2011-10-30

මාර ප්‍රශ්නයක්

ගඩාෆි මරල දාපු එක හරිද වැරදිද කියන ප්‍රශ්නය අද සාකච්ඡාවට භාජනය වෙලා තියන කාරණාවක්. සමහර අය ගඩාෆි විසින් ලිබියාවේ ජනතාවට අනුපමේය සේවයක් කරල තියන බව කියද්දි තවත් සමහර අය කියන්නෙ එහෙම සේවයක් වෙලා තියනවනං ඇයි ලිබියාවෙ මිනිසුන් විසින්ම කැරැල්ලක් ඇති කළේ කියන එකයි.මෙතනදි තවත් ප්‍රශ්නයක් මතු වෙනවා. ඒ තමයි, ලිබියාවෙ කැරැල්ලට ඇමරිකන් කාරයො දීපු සහයෝගය. ඇමරිකන් කාරයගෙ තර්කය වුනේ ලිබියාවට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න ඕනැ කියන එකයි. ඇමරිකාව ඉරාකයට බැස්සෙත් ඔය තර්කය උඩ ම තමයි. මේකෙ පිටිපස්සෙ තියෙන්නෙ තෙල් වලට තියන කෑදරකමද කියන එක තර්කානුකූලව හිතල බලන්න වෙනවා.
කොහොම වුනත් ලංකාවෙ සමහර අය මෙතනදි අපූරු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඒ අය ගඩාපි මරපු එකට කැමතියි. හැබැයි මරපු උන්ට අකමැතියි.
මේක මේ මුස්ලිම් විරෝධයක්.
මේ බ්ලොග් එක මුස්ලිම්වරුන්ට පක්ෂ එකක් කියල වරදවා හිතන්න එපා. ඒ වුනත්, අපි හිතන්න ඕනැ මධ්‍යස්ථව. ඉස්ලාම් ආගම ලෝකය ආක්‍රමණය කරන්න උගන්නන ආගමක් වෙන්න පුළුවනි. ඒත්, හැම මුස්ලිම් කාරයාම සතුරකු විදිහට දකින එක හරිම භයානකයි.
මේ තියෙන්නෙ ගඩාෆිට පක්ෂව ලියපු ලියුමක්.
ලිබියාව රටවැසියන්ට මුල් තැනක් දෙන රටක් . ඒ නිසා ඔබලාට එහේ ගොසින් පදිංචි වන්න අවසර ලැබෙන්නේ නැ  කොහොමත්. නමුත් රැකියාවට ගොස් ඇති අය ඔබට හමු වී නැත යන්නයි මගේ හැඟීම. 
මට මේ ප්‍රසන වලට  උත්තර දෙන්න.
1.       ලිබියාවේ විදුලි බිල් තිබේද?
2.       සැම පවුලකටම තමන්ට කියා නිවාසයක් නැතිද?
3.       ලිබියාවේ අද්යපනයට මුදල් අයකරන්වද?
4.       අත්‍යවශ්‍ය අහාර වන පාන් වැනි දේවල් හුඟක් මිල අධිකද?
5.       ලිබියාව ලෝකයට නයයිද?
 
මේ ප්‍රසන වලට නිවැරදි පිළිතුර ඔබ ළඟ ඇතිනම් ඔබ මෙලෙස ගධාෆි ඝාතනය සාධාරණිකරණය නොකරයි. කිසිම හරයක් නොදැන සටනට බසිනා විපක්සයක අත්දැකීම් ඇති ඔබ සියයට දෙකක් පමණ වූ කොටි ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවන් නිසා අපට අපේ රටත් අපේ නායකයිනුත් නැති වීමට ඔන්න මෙන්න කියා තිබුනා මතක නැතිව ඇති යයි සිතමි. ඇමරිකාවෙන් කෙලින්ම සහයෝගය නොලදමුත් යුරෝපා හවුලේ කිරි පෙවීම නිසා කොටි ලද පණ ඔබ අමතක නොකර ඇතියි සිතමි.
 
