2015-08-09

මහා වංචාව

බැංකු ගණුදෙනු, ආර්ථික විද්‍යාව ආදී කාරණා ගැන මගේ දැනුම අතිශයින් සීමිත ය. ඒ නිසා, මේ ලිපියේ මුල් කොටස පමණක් කියවන ටොයියන් විසින් මතු කරන්නට ඉඩ තිබෙන ප්‍රශ්න වලට උත්තර දෙන්නට මගේ බලාපොරොත්තුවක් නැති බව මුලින්ම කියමි.

රනිල්ගේ ආණ්ඩුවයැයි කියනු ලබන වර්තමාන ආණ්ඩුව යටතේ ලෝක ලංකා ඉතිහාසයේ මේ තාක් සිදු වූ විශාලතම මූල්‍ය වංචාව සිදු වූ බව කියනු ලැබේ. අප කුඩා කාලයේ ලංකාවේ සිදු වූ විශාලතම මුදල් කොල්ලය රුපියල් හාරලක්ෂයක් විය. ඒ නිමිති කරගෙන චිත්‍රපටයක් පවා නිපදවන ලදී. එහෙත් අද කාලයේ නම්, ලක්ෂ හතරක් යනු එතරම් ගණන් ගත යුතු මුදල් ප්‍රමාණයක් නොවේ.

ඒත් බිලියන පනස් නමයක් යනු මෙසේ එසේ මුදල් ප්‍රමාණයක් නොවේ. බිලියනයක් යනු මිලියන් දාහකි. එනම්, ලක්ෂ දහදාහකි. කජු ඇට කොස් ඇට නොව ගෙඩි රුපියල්ය.

 ලංකාවේ සමස්ත ජනගහනයෙන් බිලියන පනස් නමය බෙදු විට වංචාවේ පරිමාණය ගැන සිතාගැනීමට හැකිය. ඒත්, මේ වංචාව වංචාවක්ම නොවන බව රනිල්ගේ කට්ටිය කියති. විෂය දැනුම සීමත බැවින් ඇත්ත බොරු තෝරාගැනීම මටනම් අපහසුය. එහෙත් කණගාටු වීමට දෙයක් නැත. මේ ගැන පැහැදිළි කර දෙන්නට පුළුවන්කමක් තියන බව සිතන අයකු විසින් හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් සිද්ධිය ගැන විවරණය කර තිබේ. නිර්නාමිකව එය ඔබගේ ඉන්බොක්ස් එක වෙතට දැනටමත් එවා නැතිනම් හෙට අනිද්දාම එනු ඇත. කෙසේ වෙතත්, මේ පළවන්නේ ඒ ලියමනෙහි වැදගත් කොටසයි. ලංකා නිව්ස් වෙබ් අඩවියේ පළ වූ ලිපිය ආශ්‍රය කරගෙන ඊ මේලය සකස් කර ඇති බව පෙනේ.

රනිල් වික්රමසිංහගේ  ආණ්ඩුවේ මහ බැංකු බැඳුම්කර වංචාව 

මෙය කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන් වටහා ගත හැක. මාර්තු , අප්රේල් මැය් හා ජූනි මාස වල පමනක් රජයට වූ පාඩුව රුපියල් බිලියන් 59 කට වැඩියැය් ඇස්තමේන්තුගත කර ඇත මත්තල ගුවන් තොටුපල හදන්නට වැයවූ සම්පූර්ණ මුදල වන රුපියල් බිල්යන් 27 මෙන් දෙගුනයකට වැඩිය. (රටට වූ පාඩුවක් සංවර්ධනාත්මක ආයෝජනයක් සඳහා වැය වූ මුදලක් එක්ක සන්සන්දනය කරන එකට අපිනම් විරුද්ධයි ඕං)

