2013-01-31

මාලිගාවත්තේ ෂරියා නීතිය?



ෆේස් බුක් එකත් එක්කලා බ්ලොග් එකකින් හැප්පෙනව කියන්නෙ ඊශ්‍රායලෙයි දඹානයි හැප්පෙනව වගේ වැඩක් තමයි. ඒ වුනත්, එකෙකුට හරි මොලේ පෑදෙයිද කියල බලමුකො.

මෙන්න මේ ලිපිය දැක්කද?

දැක්කෙ නැත්තන් බලන්න එපා, අවශ්‍ය කොටස් මෙතන තියනවා.  මේ හයිලයිට් කරල තියෙන්නෙ ඒ ලිපියේ කොටස්.

කොළඹ මාලිගාවත්ත තුල ෂරියා නීතිය ක්‍රියාත්මක වන බව ඔබ දන්නවද? කොළඹ මාලිගාවත්තේ දිනෙන් දින කුඩා මුස්ලිම් ජිහාඩ් පාතාල කල්ලි හිස ඔසවන බව ඔබ දන්නවද?

යම් යම් ප්‍රාදේශීය ඒකක තුළ යම් කල්ලි නායකයන්ගෙ නීති ක්‍රියාත්මක වුන අවස්ථා තියනවා. 2002 විතර ඉඳලා 2009 වගේ වෙනකන් සමහර පළාත් වල ක්‍රියාත්මක වුනේ පිරිබාකරන්ගෙ නීතියයි. 88 - 89 කාලෙ දකුණු පළාතෙ බොහෝ ප්‍රදේශවල සහ වෙනත් පළාත් වලත් ක්‍රියාත්මක වුනේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමින් හඳුන්වාගත් සංවිධානයක නීතියයි. මේ නීති ක්‍රියාත්මක වුනේ ආණ්ඩුවේ නීතියට අතිරේකවයි. සමහර අවස්ථාවන්හිදී මේ නීති පද්ධති දෙක අතර ගැටුම් ඇති නොවු‍නා නොවේ.

මාලිගාවත්තේ ජීවත් වන අය අද අත්දකින තත්වයක් ගැන මාලිගාවත්තෙන් පිටත සිට අපට දකින්නට නොහැකියි. එහෙත්, මාලිගාවත්තේ ජීවත් වන්නන් යම් නීතියකට අකැමැතිනම්  ඔවුන් විසින් එය යම් ආකාරයකින් ඉස්මතු කළ යුතුව ඇත.

ෂේක්‌ පරීඩ් මොහොමඩ් ෆාසීල් නොහොත් ෆාජි, කුඩුනූර්, අයුබ් ඛාන්, මාස්‌ටර් ඉමිටියාස්‌, ඉන්ටිකාබ්, ලීමෝලවත්තේ රිස්‌වාන්, අම්බට්‌ටා ෆසාල්, මලබාර් රිල්වාන්, බයියා, නවුෂාඩ්, මංජල් අක්‍රම්, ඩොන්, සිරාස්‌, පප්පා, ආනමාලු ඉමිටියාස්‌, දිගා ෆයිසර්, රාජාබ්දීන්, ඔජීර්, එලී, ටෝජි, අච්චා, නවුසර් ෆවුම් වැනි ප්‍රසිද්ද මුස්ලිම් පාතාල සාමජිකයන් (මොඋන් ගෙන් සමහරක් මියගොස්ය) ගේ යටතේ අතකොළුවන් සේ සිටි පිරිස් කිහිපයක් දැනට කුඩා ජිහාඩ් කණ්ඩායම් ලෙස මාලිගාවත්ත සහ ඒ අවට ක්‍රියාත්මක වෙයි.

මොඋන් (=මොවුන්)ගෙන් සමහරක් මිය ගොස් කියා කීම වැරදිය. ඔවුන් මිය යන්නට පෙර මරාදමනු ලැබ ඇත. තවත් ගෝලබාලයන් සිටියහොත් එවුනටද අත් වන්නේ එම ඉරණමමය. මේවා හෙළිදරව් නොකර වහෙන් ඔරෝ ලියන්නේ කාගේ වාසියටද?

