2015-08-18

සන්දානය පරාදයි, දැන්...........



මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වශයෙන් පෙනී සිටි “යහපාලනයක් සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ“ ජය ලබාගනිමින් තිබේ. මහින්ද පෙරටු කොට ගත් සන්ධානය පසුපසට ගොස් ඇත. මැතිවරණ ප්‍රතිපල දෙස බැලීමේදී (ඡන්ද බල ප්‍ර දේශ එකින් එක ගෙන බැලූ විට) පෙනී යන එක් කරුණක් නම්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රී ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර යූ ඇන් පී, ජේ වී පී, ජෙනරාල් ආදී කොටස් ලබාගත් ඡන්දවල එකතුව වැඩි හෝ සමාන බවත්, ජනාධිපතිවරණයේදී මහින්ද ලබාගත් ඡන්ද සංඛ්‍යාවට වඩා මෙවර සන්ධානය ලබාගත් ඡන්ද සංඛ්‍යාව අඩු බවත් ය. මෙයින් එළැඹියහැකි නිගමනයක් නම්, දැන් මහින්ද තවදුරටත් පිරිහී ඇති බවයි. එසේ සැළකීමේදී මහමැතිවරණයට මහින්ද නොආවානම් හෝ අඩු වශයෙන් සාමාන්‍ය අපේක්ෂකයෙක් වශයෙන් පමණක් ආවානම්, සන්ධානයට මීට වඩා ඡන්ද ලැබෙන්නට ඉඩ තිබුනු බවයි. එපමණක් නොව, මහින්ද නොඉල්ලුවානම්, ජවිපෙට මීට වඩා ඡන්ද ලැබෙනු ඇතැයි මට සිතේ. එසේ වන්නේ “මහින්ද අගමැති වීමේ අනතුර වළක්වාගැනීම“ සඳහා යූ ඇන් පී එකට ඡන්දය දුන් සමහර අය එම අනතුර නොතිබුනානම් ජවිපෙට චන්දය දෙන නිසා ය.

කෙසේ හෝ දැන් අපි සිදු වූ දේට මුහුණ දිය යුතුය.

මෛත්‍රී යහපාලනය සඳහා බලය ඉල්ලද්දී මහින්ද පරාජය කර රනිල් අගමැති වීමේ සිහිනය නිසා මෛත්‍රීට සහය දුන් නමුත් යූ ඇන් පී එකේ යහපාලන “ජාන“ නැත. එහෙත්, යූ ඇන් පී එකේ සිටි හොරිකඩ ජඩයින් ගණනාවක් “දෑත් ශක්තිමත් කිරීම“ සඳහා සන්දානයට පැනගත් පසු තවමත් සන්දානය තුළම ගාල් වී සිටින නිසා සමහරවිට දැන් යූ ඇන් පී එක තරමක් සුද්ද වී තිබෙනවා විය හැකිය.

සමහර මෝඩ බයියන් හිතාගෙන ඉන්නේ යූ ඇන් පී එකෙන් වැරදි සිදුවන්නට ඉඩ හැර, ඒ වැරදි සන්දානයෙන් කළ වැරදි වලට හිලව් කිරීමෙන් පසු නැවත සන්දානයට ජඩ වැඩ කරන්නට ඉඩ හදා ගැනීමට වුවත්, මහජනතාව වන අප විසින් මේ අවස්ථාවේදී කළ යුත්තේ වත්මන් ආණ්ඩුවට හොඳ තෝන් ලණුවක් නොහොත් රිමෝට් කොන්ට්‍රෝල් එකක් සොයාගැනීමට උත්සාහ කිරීමය.