පසුබිම : සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ් වේ; රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවය්. බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්රයකි. මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා ණය ලබාගැනීමය්. මේ ණය ලබාදීමට අවසර ඇත්තේ මහබැංකුවේ ලියාපදිංචිවූ ප්රාථමික වෙළඳුන් 16 දෙනෙකුට පමනි. ප්රාථමික වෙළෙන්දෙකු යනු මුල් ක්ෂෙස්ත්රය පිළිබඳ විශේසඥ්ඥ දැනුමක් ඇති ව්යාපාරික ආයතනයකි. උදාහරණ ලෙස ලංකා බැංකුව, මහජන බැංකුව, සෙලාන් බැංකුව, එච් එස් බී බැංකුව වැනි බැංකු රැසක් හා පෞද්ගලික මුල් සමාගම් කිහිපයක් ප්රාථමික වෙළෙන්දුන් අතර සිටී. රජයට මුදල් ණයට දීමට කැමති ඕනෑම ආයතනයක් හෝ පුද්ගලයෙකු මෙම ප්රාථමික වෙළඳුන් 16 දෙනාගෙන් කෙනෙකු අතරමැදියා ලෙස යොදා ගත යුතුය, මහබැංකුව මගින් මසකට කිහිප වරක්ම බැඳුම කර නිකුත් කරනු ලබන අතර අදාල බැඳුම්කරයේ කාල සිමාව එහි නිලධාරින් විසින් අවස්තානෝචිතව තීරණය කරනු ලැබේ.උදාහරණයක් ලෙස වසර 10 10ක්, 15ක් හෝ 30ක් වශයෙනි බැඳුමකර වෙන්දේසිය යනු රජයට ණය දීමට කැමති ප්රාථමික වෙළදුන්ගෙන් සඳහා ඔවුන් අපේක්ෂා කරන පොලිය විමසීමය්. අඩුම පොලියට ණය දෙන්නට කැමති වෙළඳුන්ගෙන් මහබැංකුව ණය ලබාගනිය්.මෙය මහබැංකුව කාලයක් තිස්සේ අනුගමනය කල නැණවත් ක්රමවේදයකි. තමුන්ගේ මුලු අවශ්යතාවයම එකවර වෙන්දේසියට ඉදිරිපත් කලහොත් පොලී අනුපාතය ඉහල යා හැකි නිසාය. සාමාන්යයෙන් රජයෙ ණය අවශ්යතාවයෙන් 10%-20% පමන ප්රමානයක් බැඳුම්කර වෙන්දේසියෙන් ලබා ගන්නා අතර ඉතිරිය ලබා ගන්නේ වෙන්දේසියෙන් තීරණය වූ පොලී අනුපාතයට යටත්ව ප්රාථමික වෙළඳුන් සමග ඍජුව ගනුදෙනු කරමිනි. ආන්දෝලනයට ලක්වූ පෙබරවාරි 27 බැඳුම්කර සිද්දියේ අනුපිලිවෙල : මාර්තු මාසයේ රජයේ මුදල් අවශ්යතාවය රුපියල් බිලියන් 260ක් පමන බව මහ බැංකුවට දන්වා තිබුනි. මෙම මුදල සොයාගතව තිබුනේ කෙටිකාලින භාන්ඩාගාර සුරැකුම්පත් හා දිගු කාලීන බැඳුම්කර සම්මිශ්රනයක් තුලිනි. 2015 පෙබරවාරි 26දා මහබැංකුව ප්රාථමික වෙළඳුන් 16 දෙනාට දැනුම් දුන්නේ අවුරුදු 30 කාලසීමකට යටත් රුපියල් බිලියන් 1 බැදුම්කර පසුදින වෙන්දේසි කරන බවය්. වෙදේසිය අවසන් වීමට නියමිත වුයේ 27දා උදේ 11ටය. සුපුරුදු පරිදි ප්රාථමික වෙළන්ඳ ආයතන 16 වෙන්දේසියට සහබාගී විය. වෙලාවලේ රටේ පැවති පොලී අනුපාතය ඉතා අඩු නිසා මේ බොහෝ දෙනෙකු ඉදිරිපත් කලේ පොලී අනුපාතය 9.5% සිට 10.5% පමන වන ලංසුය. මුලු බැඳුම්කර ප්රමානය රුපියල් බිලියන් 1ක් පමනක් නිසා එක් එක් ආයතනය සාමාන්යයෙන් ලංසු තැබුවේ රුපියල් මිලියන් 100- 500 අතර ප්රමානයන්ය. පුදුමයකට මෙන් එක් ආයතනයක් පමනක් රුපියල් බිලියන 15 ලංසු තබා තිබුනි. ඒත් රුපියල් 12.5% ගිනි පොලියකටය. සාමන් තත්වයක් යටතේ නම් බිලියන 1 ක් වෙන්දේසියකට බිලියන් 15ක් ලංසු ඉදිරිපත් කිරීම යමෙක් විහිලුවක් හෝ පිස්සු විකාරයක් ලෙස දකින්නට තිබුනි. එහෙත් එය විහිලුවක් හෝ පිස්සු විකාරයක් නොවීය. එය ලංකා ඉතිහාසයේ සිදුවූ කූඨතම මුල් වංචාවක පලමු පියවර විය.

