2015-02-09

මලු දෙක සහ නෝනාගේ කවි 18+

චූටිම කතාවක් කිව්වොත්               අහනවද
ඔලුවේ බර ගතිය නිදහස            හොයනවද
සොයනා සතුට අද හවසට          ලැබෙනවද
කී දවසකට තව ඉවසන්                 ඉන්නවද

පාරක් දිගේ යනවලු එක නෝන              කෙනෙක්
එල්ලෙනවා ඇගෙ කර මත බෑග්                  දෙකක්
පාර අයිනෙ හිටි එක පොඩි පොලිස්            පොරක්
විමසිලිමත් වුනා මෙය නුපුරුදු                     දසුනක්

නෝනගෙ බෑග් දෙක එක ගාණට                 පිරුණු
දෙස යොමු කළා ඔහුගේ ඇස් දෙක               තියුණු
ඉන් එකකින් යම් කිසිවක් බිම                       වැටුනු
දැක ලං වුනා කොස්සා  රූපෙට                   ගැහැණු

නෝනෝ අන්න එක මල්ලක් ඉරිල                වගේ
පාරට වැටුන එක කොලයක් තිබෙන              අගේ
ඔබ මේ යන්නෙ කොහෙටද මේ පාර               දිගේ
ඇයි ගෙනියන්නෙ දේවල් මේ සල්ලි              වගේ

නෝනා නැවතුනා මේ කෑ                 ගැසිල්ලට
මල්ලෙන් වැටී ඇත කොළ තැන් තැන්      වලට
හනිකට හැරී ආපසු ඕනෑ                          යන්ට
කොච්චර මුදල් හැලිලාදැයි                 බලන්නට

පොඩ්ඩක් ඉන්නකෝ කලබල වෙන්න        එපා
මං දන්නවා නෝනල ඔය දාන                    උපා
බොරුවක් එහෙම කිව්වොත් මට හිනාව         පා
ඉන්නට වේවි කූඩුවෙ දුක් විඳන                   අපා

කොහොමද සල්ලි ලැබුනෙ මෙහෙම ගෙනියන්න
පිං කැටයක් එහෙම කැඩුවද          නොදැනෙන්න
කොහෙන්ද සල්ලි ලැබුනේ මල්ලට           පිරුන
කියමුකො බලන්නට පිළිගත හැකි           ලෙසින

පී සී මහත්තයො මේ නම්                    ඇත්තමය
මගෙ ගේ ළඟම ඇත්තේ මහ                පිටටනිය
ඒ පැත්තට තිබෙනා උස                         තාප්පය
අයිනේ හිටවලා ඇත්තේ මල්                    ගස් ය

තාප්පයේ තියනව තරමක                        සිදුරක්
ඒකට චූ කරති සෙල්ලම් කරන                  හරක්
මල් පැල ටිකට වෙන්නේ දුක හිතෙන      දෙයක්
මේකට උපායක් යෙදුවේ දෙන්න              වැඩක්

තාප්පය අයිනෙ හැංගිල මං                     ඉන්නේ
චූ කරනා එකාගේ එක                      අල්ලන්නේ
ඩොලර් විස්ස ගෙවනා ලෙස               දන්වන්නේ
නැත්නං උගේ එක ගන්නට නෑ             දෙන්නේ

හරි මට තේරුනා ජොබ් එක කරන              තමා
ඒකත් නියම බිස්නස් වර්ගයක්                    තමා
ඒ වුනාට කියන්න මට නොවී                      පමා
අනිත් බෑග් එකෙ පිරිලා ඇත්තෙ                 කිමා

මහත්තයෝ පොඩ්ඩක් තව                  හිතනවද
කීවම යමක් ඒකම පිළි                       ගන්නවද
සෙල්ලම් කරන හැම දෙන ඔබ            දන්නවද
ඩොලර් විස්ස ගානේ අරගෙන                   එයිද
 






7 comments:

  1. අම්මපා එකේ මොනවයි තිබුනේ.. නොදන්න කමටයි අහන්නේ..

    ReplyDelete
  2. ..........................
    ඩොලර් විස්ස ගෙවනා ලෙස දන්වන්නේ
    නැත්නං උගේ එක ගන්නට නෑ දෙන්නේ

    ........................
    සෙල්ලම් කරන හැම දෙන ඔබ දන්නවද
    ඩොලර් විස්ස ගානේ අරගෙන එයිද

    ඉතින් ඩොලර් විස්සක් දුන්නෙ නැත්තම් අහවල් එක කඩාගන්න වෙනව නේද? කඩාගත්තු කොයිපට වලට මොකද කරන්නෙ මල්ලක දාගන යනව ඇරෙන්න?

    ReplyDelete
  3. මල්ලක සල්ලි... මල්ලක පුරවලා කොට.
    විස්තර කරනතුරු නෑ තේරුනේ මට

    ReplyDelete
    Replies
    1. සමහර පේළි වල තවත් දේවල් ලියලද දන්නෙ නෑ.

      Delete
  4. හපොයි අනිකේ මුද්දරප්පලම් නේද ?

    ReplyDelete
    Replies
    1. වේලුනාට පස්සෙ මුද්දරප්පලම තමයි! හැබැයි චුට්ටක් ලුණු රස වැඩියිලු!

      Delete
  5. හා හා මොනවා කියන්නද ...

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.