 මොඋන් කප්පම් ගැනීම සහ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ෂරියා නමැති මිලේජ්ජ නීතිය රට තුල ක්‍රියාකරන බවයි. 

මේ වාක්‍යයනම් සිංහල නොවේ. එය ලියා ඇත්තේ සිංහල දන්නා අයකු විසින් නොවන බවත් පෙනේ. ෂරියා නමැති ම්ලේච්ඡ නීතිය (මිලේජ්ජ නොවේ) යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? ඇත්ත වශයෙන්ම ෂරියා නීතිය කියා නීතියක් නොමැත. ෂරියා යනුවෙන් අරාබි බසින් හඳුන්වනු ලබන්නේ ආගමානුකූලව පිළිපැදිය යුතු   දේවල්ය. 

Sharīʿah, also spelled Sharia,  the fundamental religious concept of Islam, namely its law, systematized during the 2nd and 3rd centuries of the Muslim era (8th–9th centuries ce).
Total and unqualified submission to the will of Allah (God) is the fundamental tenet of Islam: Islamic law is therefore the expression of Allah’s command for Muslim society and, in application, constitutes a system of duties that are incumbent upon a Muslim by virtue of his religious belief. Known as the Sharīʿah (literally, “the path leading to the watering place”), the law constitutes a divinely ordained path of conduct that ... 


Noun1.shariah - the code of law derived from the Koran and from the teachings and example of Mohammed; "sharia is only applicable to Muslims"; "under Islamic law there is no separation of church and state"

 නමුදු රජයේ වගකිව යුතු නිලධාරීන් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නේ එම ප්‍රදේශය සඳහා බැල්මක් යොදාගෙන ඉන්නා මුස්ලිම් දේශ (නීති) පාලුවෙක් නිසාය.

 මේ තත්වය නම් බොහෝ පළාත්වල අත්දැකීමට හැකි සැබෑවකි.

මෙහි සබැ තත්ත්වය එසේ වන අතරේ මෑතකදී මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්‌ථානයක්‌ ඉලක්‌ක කර ගනිමින් සියලු ආගමික හා සමාජ කටයුතු වහාම නතර කරන ලෙස දන්වා ජිහාඩ් නමැති මුස්‌ලිම් මූලධර්මවාදී නාමය සඳහන් ලිපි ශීර්ෂයක්‌ යටතේ නායක හිමියන්ට තර්ජනාත්මක ලිපියක්‌ ලැබී තිබුණේ මාලිගාවත්ත පාතාලය තුළ ජිහාඩ් සංකල්පය ක්‍රියාත්මක බවට කදිම නිදසුනක්‌ එක්‌ කරමිනි. මේ පිළිබඳව වඩාත් විමසිල්ලෙන් සිටි අපිට වැදගත් තොරතුරක් පසුගිය දිනෙක ලැබුණි. ප්‍රමාණවත් ශාක්ෂි මදි කමින් අප තවත් කරන එකතු කලද අද එය සාක්ෂි සහිතව අප විමර්ශන කණ්ඩායම ඉදිරියේ ඔප්පු විය.


සාක්ෂි සහිතව ඔප්පු වූ දෙයක් ඇත්නම් එය ප්‍රසිද්ධ කිරීම වඩාත්ම හොඳ ක්‍රමයයි. අඩු වශයෙන් මාලිගාවත්ත ප්‍රදේශයේ විහාරස්ථානය කියන එකේ නම සහ නායක හිමියන්ගේ නම පළ කිරීමට අපහසුතාවක් තිබිය නොහැකිය.
 

