ගමකට නෙවෙයි ගම් දෙක
තුනකට විතර වැඩ මේ දවස්වල. පෝස්ට් එකක් ලියන්න හිතුනම ඔළුවට එන ඒවා ඔක්කොම ටික
ලියන්න පටන්ගන්නකොට අමතක වෙලා ගිහින්. ඉතින් මට හිතුනා ඊ මේල් එකකින් ආපු ඉංග්‍රිසි
කතන්දරයක් පොඩ්ඩක් විතර එහෙ මෙහෙ කරල දාන්න. එහෙ මෙහෙ කරන්නෙ වෙන දේකට නෙවෙයි සිංහලෙන්
කියවද්දි ඇඟට වදින්න ඕනැ නිසා.
මේ ලිපිය ආවෙ සත්‍ය
කතාවක් හෙවත් අ ට්රූ ස්ටොරි කියලයි. ලිපියෙ අන්තිමට තිබුන මැල්කම් ෆෝබීස් විසින්
ලියපු කතාවක් බව. කතාවෙ ඇත්ත නැත්ත මං දන්නෙ නෑ. ඒ වුනත් කියවන්න වටිනව කියල හිතුන
නිසා මේ ලියන්නෙ.
එක්තරා මහළු කාන්තාවක්
සහ ඔහුගේ ස්වාමි පුරුෂයා බොස්ටන් නගරයේදී දුම්රියෙන් බැහැලා හාවර්ඩ් විශ්ව
විද්‍යාලයේ ප්‍රධානියාගේ කාර්යාලයට හෙමින් පියමැන්නා. මේ දෙන්නාගෙම බොහොම දිළිඳු
ආකාරයට තමයි ඇඳුම් පැළඳුම් තිබුනෙ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් ප්‍රධානියා හමු වෙන්නට
වේලාවක් වෙන් කරගෙන තිබුනෙත් නෑ. ඒ කිව්වෙ, විතවුට් ඇපොයින්ට්මන්ට්. ඉතින්
එහෙම ගිහින් ඔය සිරා පොරවල් හම්බවෙන එක ෂුවර් නැති වැඩක්. ඒකට එක හේතුවක්
තමයි, සිරා පොරවල් ඇත්තටම බිසි, ඒ කිව්වෙ කාර්ය බහුල පුද්ගලයන් වීම.
අනෙක් කාරණාව තමයි එයාල අකමැතිනම් අමුත්තන් හමුවෙන්න, ඒකට එක්ස්කියුස් එකක්
හෙවත් නිදහසට කරුණක් හැටියට මේ “විතවුට් ඇපොයින්ට්මන්ට්“ කියන තත්වය ඉදිරිපත්
කරනවා.
මේ වගේ තැන්වලදි ඉතින්
ඉස්සෙල්ල හම්බවෙන්න පුළුවන් සිරා පොරගෙ ලේකම්තුමිය තමයි. මේ කොහෙන්ද ආපු ගොඩයටයි
උගෙ ගෑණිටයි මේ වගේ තැනක අහවල් රාජකාරියක්ද කියල ලේකම්නෝන කල්පනා කළත් ඒක එහෙමම
කිව්වෙ නැහැ. තමන්ට ප්‍රධානියා හම්බවෙන්න අවශ්‍ය බව මහල්ලා කිව්වත් ලේකම් නෝනා
මිමිනුවා ලොක්කා දවසම කාර්ය බහුල බව. මහළු කාන්තාව කිව්වෙ “අපි බලාන ඉන්නම්“ කියල.
ලේකම් නෝනා පැය ගණනාවක් මේ
නාකි ජෝඩුව අමතක වුනා වගේ හිටියෙ “උන්ට ඉඳල එපා වෙලා යන්න යයි“ කියන
බලාපොරොත්තුවෙන්. ඒත් එයාල ගියෙ නැති නිසා නෝනා තරමක් කණස්සල්ලට පත් වෙලා අවසානයේ
තීරණය කළා ප්‍රධානියාට ඩිස්ටර්බ් කරල බලන්න. එයා ගිහින් ලොක්කට විස්තරේ කියල වැඩි
දුරටත් මෙහෙම කිව්වා. “ඔබතුමා විනාඩියක් කතා කළානං ඔවුන් යන්න යාවි.“
ලොක්ක කේන්තියෙන්
ගුගුරමින් දැඟලුවා, තමන් වගේ වැදගත් කෙනකුට මේ වගේ මිනිස්සු එක්ක ගත කරන්න කාලයක්
තියෙනවද කියමින්. ඒත් එයා කැමති වුනේ නෑ අර ජරා ඇඳුම් ඇඳගත්ත අය තමන්ගෙ කාර්යාලය
කිළුටු කරනවට. රළු පෙනුමක් මුහුණට ආරූඪ කරගත්ත ලොක්කා වයසක ජෝඩුව ඉන්න තැනට පියවර
මැන්නා.
