2013-01-26

ක්ලිටෝරිස් සහ ක‍ටරොළු මල් (18+ පමණයි)

මේ පින්තූර වලින් පෙනෙන්නෙ අපේ ර‍ටේ හැදෙන ලස්සන මලක්. ඒකට අපි කියන්නෙ කටරොළු මල් කියලයි. මේ කටරොළු මල් වලට ඉංගිරිසියෙන් කියන්නෙ මොකක්ද කියල දන්නවද? ඒ නම තමයි, Clitoria



මේ ක්ලිටෝරියා කියන නම හැදුනේ කටරොළු කියන වචනයෙන්ද?
හැබැයි කටරොළු කියන වචනය හැදුනෙ ක්‍ලිටෝරියා කියන වචනයෙන් කියලනම් කියන්න එපා. මං එහෙම කියන්නෙ, සීගිරියේ කැටපත් පවුරෙ තියන එක්තරා කුරුටු ගීයක තියනවා "කට්රොල් මල්" කියන වචන. ඒක ලිව්වෙ සුද්දෙක්වත්ද?

එතකොට ක්ලිටෝරියා කියන වචනයෙන් "ක්ලිටෝරිස්" කියන වචනය හැදුනද, නැත්නම් ඒකෙ විරුද්ධ පැත්තට වුනාද කියල කියන්න මමනම් දන්නෙ නෑ. කොහොම වුනත් ඒ දෙකම බොහෝ දුරට එක වගේ නේද?

5 comments:

  1. නිල් කටරොලු මලක ඇවුනු වැටලොලු මල් සේ මේ සැන්දෑවෙ ඔබ සිහිවෙනවා කියලා සීගිරි කුරුටු ගීයක් තියෙනවා...

    ReplyDelete
  2. මටත් බොහොම කාලයකට කලින් අහවල් එක දැක්ක දවසක හිතුනා ''අඩේ මේක කටරොඩු මලක් වගේ නේද කියලා''

    ReplyDelete
  3. ක්ලිටෝරියා කියන නම හැදුනේ ක්ලිටෝරිස් කියන නම ඇසුරෙන් තමයි. මෙතනින් බලන්න.
    http://en.wikipedia.org/wiki/Clitoria

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.