2014-11-19

අන්තඃපුරය The harem tent 18+

මේ කතාව http://www.lotsofjokes.com/dirty_jokes_15.asp වෙතින් උපුටා අනුවර්තනය කර පළ කරන ලදී.
තරුණයෝ තිදෙනෙක් සවුදියේ චාරිකාවක නිරත වෙමින් සිටියදී අහම්බෙන් යැවුනේ ධනවත් සුල්තාන්වරයකුගේ අන්තඃපුරයට ය. එහි ලස්සන කාන්තාවෝ සියදෙනෙක් පමණ සිටියහ. තරුණයන් තිදෙනා ඒ සියළු දෙනාම සමග මිත්‍ර සේවනයේ යෙදෙමින් සිටියදී හදිසියේම සුල්තාන්වරයා පැමිණියේය.

“මේ කාන්තාවන්ගේ ස්වාමියා මමයි. මා හැර වෙන කිසිවකු ඔවුනගේ ඇඟට අතවත් නොතැබිය යුතුය. නුඹලා තිදෙනා විසින් අද කළ ක්‍රියාවට නුඹලා වන්දි ගෙවිය යුතුයි. නුඹලාගේ රැකියාවනට ගැලපෙන පරිදි දඬුවම් නියම කරමි“ සුල්තාන්වරයා කියාගෙන ගියේය.

අනතුරුව තරුණයන් තිදෙනාගෙන් පළමුවැන්නා දෙස බලා “නුඹ යෙදී සිටින රැකියාව කුමක්ද?“ යනුවෙන් සුල්තාන්වරයා විමසීය.
“මම සෙබළෙක්“ තරුණයාගේ පිළිතුර විය.

“සෙබළෙක්, ඒ කියන්නෙ තුවක්කුවක් අරගෙන වෙඩි තියන එකෙක්. මං උඹේ ප**ට වෙඩි තියනවා“ සුල්තාන්වරයා ගුගුළේය. අනතුරුව දෙවැන්නා දෙස බලා රැකියාව විමසීය.

“මං ගිනි භටයෙක්“ දෙවැන්නාගේ පිළිතුර විය.

“ඔහ්, ගිනි භටයෙක්. එහෙනම් මං තොගෙ ප**ට ගිනි තියනව“.

අවසානයේදී තුන්වැන්නා දෙසට හැරුණු සුල්තාන්වරයා “නුඹ ජීවත්වන්නේ කුමන වෘත්තියක යෙදෙමින්ද?“ කියා විමසීය.

තොල කට වේලී සිටි තුන්වැනි තරුණයා අපහසුවෙන් ගොත ගැසීය.

“මං රස්සාවට කළේ ලොලි පොප් වෙළෙඳාම“.




2 comments:

  1. Replies
    1. එපා. මේ කතාව ලිව්වෙ ඉංග්‍රිසි ඉගෙනගන්න ඕනැ අයගෙ ප්‍රයෝජනය සඳහායි.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.