කතාව පටන් ගත්තෙ මහලු
කාන්තාව. “අපේ පුතා හාවර්ඩ් විශ්ව විද්‍යාලයට අවුරුද්දක් ආවා. එයා හාවර්ඩ් එකට
ගොඩක් ආදරය කළා. ඔහු මෙහේ සතුටෙන් හිටියෙ. ඒත් අවුරුද්දකට විතර කළින් ඔහුව හදිසියේ
මරල දාල තිබුන. ඉතින් මමත් මගේ ස්වාමි පුරුෂයාත් කැමතියි මේ භූමියේ කොතන හරි එයා
වෙනුවෙන් සිහිවටනයක් ගොඩනංවන්න“
ප්‍රධානියාට මේ කියපු දේ
හරියට ‘වැදුනෙ‘ නෑ. එයා තිගැස්සුනා. “මැඩම්, මේ හාවර්ඩ් එකට ඇවිදින් තියන දැනට
මැරිල ගිහින් ඉන්න හැම කෙනා වෙනුවෙන්ම ප්‍රතිමා හදන්න අපට බැහැ, මේක සුසාන
භූමියක් වගේ පේන්න පටන් ගනීවි එහෙම කළොත්“
“අපෝ නැහැ“ මැහැල්ල
පැහැදිළි කරන්න පටන් ගත්තා. “අපට ප්‍රතිමාවක් හදන්න ඕනැකමක් නැහැ, අපි කල්පනා
කළේ හාවර්ඩ් එකට ගොඩනැගිල්ලක් හදල දෙන්න පුතාගෙ නමින්“
ප්‍රධානියා ඇස් දෙක
කැරකෙව්වා. මහළු ජෝඩුව ඇඳගෙන හිටපු ඇඳුම් ආයෙත් පාරක් හොඳට නිරීක්ෂණය කළා. ඊට
පස්සෙ කෑ ගැහුවා. “ ගොඩනැගිල්ලක්! ඒකට කොච්චර වියදමක් යනවද කියල නිකමටවත් හිතුවද?
අපට ඩොලර් මිලියන් හත හමාරකට වඩා වටින ගොඩනැගිලි තියනව මෙතන විතරක්.“
කාන්තාව මොහොතකට නිහඬ
වුනා. ප්‍රධානියා සතුටු වුනේ “හරි, දැන් මුන් යයි යන්න“ කියල හිතලා. මැහැල්ල
සිය ස්වාමියා දෙස බලාගෙන හිමින් කෙඳිරුවා, “විශ්ව විද්‍යාලයක් පටන් ගන්න එච්චරද
එතකොට වියදම් වෙන්නෙ? අපි ඇයි විශ්ව විද්‍යාලයක් පටන් ගන්නෙ නැත්තෙ එහෙනම්?“
මහල්ලා හිස කැසුවා.
ප්‍රධානියා අන්දුන්
කුන්දුන් වුනා. මුහුණ ඇකිලුනා.
මහළු කාන්තාවත් ඇයගේ
ස්වාමියා වූ ලෙලැන්ඩ් ස්ටැනෆෝඩ් මහතාත් පිටත් වුනා, කැලිපෝර්නියාවේ පාලෝ
ඇල්ටෝ නගරය බලා යාමට. ස්ටැන්ෆෝඩ් විශ්ව විද්‍යාලය පාලෝ ඇල්ටෝ නගරයේ ආරම්භ වුනේ
එහෙමයි.
This is a made up story, it's not true. These are called eRumors..
ReplyDeletehttp://www.truthorfiction.com/rumors/s/stanford.htm
http://www.stanford.edu/about/history/
ඇනෝ කියන වෙබ් සයිට් එකේ තියෙන්නෙ (පහළ බලන්න) ටිකක් ළඟින් යන කතාවක්නෙ.
Deleteඑතකොට අර ඊ මේල් එකකින් ආව කියල දාල තියෙන කතාව මුලුමනින්ම ගොතපු කතාවක් නෙවෙයි වගේ.
Leland Stanford, who grew up and studied law in New York, moved West after the gold rush and, like many of his wealthy contemporaries, made his fortune in the railroads. He was a leader of the Republican Party, governor of California and later a U.S. senator. He and Jane had one son, who died of typhoid fever in 1884 when the family was traveling in Italy. Leland Jr. was just 15. Within weeks of his death, the Stanfords decided that, because they no longer could do anything for their own child, "the children of California shall be our children." They quickly set about to find a lasting way to memorialize their beloved son.
Thanks.
ReplyDeletepatta...................
ReplyDelete