අරුණී
ශපීරෝ වෙතින් බ්ලොග් අඩවියේ ලිපියකට මම දාන්න හදපු කමෙන්ට් එක දිග වැඩි වුණ
නිසා වෙනම පොස්ට් එකක් විදිහට දාන්න හිතුවා. අරුණිගෙ ලිපියේ අන්තර්ගතය බරපතල ලෙස සාකච්ඡා
කළයුතු මාතෘකාවක් හැටියටයි මං විශ්වාස කරන්නෙ. ඒ ලිපිය
ඉස්සෙල්ල කියවල හිටියනම් තමයි හොඳ.
මං ඒකට කමෙන්ට් තුනක් දාන්න හැදුව.
//........................ග්‍රහ මාරුවක් නිසා ‘විය හැකි’ දෙයක් ලෙස සාධනීය කරන්නට යනවා.//
මේ පුරුද්ද බොහෝ දෙනකුට තියනවා මම දකින විදිහට, වෙනත් දේවල් සම්බන්ධයෙන්
වුනත්. හොරු වැඩිවෙන්නෙ ආණ්ඩුවෙ වැරැද්ද නිසා කියල කීමත් ඒ වගේනෙ. (ආණ්ඩුවේ වැරදි
බල නොපානවා නෙවෙයි.)
2.
//පිරිමි
පිරිමි හා සිද්ධ වෙන ..................................... ළමා අපරාධ හා ස්ත්‍රී දූෂකයන් ගැන විතරයි.//
හැබෑටම සිකුරු මාරුව නිසා ස්ත්‍රී දූෂණ ම වැඩි වෙන්නෙ ඇයි? පුරුෂ දූෂණ
හෝ සමලිංගික දූෂණ වැඩි වෙන්නෙ නැද්ද?
3.
//...................... මාධ්‍ය නිසයි අපරාධ වැඩිවෙන්නේ කියනවා. නැහැ නැහැ, මාධ්‍යයෙන්
ඇහෙන පෙනෙන දේවල් නොකරන අය ලොව බොහෝ සිටිනවා!!!!
මාධ්‍ය නිසා අපරාධ වැඩි වීමේ ඉඩක්
තියනවා කියලයි මගේ විශ්වාසය. මෙන්න උදාහරණයක්. මගේ මිත්‍රයෙක්ගෙ සත්‍ය කතාවක්. මම මේක
ලියන්නෙ එයාගෙ ආත්ම ප්‍රකාශනයක් හැටියට. මේ කතාව එයා මට කියන්න මුල් වුනෙත් මේ
අරුණිගෙ ලිපියෙ සාකච්ඡා කරල තියන විෂයයට සම්බන්ධව අපි අතර (තිතට මත තියන වෙලාවක) ඇති
වුනු සුහද සාමීචියක්. ඒත් ඒ වචන මට මතක නෑ. සන්දර්භයට හානි නොවන සේ මගේ වචන දාලයි
මේ ලියන්නෙ.
මම ගැටවරයා කාලෙදිත් කැමති වුනේ නැහැ වෙනත් අය සමග සරළ ලෙසවත් ලිංගිකමය
නැඹුරුවක් ඇති කිසිම කටයුත්තක යෙදෙන්න. සමහර අය වගේ කෙල්ලන්ට ඩබල් මීනින් වචනයක්
කියන්නවත් මං කැමති වුනේ නෑ. එහෙම දේ කරන අය ගැන මට තිබුන පිළිකුලක්. ඒත්, මං
ආශා කළා එවැනි දේ ගැන අහන්න, දකින්න. අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් සීමා
වූ සිනමා දර්ශන බලන්න, අගනුවර අහු මුළු වල හොරෙන් පෙන්නපු වීඩියෝ බලන්න,
ස්ත්‍රී නිරුවතක් පේනවනම් කාටවත්ම නොදැනෙන විදිහට ඒව බලන්න මට ආශාව තිබුන. පොදු
නාන ලිං, ඇළ දොළවල්, චූ කරන තැන්, මං හිතන්නෙ ඒක හැම ගැටවරයෙකුටම පොදු
දෙයක්.
ඒත් මා සමග හිටිය අය (මේකට ආශ්‍රය කියල කියන්න බෑ. ඒත් ඒක ආශ්‍රයක් තමයි.