පසුගිය දිනක මෙම මාලිගාවත්ත ප්‍රදේශයේ මුස්ලිම් කොලනියක් තුල ඇති පල්ලි භුමියක් තුල සිංහල කාන්තාවක් ඉතා අමානුෂික ලෙස ගල්මුල් වලින් පහරදීපු අවස්ථාවක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ එම පහර දීමට හේතුව වශයෙන් හඳුන්වන්නේ එම එම කාන්තාව සිය මුස්ලිම් සැමියා සමග ලිංගිකව එක්වීම ප්‍රතික්ෂේප කිරීමයි. ඉතා දැඩි ලෙස තුවාල ලැබූ ඇය රෝහල් ගතවී නැත්තේ මරණ බිය නිසාය. අදටත් එම කාන්තාව තුවාල කැළැල් සහිතව මාලිගාවත්ත ප්‍රදේශයේ සිටින බව මෙම තොරතුරු පසුපස හඹා ගිය අප විශේෂ විමර්ශන අංශය තහවුරු කරගත්තේය. ජයාරූප ගැනීමට හැකියාවක් නොතිබුණි. මෙම අන්තවාදී ජිහාඩ් පල්ලිය සොයා යාමෙදේ එම ප්‍රෙදේශයේ මුස්ලිම් මැරයන පිරිසක් තර්ජනාත්මක ලෙස අපට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට පැවසු නිසා අප හට පසුබැසීමට සිදුවූයේ අප අද පහරදෙමකට සුදානම් නොවී පැමිණි නිසාය. එනමුත් මෙම මුස්ලිම් පල්ලියේ ක්‍රියාකාරකමක් සිදු වෙන දිනක අප කණ්ඩායම සිදුවන දෙයකට මුහුණදීමට පෙර සුදානම ඇතිව වැටලීමට අදහස් කරගෙන සිටි. මේ අනුව ලංකාවේ ඉතා රහසිගත ලෙස ෂරිය නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදු වෙමින් පවතී. මෙය කෙසේ හෝ අනාවරණය උවත් මීට පෙර සහ අනාගතයේ මෙවැනි සිදුවීම් අනන්තවත් සිදුවීමේ හැකියාවක් ඇත. මෙම කරුණු අතර හම්බයන් විවාහ කරගන්නා සිංහල කාන්තාවන්ට මෙවැනි සිදුවීම් වලට අනාගතේ මුහුණදීමට බලපොරෝතුවෙන් තමුන්ගේ මංගල කටයුතු සාර්ථකව කරගන්නා ලෙස ඉල්ලමි.



දිනෙන් දින හිස ඔසවන මාලිගාවත්තේ මුස්ලිම් ජිහාඩ් ක්‍රියාකාරකම් සහ ෂරිය නීතිය, ෂරියා නීතිය අදටත් මෙම ලිපිය කියවන මොහොතේත් දළු ලා වැඩෙමින් හොර රහසේ කොළඹ මාලිගාවත්තේ ක්‍රියාත්මකවේ. අප වෙත ඒවා තිබු ලිපියක් අනුව අද අප සිදුකල පොඋද්ගලික ගවේෂණයක් අනුව මෙම ලිපිය සකස් වී ඇත.



මාලිගාවත්ත ගැන නැවතත් අවදියෙන් සිටීමට සියලු සිංහල සංවිධාන වලට කාලය එළඹ තිබේ. අපි දැන් අවදියෙන්. මුස්ලිම් ජිහාදය ලංකාවෙන් තුරන් කරමු.



සැකසුම : අන්තර්ජාල බෞද්ධ සම්මේලනය විශේෂ විමර්ශන අංශය

මේ දිනවල පාතාල කණ්ඩායම් වලට අති දැවැන්ත මර්ධනයක් දියත් වී ඇති බව ප්‍රසිද්ධ කාරණයකි. මේ මර්ධනය හමුවේ දිව‍යිනේ නමගිය අපරාධකරුවන් ගණනාවක් මරු වැළඳගෙන ඇත. අන්තර්ජාල ‍බෞද්ධ සම්මේලනයේ විශේෂ විමර්ශන අංශය කියන ආකාරයට අපට හැඟී යන්නේ මර්ධනය වී ඇති ජිහාඩ් නොවන අපරාධකරුවන් අතින් ජිහාඩ් යැයි කියනු ලබන අපරාධ කරුවන් මැඬලීම නිසා සමාජයට ඉමහත් සෙතක් සැළසුනු බවද?

