බ්ලොග් සඟරාව සංස්කරණය කරන මොබයිල්මෑන් වන මම මින් ඉදිරියට මගේ නම හෙනහුරා ලෙස භාවිතා කරන බව සියළුම බ්ලොග් පාඨකයන්ටත් බ්ලොගර්ලාටත් මෙයින් දැනුම් දෙමි. (උතුම් වූ ගූගල් තුමාට කලින්ම දන්වා ඇත.)
මෙලෙස නම වෙනස් කිරීමට හේතු වූයේ අහඹු අත්හදාබැලීමක් වුවත් ඒ අනුසාරයෙන් මේ අදහස ලියා තැබීමට සිතිනි.
දැන් දැන් සියළුම බ්ලොග් වල පාහේත් විශේෂයෙන්ම කතන්දර වැනි බෙහෙවින් ජනප්‍රිය බ්ලොග් වලත් ඇනොනිමස් කමෙන්ට් කරුවන් විසින් කරනු ලබන සැරසිළි දක්නට ලැබේ. මේ සැරසිලි වලින් ඇතැම් ඒවා අතිශයින්ම දැකුම්කළු ස්වභාවයක් උසුලන අතර ඇතැම් කමෙන්ට් වලින් දැඩි දුගඳක් වහනය වේ.
මේ කමෙන්ට් කරුවන් කිසිදු සංවාදයක් බලාපොරොත්තු නොවන පුද්ගලයන් බව එම කමෙන්ට් අනුව සිතාගැනීමට හැකි වුවද, බ්ලොග් සටහන් මගින් බලාපොරොත්තු වන සංවාදශීලිත්වයටත් ඒ හරහා ඉදිරියට ගමන් කිරීමටත් ඇති ඉඩකඩ එම කමෙන්ට් නිසා ඇහිරී යයි.
ඒ විෂමාචාරය නිසා, ඇනොනිමස් තත්වයෙන් කමෙන්ට් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීමට පවා ඇතැම් බ්ලොග්කරුවන් පෙළඹී ඇත. කමෙන්ට් මොඩරේට් කිරීම අතිශය කරදරකාරී වැඩකි. එමෙන්ම, එසේ මොඩරේට් කිරීමේදී සිදුවන ප්‍රමාදය ගැන සළකාබැලීමේදී සාමාන්‍ය මුද්‍රිත පුවත්පතකට වඩා දියුණු තත්වයක් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ලබාගැනීමට හැකියාවක් නැති වී යයි.
මේ හැරෙන්නට කමෙන්ට් කිරීමේදී නමක් පැවතීමේ වැදගත්කමක් දැකිය නොහැකිය. කෙසේ වුවත් තමන් ලියන දේ පිළිබඳ වගකීම භාරගැනීමේ කොන්දක් පැවතීම මත එය තීන්දු වනු ඇත
2013-03-31
2013-03-27
වැටුප් වැඩි වීමක් (පොඩි උන්ට අදාළ නැත)
(An adaptation of a circulated e-mail. Origin unknown)
තමාට වැටුප් වැඩිවීමක් ලබා දෙන ලෙස අසවලා ඉල්ලීමක් කළේය.
ඔහු තමන්ගේ ඉල්ලීම සාධාරණීකරණය කළේ මෙන්න මේ හේතු දක්වමිනි.
1 මම කය වෙහෙසවා වැඩකරන්නෙක්මි. මගේ කාය ශක්තිය වර්ධනය කර පවත්වාගෙන යාමට මීට වඩා වැටුපක් මට වුවමනාය. මා සේවය කරන්නේ ඉතා ගැඹුරු ස්ථානයකය. මෙවැනි ස්ථානයන්හි වැඩ කරන සේවකයන්ට අවම වශයෙන් අවදානම් දීමනාවක් හෝ ගෙවිය යුතුය.
2 මගේ රාජකාරි ස්වභාවය අනුව මම වැඩ කරන ස්ථානයට පළමුවෙන්ම මගේ හිස ඇතුළු කිරීමට සිදු වේ. ඇතුළුවීමට පෙර සේවා ස්ථානයේ ආරක්ෂාකාරීබව ගැන පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් නොමැත.
3 මට සති අන්ත වලදී සහ පොදු නිවාඩු දිනවලදී නිවාඩු ලැබෙන්නේ නැති අතර ඇතැම් විට එවැනි දිනවලදී වැඩිපුර වැඩ කිරීමට සිදු වේ.
4 මම වැඩකරන ස්ථානයේ යහපත් පරිසරයක් නොපවතී. එමෙන්ම මගේ සේවා ස්ථානය අඳුරුය, මනා වාතාශ්‍රයක් නැත. තවද, වැඩ කරමින් සිටින විට මගේ සේවා ස්ථානයේ අධික උෂ්ණත්වයක් ඇති වේ. මේවා රාජකාරි ස්ථානයක නොපැවතිය යුතු තත්වයන් ලෙස පිළිගත් ඒවා ය.
5 මගේ රාජකාරිය අනුව මට විවිධ රෝගාබාධ වැළඳීමේ අවදානමක් පවතී. ඒ වෙනුවෙන්ද මට අවදානම් දීමනාවක් හිමි විය යුතුය.
වැටුප් වැඩි වීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ සේවා ස්ථානයේ හිමිකාරියගෙන් ඔහුට පිළිතුරු ලිපියක් ලැබිනි.