එසේනම් දොරේ ගලා යන විප්ලව රැල්ලෙන් හා ඇමරිකාවෙන් ලද අවුද සමග පන්නරය ලද සුළුතරයක් වූ විපක්සයකට හෝ වචනයේ පරි සමප්තියෙන්ම විප්ලවයක් අවශ්‍ය කෙනෙකුට ලිබියාවේ කල හදිය කිරීමට සවිය ඇතිවග තෙරුම් ගැන්මට ඔබ උගත් යයිද සිතමි. එයට විරුද්ධ වීමට ගධාෆි පාක්ෂිකයෝ නොපැමිණියේ ඇයිද අසන ඔබ ඔබගේ දරුවෙක් උතුරේ යුදයට යවා ඇතිනම් උත්තරය එයින්ම ගත හැකියි මම යෝජනා කරමි.
 
ශත වර්ස ගණනක ලිබියාවේ අත්දැකීම් ඇති ඉන්දීය ජාතිකයින් අදටත් මා හා මිතුරු දම් පවත්වයි. විදේශිකයන්ට ක්ෂේම භූමියක් නොවුවත් එරට වැසියන් ගේ සුක විහරණයට ගධාෆි කළ කී දෑ අවබෝධ කර ගැන්මට මට වෙනත් අටුවා ටීකා අනවශ්‍යයයි.


 මේ ඒකට විපක්ෂව ලියපු ලියුමක්.

This e mail is going around the world now. about the good leadership of Gaddafi, ( 16 things )
But my friends please think if these are true
1. Libya is the heaven of the world.
2. Why people do not like to migrate to Libya then?
3. Libya is not in the migratory consultants list
4. Why people do not try to go to there at least Muslims?
5. Gaddafi is killed by Libyans/ Muslims

6. Why those Gaddafi loving ( there should be more than 75% Gaddafi loving people) didnt  act for this
please think logically. do not be a propagandist for Gaddafi.....

2011-10-29

ඇමරිකාව, ලිබියාව සහ අපි

ලිබියාවේ පාලකයා ලෙස දිර්ඝ කාලයක් සිටි කර්නල් ගඩාෆි ගැන බොහෝ දෙනෙක් අප්‍රසාදය පළ කරද්දී, ඔහුගේ පාලනය යටතේ ලිබියානුවන්ට ලැබී තිබුනු වරප්‍රසාද ගැන තවත් අය කතා කළා.
මේ අතරින් මට කවුද ‍ෆෝවර්ඩ් කරල තිබුන අමුතුම ලිපියක්.
ඒ ලිපියෙ හැටියට, ලංකාවේ ඉන්න මුස්ලිම් ජනතාව ගඩාෆිට කැමතියිලු.
ලිබියාවෙ ඉන්න මුස්ලිම් ජනතාව ගඩාෆිට විරුද්ධ නිසාත් ගඩාෆි ඉස්ලාම් ආගමට ‍ගොඩක් ලැදි නිසාත්, ලිබියාවෙ ඉන්න මුස්ලිම් ජනතාව ඔහුට කැමති නැතිලු. මේ ලින්ක් එකෙන් බලන්න.

මට පෙනෙන හැටියට මේක බොර දියේ මාළු බෑමක්. ජාතිවාදය හා ආගම් වාදය ඇවිස්සීමක්.
ඒ වෙබ් සයිට් එක හැමතැනම තියෙන්නෙ එකම එක කතාවයි. ඒ ලංකාවෙ මුස්ලිම්වරුන් නොසිටිය යුතු බව.

2011-10-27

ඉන්ටර් නැෂනල් රිපෝටර්

ලෝකෙටම ප්‍රජාතන්ත්‍රවාදෙ දෙන්නේ ඇමරිකන් කාරය කියල හිතන අයත් ඉන්නවා
ඉන්ටර් නැෂනල් රිපෝටර්
"තෙල් නැති නිසා ලංකාව ආරක්‌ෂා සහිතයි" බුෂ් ජාත්‍යන්තර ප්‍රජා සමිතියට දැනුම් දෙන්නේය.

"තෙල් හින්ද ගඩාපිට වුණ දේ ශ්‍රී වික්‍රම රාජසිංහ රඡ්ජුරුවන්ට වුණේ කෝපි නිසා" පුටින් අතීතයට එබී බලමින් කීවේය.