මං කියන්නෙ මා හා එකට ඉගෙන ගත්තු හෝ රැකියාව කළ අය) අතරින් සමහර ගැටවරයෝ
තමන්ගේ වීරකම්, ජැක් ගහපු හැටි, උස්සපු හැටි, රසවත් ලෙස විස්තර කරනවා මට
අහන්න ලැබුනා. ඒත් මට එහෙම කරන්න ආශාවක් ඇති වුනේ නැහැ. සමහර විට මට
ධෛර්යයක්, ගටක් තිබුනෙ නෑ වෙන්නත් පුළුවනි.
මේ අතරවාරයේදී ඔන්න එක්තරා ළමිස්සියක් මට කිට්ටු කරනවා. එහෙමට පෙනුමක් නැති
වුනත් අවලස්සන නැති ඒ මනුස්සයා හිටපු තත්වය ගැන මට ලොකු අනුකම්පාවක් ඇති වුනු නිසා, සමහර
අවස්ථාවලදි එයාට මං උදව් කළා, වචනෙකින් හරි. ඒත් ආපසු යමක් බලාපොරොත්තු වෙලා
නෙවෙයි. එයා හැර වෙනත් අයටත් මං ඒ වගේම උදව් කරල තියනව. මං විතරක් නෙවෙයි වෙනත්
අයත්. ඒත් මුන්දැ හිතන්න ඇති මං එයාට කැමතියි කියල. එහෙම හිතනවයි කියල මට තේරුනු
දවසෙ මං එයාට ඉන්තේරුවෙම්ම කිව්ව මං ඔයාට ආදරේ කරන්නෙ එහෙම නෑ කියල. ඒත් එයා ඒක
විශ්වාස කළේ නැහැ. සමහර විට එයා අසීමිත ලෙස රැවටුනු කෙනෙක් වෙන්න ඇති. කොල්ලන්ගෙ
බොරු වලටම පුරුදු වෙලා මං කියන ඇත්ත වුනත් එයා හිතුවෙ බොරුවක් කියල. බැරිම තැන මං
කිව්ව මට කෙල්ලෙක් ඉන්නව කියල. හිතින් ගොතල “මගේ කෙල්ල“ ගැන නොයෙක් විස්තරත් වරින්
වර කිව්ව. එක්කො එයා මේ එකක්වත් විශ්වාස කළේ නැහැ. එහෙම නැත්නම් එයා උත්සාහ කළා මගේ
“මනහ්කල්පිත“ කෙල්ල පරද්දවන්න එයාගෙ ආදරෙන්.
මේ වෙනකොට බොහෝ දෙනෙක් මේ ගැන දැනගන හිටිය. සමහර අය මට දුන්න අවවාදය වුනේ
“කාල දාපං“ කියන එක. ඒ වුනාට මං කුඩා කාලෙ ඉඳල ආරක්ෂා කරපු මගේ ප්‍රතිපත්තිය නිසා
මට කාල දාන්න කැමැත්තක් ඇති වුනේ නැහැ. මට ඕනැ වුනේ දවසින් අවස නාකි වෙමින් හිටිය
මේ උන්දැව කාගෙ හරි ඇඟේ ගහල පුළුවන්නං මට බේරිලා ඉන්න. ඇත්තටම එයා ගර්ල් ෆ්‍රෙන්ඩ්
කරගන්න මට කිසිම වෙලාවක උනන්දුවක්, ආදරයක්, ආශාවක් ඇති වුනේ නැතුව විතරක් නෙවෙයි
එයාගෙ සමහර ගතිගුණ මං අකමැති, මට රුස්සන්නෙම නැති ඒවා වුනා.
මේ කාලෙ වෙනකොටත් මගේ වටේ පිටේ ගැවසුනු, යාළුවො කියන්නත්
බැරි, නොකියත් බැරි කොල්ලන්ගෙ කයිවාරු වලින් මගේ මනස පිරිල තිබුන. ඒත් මං
“නරක වැඩ“ කරන්න පෙළඹුනේම නෑ.