1 ඔබේ වැඩමුරය මිනිත්තු කීපයකට සීමා වේ. එය සාමාන්‍ය වැඩ මුරයක් ලෙස සැළකෙන පැය 8කට වඩා ඉතා අඩුය.
2 වැඩ අවසන් කළ වහාම ඔබ නින්දට වැටේ.
3 කළමනාකරණ මණ්ඩලයේ නියෝග නොතකා ඔබ වෙනත් සේවා ස්ථානයන් සොයා යන අවස්ථා දැනගන්නට ලැබී ඇත.
4 වැඩ කිරීම සඳහා ඔබ කිසි විටක සූදානම්ව නොසිටින අතර සැම විටම පාහේ වැඩ කිරීමට පෙර ඔබ ඒ සඳහා උත්තේජනය කළ යුතුය.
5 ඔබගේ සේවාමුරය අවසන් වූ පසු සේවා ස්ථානය බෙහෙවින් අපිරිසිදු තත්වයට පත් වන අතර එය පිරිසිදු කර යාමේ පුරුද්දක් ඔබට නැත.
6 බොහෝ විට ඔබ ආරක්ෂාකාරී පැළඳුම් භාවිතා කිරීමට මැළකමක් දක්වයි.එමෙන්ම, ඔබ ඉටු කරන රාජකාරිය කරන කිසිවකු වයස 60ක් වන තුරු සේවය කිරීමේ හැකියාවක් පෙන්නුම් නොකරයි. තවද, හදිසි අවශ්‍යතාවකදී වුව එක දිගට සේවා මුර දෙකක් වැඩ කිරීමටද ඔබ අපොහොසත්ය.
7 පවරන ලද රාජකාරිය සම්පූර්ණ නොකරම සේවා ස්ථානයෙන් ඔබ බැහැර වී ගිය අවස්ථා තිබේ.
ඉහත තත්වයන් යටතේ ඔබගේ ඉල්ලීම ඉටු කිරීමේ හැකියාවක් නොමැති බව කණගාටුවෙන් දන්වමි.

2013-03-23
මහ ජාතිය
මේ සිද්ධිය වුනේ මා සරසවි සිසුවකු වූ කාලයේදීය. එකල සරසවියට ඇත්තේ සැලුන් දොරක්දැයි කියා කාටූනයක් පළ වූ බව මට මතකය. ඒ තරමටම ඇරෙන වැහෙන වාර ගණන වැඩි වූ බැවිනි. ඇතැම් අවුරුදු වලදි සරසවිය විවෘත කර තිබුනු දින ගණනට වඩා එය වසා තිබුනු දින ගණන වැඩි වූවා විය හැකිය.
සරසවිය වැසීමට හේතු වූයේ ශිෂ්‍ය උද්ඝෝෂණ බව ඇත්තකි. මෙකළ මෙන් නොව එකළ අභ්‍යන්තර කෙළ ගැනීම් නිසා හෝ නවක වදය නිසා හෝ වෙනත් එවැනි දෙකේ පහේ බොළඳ වැඩ නිසා සරසවි වසා දමනු ලැබුයේනම් ඒ ඉතාම කළාතුරකිනි.
මේ උද්ඝෝෂණ වලට ශිෂ්‍යයන් යොමු කරවූයේ ජනතා විමුක්ති පෙරමුණ විසින් බව පොදු මතයක් විය. මා මෙහි සඳහන් කරන වකවානුවේදී, 83 ජූලි කලබල වලට සම්බන්ධ වූ බවට චෝදනා කරන ලදුව ජනතා විමුක්ති පෙරමුණ තහනම් දේශපාලන ව්‍යාපාරයක් ලෙස නම් කර තිබිණි. එහෙත්, මුල් කාලයේදී සරසවිය තුළ ක්‍රියාත්මක වූ සමාජවාදී ශිෂ්‍ය සංගමය තහනම් කර නොතිබිනි.එය ජවිපෙ අඩි පාරේ ගමන් කළ නමුත්, (ඇත්තටම ජවිපෙන් සෑහෙන කොටසක් නියෝජනය වූයේ ශිෂ්‍ය සංගමය තුළ ය.) වෙනම සංවිධානයක් වශයෙන් ලියාපදිංචි වී තිබුනු නිසා එය තහනම් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොතිබුනේයයි සිතමි. කෙසේ හෝ පසු කාලයේදී සරසවිය තුළ වූ ඇතැම් ක්‍රියාකාරකම් මුල් කරගෙන එය ද තහනම් කරන ලදී.
මේ පූර්විකාව ඇතුළත් කළේ මගේ කතාවට එය එතරම් අදාළ නොවුනත්, කතාව රස විඳීමට එහි පසුතලය දැන සිටීම ප්‍රයෝජනවත් වන නිසාය.
සරසවිය වසා තැබුනු බැවින් මා සිටියේ ගෙදර ය. දවසම ගෙදරට වී සිටීමේ කම්මැලිකම නිසා, ගමේ ගොඩේ වටේ පිටේ රවුමක් දෙකක් ඇවිදමින් දහවල් කාලය ගත කළ මට එක් දිනක් යාබද ගමක පන්සලේ නායක හාමුදුරුවෝ අහම්බෙන් මෙන් මුණගැසුනහ.