ඉහත ලිපියේ සඳහන් කතන්දර වැනි ඒවා කොතෙකුත් ලිවීමට අපටද හැකිය. එහෙත්, සමාජය ප්‍රකෝප කරවා ගැටුම් නිර්මාණය කරවා රට ජාතිය වනසන්නට ඉඩ නොදීම කාගේත් යුතුකමකි. පේන කියන්නා සේ අහවල් අවුරුද්දේ ලංකාවේ බහුතරය මුස්ලිමුන් වන බවත් එදින සිට මෙරට පාලනය කරන්නේ මුස්ලිමුන් බවත් කීම තර්කානුකූල නැත.

මේ තර්ක දැනට මුස්ලිමුන්ට විරුද්ධවත් යම් දිනක මුස්ලිමුන් මෙරටින් තුරන් වුවහොත් එදින සිට තවත් කාට හෝ විරුද්ධවත් භාවිතා කළ හැකිය. ඉහත ලිපිය ලියූ අයගේ අවශ්‍යතාව අනුව තවත් යම් පුද්ගලයකු හෝ ව්‍යාපාරයක් අතුගා දැමීමට තීරණය වුවහොත් එදින සිට ඒ පුද්ගලයා හෝ ව්‍යාපාරය රහසිගතව සමාජවිරොධී කටයුතු කරන බව කියමින් (ඔප්පු කිරීමක් නොමැතිවම) තප්පුලන්නට පටන් ගනු නිසැකය.

කල්පනාකාරී වන්න.

9 comments:

  1. පළමු ලිපිය ලියු ආකාරයේ හරි වැරදි ව්‍යාකරණ දෝෂ සෙවීම හැර ලිපියේ ගත යුත්තක් නැත ... ඔබ සිංහල බාෂා ගුරුවරයෙක් බව මගේ හැගීමය් (මා ලියා ඇති ආකාරය වැරදි බව මම දනිමි .. සුද්දගේ ගූගල් එකේ අමාරුවෙන් සිංහලෙන් කොටන මට ඕව නිවැරදි කරනවට වඩා වෙන වැඩ ඇත .. අනික් අතට මා ලියු දෙයෙහි , සහ මුලින් උපුටා ගත් ලිපියෙහි අදහස 100% සම්ප්‍රේෂණය වන බව මම මනාව දනිමි .. මෙය ශාස්ත්‍රීය ලිපියක් නොවන බැවින් එයින් සෑහීමට පත් වෙමි)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ කමෙන්ට් එකට.
      සුද්දාගේ ගූගල් එකේ අමාරුවෙන් සිංහලෙන් කොටන්න එපා. ඔබගේ පරිගණකයට සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරගන්න. ඒ සඳහා http://www.siyabas.lk/sinhala_how_to_install.html වෙත පිවිසෙන්න. එවිට ඉතා පහසුවෙන් අපේම මව් භාෂාවෙන් යතුරුලියනය කළ හැකිය.

      ව්‍යාකරණ දෝෂ ඇති විට ලිපියේ අදහස කියවන්නාට නිසි පරිදි වැටහෙන්නේ නැත. ව්‍යාකරණ දෝෂය සඳහා ලකුණු කැපීමට මට අවශ්‍ය නැති නමුත් එම වාක්‍යයේ අදහස මට නොවැටහෙන නිසා එසේ ලියූවෙමි.

      "මොඋන් කප්පම් ගැනීම සහ නොයෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් සහ ෂරියා නමැති මිලේජ්ජ නීතිය රට තුල ක්‍රියාකරන බවයි" යනුවෙන් ඔබ අදහස් කරන්නේ කුමක්දැයි කියා කමෙන්ට් මාර්ගයෙන් හෝ පැහැදිළි කරන්නේනම් මැනවි.

