2016-01-31

මහාප්‍රාණ මේනියාව

බ්ලොග් එක ලියනවා තියා බොගක් දාගන්නවත් වෙලාවක් කලාවක් නැතුව හිටපු අල්ල පනල්ලෙ අපේ හිතවත් බ්ලොග් ගුරුතුමා වන රසික ටික දවසකට කළින් ලියපු පද මාලාව දැක්කට පස්සෙ ඔළුවට ආපු අදහසක් ලියන්නම ඕනැ කියල හිතුනා.

මේ නව පරපුර කියන කස්ටියගෙ කතා බහ සමහර වෙලාවට පොඩ්ඩක් විතර අමුතු ඇක්සන්ට් වලට බර වෙනව. මේ ගැන වඩා හොඳින් තේරුම් ගන්න ඕනැ නම් ඔය එෆ් එම් චැනල් වලට කණ දීලම බලන්න ඕනැ. ඒ චැනල් වල නම දැන් කියන්නෙ නැත්තෙ බයකට එහෙම නෙවෙයි, හොඳට කතා කරන චැනල් කීපයකුත් තියන අතරෙ ඒ එක එකේ නම වෙන වෙනම මතකයෙ නැති නිසායි. අහිංසක චැනල් වලට දොස් කියන එක හොඳ නෑනොවැ.

මේ චැනල් වල නිවේදක තුමන්ලාටත් වැඩිය නිවේදිකා තුමියලා කතා කරන හැටි අහගෙන ඉන්නකොට දැනෙන හැඟීම මොකක්ද කියල, දුකක්ද කණගාටුවක්ද අප්පිරියාවක්ද කියල එක පාරටම හිතාගන්න අමාරුයි.

සිංහල වචන අස්සට ඉංගිරිසි වචන කෑලි දාන එක සමහර අය විවේචනය කළාට මගේ නම් ඒ ගැන එහෙමට විවේචනයක් නෑ. අද කවුරුත් වගේ, ලොකුවට ජාතික කැක්කුමකින් කෑ ගහන අය පවා, තමන්ගෙ භාෂාව ගැන එහෙමට උනන්දුවක් නැතුව මේ කලවම් භාෂාවෙන් ලියනවා සහා කතා කරනවානෙ. ඉතින් රේඩියෝ එක කියන්නෙ ශ්‍රව්‍ය මාධ්‍යයක් නිසා ලියන භාෂාවෙන් කතා කරන්න අවශ්‍ය නැහැ. ගුවන් විදුලි සංස්ථාවෙ සිංහල ස්වදේශීය සේවය අහල සිංහල ඉගෙන ගනිල්ලා කියල කියපු කාලෙකුත් තිබුන තමයි. ඒ වගේම දිනමිණ කතුවැකිය කියවල සිංහල ඉගෙන ගනිල්ලා කියපු කතාව විතරක් නෙවෙයි ඩේලි නිවුස් කතුවැකිය කියවලා ඉංගිරිසි ඉගෙන ගනිල්ලා කියපු කතාවත් අද වෙනකොට අවලංගුයි පුතේ.

ඉතින් මං කියන්න හැදුවෙ අර කලින් කියපු පොඩි පොඩි එෆ් එම් චැනල් වල කට්ටිය කතා කරන්නෙ ඔය කියපු අමුතු ඇක්සන්ට් එකත් එක්කලා මහාප්‍රාණ අකුරු එහෙන් මෙහෙන් රිංගවලනේ.

කෝල් කරල කියන්න බලන්න ඔයාලට ඕනැ සෝන්ග් එක මොක්ද කියල. නැත්නම් එස් එම් එස් එකක් එවන්න. ඒත් නැත්නම් අපේ ෆේස්බුක් පේජ් එකේ කමෙන්ට් එකක් දාන්න හොඳේ.

හැබැයි ඉතින් අපේ භාෂාවේ මේ මහාප්‍රාණ අකුරු සහිත වචන එහෙමට නැති නිසාත්, එහෙම තියන වචන වුනත් බොහෝ වෙලාවට නිකම් සිම්පල් අකුරු, ඒ කිව්වෙ අල්ප ප්‍රාණ අකුරු යොදල කියන නිසාත් ලොකු අවුලක් වෙන්නෙ නෑ. උදාහරණයක් ගත්තොත් බාසාව කියන්නෙත් භාෂාව කියන්නෙත් දෙකම එකයිනෙ. (දවසක්දා මගෙන් යාලුවෙක් ඇහුව “මචං සිංහලෙන් ටයිප් කරද්දි කැපිටල් ලයන්න ගහන්නෙ මොකෙන්ද“ කියල. ඒ කැපිටල් ලයන්න කිව්වෙ මූර්ධජ අකුර, ඒ කියන්නෙ “ළ“ ගැන කියල මට ටක් ගාල ක්ලික් වුන නිසා පටස් ගානකොට වැඩේ ගොඩ දාල දුන්නා)

හැබැයි අපේ කලාපයේ තියන අනිත් බොහොමයක් භාෂා ගත්තහම මේ වෙනස බරපතළයි. අර “තණ“ වෙනුවට “තන“ වගේ සීන් වෙන්නට ඉඩ තියනවා.