මේ ස්වාමීන් වහන්සේ සමග කතා බහ කරමින් සිටීමට මා එකළ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. එයට හේතු වූ එක් කරුණක් වූයේ උන්වහන්සේ සාමාන්‍ය කතාබහේදී කිසිදු ලෙසකින් "වැදගත්" දෙයක් නොදෙසන්නේයැයි මා තුළ තිබුනු පූර්ව නිගමනයයි. එහෙත් නගරයට වැඩම කිරීම සඳහා බස් නැවතුම් පල වෙත යන උන්වහන්සේ මගහැර යාමට මට ක්‍රමයක් තිබුනේ නැත.
සරසවිය වසා දමා ඇති බව උන්වහන්සේ නොදැන සිටියහ. එය බලාපොරොත්තු නොවිය යුත්තක් නොවේ. උන්වහන්සේට එවැනි තොරතුරක් කිසි සේත්ම අදාළ වූයේ නැත. අනිත් කරුණ, අපේ ගමේ මා ඇතුළු සරසවි සිසු සිසුවියන් කීපදෙනකු සිටියද, උන්වහන්සේ වැඩ සිටින පන්සල පිහිටි ගමෙන් කිසිවකු සරසවියට ඇතුළත්ව සිටියේද නැත. සියල්ලටමත් වඩා "සැලුන් දොරක් වැසීම හෝ ඇරීම" කිසි සේත්ම වැදගත් ප්‍රවෘත්තියක් නොවිණි.
මා ගමට වී සිටීම පිළිබඳව තොරතුරු දැනගැනීමෙන් පසුව එකළ පාලක පක්ෂයට බෙහෙවින් ගැතිව සිටි උන්වහන්සේ සිය අදහස් මෙසේ ප්‍රකාශ කළහ.
ඔය විශ්ව විද්‍යාලෙ ඉන්නෙ වැඩි හරියක් මේ ගම්වල අහිංසක ළමයි. ඒ අය ඉතින් ඉගෙනීමේ වැඩකටයුතු උනන්දුවෙන් කරගෙන යනව.බොහොම ටික දෙනෙක් තමයි ඔය කලබල ඇති කරන්නෙ.ඒත් අර අහිංසක ළමයි මේ කලබල ඇති කරන අයට විරුද්ධ වෙන්නෙ නෑ, තමන් තනි වෙයි කියන බයට.
එහෙමයි හාමුදුරුවනේ, අන්න බස් එකක් එනව, ඔබ වහන්සෙ වඩින්න.
කළබලකාරී සුළුතරය අතර අහිංසක බහුතරය තනි වන්නේ කෙසේදැයි කියා එදින සිට මා කල්පනා කළෙමි
එහෙත් අද බලද්දී සිදු වී ඇත්තේ එයම නේද?

2013-03-20
යුරෝපීය ඉංගිරිසි European English
මේ කතාව අහල තියනව ඇති නේද?
ඉංගිරිසි කියවන්න අකමැති අයට දැනගන්නත් එක්කලා පොඩ්ඩක් කතාව විස්තර කරන්නම්.
යුරෝපීය කොමිසම කියන්නෙ යුරෝපයේ රටවල් ගණනාවක් එකතු වෙලා පොදු ආර්ථිකයක් ගොඩනගාගෙන වැඩකටයුතු කරන්න සංවිධානය කරගත්තු එකතුවක්. දිනෙන් දින උග්‍ර වන අවපාතයන් හමුවේ මේ වගේ එකතුවක් අවශ්‍යයි කියල ඒ අය කල්පනා කළා. ඒකෙ ප්‍රතිපලයක් හැටියට තමයි යූරෝ කියන මුදල් ඒකකයක් භාවිතයට එන්නෙ.
ඒ වුනත් මේ යූරෝ භාවිතා කරන රටවල පාවිච්චි කරන්නෙ ඒ ඒ රටේ භාෂාව. ඉතින් මේ පොදු මුදල් වගේම පොදු භාෂාවකුත් හොඳයි කියල හිතුනු බවයි මේ කතාවට පදනම් වෙලා තියෙන්නෙ.
මෙතනදි ජර්මනිය කැමති වෙන්නෙ නෑ ඉංගිරිසි භාෂාව පොදු භාෂාව හැටියට පිළිගන්න. එංගලන්තයත් ඒ වගේමයි, ජර්මන් භාෂාවට කැමති නෑ. ඉතින් කතාවෙ හැටියට දෙගොල්ල ගිවිසුමකට එනවා අවුරුදු පහකදී පියවරෙන් පියවර ඉංගිරිසි භාෂාවෙ අමාරු තැන් සංශෝධනය කරල පොදු භාෂාවක් හැටියට භාවිතයට ගන්න.
මොකද ඉංගිරිසි භාෂාවෙ කිසිම නෑනෙ පිළිවෙලක්. පී යූ ටී පුට් වුනාට බී යූ ටී බුට් වෙන්නෙ නෑ ඒක කියවන්නෙ බට් කියල. කෝට් කියද්දි සී අකුරෙන් පටන් ගන්නෙ, ඒත් කයිට් කියද්දි කේ අකුරෙන්. ඔය අස්සෙ සී අකුරයි එස් අකුරයි දෙකම "ස" ශබ්දය සඳහා භාවිතා කරනවා.
ඉංගිරිසියේ මේ වගේ අපබ්‍රංස කෝටියයි.