මේ අතරෙදි අර මනුස්සයා මගෙන් උදව්වක් ඉල්ලුව. එයාගෙ තාත්තට සුව කරන්න අමාරු
අසනීපයක් තියන නිසා, දුර පළාතක හිටපු “වෙදමහත්තයෙක්“ බලන්න එයා එක්ක යන්න
එන්න පුළුවන්ද කියලයි මගෙන් ඇහුවේ. ඉරිදා උදේම පිටත් වුනොත් හැන්දෑ වෙනකොට එන්න
පුළුවන්. මාත් ඉතින් හා කිව්වෙ වැඩි දුර හිතල මතල නෙවෙයි.
ඉතින් ඔන්න ගමන පිටත් වුනා උදේ අටට විතර. පිටකොටුවෙදි මුණ ගැහිලා ඉන්ටසිටියක
නැගල (ඒ කාලෙ ඉසුසු ජර්නි ඉන්ටසිටි බස් දාපු අළුත) ගිහින් *******දි බැස්සා. එතන
ඉඳන් නෝමල් බස් එකකින් තව කිලෝ මීටර් විසි පහක් විතර ගියා. ගිහින් වෙද ගෙදර ළඟ
බැස්සා. මම වෙද ගෙදර බරාඳයේ පුටුවක වාඩි වෙලා ඉන්න අතරෙදි ගෙදර ඉස්සරහ කාමරයේ
හිටපු වෙදමහත්තයා ළඟට මේ ගෑනු ළමයා ගියා. විනාඩි දහයක් පහළොවක් යන්න ඇති බෙහෙත්
අහන්න. මොනව ඇහුවද මොනව කිව්වද කියල මං දන්නෙත් නෑ, මං ඇහුවෙත් නෑ. මගේ
රාජකාරිය තනියට යන එකනෙ. මොනවටද පුද්ගලික විස්තර. ඉතින් ඔන්න ආපහු එන්න පිටත්
වුනා. දවල්ට කියල කන්න වුනෙත් නැත්ද කොහෙද. ඒ කාලෙ ඉතින් එක වේලක් බඩගින්නෙ ඉන්නව
කියන එක එච්චර ගානත් නෑනෙ.
වෙද ගෙදර ඉඳල බස් ස්ටෑන්ඩ් එකට තිබුනෙ කිලෝ මීටර් බාගයක විතර දුරක්. ගේ
ළඟින්ම බස් වලට නැග්ගොත් හිටගෙන තමයි යන්න වෙන්නෙ. ඉතින් දෙන්න එක්ක පයින් ම ගියා
බස් ස්ටෑන්ඩ් එකට. එතන බස් නෑ වගේ. එහෙමට සෙනකගුත් නෑ. තුන් හතර දෙනෙක් හිටියා. බස්
එකක් පිටත් වෙලා සුළු වෙලාවකින් තමයි අපි එතෙන්ට ගිහින් තියෙන්නෙ. පැය දෙකක් විතර
ඉන්නකොට ඔන්න බස් එකක් ආව. ඒ වෙනකොට තුන් හතර දෙනා තිහ හතලිහක් වෙලා. ආපු බස් එක
ආසන විසි හයේ රෝස එකක්. මතක ඇති ඒ දවස්වල. අර හිටගෙන යනකොට දෙකට නැමිල යන ජාතියෙ
බස්.
ඉතින් අපි ඉඳ ගත්තා ඩබල් සීට් එකක. පිටි පස්සෙ සීට් එක එහෙම
නෙවෙයි, මැද හරියෙ එකක. අපි කපල් එකක්යැ පිටිපස්සෙ සීට් එකට යන්න. ඉතින් සෙනග
පිරුණා බස් එකේ. එන්න එන්න තද වෙනවා. ඒ වෙනකොට ගොඩක් හැන්දෑ වෙලා නෑ. ඒත්, බස් එක
ඇතුළෙ කළුවරයි, ලයිට් වල එළිය මදි. යාම්තම් ඡායාවල් වගේ තමයි පේන්නෙ. බස් ස්ටෑන්ඩ්
එක අහළ පහළවත් එළියක් දෙන්න තැනක් තිබුනෙ නෑ.
