2014-04-01

අප්‍රේල් විහිළුව

අද වන විට මුළු ලෝකය පුරාම එක සේ ව්‍යාප්තව ඇති චාරිත්තර කිහිපයෙන් එකක් නම් අප්‍රේල් පළමුවැනිදාට කවරකු හෝ ගොනාට අන්දවා සතුටක් ලැබීමයි. මෙලෙසින් කරනු ලබන විහිළු සමහර විටදී කණගාටුදායක් සිද්ධීන් වලින් අවසන් වනු ඇසිය හැකිය. කෙසේ වුවත්, මේ චාරිත්‍ර යේ ආරම්භය ගැන විවිධ මති මතාන්දර පවතින බව සොයාබැලීමේදී පෙනී යයි.

මේ මති මතාන්තර කෙසේ වුවත්, අප්‍රේල් විහිළු සංකල්පය ද මුලින්ම ලොවට ඉදිරිපත් කළේ රාවණා රජතුමා විසින්යැයි යන්න අප්‍රේල් පළමුවැනිදාවකදීවත් නොකිවයුතු කතාවකි. මා එළෙස කීවේ ලෝකයේ ඉදිරිපෙළේ ඇති සියල්ලම රාවණා රජතුමාගේ නිෂ්පාදනයන් බව කියා සිටින පික‍්ෂු බල සේනාව ගැන සිහිපත් වීම නිසාය. එහෙත් මේ කතාව ගැනත් විමසිල්ලෙන් සළකාබැලීම වටින බව පැහැදිළිව කිවයුතුය. ශ්‍රී ලංකා රාජාවලියේ ක්‍රිස්තු වර්ෂ 44 සිට 52 දක්වා පාලනය කළේ ඉලංග රජුගේ පුත්‍රයා වූ චන්දමුඛ රජුගෙන් ඔහුගේ සොහොයුරා වූ යසලාලක තිස්ස රජතුමා බලට අතට ගත් ආකාරය ගැන විස්මය දනවන සුළු කතාවක් කණ්ඩලම ප්‍රදේශයේ පිහිටා ඇති ඉපැරණි රජමහ විහාරයක කළ පුරාවිද්‍යා කැණීමකදී සොයාගන්නා ලද සෙල්ලිපියක සටහන් වී තිබේ.

යසලාලකතිස්ස රජතුමා මෙරට රජකම් කළේ ක්‍රිස්තු වර්ෂ 52 සිට 60 දක්වා කාලය තුළය. ඒ රජතුමාගෙන් පසුව බලයට පත් වූයේ සුබයා නමැති දොරටුපාලයා බව කවුරුත් දන්නා කතාවකි. සුබයාගේ රජවීම කොයි හැටි වුනත් ඔහු ලංකාධිපති වී සිටියේ ද අවුරුදු හයක පමණ කාලයකි. සුබයා රජ වුනේ යසලාලක තිස්ස රජතුමා විසින් කරන ලද විහිළුවක් නිසා ය. (මේ විහිළුව අප්‍රේල් පළමුවැනිදාවක කළ බවට තොරතුරත් සොයාගැනීමට නැත.) ලොකු දෙයක් බලන්නට පැමිණ බලාපොරොත්තු කඩකරගෙන යාමෙන් මගේ විහිළුව සම්පූර්ණ විය.

2 comments:

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.