මේ විස්තර කරන්නෙ ඒ ගිවිසුමේ හැටියට පියවරෙන් පියවර ඉංගිරිසිය සංශෝධනය කරන හැටි.

European English:
The
European Commission has just announced an agreement whereby English
will be the official language of the European Union rather than German,
which was the other possibility. . As
part of the negotiations, the British Government conceded that English
spelling had some room for improvement and has accepted a 5- year
phase-in plan that would become known as 'Euro-English' . In
the first year, 's' will replace the soft 'c'. Sertainly, this will
make the sivil servants jump with joy. The hard 'c' will be dropped in
favour of 'k'. This should klear up
konfusion, and keyboards kan have one less letter. There will be
growing publik enthusiasm in the sekond year when the troublesome 'ph'
will be replaced with 'f'. This will make words like fotograf 20%
shorter. In the 3rd year, publik akseptanse of the new spelling kan be expekted to reach the stage where! more komplikated changes are possible. Governments will enkourage the removal of double letters which have always ben a deterent to akurate speling. Also, al wil agre that the horibl mes of the silent 'e' in the languag is disgrasful and it should go away.By the 4th yer people wil be reseptiv to steps such as
replasing 'th' with 'z' and 'w' with 'v'. During ze fifz yer, ze unesesary 'o' kan be dropd from vordskontaining 'ou' and after ziz fifz yer, ve vil hav a reil sensi bl riten styl. Zer
vil be no mor trubl or difikultis and evrivun vil find it ezi tu
understand ech oza. Ze drem of a united urop vil finali kum tru. Und efter ze fifz yer, ve vil al be speking German like zey vunted in ze forst plas.If zis mad you smil, pleas pas on to oza pepl.
------------------------------------------------මේක උපමා කතාවක් කියල හිතෙන්නෙ නැද්ද? --------------------------------------

2013-03-17
හාවයි ඉබ්බයි 16+
හාවා දක්ෂය, වේගයෙන් දිවීමට පමණක් නොව ගණිතයට, නිර්මාණශීලිත්වයට, කර්මාන්ත වලට, කෘෂිකර්මාන්තයට හාවාට තිබුනේ සහජ හැකියාවකි. ඉබ්බා ඒ අතින් බලන කල සිටියේ හාවාට වඩා බොහෝ දුර්වල තත්වයකය. ඌට පිහිනීමේ හැකියාවක් ඇති නමුත් කර්මාන්තයන් සඳහා හෝ ගොවිතැන සඳහා ඉබ්බා අතිශයින්ම දුර්වල බවක් පෙන්නුම් කළේය. පිහිනීම හැරුණු කළ හාවාගේ දක්ෂතාවක් තිබුනේ නම් ඒ වෙළඳාමටය.
හාවාට කැලේ මැදදී දිනක් ඉබ්බා හමු වුනේ අහම්බෙනි. මේ හමුවීම තර්කයක් දක්වා දුරදිග ගියේ දෙදෙනාටම නොදැනී ය. අවසානයේදී දක්ෂයා තෝරාගැනීමට තරගයක් පවත්වන්නට හාවාත් ඉබ්බාත් එකඟ වූහ.
තරගය පැවැත්වුනේ කැලේදීමය. වල ගොඩැලි සහිත වූ අඩිපාරවල් විනා රනින් ට්‍රැක්ස් නොමැති කැලෑව තුල පැවැත්වුනු තරගයේදී හාවා පරාජයට පත් වූයේ කෙසේදැයි කියා අපි කුඩා කාලයේදීම අසා ඇත්තෙමු. තමාගේ හැකියාවන් ගැන අවබෝධයක් තිබුනු නමුත් නොහැකියාවන් ගැන හාවාට අවබෝධයක් තිබුනේම නැත. සියල්ලටමත් වඩා, තමා හැම විටම පළමුවැනි ස්ථානයේ වැජඹෙනු ඇතැයි හාවා සිතුවේය. එහෙත් කම්මැලිකමත් නිදාගැනීමත් හාවාගේ ජන්ම දායාදයන් බඳු විය. තරගය ආරම්භයට පෙර හාවා හීනියට අඩියක් ගැසුවේ පුරුද්දට මිස තහනම් උත්තේජකයක් වශයෙන් නොවේ. ප්‍රතිවාදියා මෙල්ල කිරීමට උත්තේජකයක් තබා ප්ලේන්ටියක්වත් අවශ්‍ය නැති බව සක්සුදක් සේ පැහැදිළිව තිබුනු කාරණයකි.
තරගයේදී හාවා ගව් ගණනක් ඉදිරියෙනි. ඉබ්බා පෙනෙන මානයක නොසිටියේය. තමන්ගේ දක්ෂතාව වූ දිවීම නිසි ඉරියව්වෙන්ම ආරම්භ කළ හාවා තමාට දැන් තරගයක් නැතැයි සිතුවේය. පොඩි පහේ ඇලට් එකක් දැමීමට සිතුනු අනිත් හේතුව නම් ලාවට දමාගත් ෂොට් එකේ පවර් එක ඇක්ටිවේට් වීම නිසා විය හැකිය. අවසානයේ තම හැකියාව අකුළාගත් හාවා ගොරවමින් නිදන්නට විය.
