2014-11-01

ලංකාවේ දැන් කොටි නැද්ද? Who are the tigers?




අවුරුදු තිහක් තිස්සේම, එනම්, උතුමාණන් වහන්සේගේ කාලයේ සිට මහරජාණන් වහන්සේගේ කාලය දක්වා අපි කුරිරු යුද්ධයක් නිසා ඍජුව හෝ වක්‍රව බැට කෑවෙමු. බොහෝ දෙනකුගේ අවසන් ඉරණම අතිශය ශෝචනීය විය. තමන්ගේ ජීවිතයේ වටිනාකම නොතේරෙන අතළොස්සක් දෙනා හැරෙන්නට සිහි බුද්ධිය ඇති වැඩි දෙනකු යුද්ධය පිළිකුල් කරන්නේ එබැවිනි. එම පිළිකුල කෙතරම්ද යත් අවුරුදු පහක් තිස්සේ එය වවාගෙන කෑමටත් තවත් අවුරුදු හතරකටවත් එයම මාකට් කිරීමට වරම් ලබාගැනීමටත් මහරජුන්ට හැකියාව ලැබී තිබේ. (මේ රටේ වර්තමානයේ සිටින එකම නායකයා මහරජු පමණක් බව සියළු දෙනා විසින් අකැමැත්තෙන් හෝ කැමැත්තෙන් පිළිගත යුතුය. මී ළඟ ජනාධිපතිවරණයේදී එය වෙනස් වන්නේ නැත.)‍

මේ අවාසනාවන්ත යුද්ධය ඇති වූයේ කවුරුන් අතරද?

යුද බිමට පිළිපන් දෙපාර්ශවයම අතට ගත්තේ සතකුගේ රූප රැගත් ධජ දෙකකි.



මේ සතුන් දෙදෙනා කවරහුද? ඔවුන් ජීවත් වන්නේ කොහේද?
මේ සත්ව කොට්ඨාශ දෙකම මේ භූමියේ ජීවත් වන්නවුන් නොවෙත්. එසේනම් ඔවුන් සිය යුද්ධය සඳහා යුද පිටිය ලෙස මේ පුංචි දිවයිනම තෝරාගත්තේ ඇයි?

මෙය තේරුම් ගැනීමට අප අසමත් වීමු, තත්වය තව තවත් අවාසන්වන්ත වූයේ ලිබරේෂන් ටයිගර්ස්ලා විමුක්ති කොටි ලෙස පරිවර්තනය කරනු ලැබීම නිසා නොවේද?

මේ වැරදි පරිවර්තනයට වගකිවයුත්තේ එක්තරා වන ජීවී අධ්‍යක්ෂවරයෙකුයැයි කියැවෙන ලිපියක් මෑතකදී පුවත් පතක පළ විය. එය අතිශය සිනහ උපදවන කරුණකි. වන ජීවී අධ්‍යක්ෂවරයා ටයිගර් යන්න කොටියා කියා වැරැදියට පරිවර්තනය කරද්දී නිහඬව එය පිළිගත් ජනතාව විෂය භාර අමාත්‍යවරයාම වල් අලියාට වන අලියා කියා නම්බු දී කතා කරද්දී එය පිළිගැනීමට මැළි වෙති. මෙය සිංහලයාගේම අවාසනාවද?

පහත ඇත්තේ කොටියා යනුවෙන් ටයිප් කර ගූගල් පින්තූර සෙවීමේදී ලැබුනු පින්තූර වේ. එක වචනයකට සත්ව වර්ග දෙකක රූප (වයිරන් තියන සතෙක් සහ පුල්ලි තියන සතෙක්) යෙදී ඇති සැටි බලන්න.


දැන් ඊ ළඟට දෙමළ භාෂාවෙන් එම සත්ව වර්ග දෙකේ නම් දෙවරකට යෙදූ විට ලැබෙන පින්තූර බලන්න.
මේ පුලි කියන දෙමළ වචනයට ලැබෙන පින්තූර:

මේ පින්තූර අරගෙන තියෙන්නෙ දෙමළෙන් චිරුත්තෛ කියන වචනයට:



මේ අභ්‍යාසය මා භාෂා ගණනාවකින්ම කර බැලුවා. මා විවිධ භාෂා විශාරදයකු නොවේ. මෙහිදී මට සහය වූයේ ගූගල් ට්‍රාන්ස්ලේට් පහසුකමයි.

ඔබත් අත් හදා බලන්න. ටයිගර් යන්න ඔබ කැමති භාෂාවකට පරිවර්තනය කරන්න. පින්තූර සර්ච් කරන්න.
දැන් ලෙපර්ඩ් යන්නත් එම භාෂාවට පරිවර්තනය කරන්න. පින්තූර සර්ච් කරන්න.
ඊට පස්සෙ ඕනැනම් කමෙන්ට් එකක් දමන්න.