      පාතාල මැරයන් සම්බන්ධයෙන් මා තේරුම් ගෙන ඇති දේ යළි ලිපියකින් ලියන්නම්.

      Delete
    2. මෝඩ තර්ක ...ව්‍යාකරණ නැතුවට කියවන්නන්ට හොඳට තේරෙනව හම්බයන්ට කඩේ යන්නෙ කවුද කියල. තමන් උගත් කියල තප්පුලන්න බ්ලොග් ලියන්න එන්නෙ මෝඩයො...

      Delete
    3. ව්‍යාකරණ නැතිව සිංහ‍ලයෙන් ලිවීම සිංහලයට කරනු ලබන අවමානයකි. හම්බයන්ගෙන් සිංහල ව්‍යාපාරිකයන් රැකගැනීමට පෙර සිංහල භාෂාව රැකගන්න.

      මට උගත්කම පෙන්වීමට අවශ්‍ය නැත. ඒත් ඔබ ලියන දෙය කියවන්නාට පැහැදිළි වන පරිදි ලියන්න.

      මා හම්බයන්ට විරුද්ධව නොලියමි. ලංකාවේ හම්බයන් සිංහලයාට වින කරන බව තවම මට ඔප්පු වී නොමැත. ඔබගේ කතන්දර පිළිගතහැකි ඒවා නොවේ.

      Delete
  2. දැන්මම එන්න http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  3. ඔබතුමා අපගේ ලිපිය ඔබගේ වෙබ්අඩවියේ පලකිරීම පිළිබඳව බොහෝ සතුටු වෙමු. වයාකරණ දෝෂ බොහොමයක් ඇති බව සත්‍යකි.. සුද්දා ලබාදුන් සිංහලයේ සමහරක් වචන ගූගල් හරහා පරිවර්තනය කිරීම අපහසු කාර්යකි

    ඔබ උපුටාගත් දෙයක් පිළිබඳව කරුනු දැක්වීම මගේ අදහසයි -

    මාලිගාවත්තේ ජීවත් වන අය අද අත්දකින තත්වයක් ගැන මාලිගාවත්තෙන් පිටත සිට අපට දකින්නට නොහැකියි. එහෙත්, මාලිගාවත්තේ ජීවත් වන්නන් යම් නීතියකට අකැමැතිනම් ඔවුන් විසින් එය යම් ආකාරයකින් ඉස්මතු කළ යුතුව ඇත.

    =<>


    ගෙන් සමහරක් මිය ගොස් කියා කීම වැරදිය. ඔවුන් මිය යන්නට පෙර මරාදමනු ලැබ ඇත. තවත් ගෝලබාලයන් සිටියහොත් එවුනටද අත් වන්නේ එම ඉරණමමය. මේවා හෙළිදරව් නොකර වහෙන් ඔරෝ ලියන්නේ කාගේ වාසියටද?

    = << එක නායකයකු පිටුපස කුඩා කල්ලි සියගණනක් ඇත. එසේ මරාදැමීමට නම් සමුල ඝාතනයක් කල යුතු වේ. වහෙන් ඔරෝ ලියා ඇත්තේ ඇත්තේ කල්ලි ප්‍රමාණය අපිට නිස්චිත වශයෙන් කියා නිමකළ නොහැකි නිසාය තවද එක කල්ලියක් නැතිවුන විට තව කල්ලි දහස් ගණනක් දිනෙන් දින ලියලයි (මනුෂ්‍යයන් ප්‍රජනනය නවත්වන තාක් කල් තවත් සාමාජිකයන් එකතුවේ, තවද මෙම මුස්ලිම් ජිහාඩ් කල්ලි මාලිගාවත්තේ පමණක් නොව ලංකාව පුරාම පැතිරී ඇත. >>

    විහාරස්ථානය පිලිබඳ මට තොරතුරු ලැබුනේ දිවයින පුවත්පතෙනි - http://www.divaina.com/2012/05/27/feature02.html
    එම පුවත්පතේ කතෘ ගෙන් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැක.. අපද ලබාගත්තේ එසේය.

