවතී. එමෙන්ම මගේ සේවා ස්ථානය අඳුරුය, මනා වාතාශ්‍රයක් නැත. තවද, වැඩ කරමින් සිටින විට මගේ සේවා ස්ථානයේ අධික උෂ්ණත්වයක් ඇති වේ. මේවා රාජකාරි ස්ථානයක නොපැවතිය යුතු තත්වයන් ලෙස පිළිගත් ඒවා ය.
5 මගේ රාජකාරිය අනුව මට විවිධ රෝගාබාධ වැළඳීමේ අවදානමක් පවතී. ඒ වෙනුවෙන්ද මට අවදානම් දීමනාවක් හිමි විය යුතුය.

වැටුප් වැඩි වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ සේවා ස්ථානයේ හිමිකාරියගෙන් ඔහුට පිළිතුරු ලිපියක් ලැබිනි.

1 ඔබේ වැඩමුරය මිනිත්තු කීපයකට සීමා වේ. එය සාමාන්‍ය වැඩ මුරයක් ලෙස සැළකෙන පැය 8කට වඩා ඉතා අඩුය.
2 වැඩ අවසන් කළ වහාම ඔබ නින්දට වැටේ.
3 කළමනාකරණ මණ්ඩලයේ නියෝග නොතකා ඔබ වෙනත් සේවා ස්ථානයන් සොයා යන අවස්ථා දැනගන්නට ලැබී ඇත.
4 වැඩ කිරීම සඳහා ඔබ කිසි විටක සූදානම්ව නොසිටින අතර සැම විටම පාහේ වැඩ කිරීමට පෙර ඔබ ඒ සඳහා උත්තේජනය කළ යුතුය.
5 ඔබගේ සේවාමුරය අවසන් වූ පසු සේවා ස්ථානය බෙහෙවින් අපිරිසිදු තත්වයට පත් වන අතර එය පිරිසිදු කර යාමේ පුරුද්දක් ඔබට නැත.
6 බොහෝ විට ඔබ ආරක්ෂාකාරී පැළඳුම් භාවිතා කිරීමට මැළකමක් දක්වයි.එමෙන්ම, ඔබ ඉටු කරන රාජකාරිය කරන කිසිවකු වයස 60ක් වන තුරු සේවය කිරීමේ හැකියාවක් පෙන්නුම් නොකරයි. තවද, හදිසි අවශ්‍යතාවකදී වුව එක දිගට සේවා මුර දෙකක් වැඩ කිරීමටද ඔබ අ‍පොහොසත්ය.
7 පවරන ලද රාජකාරිය සම්පූර්ණ නොකරම සේවා ස්ථානයෙන් ඔබ බැහැර වී ගිය අවස්ථා තිබේ.

ඉහත තත්වයන් යටතේ ඔබගේ ඉල්ලීම ඉටු කිරීමේ හැකියාවක් නොමැති බව කණගාටුවෙන් දන්වමි.

3 comments:

  1. ඔහේ හරි විහිළුකාරයෙක් නෙව. මැදක් දක්වා එද්දි තමයි තේරුනේ.

    ReplyDelete
  2. මෙන්න එයා පැන්ෂොන් ගන්න ගිය දවස ගැන කතන්දරයක්.
    http://kathandara.blogspot.com/2012/03/when-should-man-retire.html

    !

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.