"ඉස්‌සර තෙල්වල වැදගත්කමක්‌ තිබුණේ නෑ. සුද්දොa ඇවිල්ලා ලංකාවේ රජවරුන්ව මැරුවේ කුළු බඩු කුරුඳු වෙනුවෙන්."

බුෂ් ද කතාවට එක්‌ වුණේය.

"පුරන් අප්පුව මැරුවේ තේ වෙනුවෙන්" පුටින් ද කීවේය.

"හෙන්රි පේදිස්‌ව ඝාතනය කළේ තේ රබර් පොල් හා මිනිරන් වෙනුවෙන්" බුෂ් මේ 19 වෙනි සියවසෙන් විසිවෙනි සියවස කරා එමින් කීවේය.

"සුද්දොa ඉන්කා රජවරුන්ව මරලා දැම්මේ රත්තරන් වෙනුවෙන්" පුටින් ගඩාපි අමතක කරමින් ලතින් ඇමරිකාවට පියමන් කරමින් කීවේය.

"සුද්දොa අප්‍රිකාවේ ගෝත්‍ර පිටින් මරා දැම්මෙත් රත්තරන් වෙනුවෙන්" බුෂ් ද ගඩාපි අමතක කරමින් කීවේය.

"අතීතයේ සිටම සේද රෙදි, පිඟන් බඩු, ගම්මිරිස්‌, කුරුඳු, කෝපි, තේ, පොල්, රබර්, තඹ, රත්තරන්, දියමන්ති වෙනුවෙන් සුද්දොa ලෝකයේ කී කෝටියක්‌ මරන්න ඇතිද? රජවරු කීදාහක්‌ මරලා එන්න ඇතිද? කොච්චර නායකයන්ව ඝාතනය කරන්න ඇති ද?"

සුද්දන්ගේ අතීතය තවත් මෙනෙහි කරමින් පුටින්ද කීවේය,

"ඒaත් ඒ හැම ඝාතනයක්‌ම සුද්දොa පෙන්නුවේ ශිෂ්ටාචාරය වෙනුවෙන් කරන ඝාතන කියලා" තවත් කවුදොa කීවේය.

"රාජසිංහ රඡ්ජුරුවෝ වගේම සදාම් හුසේනුත් දරුණු පාලකයෙක්‌ වෙන්න ඇති. ඒත් සුද්දොa සදාම් ව මැරුවෙත් රාජසිංහ රඡ්ජුරුවෝ හිර කෙරුවේත් ප්‍රජාතන්ත්‍රවාදය හෝ මානව හිතවාදය වෙනුවෙන් නෙමෙයි. ලංකාවේදී ඒක කළේ කුළු බඩු හා කෝපි වෙනුවෙන්. ඉරාකයේ දී ඒක කළේ තෙල් වෙනුවෙන් බුෂ් කෝපි හා තෙල් අතර ද රාජසිංහ හා සදාම් අතර ද සමානකම පැහැදිලි කළේය.

"සුද්දන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රශ්චාත් නූතනවාදය සියලු දර්ශනවාද විද්‍යාව දැනුම ආදී සියල්ලම ලෝකයේ ඇති තරම් සම්පත් තමන් ළඟ ගොඩගසා ගැනීම සඳහා වන ආම්පන්න පමණයි. ප්‍රජාතන්ත්‍රවාදය නමැති දර්ශනවාදය අද ඔවුන් භාවිතකරන්නේ අරාබියේ තියෙන තෙල් ළිං ටික තමන්ගේ සාක්‌කුවේ දමාගැනීමට පමණයි".

පුටින් සුද්දන් දාර්ශනිකයන් වී ඇති ආකාරය පෙන්වා දුන්නේය.

"එතකොට එම දර්ශනවාදය පස්‌සේ යන ලංකාවේ උගත්තු කරන්නේ සුද්දන්ට අරාබියේ තෙල් ළිං ඇතුළු ලෝකයේ සියලු වස්‌තුව කොල්ලකෑමට උදව් කිරීම පමණක්‌ද."

දර්ශනවාදය නොදන්නා නිසා බුෂ් එවිට ප්‍රශ්න කළේය.

