සැලුන් දොර

කරණවෑමියා හෙවත් බාබර් තමන්ගේ රැකියාව හෙවත් කොණ්ඩා සහ රැවුල් කැපීම කරගෙන යාම සඳහා පවත්වාගෙන යන ස්ථානය "සැලූන් එක" ලෙස හඳුන්වන ලදී. මෙම ස්ථානයට ඇතුළුවීම සඳහා තිබෙන ප්‍රධාන දොරටුවට අමතරව දෙවැනි දොරටුවක් ද තිබිනි. මේ දෙවැනි දොරටුව වැසුනේ ජනෙල් පියන් දෙකක් වැනි දොර පියන් දෙකකිනි. එනම් එහි උස අඩි තුන හතරකට වඩා වැඩි නොවීය.
එහි විශේෂත්වය වූයේ, එම දොරෙහි සරණේරුව නොහොත් අසවුව සාදා ඇති සුවිශේෂ ආකාරය නිසා දොරපියන සැම විටම දොර වැසෙන පරිදි පිහිටීමයි.
වර්තමානයේ ඇතැම් කාර්යාල සහ සාප්පු වල දක්නට ලැබන ඩෝ ක්ලෝසර් නමැති උපකරණය භාවිතා නොකර ඉතා සරළව නිපදවූ මේ ඔටෝ වැසෙන දොරවල් සැලුන් දොරවල් ලෙස හඳුන්වන ලද අතර නිතර ඇරෙන වැසෙන වෙනත් දේට ද සැලුන් දොරක් වගේ යන "උපහැරණයක්" භාවිතයේ පැවැතිනි.