හොරුන්ගෙත් හොරු ( තිරයෙන් පිටුපස කතාව ) : රුපියල් බිලියන් 15ක් 12.5% ගිනිපොලියට ලංසු තැබූ ආයතනයේ නම පර්පෙචුවල් ට්රෙෂරීස්ය. මෙම ආයතනයේ අයිතිකරු මෙන්ඩිස් අරක්කු සමාගමේ හිමිකරු වන කෝටිපති තරුණ ව්යාපාරිකයෙකු වන අර්ජුන ඇලොසියස්ය. අර්ජුන අලෝසියස් යනු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන්ගෙ දුවගේ සැමියාය. අන් විදියකින් කියනවානම් බැංකු අධිපතිගේ බෑණාය. මීට අමතරව අර්ජුන අලෝසියස් හා ඔහුගේ පියා ජෙෆ් අලෝසියස් රනිල් වික්රමසිංහගේ ඉතා කිට්ටු පවුලේ හිතවතුන්ය. ...........(ඉතිරි ටික ලංකා නිව්ස් වෙබ් සයිට් එකේ බලන්න.)


ඒ ලිපිය ලියන්නට ඇත්තේ කෝප් කමිටුවේ සාමාජිකයකු විසින්දැයි මම නොදනිමි. තවමත් එළි නොදැක්වුනු වාර්තාවක මොනවා තිබෙනවාදැයි කමිටු සාමාජිකයන් නොවන මා වැන්නන් කෙසේ දැනගන්නද?

යහපාලන ආණ්ඩුවක් කියා ඇතැමුන් විසින් හඳුන්වන වර්තමාන ආණ්ඩුව සුපිරිසිදු එකකැයි මම නොසිතමි. නොසිතුවෙමි. ඇත්ත වශයෙන්ම මට යූ ඇන් පී අරහං වුනේ ජේ ආර් ගේ කාලයේදී ය. ඒත් මහින්දගේ කාලයේදී ශ්‍රී ලංකා එකත් ඊටත් වඩා අප්‍රසන්න විය.

රටකට ආණ්ඩුවක් අවශ්‍ය ඇයි? රට සංවර්ධනය කිරීම ආණ්ඩුවේ එක කටයුත්තක් බව සැබෑවකි. ඒත් රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ එහි ජනතාව ආණ්ඩු කිරීමටයි. එනම්, යුක්තිය පසිඳලීමටයි. රාජ්‍යයේ ආරක්ෂාව සහ රටවැසියාගේ ආරක්ෂාව පවතින්නේ ආණ්ඩුව අතේ ය. මේ දෙකෙන් එකක්වත් හරි හැටි සපයන්නට 2010-2014 ආණ්ඩුවට නොහැකි වූයේ කොටි ත්‍රස්තවාදය මට්ටු කිරීමෙන් පසුව ඇති වූ රාජෝන්මාදය නිසා ය. ත්‍රස්තවාදියකු අතින් මරණයට පත් වීම සහ හයිරන්කාර කෙරුමකු අතින් මරණයට පත් වීම අතර වෙනසක් නැති නිසා, ත්‍රස්තවාදී ප්‍රහාරයකින් උන් හිටි තැන් අහිමි වීම සහ සංවර්ධන වැඩසටහනක් නිසා උන් හිටි තැන් අහිමිවීම අතර වෙනසක් නැති නිසා, ජනතාව මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කළහ.

ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයට වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වුනේ යහපාලනයක් ඇති කිරීමේ අරමුණ ඇතිවය. ඕපපාතිකයකු මෙන් එළියට පැනගත් මෛත්‍රීට සහායට හතර පස් දෙනකු ඉදිරිපත් වූ නමුත් ඔහුට චන්ද ලබාගන්නට හැකි වුනේ යූ ඇන් පිය නිසාය.

යූ ඇන් පී ආණ්ඩුව යහපාලනයක් කරන බව කියා තිබුනේ නැත. එසේ කියා නොතිබුනු පමණින් අවපාලනයක යෙදීමේ අයිතියක් ඔවුනට ලැබුනේද නැත. ටෙන්ඩර් මගඩියක් මගින් අඩු පොළියට ගැනීමට හැකියාව තිබුනු ණයක් වැඩි පොළියට ගැනීමෙන් මූල්‍ය වංචාවක් සිදු කළ නිලධාරියාට එරෙහිව ක්‍රියා නොකිරීමේ චෝදනාවට ආණ්ඩුවට මුහුණ දෙන්නට සිදු වී තිබේ.

මහින්ද මේ වැනි මහා පරිමාණයේ වංචාවක් සිදු කළේයැයි කියා අප දන්නේ නැත. සිදු කරන්නට ඉඩක් තිබුනේදැයි අප දන්නේද නැත. ඒ කාලයේ හොරකම විමධ්‍යගත කර තිබුනු බැවින් එක් පුද්ගලයකු විසින් විශාල වංචාවන් සිදු කිරීම සීමා වී තිබුනු බව මගේ අදහසයි.

මේ සියල්ල මෙසේ තිබුනත්, නැවත වරක් මහින්ද හා නඩයට නැගිටින්නට ඉඩ නොදිය යුතු යැයි මා අවධාරණය කරන්නේ ඇයි?