"ඔව් ඒ නිසා තමයි ඒ උගතුන්ට එන්ජීඕ ආදියෙන් සල්ලි දෙන්නෙත්" පුටින් දර්ශනය දන්නා නිසා කීවේය.

"එතකොට ලංකාවේ එවන් උගතුන්ගේ අරමුණ ගඩාපි මරා සුද්දන් සාක්‌කුවේ දාගන්න සල්ලිවලින් තමන්ටත් කීයක්‌ හෝ ලබාගැනීමද?

යළිත් බුෂ් ලංකාවේ උගත්තු ගැන නොදන්නා නිසා ප්‍රශ්න කළේය.

"සල්ලි ඥව් ගාන්නේත් නෑ. සල්ලි අතේ තියෙනකොට ගබඩාපිව මතක්‌වෙන්නෙත් නෑ" පුටින් සරල ඇත්ත කීවේය.

"ගඩාපිත් නැති වුණේ සල්ලි නිසාම නෙමෙයිද? බුෂ් ද සරල ප්‍රශ්නයක්‌ ඇසුවේය.

"ඔව් බටහිරට බැණ වදිමින් බටහිර සැප සම්පත්වලට ලොල්වීමත් බොහෝ අයගේ දුර්වල ලක්‌ෂණයක්‌. සුද්දොa මිනිසුන්ව ආයුධයෙන් වට්‌ටන්න ඉස්‌සෙල්ලා වට්‌ටන්නේ චීස්‌ බටර්වලින්. සැපසම්පත්වලට අන්ධ වූ තැනැත්තා සංසාරය තුළ නෙමෙයි මේ ජීවිතය තුළම අමාරුවේ වැටෙනවා."

පුටින් එවරද නිවැරදි පිළිතුර දුන්නේය.

"එහෙමනම් සුද්දන්ට අකැමැති අය සැපසම්පත්වලටත් අකැමැති වෙන්න ඕනැද" බුෂ් කීවේය.

"ඔව් සුද්දොa ලෝකයට දුක සැප කරලා පෙන්නලා තියෙන්නේ. සැප දුක කරලා පෙන්නලා තියෙන්නේ. අපි දුක්‌ඛ සත්‍යය අවබෝධ කරගන්න තුරු සුද්දොa හැමදාම දිනුම්."

පුටින් අවසාන වශයෙන් කීවේය. සුද්දා දිනා ඇත්තේ ඇයිද යන්න දැන් පැහැදිලි යෑයි සිතමි. ඒ නිසා ගඩාපි ගැන නොව තමන් ගැන කම්පා වන්න.

ගඩාෆි

විවිධ මිනිස්සු විවිධ දේ ගැන විවිධ මත පළ කරති.
විශාල කර බැලීම සඳහා ලිපිය මත ක්ලික් කරන්න
ජූරිය ඔබයි.

2011-10-26

ලෝක බැංකු නියෝජිතයා

මගේම සිතිවිල්ලක් නොවුනත් මෙයත් කියවන්නට හොඳයැයි සිතේ.
ලෝක බැංකු නියෝජිතයා
දිනක් අප්‍රිකානු රටක එක්තරා එ‍ඬේරෙක් තමන්ගේ සුවිශාල වූ බැටළු රංචුවට තණ කැවීම සඳහා දක්කාගෙන යමින් සිටියේය. එක් ස්ථානයකදී ඔහුට බැටළුවන් මහා මාර්ගයක් හරහා ගෙන යාමට සිදුවිය. බැටළුවන් දහසක් පමණ සිටි මේ රංචුව පාර හරහා පැන්නවීමට විනාඩි ගණනක් ගත වෙයි. මේ වෙලාවේදී එම පාරේ ගමන් කරමින් තිබුනු වාහනයක් ඔහු අබියස නතර කළේ බැටළුවන් පාර හරහා ගොස් අවසන් වන තුරු තවත් ඉදිරියට යාමට නොහැකි වූ බැවිනි.

