බ්ලොග්සඟරාව

BLOGSANGARAWA is written in Sinhala Unicode.

Even you do not have installed SINHALA UNICODE in your computer, you can read this page if you know Sinhala alphabet.

සංස්කරණය: හෙනහුරා නොහොත් මොබයිල්මෑන්
ප්‍රකාශනය: සුදත් මොහාන් බියන්වෙල. sudathmobile@gmail.com

2012-09-12

දර්ශනය හා ලෝක විනාශය

රෝමයේ විසූ සිසෙරෝ (ක්රි . පූ. 106 – 43)ගේ දර්ශනය කවුදෝ ඊ මේල් කරල එවල තිබුනා.

1. දිළින්දා - වැඩ කරයි.

2. ධනවතා - දිළින්දා සූරා කයි.

3. හේවායා - දිළින්දා හා ධනවතා යන දෙදෙනාම ආරක්ෂා කරයි.

4. බදුගෙවන්නා - දිළින්දා, ධනවතා හා හේවායා යන තිදෙනා වෙනුවෙන් බදු ගෙවයි‍.

5. රස්තියාදුකාරයා - දිළින්දා, ධනවතා හේවායා හා බදු ගෙවන්නා යන සිව්දෙනා වෙනුවෙන් නිකරුනේ කල් ගෙවයි.

6. බේබද්දා - දිළින්දා, ධනවතා හේවායා, බදු ගෙවන්නා හා රස්තියාදුකාරයා යන පස්දෙනා වෙනුවෙන් මත්පැන් පානය කරයි.

7. බැංකු කරුවා - දිළින්දා, ධනවතා, හේවායා, බදු ගෙවන්නා, රස්තියාදුකාරයා හා බේබද්දා යන හයදෙනාගෙන්ම හොරකම් කරයි.

8. නීතිඥයා - දිළින්දා, ධනවතා හේවායා, බදු ගෙවන්නා,රස්තියාදුකාරයා හා බේබද්දා පමණක් නොව බැංකු කරුවා ද නොමග යවයි.

9. වෛද්‍යවරයා -දිළින්දා, ධනවතා හේවායා, බදු ගෙවන්නා,රස්තියාදුකාරයා, බේබද්දා, බැංකු කරුවා මෙන්ම නීතිඥයා යන අට දෙනාටම මරු කැඳවයි.

10. මිනී පෙට්ටි සාප්පුකාරයා - දිළින්දා, ධනවතා හේවායා, බදු ගෙවන්නා,රස්තියාදුකාරයා, බේබද්දා, බැංකු කරුවා, නීතිඥයා පමණක් නොව වෛද්‍යවරයා යන නව දෙනාම වෙනුවෙන් අවමංගල්‍ය කටයුතු ඉෂ්ට සිද්ධ කරයි.

11. දේශපාලකයා - ඉහත සියළුම දෙනා වෙනුවෙන් සැප සේ වාසය කරයි.

මේවා ටිකක් දුරටවත් ඇත්තද මන්දා?

කොහොම වුනත් තව හරියටම මාස තුනයිනෙ 12-12-12 වෙන්න තියෙන්නෙ.

2 comments:

කමෙන්ට් පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම එය ලියා එවන්නා සතු ය.