ඉබ්බාට ඇල්කොහොල් හරාම් ය. අධික මහන්සියක් නොදැරුවත් උගේ ගමන ඌ හැල්මේ ගියේය. වටපිට එවුන් මොනවා කරනවාදැයි බලන්නට හෝ සිතන්නට ඉබ්බාට වුවමනාවක් ඇති වූයේම නැත. අවංකවම කියනවානම් හාවා නිදා සිටින බව ඉබ්බාට නොපෙනුනේය. අවසානයේ දිනුම් කණුව පසු වූ බව පමණක් ඉබ්බාට අවබෝධ වෙමින් තිබියදී හාවා විදුලි වේගයෙන් පැමිණියේය. එහෙත්, කරන්නට දෙයක් නැත. එකඟ වූ පූර්ව කොන්දේසි අනුව දිනුම් කණුව පළමුවෙන් පසු කරන තැනැත්තා ජයග්‍රාහකයා විය. දුවන වේගය තරග කොන්දේසි වලට ඇතුළත් කරගෙන තිබුනේ නැත.
හාවා ලේසියෙන් පරාජය පිළිගන්නට කැමැති නොවීය. "එහෙම බෑ, අපි තව වටයක් තියන්න ඕනෑ". හාවාගේ තර්කය එසේ විනි.
"හා කමක් නෑ, හැබැයි ආපහු හිටපු තැනට යන්න බෑ, මෙතනින් ඉස්සරහට දුවමු." ඉබ්බාගේ යෝජනාවද වරදක් නැත. මෙපමණ දුරක් පැමිණ නැවතත් ආපසු යාම දෙදෙනාටම පාඩු ගෙන දෙන වැඩකි.
තරගය ආරම්භ විය.
මේ වතාවේ හාවාට ෂොට් එකක් දා ගැනීමෙන් වැළකුනේ පසුගිය වතාවේ අමිහිරි මතකයටත් වඩා වෙනත් හේතුවක් නිසාය. එය නම්, මේ දෙවැනි වටය ආරම්භ කරන ස්ථානයේ තැබෑරුමක් නොතිබීමය. හැරත්, මේ වටයේදීත් නින්දක් දාන්නට තරම් හාවා මෝඩයෙකු නොවේ.
තරගය අවසන් වීමට වැඩි වේලාවක් ගියේ නැත. හාවා ජයග්‍රහණය කළ බව අමුතුවෙන් කියන්නට වුවමනාද?
තරගයෙන් දිනූ බව සැබෑවකි. එහෙත්, පෙනෙන නොපෙනෙන මානයේ සිටියේ වැද්දෙකි. හාවා සහ ඉබ්බා යන දෙදෙනාගෙන් එකකු පමණක් එළාගන්නට තරම් වැද්දා ත්‍යාගශීලී නොවනු ඇත. දවල් කෑමට ඉබි මස් හොඳය. රාත්‍රියට බර ආහාර නුසුදුසු බැවින් හාවා රෝස් කරගෙන රා අඩියක් සමග භුක්ති විඳීමට හැකිය.
දැන් ඉතින් තරගය සඳහා නොව පණ බේරාගැනීම සඳහා දිවිය යුතුව තිබේ.
ප්‍රතිවාදියා වුවත් වැද්දාට අහුවෙන්නට ඉඩ දීමට හාවාගේ සිත ඉඩ දුන්නේ නැත. හාවා කළේ ඉබ්බා කර මත නංවාගෙන පවනට බඳු වේගයෙන් දිවීමයි. දැන් වැද්දා පසුපස හඹා එයි. ඒ අතරම අතට අහුවෙන දෙයින් දමා ගසයි. විටෙක විදුලියෙන්ද, තවත් විටෙක තෙල් වලින්ද වදින පහර කාගෙනම හාවා දුවන්නේ ඉබ්බා ද කර මත තබාගෙන ය. එහෙත් නොබෝ වේලාවකින්ම හාවාගේ වේගය අඩු වී බින්දුවටම බැස්සේය. ඒ මහන්සිය නිසා නොවේ. එතැනින් ඉදිරියට ඇත්තේ ගංගාවයි. හාවා පීනන්නට දන්නේම නැත.
සිත සිතා ඉන්නට වේලාවක් නැත. ඉබ්බා හාවාගේ කරෙන් බිමට බැස්සේය. හාවාට තම පිට මතට නගින්නැයි කී ඉබ්බා එසැණින් දිය මතට පැන්නේ ඊයක වේගය පරදවමිනි. දැන් ඉබ්බාත් හාවාත් ගංගාව මැද්දේ ය. වැද්දා ගං ඉවුරේ හිටගෙන හති හළයි. මිතුරන් දෙදෙනා ගඟෙන් එගොඩ වූයේ හදවත සැහැල්ලු කර ගනිමිනි.
හාවා ඉබ්බා දෙස කෘතඥතා පූර්වක බැල්මක් හෙළමින් ඉබ්බාගේ පිටෙන් බිමට බැස්සේය.
"මට ගොඩබිමදී වේගයෙන් දුවන්න පුළුවන් වුනත් වතුරෙදි මං පරාදයි" හාවා නිහතමානී විය. "අපි දෙන්නා තනියෙන් බේරෙන්න හැදුවනම් දෙන්නටම අද වැද්දගෙ කරෙන් තමයි යන්න වෙන්නෙ." ඉබ්බා ඉතිරි ටික සම්පූර්ණ කළේය.