එම නවීන මාදිලියේ මෝටර් රථයෙන් බිමට බැසගත් විදේශිකයකු එඬේරා අමතා මෙසේ කීය.
“මට පුළුවනි මේ රංචුවේ ඉන්න බැටළුවන් ගණන හරියටම කියන්න. මං හරියට කිව්වොත් මට මොනවද දෙන්නෙ?”
“මං මේ කළු බැටළුවා ඔබතුමාට දෙන්නම්” එ‍ඬේරා කීවේ තමන් සමග සිටි කළු පැහැති බල්ලා විදේශිකයාට පෙන්වමිනි.
විදේශිකයා වාහනයේ තිබුනු ලැප්ටොප් පරිගනකය ගෙන වාහනයේ බොනට්ටුව මත තබා ක්‍රියාත්මක කොට චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කරගනිමින් බැටළුවන් සංඛ්‍යාව ගණනය කළේය. එ‍ඬේරා විස්මයට පත්වනු ඇතැයි සිතමින් ඔහු බැටළුවන් සංඛ්‍යාව නිවැරදිව ප්‍රකාශයට පත් කළේය.
එ‍ඬේරා සිනා සෙමින්, “ගණන හරි, මහත්තය ලෝක බැංකුවෙන් නේද?” කියා ඇසීය.
විදේශිකයා, “කොහොමද මා ගැන දැනගත්තෙ?” කියා එ‍ඬේරාගෙන් ඇසූයේ තම දෙසවන් අදහාගත නොහැකිවයි.
“මං දැනගත්ත”
එ‍ඬේරාගේ කෙටි පිළිතුරෙන් කිසිසේත් සෑහීමකට පත් නොවූ විදේශිකයා, එය දැනගත් ආකාරය පැහැදිළි කර දෙන ලෙස ඇවිටිලි කරන්නට වූයේය. එ‍ඬේරා පැහැදිළි කරන්නට පටන් ගත්තේය.
“කරුණු තුනක් හින්දා, එකක් මහත්තය මට කියල දුන්නෙ මං හොඳටම දැනගෙන හිටපු කාරණාවක්. දෙවැනි එක තමයි, මං අහන්නෙත් නැතුව තමයි මහත්තය ඇවිත් මට බැටළුවො ගණන් කරල දුන්නෙ. තුන්වෙනි කාරණාව, මහත්තයට මේ බල්ලගෙයි එළුවන්ගෙයි වෙනස තේරුම් ගන්න බැරිවුනා, මේ රටේ සත්තු ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති නිසා”

ආකල්පය නොහොත් ඇටිටියුඩ් එක

ආකල්ප කියන එක දැන් බොහොම ජනප්‍රිය මාතෘකාවක් වෙලා.
  • අපේ රට සංවර්ධනය කරන්න, දියුණු කරන්න අමාරු වෙන්නෙත්,
  • අපේ රාජ්‍ය සේවයේ දියුණුවක් ඇති කරගන්න අමාරු වෙලා තියෙන්නෙත්,
මේ ආදී නොයෙකුත් රෝගාබාධ වලට හේතුව අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හොඳ නැති වීම කියන එකයි අහන්න ලැබෙන්නෙ. ඉතිං ඒ නිසා, රාජ්‍ය සේවකයන්ගෙ ආකල්ප යහපත් කරවන්න නොයෙකුත් වැඩසටහන්, වැඩ මුළු, පවත්වනවා.
මෑතකදී අතින් අතට ගියා එක්තරා ඊ මේල් එකක්. ඒකෙ කියල තියෙන්නෙත් රටක් දුප්පත් ද නැතිනම් පෝසත්ද කියල තීරණය වෙන්නෙ ඒ රටේ විශාලත්වය, ඉතිහාසය කොපමණ ඈතට දිවෙනවාද කියන එක, ජනගහණය, සම්පත් ඇති නැති බව උඩ නොවෙයි කියන එකයි. එහි ජනතාවගේ ආකල්ප අනුව රටේ දියුනුව රඳා පවතින බව තමයි ඒකෙ කියල තිබුනෙ.
මේක විවාදාත්මක කරුණක්. රටේ ජනතාවගෙ ආකල්ප අනුව රටේ අනාගතය තීන්දු වෙන්නනම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් වෙන්න එපායැ. එහෙම රටවල් ලෝකෙ කොහෙද තියෙන්නෙ කියන එක මටනම් ප්‍රශ්නයක්, මේ අපේ රට ඇරුණහම.
මම කියන්න හදන්නෙ ඒක නෙවෙයි.
කොහොමද මේ ආකල්ප කියන දේවල් වෙනස් කරන්නෙ?
ඇයි මේ ආගමික ශාස්තෲවරු ආකල්ප වෙනස් කිරීම ගැන දේශනා කරල නැත්තෙ?
මේ ගැන මගේ මතය, මගේ ආකල්පය මෙහෙමයි.
“ආකල්ප වනාහි අපට ලැබෙන සංවේදනයන් අනුව අප තුල ඇති වන්නාවූ සිතිවිලි වේ.
එය වෙනස් කළ හැක්කේ අපට ලැබෙන සංවේදනයන් වෙනස් කළහොත් පමණකි.
මෙන්න මේ නිසා, එනම් අපට ලැබෙන සංවේදනයන් අපට වෙනස් කරගැනීමට නොහැකි නිසා, ඒවා වෙනස් කළ හැක්කේ වෙනත් බලවේග වලට නිසා, තම තමන්ගේ ආකල්ප වෙනස් කරගන්නට කියා කිසිම ශාස්තෲවරයකු දේශනා නොකළහ.”
මගේ සිතිවිල්ල එසේය.
මී ළඟ කොටස යථා කාලයේදී බලාපොරොත්තු වන්න