    මෙම තොරතුරු අපහට අත්අකුරින් ලියන ලද ලිපියක් ලෙස ඒවා තිබුනේය. එය අපට ඔන්ලයින් දැමිය හැකි වුවත් නොදැම්මේ ලිපියේම එවන ලද අයගේ ආරක්ෂාව පිලිබඳ අපට වගකීමක් ඇති නිසාය. එම ලිපිය ලැබුණු පසු එහි ඇති දුරකනත අංකයට කතාකොට නිරවද්‍ය තොරතුරක් බවට සනාථ කරගත් පසුව අප විමර්ශන කණ්ඩායම එය පසුපස හඹා ගියේය.

    වයාකරණ දෝෂ වලට මුලික හේතුව වී ඇත්තේ අප සතුව පවතින සීමිත සම්පත් නිසාවෙනි අන්තර්ජාල සම්බන්දතාවය පවා ඉතා අඩු වේග මට්ටමක පවතී එම නිසා ගූගල් පරිවර්තකයට වචනයක් ලියාගැනීමට තත්පර 30ක් පමණ කාලයක් මිඩංගු වේ එයට හේතුව අපහට ඒ.ඩී.එස්.ල් පහසුකම වත් ලබාගැනීමට මුදල් යෙදවිය නොහැකි නිසාය. ලිපියක් ලියා ගැනීමට අප සාමාජිකයන් දරන වෙහෙස දන්නේ අප පමණි. අප සංවිධානය මුලිකවම සාමාජිකයන් ගේ පොද්ගලික ධනය වැයකොට ජාතිය රැකගැනීමේ මෙහෙවරකට සම්බන්ධ වී ඇත්තේ මතු උරුමය රැකීමටය. ඔබ සතුවද තොරතුරු ඇත්නම් අපවෙත එවන ලෙස කාරුණිකව ඉල්ලමි.

    අප ලිපිය පලකලාට ඔබට බොහෝම තුති!

    බුදු සරණයි.

    විමර්ශන අංශය - අන්තර්ජාතික බෞද්ධ සම්මේලනය ශ්‍රී ලංකා

    ReplyDelete
    Replies
    1. සුද්දා ලබා දුන් සිංහලයක් නැත. ඔබගේ මව් භාෂාව පරිගණකයෙන් ලිවීමට ඔබට අපහසුනම් ඒ ගැන ඔබ ලැජ්ජා විය යුතුය. පරිගනක සඳහා යුනිකෝඩ් අක්ෂර සහ යතුරුපුවරු සකස් කළේ කවුරුන්දැයි මේ ලින්ක් එක හරහා ගොස් ඉගෙනගන්න.

      පරිගනකයට සිංහල ස්ථාපනය කරගන්නා ආකාරය මෙහි මුලින්ම ඇති කමෙන්ටුවකට පිළිතුරු ලෙස මා විසින් සඳහන් කර ඇත. ඒ සඳහා හෝ එය ස්ථාපනය කරගත් පසුව සිංහලයෙන් ටයිප් කිරීම සඳහා අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාවක් අවශ්‍ය නැත. මා ලියන්නේ MS WORD ගොනුවකය. පසුව එය වෙබ් පිටුවට පිටපත් කරමි.
      යතුරුලියනය කිරීමේදී සිදුවන අත් වැරදි (ටයිපින් මිස්ටේක්ස්) ගණන් ගත යුතු නැති නමුත් මව් භාෂාවේ ව්‍යාකරණ නොසළකා හැරීම ‍ජාතියට ද්‍රෝහී වීමකි.

      Delete
    2. අන්තර්ජාල බෞද්ධ සම්මේලනය හා අන්තර් ජාතික බෞද්ධ සම්මේලනය යනු දෙකක්ද, එකමද?
      නැතිනම් ඒකත් සුද්දාගේ සිංහලෙන් කෙටීමේදී සිදු වු අත්වැරදීමක්ද?

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.