(කතාව 16+ කියල දැම්මෙ හිට්ස් ගන්න එහෙම නෙවෙයි ඕං. මේකෙන් ලොකු අය පාඩමක් ඉගෙන ගන්නවනම් හොඳයි.)

2013-03-12
ජනතාව උසිගැන්වීමෙන් වළකින්න
ඊයේ හලාල් එපා, අද බුර්කව එපා, හෙට? …………………….. ඉවරයක් නෑ…. ඉවර වෙන්න දෙන්නෙත් නෑ…දිගටම හිත ඉල්ලනවා….! යනුවෙන් ලියූ පෝස්ට් එකක් මේ දිනවල බෙහෙවින්ම කියවනු ලබන අන්වර් මනතුංගගේ වෙබ් අඩවියේ පළ කර තිබෙනු දුටුවෙමි. ඔහු කියන කතාවේ වරදක් දකිමි. මා හලාල් සහතිකය නිකුත් කිරීම සම්බන්ධ ලිපියක් ලියා තිබෙනවා සමහර විට ඔහු නොදකින්නත් ඇති.
ඔහු සඳහන් කරන ජාත්‍යෝන්මාදී කල්ලි වලට අවශ්‍ය වී ඇත්තේ මුස්ලිම් ප්‍රජාව පාගා දමමින් තමන්ගේ ව්‍යාපාරික අවශ්‍යතා ඉටු කරගැනීම විය හැකිය. ඊයේ හලාල් අද බුර්කා හෙට තව එකක් යනාදී වශයෙන් නොව ඒ සියල්ලම ආවේ එක දිගටය. සමහර විරෝධතාවන් දැනටමත් හැලී ගොස් ඇත.එහෙත්, හලාල් ප්‍රශ්නය සම්බන්ධ වූ ඇත්ත අසාධාරණයක් මා විසින්ද දක්නා ලද අතර එය ඉහත පෝස්ට් එකේම පළ කළෙමි. හල්ලා ප්‍රශ්නයට දැන් ලැබී ඇතැයි කියන විසඳුම හලාල් සහතිකය සඳහා ලංකා වාණිජ මණ්ඩලයෙන් සහ මුස්ලිම් සංවිධානයකින් බරපැන දැරීම බව අන්වර් මනතුංගගේම ලිපියක මා දුටුවෙමි. එම විසඳුම සාධාරණය. මුදල් ගෙවිය යුත්තේ අවශ්‍යතාව ඇති අයයි. මුදල් ප්‍රමාණය ඉතා කුඩා වුවද හලාල් ඉල්ලා නොසිටින පාරිභෝගිකයාගෙන් එයට මුදල් අය කිරීම වැරදිය. ඒ නිසා හලාල් විරෝධය (එහි සත්‍ය අරමුණ වෙනස් දෙයක් වුවත්) පිළිබඳව එරෙහි වීමට කිසිවකුට හැකියාවක් නැත.
.
බුර්කාව යනු ඇඳුමකි. ආරක්ෂක හේතූන් මත යම් යම් ස්ථානයන් වෙත යාමේදී බුර්කාව, ලෝගුව හෝ සිවුර තහනම් කළ හැකි වුවත් නිරුවත නොපෙනෙන ඕනෑම ඇඳුමක් ඇඳීම මනුෂ්‍යයාගේ පරම අයිතියකි. එයට විරුද්ධ වීමට කිසිවකුට නොහැකිය. එමෙන්ම හලාල් විරෝධය මෙන් බුර්කා විරෝධය සම්බන්ධයෙන් මහජන මතයක් ගොඩ නැගී ඇත්තේ ද නැත. (මෙහිදී අන්වර් මනතුංග අනවශ්‍ය ලෙස ජනතාව උසිගන්වන බව මට සිතේ.)
සාධාරණ ලෙස කටයුතු නොකරන ව්‍යාපාරිකයන්ට මුස්ලිම් ව්‍යාපාරිකයා තර්ජනයකි. අන් ව්‍යාපාරිකයන්ටත්, ව්‍යාපාරිකයන් වැඩි වීම තර්ජනයකි. මුස්ලිම් ව්‍යාපාරිකයා සැම විටම සාධාරණ ලෙස කටයුතු කරන්නේයැයි කියා මම නොසිතමි. එහෙත්, පාරිභෝගිකයා ඇද ගැනීමේ උපාය ඥානය ඔවුන් සතුව තිබේ. මේ හේතූන් නිසා මුස්ලිම් ව්‍යාපාරිකයා නෙරපීම දවසේ අවශ්‍යතාව බවට පත් වූ කොටසක් සිටිති. ඔවුන් විසින් පෝෂණය කරනු ලබන කල්ලි කණ්ඩායම් විසින් එම අවශ්‍යතාව ඉටු කරනු ඇත.
මේ බ්ලොග් සඟරාව ආරම්භයේදීම ලියා ඇති ලිපි කීපයක මේ ගැන සඳහන්ව තිබේ. අද දක්නට ලැබෙන ඊනියා බොදු පුබුදුව විකාරයකි. හරසුන් වූත් බාහිර ආටෝපයට මුල් තැන දෙන්නා වූත්, තර්කානුකූලව කියන්නට නොහැකි වන විට කුනුහරුප ඇද බාන්නා වූත්, ෆේස් බුකියේ සහ ඊ මේල් සමූහයන් අතර පමණක් බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටින්නා වූත්, කරුණාව, මෛත්‍රිය වැනි යහ ගුණාංග රහිත වූත් වීරයන්ගේ නිවට ව්‍යායාමයකි.