හොරකමක් නැවැත්වීමට වඩා අපට අවශ්‍ය වන්නේ හොරකම් කිරීමට, දූෂණයට ඇති ඉඩකඩ නැති කිරීමය. එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන්ම විසුරුවනු ලබන අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආපසු හරවනු ඇති නිසා ය. එවිට හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරකම් කළ බව දැනගන්නට ලැබෙන්නේ ද නැත.

ඒ නිසා, හොරකම් දූෂණ නොකරන බවට සහතිකයක් නැතිවම යූ ඇන් පී ආණ්ඩුවක් (හෝ ජේ වී පී ආණ්ඩුවක්) පත් කරගැනීම අවශ්‍ය වී ඇත්තේ කරන හොරකමක් දූෂණයක් අල්ලාගැනීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ යහපාලනයෙන් ඉදිරියට ගියහොත් පමණක් වන නිසා ය.

8 comments:

  1. මචෝ, පාට අකුරු ටික කියවන්න අමාරුයි. ඒ ටික කහපාටෙන් දැම්මනම් හොඳයි.

    ReplyDelete
  2. වර්ණ ගන්වා ඇති කොටසේ වර්ණ වෙනස් කරන්න කියවන්න අසීරුයි.

    ReplyDelete
    Replies
    1. පෙන්වාදුන්නාට ස්තුතියි. වෙනස් කළෙමි.

      Delete
  3. ශණි,

    100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත්තේ අවම බලය පමණි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයෙන් රජය පිහිටවුයේ නම් ඉදිරියේ වංචා කර යටපත් කිරීමට නොහැකි වනු ඇති
    http://lankasithuwili.blogspot.com/2015/08/blog-post.html මෙවර මා ඉදිරිපත් කල තර්කයත් මෙයයි

    ReplyDelete
  4. ශණි,

    100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත්තේ අවම බලය පමණි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයෙන් රජය පිහිටවුයේ නම් ඉදිරියේ වංචා කර යටපත් කිරීමට නොහැකි වනු ඇති
    http://lankasithuwili.blogspot.com/2015/08/blog-post.html මෙවර මා ඉදිරිපත් කල තර්කයත් මෙයයි

    ReplyDelete
  5. [ එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන්ම විසුරුවනු ලබන අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයන් ආපසු හරවනු ඇති නිසා ය. එවිට හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරකම් කළ බව දැනගන්නට ලැබෙන්නේ ද නැත. ]

    දැන් කොහෙද මහත්තයෝ තොරතුරු දැන ගැනීමේ අයිතියක්. කෝප් වාර්තාව එලියට එන එකත් උසාවි නියෝගයක් අරගෙන තහනම් කලා.
    අනික් පිස්සා තමන්ගේ පක්ෂේ කාරක මණ්ඩලේ රැස්වෙන එක උසාවි නියෝගයකින් තහනම් කරලා.
    මේවා මහ රට විහිලු වෙලත් ආයිබෝං තමුන්ලට පේන්නේ නැහැනේ.

    මේ බ්ලොග් එක හරියට තම්බි හෝටලයක් වගේ. මේ හුචක්කු පාටවල් බ්ලොගේ පසුබිම විදිහට තෝරගත්තු තමුන්නැහැගේ මානසික මට්ටම හිතා ගන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකේ අවධාරණය කළ යුතු කොටස් වලට යම වර්ණයක් යෙදීමට අදහස් කළ නිසා කියවීමේ අපහසුතාවක් ඇති වූ බව පාඨකයන් විසින් කමෙන්ට් කළ නිසා එම වර්ණ වෙනස් කළෙමි. සාමාන්‍ය යෙන් සුදු පාට පසුබිමක කළුපාට අකුරු කියවීමට අපි පුරුදු වී සිටින නමුත්, පරිගණක තිරයක සුදු පැහැය ඇස් වලට වෙහෙස ගෙන දෙයි. වෙබ් පිටුවක වර්ණ යෙදීමෙන් තීන්ත වියදමක් නැත. ඔබ කියන තම්බි හෝටලයක පාට මෙහි යොදා නැත.

      තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්නට බැරි වුනේ කුමක් නිසාදැයි යන්න ප්‍රසිද්ධ කාරණයකි.

      කෝප් වාර්තාව එළියට එන එක තහනම් කිරීමට සිද්ද වුනේ මැතිවරණය නිසා නේද?

      මේ වෙලාවෙ යූ ඇන් පී එක හෝ ජේ වී පී එක දිනවන්න අවශ්‍ය වෙන්නෙ එයාල සුපිරි අය නිසා නොව මහින්ද යළි නැගිටීමේ අනතුර නිසා ය. එය සැබැවින්ම අනතුරක් බව තමුන්නැහැට පේන්නෙ නැති එක ගැන කණගාටු වෙමි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.