2013-03-31

නම වෙනස් කිරීම හා ඇනෝ භීෂණය

බ්ලොග් සඟරාව සංස්කරණය කරන මොබයිල්මෑන් වන මම මින් ඉදිරියට මගේ නම හෙනහුරා ලෙස භාවිතා කරන බව සියළුම බ්ලොග් පාඨකයන්ටත් බ්ලොගර්ලාටත් මෙයින් දැනුම් දෙමි. (උතුම් වූ ගූගල් තුමාට කලින්ම දන්වා ඇත.)

මෙලෙස නම වෙනස් කිරීමට හේතු වූයේ අහඹු අත්හදාබැලීමක් වුවත් ඒ අනුසාරයෙන් මේ අදහස ලියා තැබීමට සිතිනි.

දැන් දැන් සියළුම බ්ලොග් වල පාහේත් විශේෂයෙන්ම කතන්දර වැනි බෙහෙවින් ජනප්‍රිය බ්ලොග් වලත් ඇනොනිමස් කමෙන්ට් කරුවන් විසින් කරනු ලබන සැරසිළි දක්නට ලැබේ. මේ සැරසිලි වලින් ඇතැම් ඒවා අතිශයින්ම දැකුම්කළු ස්වභාවයක් උසුලන අතර ඇතැම් කමෙන්ට් වලින් දැඩි දුගඳක් වහනය වේ.

මේ කමෙන්ට් කරුවන් කිසිදු සංවාදයක් බලාපොරොත්තු නොවන පුද්ගලයන් බව එම කමෙන්ට් අනුව සිතාගැනීමට හැකි වුවද, බ්ලොග් සටහන් මගින් බලාපොරොත්තු වන සංවාදශීලිත්වයටත් ඒ හරහා ඉදිරියට ගමන් කිරීමටත් ඇති ඉඩකඩ එම කමෙන්ට් නිසා ඇහිරී යයි.

ඒ විෂමාචාරය නිසා, ඇනොනිමස් තත්වයෙන් කමෙන්ට් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට පවා ඇතැම් බ්ලොග්කරුවන් පෙළඹී ඇත. කමෙන්ට් මොඩරේට් කිරීම අතිශය කරදරකාරී වැඩකි. එමෙන්ම, එසේ මොඩරේට් කිරීමේදී සිදුවන ප්‍රමාදය ගැන සළකාබැලීමේදී සාමාන්‍ය මුද්‍රිත පුවත්පතකට වඩා දියුණු තත්වයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබාගැනීමට හැකියාවක් නැති වී යයි.

මේ හැරෙන්නට කමෙන්ට් කිරීමේදී නමක් පැවතීමේ වැදගත්කමක් දැකිය නොහැකිය. කෙසේ වුවත් තමන් ලියන දේ පිළිබඳ වගකීම භාරගැනීමේ කොන්දක් පැවතීම මත එය තීන්දු වනු ඇත

11 comments:

  1. බ්ලොග් ලියන හුඟක් එවුන් තමන් සියල්ල දත් කියන මෝඩ මානසිකත්වයෙන් පෙළෙනවා. තොරතුරු තාක්ෂණික දැනුමයි ලෝක විෂයය පිලිබඳ දැනුමයි කියන්නේ අහසට පොලොව වගේ කියලා ඒ බූරුවන් හුඟ දෙනෙකුට තේරෙන්නේ නැහැ. අපි පොඩි ඉඟියක් දුන්නත් උන් තප්පුලන්න පටන්ගන්නවා. හොඳම උදාහරණයක් තමයි අර ලියන්නා කියන බූරුවා. ඌ ලියන සිංහල මොනවද කියලා ඌ දන්නෙත් නැහැ. ඒක කිව්වගමන් ඌ ලිපි හත අටක් එක දිගට ලිව්වේ විලාප. ලැජ්ජාව වහගන්න අන්තිමට ඇනෝ බ්ලොක් කරා. ඒ උගේ භාෂා නපුංසක කම. ඔයා හෙනහුරා බැරිනම් බ්‍රහස්පති කියලා නම දාගත්තත් අපට කමක් නැහැ. හරවත් දේවල් ලියන්න.

    ReplyDelete
    Replies
    1. ++++ aniwa machn mun hitanne api me welawa nasthi karan comment dannne ..ke amarwata kyala

      Delete
  2. ලියන දේවල් මිස කමෙන්ට් වල යන දේවල් වැඩිය හිතට ගන්න එපා..දැක්කත් නොදැක්කා වගේ හිටියම ඉවරයි..

    ReplyDelete
  3. හෙනහුරා හොදයි

    ReplyDelete
    Replies
    1. ඇනෝලව දැක්කාම බඩ යනවා නේද?

      Delete
  4. හෙනහුරා හොඳා. ඇනෝ කුනුහබ්බත් එච්චර ගනං ගන්න එපා. (මගේ අඩවියේ දැන් තියන කවි දෙකට ඇනෝ දාපු ‍කමෙන්ට් කොච්චර වැදගත්ද, ඉතිං බ්ලොක් කරන්නෙ මොකටද)

    ReplyDelete
  5. දස මහ යෝදයන්ගේ පුරාවෘතියෙන් පසුව නැවත හේනහුරෙක් බිහි වීම....
    සෙනසුරු මහ දශාව ටිකක් අපලයි නේද....?
    සෙනසුරා ලබන්න ඔන ඇනෝලට නොවේ, පවතින සමාජ අසාධාරනවලට එදිරිවයි.

    ReplyDelete
  6. රටටත් හෙනහුරා ලබලා තියෙන කාලේ නොවැ :D

    ReplyDelete
  7. සෞර ග්‍රහ මණ්ඩලයේ වඩාත්ම චමත්කාරජනක ග්‍රහලෝකය වන සෙනසුරුගෙ නම අසුබ පල ගෙන දෙන පාපී ග්‍රහයෙක් වශයෙන් ජ්‍යොතිෂවේදීන් විසින් නම් කර ඇති නිසා, හෙනහුරාට සමහරු බයයි වගේ. ඇනෝනිමස් භූතයන්ට‍ සෙනසුරු බලපාන්නෙ නැහැ. උන්ට උපන් වෙලාවක් නෑනෙ. එතකොට කේන්දරයක් හදන්න බෑ.

    කමෙන්ට් කළ හැමෝටමත්, මට දිරිය දුන් අයට විශේෂයෙනුත් ස්තුතියි.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.