ඉතින් ඔන්න බස් එක පිටත් වුනා. ගෑනු ළමයට නිදිමත වුනා. මගේ ඔඩොක්කුවෙ
නිදාගන්න අවසර ඉල්ලුවා. මට මොකද? හා කිව්ව. එයාගෙ පර්ස් එක මගේ ඔඩොක්කුවෙ
තියල ඒකෙ ඔළුව තියාගෙන දැන් යනවා. ටිකක් වෙලා යනකොට මෙන්න මෙයා පටන්ගත්තෙ නැද්ද
නරක වැඩක්. හෙමින් හෙමින් පොඩි පහේ මසාජ් එකක්. දැන් කවුරුත් හිතයි, ඒ වෙලාවෙ
මාව පිබිදුනා
කියල. මොන පිස්සුද, මගේ ආත්ම ධෛර්යය ඒ දවස්වල ගොඩක් හයියයි. (දැන් කියලත් එච්චර
දුර්වල නෑ.)
ඔහොම සෑහෙන දුරක් ආවට පස්සෙ එයා මගේ ඔඩොක්කුවෙන් එයාගෙ ඔළුව (සහ පර්ස් එක) අහකට
ගත්ත. ඔන්න දැන් බස් එකෙන් බහින වෙලාවත් හරි. හෝව් පොඩ්ඩක්. ගමන ඉවර නෑ. ඔය කෑල්ල
අර නෝමල් බස් එකේ යන කෑල්ල. දැන් මෙතන ඉඳල පිටකොටුවට ඉන්ටසිටියක් අල්ල ගන්න
තියනවා.
බලමුකො වැඩේ හැටි. එතනත් බස් නෑ. ඒ දවස්වල (දැන් වගේ නෙවෙයි) අපේ
ලංකාවෙ පුද්ගලික බස් සේවාව එච්චර හරි නෑ. ඉරිදට කොහොමත් බස් අඩුයි. ඉරිද හැන්දෑව
ගැන ඉතින් කියල වැඩක් නෑනෙ. සෙනග අඩු වෙනකොට බස් අඩු වෙනව. සීටීබී එකේ වටිනාකම
මතක් වෙන්නෙ ඒ වගේ වෙලාවටනෙ.
ඉතින් ඔන්න ආව ටාටා 909 එකක්ද කොහෙද මට මතක හැටියට. ඒක හැබැයි ඉන්ටසිටි
නෙවෙයි. සාමාන්‍ය සේවා. සෙනග කට කපල. අපි දෙන්නත් රිංග ගත්ත ඇතුළට. පිටකොටුවටම යන
නිසා කොන්දොස්තර කොළුවා සීට් එකක් අල්ලල දුන්න. ළඟ බහින අය හිටගෙන.
ඒ බස් එකෙත් අපි ඉතින් ඩබල් සීට් එකක ඉඳගත්ත. එතන සීට් එක උස අඩුයි. ඒ
කියන්නෙ කකුල් දෙක තියාගන්න වුනේ ටිකක් ඉහළින්. දන්නවනෙ අර පිටිපස්සෙ රෝදෙ මඩ්ගාඩ්
එක ළඟ සීට් එක.
ඉතින් ඔන්න දැන් මගේ දැහැන් බිඳුනා, ගෑනු ළමය ඉඳගෙන හිටිය හැටි
දකිනකොට. ගවුස අස්සෙන් ඉඩ කඩ තියෙනව හොඳට. ඔය අතරෙදි එයත් මාව ඇවිස්සෙන කතාවක්
පටන් ගත්ත මෙහෙම.
“ඔයා තරහද?“
මේකට මං ඔව් කියන්නද නෑ කියන්නද කියල හිතාගන්න බෑ. මං තරහයි කිව්වොත් මේකි
අඬයි. (එයා ගොඩක් වෙලාවට එහෙමයි) එතකොට බස් එකේ මිනිස්සු මං දිහා බලල මොනව
හිතයිද? මට බනින්න ගහන්න උනත් ඉඩ තියනවනෙ. පොළිසියට කිව්වොත් එහෙම? මං කොහොමද
අම්ම තාත්තට මුහුණ දෙන්නෙ?
මං ඇහුව, “ඇයි මොනවටද?“ කියල.
“නෑ, අර මං කරපු දේට“
බලන්න ලැජ්ජ නැති හැටි? මං ටිකක් හිතල මතල උත්තර දුන්න මෙහෙම.