ඉතින් රසික ලියපු පදමාලාව දැකපු මට මතක් වුනේ අපි ගොඩක් දෙනා ලයික් කරන හින්දි සිංදුවක්.
කභී කභී මෙරෙ දිල්  මෛං.

මේකෙ තියනව එක පදයක් ළඟ ළඟම මහා ප්‍රාණ ගොඩක් එක්කල.

සුහාග් රාත්හෛ ඝුංඝට් උඨා රහා හූ මෛං
सुहाग रात है घूंघट उठा रहा हूँ मैं 

Song: Kabhi Kabhi
Singer: Amitabh Bachchan, Kishore Kumar, Lata Mangeshkar, Mukesh
Lyricist: Sahir Ludhianvi
Music Director: Khayyam
Film Director: Yash Chopra
Kabhi Kabhi Mere Dil Mein Lyrics
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Ke Jaise Tujhko Banaya Gaya Hai Mere Liye
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tu Ab Se Pahle Sitaro Me Bas Rahi Thi Kahi
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye
Tujhe Zami Pe Bulaya Gaya Hai Mere Liye

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ke Ye Badan Ye Nigahe Meri Amanat Hai
Ye Gesuo Ki Ghani Chhao Hai Meri Khatir
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai
Ye Hoth Aur Ye Bahe Meri Amanat Hai

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Ke Jaise Bajati Hai Shahnaiya Si Raho Me
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai
Suhag Rat Hai Ghunghat Utha Raha Hu Mai

Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me
Simat Rahi Hai Tu Sharama Ke Apni Baho Me

Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Ke Jaise Tu Mujhe Chahegi Umar Bhar Yu Hi
Uthegi Meri Taraf Pyar Ki Nazar Yu Hi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Mai Janata Hu Ke Tu Gair Hai Magar Yuhi
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai
Kabhi Kabhi Mere Dil Me, Khayal Aata Hai


11 comments:

  1. මෙතැන ලින්ක් කරලා තියෙන් සින්දුව කියන්නේ එක් අයෙකු පමණයි.

    ReplyDelete
  2. බ්ලොගයේ නම මොබයිල් වුණාට මොබයිල් වර්ෂන් එක නිවැරදි නෑ. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න බෑ මට නම්.

    ReplyDelete
    Replies
    1. හදන්න ට්‍රයි එකක් දීල බලන්නම්කො.

      Delete
  3. මේකේ පාට පොඩ්ඩක් හදනවද, ඔෆිස් එකක ඕපන් කරගන්න පුළුවන් විනීත විදිහකට

    ReplyDelete
    Replies
    1. ඇයි ඔෆිස් එකේ ඕපන් කරන්නෙ? අපටත් බැරිද ඔය ඔෆිස් එකේ රස්සාවක් හොයාගන්න?

      Delete
  4. මහප්‍රාණ දැන් ටයිප් කරන්නත් බහ ගූගල් එකේ,

    ReplyDelete
    Replies
    1. ඊයේ පෙරේද ඉඳල මටත් පොඩි අවුලක් වගේ දැනුනා.

      Delete
  5. කභී කභි නම් මගෙත් හිතට තදින්ම වැදුන සිංදුවක්.

    ඔය කියන ඇක්සන්ට් මටත් බලෙම්ම වගේ ඇහිල තියෙනව බස්එකේ යද්දි. ඔව්ව මට පේන විදිහට, නිවේදිකාවො, තමන්ගෙ රස්සාව රැකගන්න ඒ වගේම, රස්සාවෙ තියෙන වෙළෙඳපොළ පවත්වගන්න කරන දේවල්. සමහරුන්ට නම් තමුං හද්දා පිටිසරින් කොළඹට ආව කියල අමතක කරන්න කරන දේවල්...

    අර උඩ කියල තිබුණ වගේ වෙනත් භාෂා වල වචන එකතු වීම අපිට වළක්වන්න බෑ. දැනටමත් අපට ලැබිල තියෙන සිංහල භාෂාව පාලි, සංස්කෘත, දෙමළ, ප්‍රතිකාල්, ඕලන්ද සහ ඉංග්‍රීසි භාෂාවලින් පෝෂණය වුන එකක්. ඒක තමා භාෂාවක පරිණාමය. ඒක වළක්වලා භාෂාවක් දිගින් දිගටම එකම තැනක නවත්තන්න බෑ....

    ReplyDelete
  6. මගේ මතයනම් සිංහල වලට අලුතින් වචන එකතුවීම හොදයි කියල, කැරෝකේ වගේ වචනයක් සිංහලෙන් කියන්නේ ඒ විදිහටමනේ නේද?
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  7. 2015 නෙලුම්යාය බ්ලොග් සම්මාන උළෙලේදී 18+ අංශය සඳහා ඔබේ ලිපියක් නිර්දේශ වී ඇත. කරුණාකර එම අවස්ථාවට ඔබේ පැමිණීම සනාථ කරන්න. සියලු විස්තර පහත ලින්ක් එකෙන්.

    http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.