2012-06-29

එළ කිරි වලත් කැකිරි තියනවද?

කවුරුවත් අමනාප වෙන්න එපා මේ වගේ කොටම කොට පෝස්ට් එකක් දාලා කාලෙ කෑවය කියල. අද මේක ලියන්න හිතුවෙ කාරණා දෙකකටයි.

එක කාරණාවක් තමයි, එළකිරි කාරයාගේ කැකිරි වැඩක් දකින්න ලැබීම අහම්බෙන් වගේ.
බ්ලොග් සඟරාව කියන මේ බ්ලොග් එකේ සමහර වෙලාවට ඊ මේල් වලින් ආපු තොරතුරු එහෙම ගෙඩිය පිටින්ම හෝ පරිවර්තනය කරලා එහෙමත් නැත්නම් සංස්කරණය කරලා  දාපු අවස්ථා තියනවා කීපයක්. හැබැයි ඒ හැම වෙලාවකම මොබයිල්මෑන් නොවරදවාම සඳහන් කරනවා ඒ ලියන එකේ මූලාශ්‍රය ගැන.

අද හදිසියේ නෙට් එක බ්‍රවුස් කරද්දි තමයි දැක්කෙ එළකිරි කාරයාගේ ගොම සීන් එක.
මෙන්න ලින්ක් එක
http://www.elakiri.com/forum/showthread.php?t=1452839

බ්ලොග් සඟරාවේ මේ ලිපිය පළ වුනේ මාර්තු 8වැනිදායි. එළකිරි ඩොට් කොම් එකේ සීනියර් මෙම්බර් කෙනෙක් කියන Prashan3000 ඒ ලිපිය කොපි කරලා පොස්ට් කරල තියෙන්නෙ ජූනි 28 වෙනිදා ඒ කියන්නෙ අද, උදේ 10.46ට.

කැතයිනෙ වැඩේ.

දෙවැනි කාරණාව මේකයි.
බ්ලොග් සඟරාවේ පළවුනා මොබයිල් ෆෝන් වල ඉන්නවය කියපු මයිට් නැමැති සතෙක් ගැන සුවර්ණවාහිනියේ ප්‍රචාරය වුනු කතාවක් ගැන ලිපියක්. මේ කාරණාව ගැන තවත් බ්ලොග් සටහන් වගේම මුද්‍රිත මාධ්‍ය වලිනුත් විවේචන පළ වුනා. ඒත් සුවර්ණවාහිනිය මේ මෑතකදි නැවතත් තමන් කළින් කියපු කාරණය ඔප්පු කරන්න උත්සාහ කරනව ඇහුනා.

ඔය අස්සෙ මෙන්න මේ නිවුස් එක මට හම්බ වුනේ කඩේකින් බඩු ඔතාගෙන ආපු පත්තර කෑල්ලක තිබිලායි.
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා කියන හැටියට ජංගම දුරකථන පවිත්‍රව තියාගෙන ඉන්නවනම් මයිට්ලා බෝවෙන්න ඉඩක් නැහැලු. ඒ කතාවනං ඇත්ත. කවුරුත් කිව්වෙ අදාළ ජංගම දුරකථන හිමියා ඒ දුරකථනය අපිරිසිදු ලෙස තියාගන හිටිය බව තමයි. ඒත් ඊට පස්සෙ කියන කතාව බලන්නකො. (මේ පින්තූරෙ ක්ලික් කරල ලොකු කරගන්න පුළුවන්) 
“ජංගම දුරකතනවල කෘමීන් සිටීම සම්බන්ධයෙන් සියලුම ජංගම දුරකථන සේවා සපයන්නන් සමග සාකච්ඡා පවත්වන බවත් විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් .......“
හත්තිලව්වේ ජංගම දුරකථන සේවා සපයන්නන් කොහොමද මයිට්ල බෝ වෙන එක නවත්තන්නෙ, සොෆ්ට්වෙයාර් එකකින්වත්ද?



3 comments:

  1. ඉතින් හිතා ගන්නකො ලංකාවේ ඉන්න ගොන්නුන්ගේ තරම

    ReplyDelete
  2. මහත්තයෝ යටින් ඔබ තුමාගේ අඩවියේ ලිපිනය සදහන් කරලා තියනවා දැක්කේ නැද්ද

    ReplyDelete
    Replies
    1. දැන් බලපුවහමනං යාන්තමට පේනව. නීතියෙන් නිදහස් වෙන්න ප්‍රමාණවත් වෙයි. සුදුපාට පසුබිමේ ලා රෝසපාටටත් වඩා ලා පාටට ලියල තියෙන්නෙ, නේද?

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.