2013-01-19

සවුදියේදී බුදුන් වැඳීමත් දඬුවම් ලැබිය යුතු වරදක් වෙලාද?

පසුගිය සති දෙක පුරාම මාධ්‍ය පිරිල තිබුනේ සවුදියේදී මරණීය දණ්ඩනයට ලක්කළ ශ්‍රී ලාංකික දියණිය රිසානා ගැනයි. මේ අතර වාරයේදී මොබයිල්මෑන්ට ආපු ඊ මේල් එකකින් කියැවුනේ ප්‍රේමසිරි පෙරේරලාගේ තුංගසිරි නැමැති තවත් ශ්‍රී ලාංකිකයකු සිරගත කර ඇත්තේ බුදුන් වැඳීම නිසා බවයි. ඔහු නිදහස් කරන ලෙස ඉල්ලන පෙත්සමක් අත්සන් කරන්නයි ඉල්ලලා තිබුනේ.

පෙත්සමට මේ මොහොත වන විට අත්සන් 2,252ක් අඩු බව සටහන් වෙලා තිබුනු නිසා, මොබයිල්මෑන් තීරණය කළ වහාම පෙත්සම අත්සන් කරන්නට. ඒ වුනත්, තවමත් මොබයිල්මෑන්ට අපහසුයි මේ කතාව ඇත්තක් කියල පිළිගන්න. ඔයාලත් ඔය ලින්ක් එක ක්ලික් කරල ඒ පෙත්සමට අත්සනක් දාන්න.

ඒ අතරෙදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියනවලු මේ අත්අඩංගුවට ගැනීම සිද්ද වුනේ බුදුන් වැඳීම නිසා නෙවෙයි, ප්‍රසිද්ධ ස්ථානයකදී කවුද කාන්තාවකට මාලයක් විකිණූ නිසාය කියලා. එහෙම දේකට සවුදිය වගේ රටකදී අත්අඩංගුවට ගැනීමක් සිද්ද වෙන්න ඉඩ තියනව කියල හිතන්න පුළුවනි, රිසානාගෙ නඩුව අහපු හැටි කියවල බැලුවහම.

ඒත්, සවුදියේ මේ බ්ලොග් එක කියවන අයත් ඉන්න ඉඩ ඇති නිසා මෙහෙම ලියන්න හිතුවෙ, පොඩ්ඩක් ඇත්ත තත්වය හොයල බලන්නට කියල කියන්නයි.

කොහොම වුනත්, මේක හරියන මගුලක් නෙවෙයි. මටනම් මාසෙකට රුපියල් මිලියන් එකක පඩියක් දෙනව කිව්වත්, සවුදියටනම් යන්නෙ නෑ නෑ නෑමයි.

4 comments:

  1. බුදුන් වැන්ද නිසා අත් අඩන්ගුවට ගත්තා කියන එක නම් පිලිගන්න අමාරුයි. කවුරුත් තමන්ගෙ නවාතැනෙදී තමන්ගෙ අගමික කටයුතු කරනවා. ඒව බලන්න පොලිසියෙන් එන්නෙ නෑ. ආරන්චියෙ හැටියට නම් මෑන් ව අත් අඩන්ගුවට අරන් තියෙන්නෙ බුදු දහම විකුනන්න ගිහිල්ල. ඒ කියන්නෙ සුපර් මාර්කට් එකක් ඉස්සරහ තියාගෙන සුර වගයක් අලෙවි කරමින් ඉන්දෙද්දි. ඒව නම් මෙහෙ දඩුවම් ලැබිය හැකි වැරදි. ඒත් මෙයාට ඔය කියන විදියට මරන දඩුවම නම් දෙන එකක් නෑ. අවු. 2ක් 3ක් හිරේ දාල තියල ලන්කාවට අරියි. මීට වඩා කීසිම වැරද්දක් නොකරපු අයව මේ මැද පෙරදිග හිර ගෙවල් වල ඉන්නවා. බලදාරීන් ඒ ගැන ටිකක් හෙව්වොත් තමා හොද.

    ReplyDelete
    Replies
    1. මටත් ඕනැ වුනේ ඇත්ත දැනගන්නයි. මොකද අපේ උන්දැලා කබරගොයාව තලගොයා කරගන්න හරිම දක්ෂයිනෙ.

      ලංකාවේ ඉන්න සමහර අයගෙ ආගම් භක්තිය මොකක්ද කියල මටනම් ලොකු සැකයක් තියෙන්නෙ.

      Delete
  2. Ane manda ban..ekak iwara wenakota thawa ekak.. :P mewwata hina wenawada andanawada kitala hithaaganta behe ban.. :(

    ReplyDelete
    Replies
    1. හිනාවෙලා හරියන්නෙ නෑ ටික්කො තව බොහොම කෙටි කාලෙකින් ආපහු අඬන්න වෙනවා. තිස් අවුරුද්දක් සැප විඳපු කොටසක් ඉන්නව ලංකාවෙ. උන්ට දැන් සැප නැතුව හරි අමාරුවෙන් ඉන්නෙ. උඹල අපි ඕවට අහුවෙනව.

      තව අවුරුද්දකින් විතර ආපහු මේ පොස්ට් එක සහ මේ සම්බන්ධයෙන් කතා කරල තියන මගේ සහ තවත් අයගේ පෝස්ට් කියවලා බලන්නකො.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.