2012-06-14

වැඩියෙන්ම ජනප්‍රිය වුනේ චූ කිරීමයි


සියලුම සත්වයෝ චූ කරති. එහෙම කිව්වට ජීව විද්‍යාව ඉගෙන ගත්තු අය මේ කතාවට එකඟ වෙන එකක් නැහැ සමහර විට. කුරුල්ලො චූ කරනවද? මට මේ ප්‍රශ්නය ආවෙ, මාර ගහක් යට ඉන්න වෙලාවෙ. අපි කාගෙත් අත්දැකීමක් තමයි, විශේෂයෙන්ම මහ පාර අයිනෙ තියන ගස් යට ඉන්න වෙලාවට කපුටෙකුගේ මළ මූත්‍ර ප්‍රහාරයකට ගොදුරු වීමේ අවදානම. මේ කපුටො අපේ ඔළුවට චූ කරනවද නැත්තං කක්ක කරනවද?
ගොඩක් වෙලාවට අපිට කළුපාට මැදක් සහිත සුදුපාට පැල්ලමක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ පැල්ලම දැකපුවහම පේන්නෙ සියළුම කුරුල්ලන්ට පාචනය හැදිල තියනව වගේ. උන් කක්ක කරනකොට චූත් යනව ඇති කියල මට හිතුන. හොයල බලපුවාම මං හිතපු හැටි හරි. කුරුල්ලන්ට අනිත් සාමාන්‍ය සත්තුන්ට වගේ චූ කරන තැනක් සහ කක්ක කරන තැනක් වෙන වෙනම නැතිලු. උන්ට මූත්‍රාශයකුත් නැහැයි කියලයි කියන්නෙ. පියාසර කිරීම සඳහා අවම බරක් සහිත ශරීරයක් තමයි දෙවියන් වහන්සෙ උන්ට නිර්මාණය කරල දීල තියෙන්නෙ.
මේ අතුරු කතාවක් ඇදුනෙ “ඇයි චූ කිරීම මෙතරම් ජනප්‍රිය මාතෘකාවක් වෙලා තියෙන්නෙ“ කියන එක ගැන හිතුනහමයි. එහෙම හිතුනෙත් නිකම් නෙවෙයි. මං බැලුවා මගේ බ්ලොග් එකේ ස්ටැටිස්ටික්ස් කොහොමද කියල නිකමට වගේ. පෝස්ට එකෙන් පෝස්ට් එකට වෙන වෙනම හම්බ වෙලා තියන හිට්ස් බලපුවාම උඩින්ම තියෙන්නෙ මං ලියාපු චූ පෝස්ට් එකක්.



බලන්න මේ චාර්ට් එක. මේක බ්ලොගර් එකෙන් උපුටාගත්තෙ.
චූ කිරීම ගැන කතා කරන එක, මානසික උත්තේජනයක් ඇති කරන දෙයක්ද? එහෙම නැත්නං වෙන මොකක් හරි උත්තේජනයක් ඇති කරවන මාතෘකාවක්ද? මේ කාරණාව මට එච්චර පැහැදිළි නෑ. හැබැයි මොන හේතුවක් හෝ අහේතුවක් නිසා මේ චූ කරන උපකරණ කට්ටලේ සහ අපි ආස කරන තවත් කට්ටලයක් අතර ලොකු සම්බන්ධයක් තියනව ශාරීරික පිහිටීමෙදි. ඇයි මේ අවයව දෙක එකක් අස්සෙ එකක් හිටින විදිහට මැව්වෙ කියල දන්නෙ මවාපු දෙවියොම විතරයි මං හිතන්නෙ.
කොහොම වුනත්,
අපේ ශරීරය අභ්‍යන්තරව පිරිසිදු වීමේදී පිට කරන අපද්‍රව්‍ය ඉවතට යැවීම
අපේ ශරීරයේ උෂ්ණත්වය පවත්වාගැනීමට උපකාර වීම
අපට හැදෙන සමහර ලෙඩරෝග වලට හේතු හොයාගන්න පරීක්ෂණවලට උපකාර වීම
ආදී මෙකී නොකී පල ප්‍ර යෝජන රාශියක්ම තියන “චූ“ ජනප්‍රිය නොවී තිබුනොත් ඒකත් අසාධාරණයිනෙ.

7 comments:

  1. කෙල්ලෝ චු කරන ඒවා Internet එකේ ඕන තරම් Photo තියෙනවා ඒවා දාන්නේ මිනිස්සු ඒවාට කැමති නිසානේ.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු ඒවට කැමතියි තමයි. ගෑනුන්ට බලන්න ජාතිත් තියනව.
      ඉතිං මගෙ ප්‍රශ්නෙ “ඇයි මිනිස්සු ඒවට කැමති?“

      Delete
  2. කෙල්ලන්ට සනිපර්ෂක තුවා වල චු කරන්න පුලුවන් කියලා පිටරට සගරාවක තිබුනා. එහෙම සනිපාර්ක්ෂක තුවා ටිකක් ගනම්ලු.

    @Mobileman ර්‍රවා නිෂ්පාදන වලත් පුලුවන් කියලා සමහරු කියනවා ආතල් එකටත් එක්ක පැකට් එකක් අරන් චු පාරක් දාලා බලමුද

    ReplyDelete
    Replies
    1. ඔයා කෙල්ලෙක්නං පෑඩ් එකේ චූ කරල බලන්න.

      Delete
  3. මටනම් හිතෙන්නේ හැමෝම "චූ "කරන නිසා ...

    ReplyDelete
  4. අපි දවසට කී පාරක් චූ කරනවාද? ඒක හුස්ම ගන්නවා වගේ නොවේ දැන ගෙන කරන දෙයක් (සම්මා චිත්ත!, සම්මා වායාම!!) අනික චූ බර වුනාම නෝ හෙල්ලුම්, පොල් මැල්ලුම්. ඒකයි හැමෝටම ඕක වැදගත්.

    ReplyDelete
  5. ෆාලෝ ගැජට්ටුව නැත්ද මෙයා

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.