හෝව් පොඩ්ඩක්, අමතක වුනා මේක කියන්න.

ටයිගර් = ව්‍යාග්‍රයා,
ලෙපර්ඩ් = කොටියා, දිවියා,
පැන්තර් = දිවියා, 
වයිල්ඩ් කැට් = දිවියා, වල් බාවා, වල් බළලා

(අජිත්ලා අරුණිලා හිතනව වගේ හැම ඉංග්‍රිසි වචනයකටම සිංහල වචනයකුත් හැම සිංහල වචනයකටම ඉංග්‍රිසි වචනයකුත් “එකට එක“ සම්බන්ධතාවකින් ඇත්තෙ නෑ. ලෙපර්ඩ් කියලා සමහර දිවියන්ටත් පැන්තර් කියලා වෙනත් සත්තුන්ටත් කියැවෙන තැන් තිබෙනවා. ඒත් ඔය පුල්ලි තියන කොටියට ටයිගර් කියල කිසිම සුද්දෙක් කියන්නෙ නෑ. වයිරන් තියන එකා තමයි ටයිගර්. අපි ඒකාට කියන්නෙ ව්‍යාග්‍රයා කියලා. කවි වලදි එහෙම “වග වළසුන්“ කියන්නෙත් ඔය ව්‍යාග්‍රයාම තමයි. ඒක සංසකෘත භාෂාවෙන් කියද්දි මං හිතන්නෙ මහප්‍රාණ වෙනව “ව්‍යාඝ්‍ර“ කියල. හැබැයි අර “ව්‍යාග්‍රා“ කියන බෙහෙත් ජාතියට ඒ නම ආවෙ කොහෙන්ද කියලනම් මං දන්නෙම නෑ ඔන්න.

ඒ වගේම තමන්ගෙ රටේ දකින්ට නොලැබෙන සත්තුන්ට ඒ රටේ භාෂාවෙන් නමක් හැදෙන්නෙ නෑ. පැන්ඩාවන්ට රයිනෝසිරස්ලට එහෙම සිංහල නම් නැත්තෙ ඒකයි. හැබැයි සිංහයාට කඟවේනාට සිංහල නම් තියෙන්නෙ එතකොට ඒ නම් හදපු සිංහලයො ජීවත් වෙලා තියෙන්නෙ මේ රටේ නෙවෙයිලුද?

ඒක වෙලා තියෙන්නෙ මෙහෙමයි
සිංහයා, කඟවේනා වගේ සත්තු විතරක් නෙවෙයි විෂ්ණු දෙවියො එහෙමත් අපට ආවෙ ඉන්දියානු සාහිත්‍යය හරහායි. ව්‍යාග්‍රයා ආවෙත් එහෙමයි.
....................



මේක එන්ලාජ් කරල (රයිට් ක්ලික් මෙනු එක) මෙයාගෙ ඇස් දෙක දිහා තත්පර දහයක් බලාගෙන ඉන්න.







4 comments:

  1. ඔබ හරි ඒත් දැන් " කොටි " කියන එක දිවියටත් අයිතිවෙලා. අකමැත්තෙන් හරි සත්වවිද්යාඥයන්ටත් සාමාන්ය විවහාරෙයේ ( වියාග්‍රයා- tiger , දිවියා - leopard වුනත්) කොටියා = leopard/ tiger වෙලා.
    පැන්තර් දිවියා මෙන්ම පූමා (puma/cougar/mountain lion ටත් යෙදුවා. ඒක ටිකක් පරණ යෙදුමක්.
    හුඟක් ඉස්සර චීටා ත් වැරදි විදිහට පාවිච්චි වුනා.

    වැඩි දුර කියන්න පුලුවන් ඊමේල් ඇඩ්‍රෙස් එකක් තියනවනම් නැත්නම් self-promotion වෙන නිසා මෙතන කියන්න අමාරුයි :-D

    ReplyDelete
  2. ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි තමයි. මගේ තර්කය මේකයි. ටයිගර් කියන්නෙ වයිරං තියන සතාට. ලෙපඩ් කියන්නෙ පුල්ලි තියන සතාට. අපි වයිරං තියන සතාට කියන්නෙ ව්‍යාග්‍රයා කියල. පුල්ලි තියන සතාට ඉස්සර කිව්වෙ කොටිය කියල. දිවිය කියන්නෙ පොඩි කොටි වර්ග වලට. දැන් පුල්ලි තියන සත්තු ඔක්කොටම කියන්නෙ දිවියො කියල. මේක සත්ව විද්‍යාඥයො කියන දෙයක් නෙවෙයි, මාධ්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන් ඉගෙනගෙන තියන විදිහ.
    දෙහිවල සත්වොද්‍යානයෙ අපූරුවට ගහල තියෙන්නෙ ව්‍යාග්‍රයා කියල රෝයල් බෙන්ගෝල් ටයිගර් කියල ඉංග්‍රිසියෙන් ගහල. වන ජීවී එකේ කාගෙන් හරි අහල බලන්න ලංකාවේ කොටි (සිවුපා) නෑ කියන්නෙ ඇත්තද කියල.

