පසුගිය වර්ෂයේ මැයි දිනය සමරමින් ධනවාදයේ දූතිකාව
මෙසේ කීවාය.
“ලෝකයේ කම්කරුවන්ට මැයි
දිනයක් සමරන්නට අවස්ථාව 1886 දී ඇමෙරිකාවේ
චිකාගෝ නගරයෙන් උදා විය. දවසේ වැඩ මුරය පැය අටකට සීමා කරන්න යැයි
ඉල්ලා කරන ලද වැඩ වර්ජනයක් ඊට ප්‍රධාන
විය. එහෙත් කම්කරුවාගේ දිනය සමරන්නට පවා හැකි වී
තිබෙන්නේ ධනවාදය ලොව බිහි වූ නිසා යැයි බහුතරයක් ශ්‍රමිකයන්
නොදනිති.”
මංකොල්ලකරුවකු ඔබට නගරයේදී පිහියෙන් අනියි. වහාම
ක්‍රියාත්මක වන අනෙකුත් මගීහු එකතු වී ඔබ ආසන්නතම රෝහලට ඇතුළත් කරති. නගරයේ
පිහිටි රෝහල පහසුකම් සහිත රෝහලකි. ඔබ ගමේදී පිහි ඇනුමකට ලක් වූවානම් ඔබව
ඇතුළත් කරනු ලබන්නේ අඩු පහසුකම් සහිත රෝහලකටය. නාගරික මංකොල්ලකාරයාට ඔබ ස්තුතිවන්ත
විය යුත්තේ නාගරික රෝහලේ පහසුකම් භුක්ති විඳීමට ඔබට අවස්ථාවක් ලබාදීම නිසාය.
චිකාගෝ නගරයේදී පැය අටක වැඩ මුරයක් ඉල්ලූ කම්කරුවනට
මැයි පළමුවැනිදා නිවාඩු දිනයක් සහිතව පැය අටේ වැඩ මුරය ලබා දුන්නේ නැත. වැඩවර්ජනය
අවි බලයෙන් මඬින ලදී. කම්කරුවන් අත තිබුනු සුදු පැහැති කොඩි ලෙයින් නැහැවී රතු පාට
විය. ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ලෝකයේ කම්කරුවන් එම දිනය අනුස්මරණය කරන්නේ උපන්දිනයක්
සමරන ලෙස නොවේ. එය හුදෙක්ම ධනේශ්වරය විසින් කම්කරුවා සූරා කෑමේදී ඇති වූ කම්කරුවාට
ජයග්‍රහණයක් අත් කර දුන් ගැටුමක ප්‍රතිපලයක් සැමරීමකි. ජයග්‍රහණය ලබාගත්තේ ලෙයින්
වන්දි ගෙවමිනි.
ඇය තවදුරටත් මෙසේ කියන්නීය. “වසර 250 කට පමණ ඉහතක දී මිනිසාගේ සමාජ තත්වය උප්පත්තියෙන්
තීරණය වූවකි. දෑකැත්තක්,
මිටියක් හදන පවුලක ඉපදුන අයෙක් ඒවා හදමින් මුළු ජීවිත
කාලයම ගෙවා මිය ගියේය. ඔවුන්ගේ දෑකැති මිටි ගණුදෙනුවෙන්
ලබාගත් අය වෙහෙසුනේ රදළයන් හා
කුලීනයන්ගේ උවමනාවන් පිරිමසාලන්නට මුළු ජීවිත කාලය ගෙවමිනි.
තමනට අයිති භූමියක
තමන් කැමති පරිද්දෙන් තමන්ගේ පවුලක් පෝෂණය කරමින් නිදහසේ
ජීවත් වූ රන්මය යුගයක් ධනවාදයට පෙර ලෝකයේ කිසිම කලක
කිසිම තැනක නොවීය. වැඩවසම් යුගයේ
කර්මාන්ත ............”
ඇය මෙසේ අඳෝනා නගන්නේ වැඩවසම් යුගයට වඩා
ධනවාදී යුගය මිනිසාට යහපත් බව කියන්නටය. එනිසා, ධනවාදය සදාකාලිකව පවත්වාගෙන
යා යුතු බව කියන්නටය. ධනවාදී ක්‍රමය යටතේ සූරා කනු ලැබීම වැඩවසම්
යුගයේදී තිබුනු සූරාකෑමට වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව කියන්නටය.
ධනවාදය අවසන් කර නැවත වැඩවසම් යුගයට යා යුතු බව ඉඳ
හිට හමු වන ජාතික චින්තන කාරයන් වැනි ඔළුවෙ අමාරු කාරයෝ හැර වෙන කිසිවකු නොකියති.
සත්‍යය වසන් කර අර්ධ සත්‍යය ගෙන හැර පාමින් මිනිසුන් රැවටීම, අමූලික බොරු කියා
රැවටීමට වඩා සාර්ථක ය. අර්ධ සත්‍යය විශ්වාසනීය ස්වභාවයක් පෙන්නුම් කරයි. ගුවන්
යානය පිටසක්වල ජීවීන් විසින් පැහැරගත් බව කීමේදීට වඩා මිනිසුන් පිළිගන්නේ එය ගුවන්
මංකොල්ලයකට ලක් වූ බව කීමේදීය. අර්ධ සත්‍යය විසින් ජනතාව මංමුලා කරනු ලබයි. එය
අසත්‍යයට වඩා භයානක වන්නේ එබැවිනි. අසත්‍යයක් විශ්වාස නොකරන නිසා මිනිස්සු
තවදුරටත් සත්‍යය සොයති. එහෙත් අර්ධ සත්‍යයක් හමුවේ ඔවුහු සියළු ගවේෂණයන් අත් හැර
දමති. රැවටිලිකරුවාට සුවසේ ජීවත් වීමට එය මහත් රුකුළකි.
