2011-10-26

ලෝක බැංකු නියෝජිතයා

මගේම සිතිවිල්ලක් නොවුනත් මෙයත් කියවන්නට හොඳයැයි සිතේ.
ලෝක බැංකු නියෝජිතයා
දිනක් අප්‍රිකානු රටක එක්තරා එ‍ඬේරෙක් තමන්ගේ සුවිශාල වූ බැටළු රංචුවට තණ කැවීම සඳහා දක්කාගෙන යමින් සිටියේය. එක් ස්ථානයකදී ඔහුට බැටළුවන් මහා මාර්ගයක් හරහා ගෙන යාමට සිදුවිය. බැටළුවන් දහසක් පමණ සිටි මේ රංචුව පාර හරහා පැන්නවීමට විනාඩි ගණනක් ගත වෙයි. මේ වෙලාවේදී එම පාරේ ගමන් කරමින් තිබුනු වාහනයක් ඔහු අබියස නතර කළේ බැටළුවන් පාර හරහා ගොස් අවසන් වන තුරු තවත් ඉදිරියට යාමට නොහැකි වූ බැවිනි.

එම නවීන මාදිලියේ මෝටර් රථයෙන් බිමට බැසගත් විදේශිකයකු එඬේරා අමතා මෙසේ කීය.
“මට පුළුවනි මේ රංචුවේ ඉන්න බැටළුවන් ගණන හරියටම කියන්න. මං හරියට කිව්වොත් මට මොනවද දෙන්නෙ?”
“මං මේ කළු බැටළුවා ඔබතුමාට දෙන්නම්” එ‍ඬේරා කීවේ තමන් සමග සිටි කළු පැහැති බල්ලා විදේශිකයාට පෙන්වමිනි.
විදේශිකයා වාහනයේ තිබුනු ලැප්ටොප් පරිගනකය ගෙන වාහනයේ බොනට්ටුව මත තබා ක්‍රියාත්මක කොට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් බැටළුවන් සංඛ්‍යාව ගණනය කළේය. එ‍ඬේරා විස්මයට පත්වනු ඇතැයි සිතමින් ඔහු බැටළුවන් සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශයට පත් කළේය.
එ‍ඬේරා සිනා සෙමින්, “ගණන හරි, මහත්තය ලෝක බැංකුවෙන් නේද?” කියා ඇසීය.
විදේශිකයා, “කොහොමද මා ගැන දැනගත්තෙ?” කියා එ‍ඬේරාගෙන් ඇසූයේ තම දෙසවන් අදහාගත නොහැකිවයි.
“මං දැනගත්ත”
එ‍ඬේරාගේ කෙටි පිළිතුරෙන් කිසිසේත් සෑහීමකට පත් නොවූ විදේශිකයා, එය දැනගත් ආකාරය පැහැදිළි කර දෙන ලෙස ඇවිටිලි කරන්නට වූයේය. එ‍ඬේරා පැහැදිළි කරන්නට පටන් ගත්තේය.
“කරුණු තුනක් හින්දා, එකක් මහත්තය මට කියල දුන්නෙ මං හොඳටම දැනගෙන හිටපු කාරණාවක්. දෙවැනි එක තමයි, මං අහන්නෙත් නැතුව තමයි මහත්තය ඇවිත් මට බැටළුවො ගණන් කරල දුන්නෙ. තුන්වෙනි කාරණාව, මහත්තයට මේ බල්ලගෙයි එළුවන්ගෙයි වෙනස තේරුම් ගන්න බැරිවුනා, මේ රටේ සත්තු ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති නිසා”

5 comments:

  1. කතාව රසවත්. දන්න ලෝක බැංකු නියෝජිතයන් සිහිවුනා!!!!

    කතාවේ මූලාශ්‍රයත් දැම්ම නම් අනගියි.

    ReplyDelete
  2. ස්තුතියි, මූලාශ්‍රය දැම්මනං හොඳයි නමුත් මේක මට ආපු “කතෘ අඥාත” ඉහසුනක්. (ඒ නිසයි මම කියල තියෙන්නෙ මගේම සිතිවිල්ලක් නෙවෙයි කියල.)

    ReplyDelete
  3. හික් හික් හික්.... මරු. කතාව වෙන විදිහකට කලින් අහල තිබුන වගේ මතකයි. උපුටාගැනීමක් නේද?? (එහෙමනම් ඒක දැම්මනම් හොඳයි නේද?)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, මේක මට ආපු “කතෘ අඥාත” ඉහසුනක්. (ඒ නිසයි මම කියල තියෙන්නෙ මගේම සිතිවිල්ලක් නෙවෙයි කියල.පරිවර්තනය කළේ මම.)

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.