කෙසේ වුවද. ඒ නිසා, 

  • 19වැනි ව්‍යවස්ථාවේ ගැරඬියා වෙනුවට නයා ම ගෙන ඒම.
  • 20 හෙවත් ආසන මට්ටමෙන් මැතිවරණ පැවැත්වීමේ ක්‍රමවේදය සකස් කිරීම.
  • යෝජනා කරන ලද සියළු කොමිෂන් සභා පූර්ණ බලතල සහිතව පිහිටුවීම.
  • සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම.
  • බයියන්, ටොයියන් ඇතුළු මහජනතාවගේ දැනුම සහ අවබෝධය පුළුල් කිරීම.
  • වයි ෆයි සමග තොරතුරු දැනගැනීමේ පනත ශක්තිමත් ලෙස ක්‍රියාත්මක කරවීම.
  • බයි මානසිකත්වය, ගෝත්‍රවාදය සහ කොදෙව් මානසිකත්වය අතු ගා දැමීම.


ඇතුළු දහසක් වැඩ අප ඉදිරියේ දැන් තිබේ.

මේ කෙටි ලිපිය අවසාන කරමින් කිවයුත්තේ, 1977 ජේ ආර් සහිත යූ ඇන් පීය ජයග්‍රහණය කළ අවස්ථාවේ ඇති වූ හිතේ අමාරුව අද මට ඇති නොවු බවත්, සියුම් සතුටක් ඇති වූ බවත් ය. එකල යූ ඇන් පියේ සිටි ජඩයන් දැන් සන්දානයට ඇවිත් කියා මම කල් වේලා ඇතිවම හිත හදා ගනිමි.

මහින්ද මාමා ගැන දුකය. එහෙත්, අද ඉන්නේ එදා මහින්ද නොවන බව මතක් වන විට ඒ දුක නැතිව යයි.

5 comments:

  1. මහින්ද මාමා ගැන දුකයි තමයි.. මේ ඡන්දේ නොඉල්ලා හිටියනම් නම්බුව තියන් ඉන්න තිබුනා ඒ මනුස්සයට.

    ReplyDelete
  2. දැන් එළැඹෙන්නේ ජාතික ලයිස්තුවට නම දමා ගැන්මේ පොරයයි. පරාජිතයන් නැවත මැතිසබයට ඒම සඳහා දෙපැත්තෙන්ම වෙර දරණු ඇත. එය විය යුතු දෙයක්ද?

    ReplyDelete
    Replies
    1. ෂහ්, බලන්නකෝ අනාවැකිය! කිරි හගට ඇන්නා වගේ!
      සුමනදාස පරාදයි!

      Delete
  3. මුලින්ම අවශ්‍යතා පිළිබඳ ලැයිස්තුවක් හදා ගන්න. දෙවනුව ඒවා ප්‍රමුඛතා ගත කරගත් ලැයිස්තුවකට ගේන්න. ඊට පස්සේ ක්‍රියාත්මක කරන්න පටන්ගන්න කියල අපට පාසලේදී කියාදීපු විදිහට ආණ්ඩුව වැඩ කරන්න ගත්තොත් හොඳයි කියල මට හිතෙනවා.ගියපාර දිනසීය ගියාට පස්සෙ යි මුලින් කරන්න ඕන දේවල් තෝරගත්තෙ. ජනාධිපතිතුමා කල්පනාකරල හදිසයෙම විසිරෙව්වෙ නැත්තං ?

    ReplyDelete
  4. ජනතාව දැන් දැන් යහපාලනය ඉල්ලමින් සිටිනවා..... කිසි ගේමක් නැතුව දෙපැත්තට පැන පැන හිටපු ගෙම්බන් බහුතරය ප්‍රතික්ෂේප වුණා. (උන් අායෙම ලිස්ට් ඒකෙන් රිංගුවා. ඒකටත් හරි උත්තර ඉදිරියේ දී ලැබේවි...) අනික් උන්ටත් අඩු ඡන්ද ලැබුණා.... හිතපු නැති විදිහට මහින්ද අැතුළු සන්ධානය පරාද වුණා....

    හැබැයි පොඩි අවුලක් තියෙනවා.... මොකද චොකා මල්ලි ඒකට ගෙනාවා.... ගීතා අැන්ටිත් උඩින් ම ගෙනාවා.... මේ වගේ දේවල් වුණ නිසා තාම මේ ජනතාව ගැන පොඩි අවුලකුත් නැතුව නෙමෙයි....

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.