සමාජයේ පරිවර්තනයන් අධ්‍යයනය කළ චින්තකයෝ ලෝකයේ
සිටියහ. ජර්මනිය, එංගලන්තය වැනි රටවල සිටි ඔවුහු විවිධ ගවේෂණයන් ඔස්සේ මතවාද
ඉදිරිපත් කළහ. මේ චින්තකයන් බටහිර පමණක් බිහි වූයේ පෙරදිග මිනිසුන්ට හිතන්නට
මොළයක් නොතිබුනු නිසා නොවේ. පෙරදිග වැඩවසම් සමාජය ඒ වන විටත් ධනවාදයට පරිවර්තනය
වී හෝ වෙමින් තිබුනේ නැත. අඩු වශයෙන් අතරමැද වූ රුසියාවේ ද සිදුව තිබුනේ
අර්ධ පරිවර්තනයකි.
මෝර්ගන්, හේගල්, ලුඩ්විග් ෆොයබක්
වැන්නවුන්ගේ කෘති අධ්‍යයනය කළ කාල් මාක්ස් හා ෆ්‍රෙඩ්රික් එංගල්ස් එම
ඉගැන්වීම් ඔස්සේ තවදුරටත් චින්තනය මෙහෙයවීමේ ප්‍රතිපලයක් ලෙස පසුකලෙකදී මාක්ස්වාදය
ලෙස හඳුනාගත් ඉගැන්වීමක්, මතවාදයක් පැතිරිනි. කාල් මාක්ස් හෝ එංගල්ස්
විප්ලවවාදියෝ නොවූහ. ඔවුහු පීඩිත කම්කරුවන් ද නොවූහ.
එහෙත්, වැඩවසම් ක්‍රමය පෙරළා
දමමින් ප්‍රගතිශීලී පියවරක් ඉදිරියට තැබුවද යම් දිනයකදී ධනවාදී ක්‍රමයේ
පැවැත්ම මානව සංහතියේ ප්‍රගමනයට හරස් වන බව තේරුම් ගත්හ. එම
නිසා, ධනවාදී ක්‍රමය අවසන් කර “කොමියුනිස්ට්” නමැති ක්‍රමයකට ලෝකය ගමන්
කළයුතු බව ඔවුනගේ අදහස විය. එම පරිවර්තනය ස්වභාවිකව, එනම් වැඩවසම් යුගය පෙරළා දමා
ධනපති යුගය ආරම්භ වූ ආකාරයටම යම් දිනයක සිදු වනු ඇති නමුත් ඒ දිනය වන විට ඇති
වීමට නියමිත විනාශය වළක්වාගැනීමටනම් සමාජ විප්ලවයක් අවශ්‍ය වන බව මාක්ස්වාදියා
විශ්වාස කරයි. වෙනත් ලෙසකින් කියන්නේනම්, අනතුරුදායක දරු උපතක් හඳුනාගන්නා
වෛද්‍යවරයා නියමිත දින ඉක්මවීමට පෙර සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහිකරවා ගත
යුතු බව විශ්වාස කරයි. ඒ දරුවාගේත් මවගේත් ජීවිත රැකගැනීමටය.
සැත්කම නොකළත් දරුවා උපදිනු ඇත. එහෙත්, මවගේ
ජීවිතය අනතුරේය.
ඉතිරි ටික මැයි දිනයේදී කියවමු. ඔබට කැමැතිනම් ජර්මානු දර්ශනවාදය ගැන
අන්තර්ජාලයෙන් හෝ පොත් පත් මගින් කියවන්න.
ඔයා උපුටාගත්ත ඒවට සබැඳියක් දාලා තිබ්බා නම් මේ කියලා කියන කතාවේ පසුබිම හොයන්න ලේසි වෙන්න තිබ්බා.කොහොමහරි හොයා ගත්තා.ඔයා කියන උදාහරණයේ වගේ දෙයක් නෙවෙයි ඒ ලිපියේ කියවෙන්නේ.
ReplyDeleteසැමරීම කියන දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ ධනවාදී ආර්ථිකයේ ප්‍රතිඵලයක් ලෙස ආපු ආර්ථික නිදහස පදනම්ව කියලයි තේරුම.කොහොම හරි ඔයා යමක් කියන්න හදනවා,ඒත් ඒ මොකක්ද කියලා මේ ලිපියේ සම්පූර්ණයෙන්ම ලියලා නෑ.ඒක ඊළඟ එකෙන් ලියාවි කියලා හිතනවා.
පළමුවැනි වාක්‍යයේ මෙසේ කීවාය කියන තැන සබැඳියක් තමයි තියෙන්නේ.
Deleteඒ ලිපියේ කියවෙන්නේ ධනවාදය විසින් ඇති කළ නිදහස නිසා මැයි දිනය සමරන්න අවස්ථාව ලැබුනු බව තමයි. ඒක තමයි මම පැහැදිළි කරමින් ලියාගෙන ගියේ. ඊ ළඟ ලිපියෙන් සියල්ල හෙළි කරන්නම්.