2011-10-24

හැඳින්වීම

මගේ සිතිවිලි ලියා තැබීම හොඳයැයි මට සිතිනි. අද මේ වෑයම අරඹන්නේ එනිසාය.
මට ඇති එකම ගැටළුවනම්, ඇතැම් දවසට ලියා ගන්නට වෙලාවක් නැති වීමයි.
උවමනාවක් තියෙනවානම් වෙලාවක් නැතැයි කියන්නේ බොරුවක් කියා මා කුඩා කාලයේ වැඩිහිටියෝ, විශේෂයෙන් ගුරුවරු කියූහ. එය තරමක සත්‍යයකි. තරමක සත්‍යයක් වන්නේ, වෙලාවක් නැතැයි කීම කම්මැලිකමේ ප්‍රධාන ලක්ෂණයක් බැවිනි. තරමක අසත්‍යයක් වන්නේ, ප්‍රමුඛතා ලැයිස්තුවකට අවශ්‍යතා පෙළගැස්වීමේදීය.
දැන් දැන් කාල කළමනාකරණය නමැති විෂයයක් විෂය මාලාවන්ට එකතු වී ඇත. එහෙත් කාල කළමනාකරණය යනුවෙන් උගැන්විය හැකි දෙයක් නැතැයි දේශනා කරන වියත්හු ද සිටිති. (මා ඔවුනට වියතුන්යැයි කියන්නේ ඔවුන් එසේ පෙනී සිටින නිසාය.) ඔවුනගේ අදහස නම් තම කාලය කළමනාකරණය කරගන්නේ කෙසේදැයි කියා අනිත් සියල්ලන්ටම වඩා දන්නේ තමන් බැවින් තව කෙනකුගෙන ඉගෙන ගැනීමට තරම් දෙයක් එහි නැති බවයි.
ඇත්තෙන්ම, කළමනාකරණය ගැන ලියැවුනු පොත් කොපමණ තිබුනත්, න්‍යායයන් කොපමණ තිබුනත්, කළමනාකරණය යනු ඇ‍‍ඟෙන් එන දෙයකැයි සිතන්නෝ කොපමණ සිටිත්ද?
න්‍යාය සහ ප්‍රායෝගික භාවිතය අතර වෙනසක් ඇතැයි, වෙනසක් තිබිය යුතුයැයි සිතන්නෝද බොහෝ වෙති.මෙසේ අප කාටත් සිතිවිලි පහළ වේ. මේ සිතිවිලි වලින් වැඩක් ගන්නටනම් ඒවා ගැන, ඒවායේ පලක් ඇති නැති බව, සොයා බැලිය යුතුය.
ඉතින් අපි එසේ කරමු.