අන්තවාදී ඉස්ලාමික සංවිධාන ලොව පුරා පහළව තිබේ. ලංකාව තුළ ද එවැනි සංවිධානාත්මක ක්‍රියාකාරකම් නොතිබෙන්නේයැයි ඉඳුරා කීමට අප නොදනිමු. එහෙත් එවැනි ක්‍රියාකාරිත්වයක් මටනම් දක්නට ලැබී නැත. ළඟදී මේ ගැන කතා බහ කළ මගේ මිත්‍රයෙක් කීවේ "ඒ වුනාට මචං අපි පොඩි කාලෙ එහෙම මේ වගේ බුර්කා ඇඳගත්තු ගෑනු මේ රටේ දකින්න හිටියෙ නෑනෙ" කියායි. ලෝකය පුරා සිදුවන (ජිහාඩ් හෝ තලේබාන් හෝ වැනි) විවිධ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දකින අපට (අපි මොන තරම් නිර්භීත ජාතියක් වුනත්) බුර්කාව ඇඳගත් ගැහැණු දකින විට භීතියක් ඇති වේ. සිකුරාදා මුස්ලිම් ජනතාව එක් රැස් වී පල්ලි යන විට භීතියක් ඇති වේ. මේ ළඟකදී කොල්ලුපිටියේ මුස්ලිම් එක්රැස් වීමක ඡායාරූපයක් ඊ මේල් මගින් සංක්‍රමණය වනු දක්නට ලැබිනි. මෙවැනි එක් රැස් වීම් අපට නුහුරුය. අපි ජේ වී පී එකටත් බය වෙලා සිටින්නේ ඒ නිසාය. කතා බහේදී ජේ වී පී එක ඉතා හොඳ බව පිළිගන්නා අය (මේ කිව්වේ ජවිපෙ බැබැලුනු 2003 කාලේ, දැන්නම් ජේ වී පී එක කොහොමත් එච්චර ජනප්‍රිය නැත.) වුනත් ඡන්දය දෙන්නට බය වූ බව ඡන්ද ප්‍රතිපල වලින් පෙනී ගොස් ඇත.
බහුතරයාගේ කැමැත්ත අනුව සුළුතරයා පාගා දෑමීම ලෝක නියාමය බව සිතා සිටින අපි අනාගතයේදී ලංකාවේ බහුතරයා මුස්ලිම් වනු ඇතැයිද, එවිට ලංකාවේ ෂරියා නීතිය බලපවත්වනු ඇතැයිද සිතා බිය වී සිටිමු. බියට පත් වූ සත්වයා අතිශයින්ම දරුණු වේ. ඒ නිසා, මේ භීතිය නැති නොවුනහොත් විනාශය දරුණු වනු ඇත.
සුද්දා රෝම ලන්දේසි නීතිය ගෙනාවේ බහුතර බලයකින් නොව ආක්‍රමණයකින්ය. කෙසේ හෝ ඒ නීතිය ලංකාවටත් ඉතා හොඳ බව පෙනී ගොස් ඇත. ෂරියා නීතිය හොඳයි කියා ඉඳ හිට වැරදීමෙන් සමහරුන් අතින් කිය වී ඇත. ඒ දවස්වල ෂරියා යන වචනය නොදැන සිටි අය කීවේ "මේ අපරාධ වළක්වන්නනම් අරාබියේ වගේ අත පය කපන්න පුළුවන් නීති ගේන්න ඕනෑ" කියාය.
දිගින් දිගට හෑලි නොලියා කෙටියෙන් කියනවානම් මෙසේය.
අන්වර් මනතුංගත්, සිංහල බෞද්ධ සංවිධානයැයි කියාගන්නා කල්ලි වාදීනුත් ජාතිවාදී හා ආගම්වාදී විෂබීජ වැපිරවීම වහාම අත්හැරීම සුදුසුය.
අනවශ්‍ය විරෝධතාවන් මගින් සැබෑ ජාතික අවශ්‍යතාවන් යටපත් නොකළ යුතුය.
බොහෝ ව්‍යාපාරිකයන්ට ජාතියක් ගැන හැඟීමක් නැති අතර තමන්ට කෙළ වී ගෙන යද්දී පමණක් ජාතිය මතක් වේ. ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතුය. ඔවුන්ට කඩේ යාමෙන් වැළකිය යුතුය.
සියළු සිංහලයන් කෙට එළදෙනුන් ලෙස දිවීමෙන් වැළකිය යුතුය.
සියළු මුසල්මානුවන් අන්වර් කියන දෙයම පිළිගැනීමෙන් වැළකිය යුතුය.
තිස් අවුරුදු යුද්ධය මොබයිල්මෑන්ට නම් තවමත් හොඳට මතකය.
(කමෙන්ට් මොඩරේට් කරනු ලබන අතර කුනුහරුප ලියනවානම් මොබයිල්මෑන් නොදන්නා ඒවා පමණක් ලියන්න.)
2013-03-01
බොබසේ අල්ලාහ් පිළිගන්නවා නේද?
මෑත කාලයේදී පත්තරවලත් බ්ලොග් වලත් ප්‍රමුඛතාව ලත් මාතෘකාවක් වුනේ මොකක්ද කියල කාටත් මතක ඇති. ඒ තමයි, හලාල් භීෂණය.