“කොල්ලො කෙල්ලො ඔහොම දේවල් කරනවනෙ ඉතින් නේද“
මගේම උත්තරෙන් මගේ හිත ඈතට ඇදුන. ඇත්තටම දැන් මේ
කෙල්ලෙක් ඉන්නව මෙතන. කකුල් දෙකත් උඩ දාගෙන. අර මගෙ කොල්ලො සැට් එකේ එවුන් කියන
කතා අහපුවහම දැන් මං මෙතන උපාසකයෙක් වෙන එකේ කිසිම කිසි තේරුමක් නෑනෙ.
බස් එක ඇතුළෙ පට්ට කරුවල. මං හීන් සැරේ අත කිට්ටු කළා. අත
ගෑව. මං කවදාවත් මේ වැඩේ කරල නෑනෙ. සයන්ස් එක වත් ආට් එකවත් දන්නෙ නෑ. වැඩේ ආතල්.
ඕනැ මගුලක් කියල, අරක අස්සෙන් ඇඟිලි දෙකක් රිංගෙවුවා.
මෙන්න බොලේ උණු උණුවේ ගලනවා. මං එහෙම එකක් අහල තිබුන. ඒත් එක්කම ආව ඔළුවට තව ප්‍රශ්නයක්.
දැන් මේකි කොහොමද මේ තෙත එකක් ඇඳගෙන ගෙදර යන්නෙ? මළා නේද?
“හෙට උදේ ඔයා කොහොමද ගෙදර යන්නෙ?“
එයාලගෙ ගෙදර තියෙනව කියල මං අහල තිබුනෙ පිටකොටුවෙනුත්
පැය දෙක හමාරක විතර දුරක් බස් එකෙන් යන පළාතක. ඒ නිසා, රෑ වුනාම කිරුළපොනේ
ඉන්න අක්කලගෙ ගෙදර නැවතිල ඉඳල උදේ ගෙදර යනව කියලයි කලින් කතා වුනේ.
“ඇයි බැරි?“
“නෑ ඉතින් ඔය තෙත ඇඳුම්“
“හික්,.... නෑ මං වැඩිපුර එකක් පර්ස් එකේ දාගන ආව“
අඩේ ගෑනු ළමයි එහෙම වෙන්න ඇති. අපිනෙ මේ එකම එක දවස් දෙක
අඳින්නෙ හදිස්සියට පිට තැනක නවතින්න වුනාම. කොල්ලන්ට ඉතින් කන්ටින්ජන්සි ප්ලෑන්
ගහල පුරුද්දක් නෑනෙ.
“හොඳටම ගලනව නේද“
“හිකිස්.....ඔයා තමයි“
මෙතනින් එහාට කතාව ලියන්නට මම අදහස් නොකරමි. මේ
කතාව ලිවීමේ අරමුණ වුනේ 18+ විකුණාගෙන කෑම නොවන හෙයිනි.
දැන් මේ කතාව විශ්ලේෂණය කරමින් අර මුලින් සඳහන් කළ ප්‍රස්තූතය
ගැන සාකච්ඡා කරමු.
මාධ්‍ය නිසා අපරාධ වැඩිවෙන්නෙ නැති බව සමහරුන්ගේ
තර්කයකි. ඉහත කතාව කිවූ මගේ මිත්‍රයා අපරාධයක් නොවුනත් අපචාරයකට පෙළඹුනේ ඔහු
විසින් පුන පුනා අසන ලද කතාවන් බව ඔහුගේ තර්කයයි. ඒ කතා කෙසේ වෙතත් ඔහුගේ තිබුනු කාමාසක්ත බව නිසා
එවැනි ක්‍රියාවකට ඔහු පෙළඹුනායැයි තර්ක කිරීමටද අපට හැකි නමුත්, ගොබෙල්ස්ගේ න්‍යායය අනුව
එකම දේ නැවත නැවත කීමෙන් සත්‍යයක් ලෙස සිතෙන ආකාරයට නැවත නැවත දකින
දේ, සමාජයේ නිරන්තරයෙන්ම සිදුවන දෙයක් ලෙස ඒත්තු යාමේ හැකියාවක් තිබෙන බව මගේ
මිත්‍රයාගේ කතාවෙන් පෙනී යයි.
No comments:
Post a Comment
ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.