    ReplyDelete
  3. ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි තමයි. මගේ තර්කය මේකයි. ටයිගර් කියන්නෙ වයිරං තියන සතාට. ලෙපඩ් කියන්නෙ පුල්ලි තියන සතාට. අපි වයිරං තියන සතාට කියන්නෙ ව්‍යාග්‍රයා කියල. පුල්ලි තියන සතාට ඉස්සර කිව්වෙ කොටිය කියල. දිවිය කියන්නෙ පොඩි කොටි වර්ග වලට. දැන් පුල්ලි තියන සත්තු ඔක්කොටම කියන්නෙ දිවියො කියල. මේක සත්ව විද්‍යාඥයො කියන දෙයක් නෙවෙයි, මාධ්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන් ඉගෙනගෙන තියන විදිහ.
    දෙහිවල සත්වොද්‍යානයෙ අපූරුවට ගහල තියෙන්නෙ ව්‍යාග්‍රයා කියල රෝයල් බෙන්ගෝල් ටයිගර් කියල ඉංග්‍රිසියෙන් ගහල. වන ජීවී එකේ කාගෙන් හරි අහල බලන්න ලංකාවේ කොටි (සිවුපා) නෑ කියන්නෙ ඇත්තද කියල.

    ReplyDelete
  4. Leopard ට හරි නම දිවියා බව ඇත්ත. ඔබ හරි. මං කිව්වෙ වැරදි භාවිතය නිසා සත්ව විද්යාඥයනුත් සාමාන්ය ජනයා සමග කතාකරනකොට කොටි කියනව කියල. වන ජීවී එකේ ට්‍රැකර්ස්ල හුඟ වෙලාවට කියන්නෙ කොටිය කියල. යාල මේන් රෝඩ් එක අසල ඉස්සර දිවියන්ට ප්‍රසිද්ධ ගලට කියන්නෙ කොටිගල කියල. ලොකුම ප්‍රශ්නය තමයි දිවියා (leopard)ගේ ශ්‍රීලාංකික උප විශේශයට තියන සත්ව විද්යාත්මක නම Panthera pardus kotiya වීම !!!
    වියාග්‍රය tiger (panthera tigris )ට කොටියා කියන එක හැදුන කාලෙ පැහැදිලි නෑ

    දිවියා වචනයේ etymology ඇත්තටම පැහැදිලි නෑ. දිවියාට වඩා පොඩි wild cats ලගෙන් "දිවි" නම තියෙන්නෙ fishing cat (කොල/ අඳුන් දිවි)ට විතරයි. අනිත් දෙන්නට ( Jungle cat and Rusty-spotted cat ) කියන්නෙ සාමාන්ය විවහාරයේ වල් බලලා කියල.

    ඒත් සපරමාදු කියන්නෙ අතීත සිංහල ගැමි ව්යවහාරයට අනුව දිවි විශේශයන් 5- 6 ක් ඉන්නව කියල (උදා- රත් දිවි, කලු දිවි, බලු දිවි, අඳුන් දිවි , කොල දිවි etc) . සත්ව විද්යාවෙන් ඒවගෙන් පිලිගෙන තියෙන්නෙ අඳුන්/කොලදිවි (fishing )හා leopard විතරයි. අන් විශේශයන් melanism (black leopards) , abundanism (merging of rosettes etc) and the opposite ( lack of easily visible spots and also the scarcity of rosettes) and colour variations ( from sand to deep orange) නිසා වෙන්න පුලුවන්.

    ඔබ ඇත්තටම interested නම් මට ඔය ගැන සවිස්තරාත්මක
    http://www.bagchee.com/books/BB69893/leopards-of-lenama-the-man-eaters-of-sri-lanka-an-analysis-of-the-legends/ පොතේ soft copy එවන්න පුලුවන්.
    එක චැප්ටර් එකක කොටි දිවි confusion එක වගේම චීටා misnomer එකත් විස්තර කලා. පසුව abundanism සහ variations තියනව

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.