හලාල් සහතිකය අවශ්‍ය වන්නේ ඉස්ලාමිකයන්ට පමණයි. එවැන්නක් වුවමනා බව කියලා දිගින් දිගටම ඒ සඳහා වැඩපිළිවෙලක් සළසන්න කියල ඉල්ලා සිටියේ මුස්ලිම් ප්‍රජාව බව එම සහතිකය නිකුත් කරන ආයතනයේ මව් සංගමය පුන පුනා කියා සිටිනවා.
ඒත් මේ සහතිකය නිකුත් කරනු ලබන ක්‍රම වේදය යුක්ති සහගත නැති බව අන්වර් මනතුංගත් ඉස්ලාමය වෙනුවෙන් ලියන අනෙකුත් ලේඛකයනුත් තේරුම් ගත යුතුමයි.ඒත් ඔවුන් හැමදාම කතා කරන්නේ බීරි අලින් වගෙයි.
මෙන්න හලාල් සහතිකය නිකුත් කිරීමේ අසාධාරණය පැහැදිළි කරන තවත් උදාහරණයක්ඃ
පොත් සාප්පු වල විවිධාකාර පොත් තිබෙනවා. ළමයින් මේවා බලලා එක්කෝ හැදෙනවා, නැතිනම් නැසෙනවා, ඒ ඒ පොත් වල තිබෙන කරුණු අනුව.
දැන් හිතන්න විදුහල්පතිවරු රැස් වෙලා මෙහෙම සාකච්ඡා කරනවා. "මේ සාප්පු වල තිබෙන සමහර පොත් ළමයින්ට නුසුදුසුයි. ඒ නිසා, ළමයින්ට සුදුසු පොත් මොනවද කියල තෝරලා අරන් දෙන්න ඕනෑ."
දැන් මේ වැඩේ කරන්නෙ කොහොමද? මේ ඔක්කොම පොත් කියව කියව බලන්න විදුහල්පතිවරුන්ට වෙලාවක් නෑනෙ. එයාල ඔන්න කමිටුවක් පත් කරනවා, කඩේ තියෙන පොත් කියවලා ළමයින්ට හොඳ ඒවා මෙන්න මේවයි කියලා නම් කරන්න (හලාල් කරන්න).
දැන් මේ කමිටුව පොත් ප්‍රකාශකයන්ට කියනව මෙහෙම. "ඔබ ප්‍රකාශයට පත් කරන පොත් පාසැල් වල විකුණන්න නම්, අපෙන් සහතිකයක් ගන්න වෙනවා. ඒ සහතිකය නිකුත් කරන්න අපි පොතකට මෙන්න මෙච්චරක් අය කරනවා".
දැන් පොත් ප්‍රකාශකයෝ තනි තනිව කල්පනා කරනවා, "මගේ පොත් ටික පාසැල් වල විකුණගත්තොත් සෑහෙන පොත් ගානක් විකුණගන්න පුළුවන් වේවි." කියලා. එහෙම හිතලා අර කමිටුවට කියනවා, "අනේ ඉල්ලන ගානක් දෙන්නම්, අපේ පොත් බලලා සහතික කරලා දෙන්න, ඔයාලට දෙන මුදල මම පොත් වල මිල වැඩි කිරීමෙන් හම්බ කරගන්නම්" කියලා.
දැන් මේ පොත කියවන්න ගන්න වැඩිහිටියන්ටත් අතිරේක මුදලක් ගෙවන්න වෙනවා. නමුත් අවශ්‍යතාව විදුහල්පතිවරුන්ගේ.හැබැයි එක පොතක මිල වැඩි වෙන්නෙ සීයට දශම එකකින්. ඒ වුනත් ඒක අසාධාරණයි නේද?
මෙතනදි වැරැද්ද කරල තියෙන්නෙ මුදලට ගිජු පොත් ප්‍රකාශකයා නෙවෙයිද? ඒත් අර කමිටුව කරන වැඩෙත් සාධාරණ නෑනෙ. එයාල තමන්ගෙ වියදම ඉල්ලගන්න ඕනැ එයාලට ජොබ් එක බාර දුන්න විදුහල්පතිවරුන්ගෙන් නේද?
කොහොම වුනත්, මේ හලාල් සහතිකයේ ප්‍රශ්නය නම් දුවන්නෙ වෙනත් පැත්තකින්. දැන් බලන්න මේ පහත ප්‍රකාශයන් දෙක.
බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.
තුණුරුවන්ට පූජා කළ යුත්තේ කවුරුත් අනුභව නොකළ දේවල්
හලාල් ලකුණ දෙනව කියන්නෙ පිළුණු කිරීමක් හෝ දෙවියන්ට කැප කිරීමක් නෙවෙයි. ඒත් අපි හිතමු මේ ආහාර අල්ලාහ්ට පූජා කරනව කියල. එතකොට කවුරු හරි කියනවනම් ඒ ආහාර අල්ලාහ් ට කැප කළා කියල ඒ කියන කෙනා අල්ලාහ් ඉන්නවයි කියල පිළිගන්න එකෙක්.
ප.ලි.
කරුණාකරල තේරුමක් තියන කමෙන්ට් විතරක් එවන්න.

Subscribe to:
Posts (Atom)